දෙස් විදෙස් සිනමා ලෝලීන් සිත් තුල පැහැබර අනාගත අපේක්ශා පුබුදුවමින් සිටින සම්මානිත සිනමාකරු සංජීව පුෂ්පකුමාරටත් ඔහුගේ කෘතිය Flying Fish චිත්‍රපටියටත් එරෙහි ව ආරක්ශක ලේකම්වරයාත් ස්වාධීන රූපවාහිනියත් ඊයේ රාත්‍රියේ යුද ප්‍රකාශ කලා. පහත දැක්වෙන්නේ ඒ පිලිබඳ පල කෙරුනු වියරු හා වෛරී “පුවත්” වාර්තාව යි:
මෙහි දක්නට ලැබෙන්නේ සිනමාකරුවාටත්, කෘතියටත්, ඊට දායක වූ සියලු පාර්ශ්වයන්ටත් කිසිදු නිදහසකට ඉඩක් හසරක් නොතබා සමස්තයක් හැටියට ම ගෙන කරන සාපරාධී, වෛරී හංවඩු ගැසීමක්. මේ අරුම පුදුම වාර්තාවට අනුව “දෙමල ඩයස්පෝරාව”, ඊනියා විදේශ බලවේග, “රටට එරෙහි” රාජ්‍ය නොවන සංවිධාන යනාදී සකල විධ බියකරු සතුරන්ට අපේ සිනමාකරුවා සම්බන්ධ යි!
අදාල “පුවතින්” ම හෙලි වන පරිදි මේ චිත්‍රපටියේ තිබෙන “රටත්, රට රැකගත් හමුදාවත්” අපකීර්තියට පත් කරනසුලු ගුනය ගැන ආරක්ශක ලේකම්වරයා දැනගෙන ඇත්තේ “පුවත” විකාශය කිරීමට යන්තම් දිනකට පෙර වුනත් ඔවුන් “හෙලිදරවු කරගෙන” තිබෙන “තොරතුරුත්” “හෙලි වෙමින් පවතින” තොරතුරුත් අප තුල ඇති කරන්නේ විස්මයක්. අපේ අංකුර සිනමාකරුවාගේත් කලාකෘතියට සම්බන්ධ වූ සියලු දෙනාගේත් ජීවිතවලට මෙමගින් එල්ල කෙරී පවතින තර්ජනය නො වේ නම් මෙය මහා හාස්‍යජනක විකාරයක් හැටියට බැහැර කරන්නත් පුලුවන්. නම් කරමින් හඳුනාගත හැකි රූප පල කරමින් අධ්‍යක්ශවරයා සහ නිශ්පාදකවරයාට එරෙහි ව එල්ල කරන තර්ජනය සුලුවෙන් තැකිය යුත්තක් නෙමේ. මෙවැනි වෛර ව්‍යාපාරයක පදනම හෝ හේතුව/අරමුන කවරක් වුනත් එහි ප්‍රතිඵලය වන්නේ ඔවුන්ගේ නිදහසටත් ආරක්ශාවටත් එල්ල වන බරපතල අවදානම යි.
මේ ප්‍රහාරය එන්නේ සාමාන්‍යයෙන් කලා කෘති වාරනයටත් කලාකරුවන් මැඬිමටත් නිල වසයෙන් පිහිටුවා තිබෙන ව්‍යුහයන්ටත් ඉහලින්. වාරනය මෙරටට අලුත් දෙයක් නොවුනත් දැනට පවත්නා පාලන තන්ත්‍රය එය අලුත් ස්වරූපයකින් පෙරට ගෙන යාමට සමත් ව සිටිනවා. ඔවුන් පුවත්පත්, පතපොත, අන්තර්ජාලය, සිනමාව, වේදිකාව යනාදී සෑම තැනකට ම මේ නිල ව්‍යුහයන්ටත් ඉහලින් කඩා පැනීමෙන් කුප්‍රකට වී සිටින අතර එම මදාවි හමුදා ක්‍රමයට ම TIME සඟරාවේ අලුත් ම කලාපය වාරනයට ලක් කලේ මීට දින කීපයකට ප්‍රථම යි.
කලාව (එහි උසස් ම තලයට නැඟුනු කල්හි) බොරුව අනාථ කොට එලිදරවු කරන, එමෙන් ම සත්‍යය ඥානනය කරන මාර්ගයක් හැටියට ක්‍රියාත්මක වී තිබෙන බව කලාවේ ඉතිහාසය දෙස බලන විට පෙනී යනවා. සත්‍යයට තිබෙන බිය, එනිසා ම ඇතැම් විටෙක කලා කෘති කෙරෙහි වූ බියක්, විරෝධයක් හෝ පිලිකුලක් හැටියට පිටාර ගලන්න ඉඩ තියෙනවා. මේ සිදු වෙමින් තිබෙන්නේ එවැන්නක් දැයි නිගමනය කිරීමට හැකියාවක් තව ම මට නැත්තේ Flying Fish චිත්‍රපටිය නරඹන්න තව ම අවස්ථාවක් නොලැබුනු නිසයි. ඒත් ගොනා හැරෙන්නේ පැලේ කන්න බවත් මේ චිත්‍රපටිය ඉතා දැඩි වාරනයකට ලක් වීමට ඉඩ ඇති බවත් සැකයක් නැහැ. මිලිටරිය කලා කෘති ගැන හා කලාකරුවන් ගැන තීන්දු තීරන ගැනීමත්, කලා කෘති පරිශීලනයට අපට ඇති අයිතිය අවුරාලීමත් අප ඉවසිය යුතු ද? මේ චිත්‍රපටිය නැරඹීමට අපට ඇති අයිතිය අවුරාලීමට එරෙහි ව අප කොන්දේසි විරහිත ව හඬ නැඟිය යුතු නො වේ ද? සිනමා රසික සහ පුරවැසි අප සියලු දෙනා අබියස කලාකරුවකු මෙවැනි අඩන්තේට්ටමකට ලක් වීම පෙරලා අභියෝගයට ලක් කල යුතු සිදුවීමක් නො වේ ද? කලාකරු සංජීව පුෂ්පකුමාරගේත් මේ සිනමාපටයට දායක වූ සියලු දෙනාගේත් නිදහස සහ ආරක්ශාව පිලිබඳ ප්‍රශ්නය අප සියලු දෙනාගේ ම ප්‍රශ්නයක් නො වේ ද?