වෙබ් ආලෝචනා | web alochana

3.0 nihil humanum a me alienum puto

බ්ලොග්කරුවකු අත්අඩංගුවට පත් වීමේ සිද්ධිය ගැන තොරතුරු අවශ්‍යයි!

| Comments

බ්ලොග් අඩෙවියක පළ වූ කිසියම් ලිපියක් හෝ ප්‍රතිචාරයක් හේතුකොට ගෙන බ්ලොග්කරුවකු අත්අඩංගුවට පත් ව ඇති බවට නිශ්චිත නොවන පුවතක් පැතිර යමින් තිබෙනවා. එසේ වුවත් ඒ බ්ලොග්කරු කවුද, පළ ව තිබූ සටහන හෝ ප්‍රතිචාරය කුමක් ද, අදාළ අඩෙවිය කුමක් ද යන්න පිලිබඳ කිසිදු තොරතුරක් ප්‍රසිද්ධියට පත් ව නැහැ.

මෙසේ අතිශය ගුප්ත ආකාරයෙන් අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයා දැන් රිමාන්ඩ් බන්ධනාගාරගත කර ඇති බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කරනවා. මේ ගුප්ත භාවය නිසා අන්තර්ජාලයට ලියන කියන අදහස් පල කරන සියලු දෙනාට ම හිස් කරදාසියක අත්සන් කෙරුනු වරෙන්තුවක් නිකුත් වී ඇති සෙයක් දිස් වෙනවා. මෙසේ අත්අඩංගුවට පත් වීමට තරම් වූ බ්ලොග් සටහනේ/ප්‍රතිචාරයේ ස්වභාවය කෙබඳුද. එය ඇත්තේ කොහිද?

මේ ගැන දැනට පල ව ඇති වාර්තා දෙක මේවායි

Youth arrested over web comments on the President

Blogger arrested in Sri Lanka for “offensive” comments regarding President and Defense Secretary?

අග මුල පාදාගත හැක්කේ මේ සිද්ධිය පිලිබඳවත් අදාල බ්ලොග්කරු/ප්‍රතිචාරකරු පිලිබඳවත් තොරතුරු එක් රැස් කර පල කිරීම මගින් පමනයි.

මේ සිද්ධිය ගැන ඔබ දන්නා කිසියම් තොරතුරක් වේ නම් එය anandawardhana at gmail dot com යන ලිපිනයට ඊමේල් කරන්න. එසේ ම ප්‍රශ්නයට තුඩු දී තිබෙන වෙබ් පිටුවේ තිරපිටපත් ද හැකි ඉක්මනින් ලබාගන්න.

තොරතුරු ලබා දෙන ඔබේ පුද්ගලිකත්වය හා රහසිගතභාවය සියයට සියයක් සුරක්ශිත කෙරෙනු ඇති.

Schools, Principals, Principles and Facebook

| Comments

Came online after a long break to hear the news that one of the leading girl’s schools in Colombo, Sirimavo Bandaranaike Vidyalaya has banned Facebook! Sahithya.lk, the web portal of Royal College Sinhala Language and Literary Unit, which also runs a very active facebook page, reports that the principal has asked Sirimavo students to deactivate their accounts and warned that those who still maintain accounts on Facebook will be expelled from school. From what she has said it is apparent that she hopes to safeguard the “reputation” of the school by preventing students from getting exposed to “improper activities” conducted on Facebook. (Read more in Sinhala)

It is noteworthy that this ban takes place in a context in which a significant number of schools in Sri Lanka are opening up to the benefits and new possibilities of the world wide web, including social networking sites and other web2.0 tools such as blogging. Royal College, being the most outstanding exponent of this trend, recently announced a blogging competition as a part of their annual literary festival; and their constructive use of Facebook in publicizing and coordinating this event is widely admired.

However, Sirimavo Bandaranaike Vidyalaya has different plans.

Ironically enough, the most recent “completed project” of the school is ”Establishing a security camera system (CCTV)” :D

I wonder how does the principal plan to monitor the activities of her students on Facebook from now on…

In addition to Sirimavo Bandaranaike Vidyalaya, Facebook has been blocked or banned in several places around the globe including Syria and Iran :D

.

