බොදු බල සේනා සංවිධානයට එරෙහි ව “ධර්මය” නඟා සිටුවන බවට ශපථ කරමින් කැඳවුම් කෙරුනු විරෝධතාවක් ඊයේ පොලිසියේ මැදිහත් වීමෙන් අඩපන කොට විසුරුවා හරිනු ලැබුවා. Buddhists Questioning Bodu Bala Sena නමින් හැඳින්වුනු Facebook පිටුවක් වටා ගොනු වුනු මේ විරෝධතාකරුවන්ගේ ප්‍රකාශිත අරමුන “බොදු බල සේනා සංවිධානය ධර්මයට එකඟ ව ක්‍රියා කරන්නේ ද?” යනාදී ප්‍රශ්න ගනනාවක් මතු කොට “ධර්මය” සහ බොදු බල සේනාව අතර විසංසන්දනයක් පෙන්නුම් කිරීම බව පෙනී ගියා.
පොලිසිය සෑම විටක ම බොදු බල සේනාවට හිතපක්ශපාතී ආකාරයෙන් හැසිරෙන බවත් ඊට රාජ්‍ය අනුග්‍රහය ලැබෙන බවත් මෙතෙක් හටගත් සෑම සිද්ධියකින් ම පාහේ පැහැදිලි ව පෙන්නුම් කෙරුනා. බොදු බල සේනාවට “බෞද්ධ විරෝධී” සාප්පු, මුස්ලිම් ව්‍යාපාරික ස්ථාන යනාදිය වටලන්නත්, බඩුභාන්ඩ අත්අඩංගුවට ගන්නත් “පොලිස් බලතල” ලැබී තිබුනු සෙයක් පෙනී ගිය අතර පොලිසිය නිහඬ ව ඒ අසලට වී සිටිනු ද දකින්න ලැබුනා. ඉතින් මේ අවස්ථාවේ දීත් පොලිසිය ක්‍රියා කල ආකාරය තර්කානුකූල යි, උචිත යි. ඔවුන් බොදු බල සේනා විරෝධය අඩපන කරන්නත් විරෝධතාකරුවන් ත්‍රස්ත කරන්නත් විධිමත් ව මැදිහත් වුනා.
අදහස් පල කිරීමට, රැස්වීමට හා උද්ඝෝශනයට ඇති අයිතිය ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක අතිශය වැදගත් ලක්ශනයක්; අවශ්‍යතාවක්. මෙහි දී මර්දනයට පාත්‍ර වූ උද්ඝෝශකයන්ගේ අයිතීන් ආරක්ශා කිරීමට එක පැහැර අප ඉදිරිපත් විය යුත්තේ එනිසයි.
ඒත් ධර්මය නඟා සිටුවන අටියෙන් ද බොදු බල සේනාව ප්‍රශ්න කරන අටියෙන් ද පැවැත්වුනු මේ ධාර්මික ජනරාශිය හරියට ම බොදු බල සේනා සංවිධානයේ මධ්‍යස්ථානය ඉදිරිපිට සිදු කිරීමෙන් අදාල සංවිධායකයින් අපේක්ශා කලේ කුමක් ද යන්න මට ප්‍රශ්නයක්. මෙවැන්නකින් ප්‍රකාශිත පරිදි සාධනක (constructive), “බෞද්ධ” බලපෑමක් ඇති කල හැකි ද? එමගින් ඊයේ වැනි දිනෙක, කොලඹින් පිට ව සිටි දහස් සංඛ්‍යාත මහජනතාව ධර්මයෙහි පිහිටුවා උගන්වාගැනීමේ අවස්ථාවක් විවර වුනා ද? එහෙමත් නැත්නම් ඔවුන්ගේ අපේක්ශාව වුනේ බොදු බල සේනා