වෙබ් ආලෝචනා | web alochana

3.0 nihil humanum a me alienum puto

"ඒ අයට හලීම තන්තෝසයි" - යසුශි අකාශි

| Comments

ජපානයේ විශේශ සාම නියෝජිත යසුශි අකාශි කලින් සටහනේ අප පැවසූ දෑ මනා ව සන්නිදර්ශනය කරනවා. ඔහුට අනුව යුද්ධයෙන් අවතැන් වූවන් දැන් ඉන්නෙ සතුටින්. කඳවුරුවල තත්වය සතුටුදායක නෑ. ඒත් කඳවුරුවාසීන් ඉන්නෙ සතුටින්. දකුනේ ජනතාවත් පෙලගැහිල ඉන්නෙ ඒ අයට ආධාර කරන්න.

අකාශි කියන හැටියට නං සාමය ඇතිවිට වැඩියෙන් ආධාර ලැබෙනවා. සාමය අඩුවිට ලැබෙන ආධාර ප්‍රමාණය අඩුවෙනවා. නමුත් මෙසේ වුවත් ජපානය මේ ප්‍රතිපත්තිය අනුගමනය කරන්නේ නැහැ. ජපානයත් ආධාර දීම නවත්වන්නෙ නැහැ.

ඔන්න ශේශ පත්‍රය. වැඩිදුර කියවන්න.

ඉස්සර මේ වගේ අඤ්ඤකොරොස් කතා කියනකොට “හිටගෙන ද” කියල අහන පුරුද්දක් ඇතැම් අය අතර තිබුන මතකයි. ඇත්තටම “හිටගෙන” බව මේ සේයාරූ දකිනකොට පේනව.



මම මේ මොනව දොඩවනවද කියල තේරුම් බේරුම් කරගන්න බැරි අය මගේ කලින් සටහනත් ඊට පෙර සටහනත් බලන්න. ඒ ලිපි පෙල යථා පරිදි ඉදිරියේ පල කෙරෙනු ඇති.