Blogging for a Cause : I Vote for Global Voices Advocacy

| Comments

Zemanta, the cool add-on blogging tool is running a competition to encourage blogging for worthwhile causes. The five blogs that get the most votes will each win $3,000.

I vote for Global Voices Advocacy because they strive to make sure that ”manuscripts don’t burn” in the digital era - to borrow a phrase from Mikhail Bulgakov’s novel The Master and Margarita.

I vote in admiration of the great job they have been doing in raising awareness of the attacks against online freedom of speech. In addition, the support they have given to activists and bloggers around the world with tools and tactics to face censorship and other dangers is very much appreciated.

Global Voices Advocacy is a project of Global Voices Online.

One of the few groups that works directly with global bloggers on the frontlines of free speech is Global Voices Advocacy. It’s a blog run by Sami ben Gharbia, who is himself a blogger in exile, together with a great community of authors.

Help Global Voices Advocacy win $3000 by writing one post

We all have an opportunity to help Global Voices Advocacy win $3000 simply by writing a post in our own blogs and inserting the short text you can copy on this page: http://www.zemanta.com/bloggingforacause/

That’s it! And the five blogs to get the most votes will each win a prize of $3000.

The deadline is JUNE 6, 2009.

If they win this money, it will surely strengthen their services and ultimately the entire blogosphere will benefit.

Click here for more information. Spread the word! Blog!

Check out some of the projects by GV Advocacy:
Anonymous Blogging with Wordpress & Tor
Advocacy 2.0 Guide: Tools for Digital Advocacy
Access Denied Map
Blockpages
And more

This blog post is part of Zemanta’s ”Blogging For a Cause” campaign to raise awareness and funds for worthy causes that bloggers care about.

Zemanta

“ඒ අයට හලීම තන්තෝසයි” - යසුශි අකාශි

| Comments

ජපානයේ විශේශ සාම නියෝජිත යසුශි අකාශි කලින් සටහනේ අප පැවසූ දෑ මනා ව සන්නිදර්ශනය කරනවා. ඔහුට අනුව යුද්ධයෙන් අවතැන් වූවන් දැන් ඉන්නෙ සතුටින්. කඳවුරුවල තත්වය සතුටුදායක නෑ. ඒත් කඳවුරුවාසීන් ඉන්නෙ සතුටින්. දකුනේ ජනතාවත් පෙලගැහිල ඉන්නෙ ඒ අයට ආධාර කරන්න.

අකාශි කියන හැටියට නං සාමය ඇතිවිට වැඩියෙන් ආධාර ලැබෙනවා. සාමය අඩුවිට ලැබෙන ආධාර ප්‍රමාණය අඩුවෙනවා. නමුත් මෙසේ වුවත් ජපානය මේ ප්‍රතිපත්තිය අනුගමනය කරන්නේ නැහැ. ජපානයත් ආධාර දීම නවත්වන්නෙ නැහැ.

ඔන්න ශේශ පත්‍රය. වැඩිදුර කියවන්න.

ඉස්සර මේ වගේ අඤ්ඤකොරොස් කතා කියනකොට “හිටගෙන ද” කියල අහන පුරුද්දක් ඇතැම් අය අතර තිබුන මතකයි. ඇත්තටම “හිටගෙන” බව මේ සේයාරූ දකිනකොට පේනව.



මම මේ මොනව දොඩවනවද කියල තේරුම් බේරුම් කරගන්න බැරි අය මගේ කලින් සටහනත් ඊට පෙර සටහනත් බලන්න. ඒ ලිපි පෙල යථා පරිදි ඉදිරියේ පල කෙරෙනු ඇති.