සංවිධානය මෛත්‍රියේ බලයෙන් “දමනය” කරගැනීම ද? ප්‍රකාශිත අරමුනු කුමක් වුනත් සත්‍ය වසයෙන් ම සිදු වුනේ කුමක් ද? පොලිසිය ලවා අදාල උද්ඝෝශනයට එරෙහි ව ප්‍රතික්‍රියාවක් ජනනය කරගැනීම; බොදු බල සේනා සංවිධානය පැත්තෙන් ප්‍රචන්ඩ පිලිතුරක් ලැබීම (එය මීට වඩා ප්‍රචන්ඩ ස්වරූපයක් ගන්න ඉඩ නොතිබුනා නෙමෙයි); ශ්‍රී ලංකාව තුල සාමකාමී ව රැස්වීමට හා අදහස් පල කිරීමට අවකාශයක් නැති බව “ඔප්පු වීම” යනාදිය නෙමෙයි ද? මේ කිසිදු කරුනක් අලුතින් ඔප්පු කිරීමට ඇවැසි ව තිබුනු දෑ නෙමෙයි. අද උදෑසන වාර්තා වුනේ යාපනය උදයන් පුවත්පත් කාර්යාලය කිසියම් පිරිසක් විසින් ගිනි තබනු ලැබ ඇති බව යි. මේ සියල්ල අඛන්ඩ ව ඇවිල යන දේශපාලන අර්බුදයක ප්‍රකාශන. ඒවා “දේශපාලනයෙන්” තොර ව “ධර්මයෙන්” විසඳිය හැකි ප්‍රශ්න ද? කිසියම් අන්තවාදී සංවිධානයකට එරෙහි ව දේශපාලන ප්‍රශ්න මතු කිරීමකින් තොර ව “ධර්මයෙන්” සන්නද්ධ ව සංවිධානය වීමෙන් ලබාගත හැකි ප්‍රතිඵලය කුමක් ද? එකී අන්තවාදී සංවිධානය තමා ම ප්‍රකාශයට පත් කරගෙන සිටින අරමුනු එහි සැබෑ අරමුනු වසයෙන් ගනිමින්, එහි දේශපාලන අක්මුල් සාකච්ඡාවෙන් බැහැර කරමින් ගොඩනඟන විරෝධයක් අවසන් විග්‍රහයේ දී ප්‍රකාශයට පත් කරන දේශපාලනය කුමක් ද? එම විරෝධය අවසානයේ කෙබඳු දේශපාලනයක ගොදුරක් බවට පත් වේ ද?
මගේ අදහස නම් ඊයේ ප්‍රයත්නයෙන් කිසිදු “බෞද්ධ” ප්‍රතිඵලයක් නොලැබුනු බව යි. එසේ ම එවැනි “බෞද්ධ” හා “ධාර්මික” ප්‍රතිඵලයක් ලැබීමට නියමිත ව තිබුනු බවක් ද මුල සිට ම පෙනෙන්නට තිබුනේ නෑ. එය ස්වභාවයෙන් ම මෙවැනි (නැතහොත් මීට වඩා ප්‍රචන්ඩ) ප්‍රතික්‍රියාවක් බොදු බල සේනා පාර්ශ්වයෙන් අවුලුවාගැනීමේ හැකියාව, විභවය සහිත ව ආරම්භ වූවක්.
බොදු බල සේනාවේ “බෞද්ධ බව” ප්‍රශ්න කරන්නට ගිය පිරිසේ “බෞද්ධ බව” ප්‍රශ්න කිරීමට බොදු බල සේනා සාමාජිකයින් ඉදිරිපත් ව සිටිනු දකින්න ලැබීම තවත් උත්ප්‍රාසවත් කාරනයක්. දැන් මේ ලියන මම ඉහත ක්‍රියාවලියේ “බෞද්ධ බව” ප්‍රශ්න කරමින් ඉන්නවා. මට සිහි වෙන්නේ සද්ගුනවත් බූරුවා මහතාගේ ආගම ප්‍රශ්න කෙරුනු අවස්ථාව.