ඔබාමා - මිලිබෑන්ඩ් - රාජපක්ශ සහ සමාගම : හක්කෙත් දඩමස් බොක්කෙත් දඩමස්! (1)

| Comments

ආන්ඩුවේ හමුදා යුද මුක්ත කලාපය තුල දියත් කොට තිබෙන කුරිරු යුද මෙහෙයුම් අඛන්ඩ ව පෙරට යනවා. හටගෙන තිබෙන මානුශීය අර්බුදය මධ්‍යයේ අධිරාජ්‍යවාදී බලවතුන් රඟදක්වන භූමිකාව ඉහවහා ගිය කුහකත්වයෙන් ද බොරුවෙන් ද සමන්විත බැව් අන් කවර දාකටත් වඩා ප්‍රකට ව පේනවා. එහෙත් එක වර ම බලන්නෙකුට පෙනෙනු ඇත්තේ යුද මෙහෙයුම් පවතින කලාපයට පිවිස මානුශීය ආධාර ලබා දීමටත් සටන් විරාමයක් සඳහාත් ශ්‍රී ලංකා ආන්ඩුවෙන් ඉල්ලීම් කරන එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ වෙනත් බලවත් රටවල රාජතාන්ත්‍රිකයනුත් මහින්ද රාජපක්ශ තන්ත්‍රයත් අතර දිගින් දිගට ගමන් කරන කේවල් කිරීම් සහ ප්‍රතික්ශේප කිරීම් මාලාවක් පමනයි. එක පැත්තකින් “සිවිල් වැසියන්ගේ” තත්වය පිලිබඳ කනස්සල්ලටත් උත්සුකයටත් පත් “ජාත්‍යන්තර ප්‍රජාව”. අනිත් පැත්තෙන් “මට නැති කැක්කුමක් සුද්දන්ට කොයින්දැ”යි ගර්ජනා කරන රාජපක්ශ සිරිමතානෝ! තවත් පිරිසක් මෙය “කොටින්ට උදව් දීමේ බටහිර කුමන්ත්‍රනයක්” සහ රාජපක්ශ පාලනය පැත්තෙන් එයට එරෙහි ව යන “ජාතික අරගලයක්” හැටියටත් දැකගන්න ඉඩ තියෙනවා.

දේශපාලනය යනු හුදු ව්‍යවහාරික බුද්ධියෙනුත්(common sense) පත්තර කියවීමෙනුත් කල හැකි දෙයක් පමනක් නම් ඉහත දර්ශන පථයෙන් ඔබ්බට නොවිමසා නිහඬ වෙන්න තිබුනා. එහෙත් සමාජ දේහය පිලිබද ගැටලුවලටත් - ශරීරය පිලිබඳ ගැටලුවලට වෛද්‍ය විද්‍යාත්මක ප්‍රවිශ්ටයක් අවශ්‍ය වන්නේ යම් සේ ද - විද්‍යාත්මක හා න්‍යායික ප්‍රවිශ්ටයක් ගත යුතු වෙනවා. මේ විද්‍යාත්මක ප්‍රවිශ්ටය අනිවාර්ය ලෙස ම ඓතිහාසික අත්දැකීම්වල පාඩම් මත පදනම් වූවක්. එහෙම නැත් නම් කියවෙන්නේ හුදු ගම්මැදි හෑලි පමනයි. එවිට, අන්තිමේ දී දෘශ්‍යමානයට අපි කවුරුත් අනුගත වෙනවා.

පන්ති අවශ්‍යතා

ඔන්න පාරිභාශික පදයක්. සුව පහසු දෙයක් නම් නෙමෙයි. නමුත් රාජපක්ශ තන්ත්‍රයේත් මේ අධිරාජ්‍යවාදී මැදිහත්කරුවන්ගේත් පන්ති උත්සුකයේ තිබෙන වෙනස්කම් මොනවා ද? ජාතික ධනපති පන්තිය මෙහි දී අධිරාජ්‍යවාදී මැදිහත්වීම්වලට එරෙහි ව කිසියම් ප්‍රගතිශීලී කර්තව්‍යයක් ඉටු කරනු ඇද්ද? එසේ කිරීමට සමත් ද?

ප්‍රකාශිත අරමුනු කෙසේ වුව ද අධිරාජ්‍යවාදීන් “සිවිල් ජනතාව” වෙනුවෙන් හෙලන කඳුලුවල ඇත්ත හෙලි වුන අවස්ථාවක් තමයි එක්සත් ජාතීන්ගේ ආරක්ශක කවුන්සිලයේ සිද්ධිය. පස්සා දොරවල්වල කවර සාකච්ඡා කඳුලු හෙලීම් සිදු වුනත් අවසානයේ රාජපක්ශ තන්ත්‍රයේ යුද අපරාධ ගැන අකුරකුදු වැය නොකර ඔවුන් හුදෙක් “යටත් වන ලෙස” එල්ටීටීඊයට කැඳවුම් නිකුත් කලා. 2006 පටන් ශ්‍රී ලංකා ආන්ඩුව අඛන්ඩ ව සටන් විරාම ගිවිසුම උල්ලංඝනය කරද්දීත් මොවුන් කලේ මුනිවත රැකීම පමනයි. ඉඳ හිට කරන කෙඳිරිලි තිබුන නමුත් එල්ටීටීඊය පාර්ශ්වයෙන් කෙරෙන සටන් විරාම උල්ලංඝනයන්, ලමා සොල්දාදුවන් බඳවාගැනීම් ආදිය ගැනත් සිදු වුනේ ඒ ටික ම යි. ඒ අතර රාජපක්ශ ආන්ඩුව ද වොශින්ටනයේ “ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය” අභිවාදනය කරමින් එහි ම කොටසක් තම රට තුල ද දියත් කොට ඇති බව පුන පුනා කියමින් සිටියා.

යථාර්ථය තුල මෙරට පැවති 26 අවුරුදු යුද්ධය “ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයක්” ද? දේශපාලන විශ්ලේශක පීටර් සිමන්ඩ්ස් මෙය මනා ව සංග්‍රහ කරනවා :

In reality, the 26-year conflict is not a “war on terrorism” but a communal war produced by decades of anti-Tamil discrimination on the part of successive Sri Lankan governments. Its purpose is to entrench the power and privileges of the Sinhalese ruling elites at the expense not only of the Tamil minority but the working class as a whole.


Army chief Sarath Fonseka summed up this Sinhala supremacist attitude when he declared last September: “I strongly believe that this country belongs to the Sinhalese… They [the minorities] can live in this country with us. But they must not try to, under the pretext of being a minority, demand undue things.”


In the poisonous communal atmosphere in Colombo, any ceasefire call is treated as “saving the Tiger terrorists”. The Sri Lankan establishment has reacted to international expressions of concern with barely concealed contempt. An editorial last week in the right-wing Island, for instance, dismissed the plight of Tamil civilians, declaring: “Who doesn’t know that war is synonymous with suffering?”


සිමන්ඩ්ස් වැඩිදුර විග්‍රහ කරන පරිදි මහබලවතුන්ගේ මානුශීය ආධාර පිලිබඳ කන්කෙඳිරිය පසුපස ඇත්තටම තියෙන්නේ ආර්ථික හා මූලෝපායික අවශ්‍යතා. ඇමෙරිකානු බෝම්බ ප්‍රහාරවලින් බුරුතු පිටින් මියෑදෙන ඇෆ්ගනිස්තාන, පාකිස්තාන හා ඉරාක වැසියන් පිලිබඳ දක්වන කනස්සල්ලට වඩා වැඩි යමක් මෙරට මිය යන දෙමල ජනයා කෙරෙහි ද ඔබාමා පරිපාලනය දක්වන්නේ නැහැ. ලෝක දේශපාලනය පිලිබඳ නිර්භය විවේචකයකු ද වන නිදහස් මෘදුකාංග ව්‍යාපාරයේ නායක රිචර්ඩ් ස්ටෝල්මන් සූරීන් මේ ගැන බොහොම හොඳ වැකියක් ලිව්වා :
“Sri Lanka has gone back to bombing and shelling the thousands of Tamil civilians trapped in the middle of the battle. The US could easily use unmanned reconnaissance drones to find out and tell us what is really happening, if Obama cared.”
එවැනි වැඩ ගැන තඹ අලුක්කාලක තැකීමක් නැති එක්සත් ජනපදය, තැකීමක් කරන්නේ කුමක් ගැන ද? පසුගියදා ඇමෙරිකා එක්සත් ජනපදයේ පැවැති ව්‍යාපාරික හමුවක දී දකුනු ආසියාව සඳහා පත් කල ඇමෙරිකා එක්සත් ජනපද සහකාර වෙළඳ නියෝජිත(Assistant United States Trade Representative for South Asia) මයිකල් ඩිලනේ පල කල අදහස් දෙස බලන විට තත්වය වඩාත් දීප්තිමත් ව පැහැදිලි වෙනවා. ඔවුන්ගේ උත්සුකය යුද්ධය අවසන් වූ පසු මෙහි විවෘත වන ව්‍යාපාරික හා මුල්‍ය අවකාශ ගැනයි. ඔහුට අනුව මේ වසර අවසානයේ ඇමෙරිකානු ආයෝජක කන්ඩායමක් ශ්‍රී ලංකාවේ සංචාරයක ද යෙදෙනු ඇති. අනික් පසින් ලංකාවේ භූගෝලීය පිහිටීම හේතු කොට ගෙන ඇමෙරිකා එක්සත් ජනපද පාලක ප්‍රභූව මෙහි දකින මූලෝපායික වැදගත්කම. පසුගිය අවුරුදු කීපය තිස්සේ ම ඇමෙරිකානු මිලිටරියෙහි විවිධ අංශ ගිවිසුම් හා පුහුනු වැඩසටහන් ඔස්සේ මෙරට ආරක්ශක කටයුතු සමග සමීප සම්බන්ධයක් වගාකරගෙන තිබෙනවා. ඇමෙරිකා එක්සත් ජනපදය සිය ජාත්‍යන්තර “තරගකරුවන්” සම්බන්ධයෙන් ගන්නා පියවරවලදී මේ සබඳතා ඉතා තීරනාත්මකයි. විශේශයෙන් පාකිස්තාන දේශ සීමාවෙන් ද මෙපිටට ඔවුන්ගේ යුද මෙහෙයුම් ව්‍යාප්ත කරමින් පවත්නා සන්දර්භයක් තුල. එක පැත්තකින් වඩා තියුනු ශ්‍රම සූරා කෑමකට සරිලන “නිදහස්” වෙලඳ කලාපයක්. අනිත් පසින් ආසියාව පුරා ව්‍යාප්ත කෙරෙමින් පවතින අධිරාජ්‍යවාදී මෙහෙයුම් සඳහා මූලෝපායික නිවහනක්. ලංකාව යනු “පය ගසා ගැනීමට” උචිත ස්ථානයක්. 50 000ක් දෙනා සමූලඝාතනය කොට ආන්ඩුව “යුද්ධය ජයග්‍රහනය කලත්” මේ අධිරාජ්‍යවාදී ප්‍රවිශ්ටය වෙනස් වනු නැහැ.

මේ අවශ්‍යතා සඳහා දිය හැකි නමක් තමයි කලින් උපමාතෘකාවක් හැටියට ලිව්වේ - පන්ති අවශ්‍යතා

එතකොට මහින්ද රාජපක්ශගේ ගර්ජනාවලින් පෙන්නුම් කරන්නේ ඔහුත් ලංකාවේ පාලක පන්තියත් මේ පන්ති අවශ්‍යතාවන්ට එරෙහි ව යන බව ද? මේ උස් හඬින් දේශනා කරන ජාතිකත්වය සහ දේශප්‍රේමය මෙකී පන්ති අවශ්‍යතාවන්ට ඉහලින් පවතින එකක් ද පහලින් පවතින දෙයක්ද? එහෙමත් නැත්නම් මේ දේශප්‍රේමී කතා හුදෙක් අර පන්ති වැඩපිලිවෙලට දැමූ වෙස් මුහුනක් පමනක් ද? මේ ප්‍රශ්න සාකච්ඡාවට ගැනීම ඉතා වැදගත්.

(ලියන්න වෙලාවක් තිබුනොත් මතු සම්බන්ධයි)

අදාල වෙනත් ලිපි

ලොව වටා මිලිබෑන්ඩ්ලාගේ වික්‍රම
.