කමල හසන් අධ්‍යක්ශනය කල විශ්වරූපම් සිනමාපටය මුලින් තාවකාලික ව තහනම් කල ශ්‍රී ලංකා ආන්ඩුව පසු ව තහනම ඉවත් කර තිබෙන බවට ආන්ඩු ගැති, උද්දාමිත සිරස්තල ලියූ උදවිය පුවත ඇතුලේ මුල්ලක හංගා දැමූ, ඇතැම් විට නිසි සේත් නොලියූ කරුනක් තියෙනවා. ඒ තමයි දැන් චිත්‍රපටය නිල වසයෙන් ම මෙරට තුල වාරනයට ලක් ව තිබෙන බව. මා මෙහි දී අදහස් කරන්නේ චිත්‍රපටිය නිසා හටගෙන තිබෙන කිසියම් ආතතියක් නිසා ප්‍රදර්ශනය අත්හිටුවීම හෝ තාවකාලික ව තහනම් කිරීම නමැති වාරනය ගැන නෙමෙයි. චිත්‍රපටියට දීර්ඝ කාලීන ව බලපාන අන්දමින් කෘතිය වාරනයට ලක් කිරීම ගැන.
දැන් මෙරට පෙන්වීමට අවසර දී තිබෙන්නේ චිත්රපටකරුවා තැනූ කෘතිය නො ව දර්ශන දෙකක් වාරනයට ලක් කිරීමෙන් අනතුරු ව මෙරට ආන්ඩුව තැනූ චිත්‍රපටියක්. චිත්‍රපටියේ අලුත් සංස්කාරක මහේශ් නාරායනන් නො ව ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ රැඟුම් පාලක මන්ඩලය යි. එනිසා හරිහමන් සිරස්තලයක් ලියන්නේ නම් ලිවිය යුත්තේ චිත්‍රපටිය මෙරට වාරනයට ලක් කර තිබෙන බව නෙමෙයි ද?
වාරනයට (සහ තාවකාලික තහනමට යන දෙකට ම) හේතුව චිත්‍රපටිය තුල ගැබ් ව තිබෙන මුස්ලිම් විරෝධී අදහස්/හැඟීම්/දර්ශන බව අහන්න ලැබෙනවා. චිත්‍රපටිය දැක නැති අපට ඒ ගැන හරිහැටි නිගමනය කරන්න සාක්ශියක් නැහැ. ඒ වුනත් මේ අවස්ථාවේ අප සියලු දෙනාෙග් අවධානය යොමු විය යුතු සහ යොමු කල හැකි අංශයක් තියෙනවා. මේ ඊනියා මුස්ලිම් හිතපක්ශපාතකම ශ්‍රී ලංකාවේ පහල වෙන්නේ කුමන වාතාවරනයක් තුල ද? එලිපිට ම ආන්ඩුවේ සහකාර දේශපාලකයින්ගේ දෘශ්ටිවාදාත්මක හා දේශපාලනික තල්ලුව සේ ම, 1983 සිහිගන්වමින් පොලිසියේ නිහඬ සහයෝගය ද සහිත ව මුස්ලිම් විරෝධී වර්ගවාදී උත්සන්නියක් රටපුරා දෝරෙගලා යමින් තියෙන අවස්ථාවක් මේක. මුස්ලිම් ව්‍යාපාරිකයන්ට අයත් බව කියැවෙන ව්‍යාපාරික ස්ථාන පොලිසියේ නිහඬ අනුග්‍රහය සහිත ව වටලා අඩන්තේට්ටම් කිරීමේ සිට ආගමික ස්ථානවලට ප්‍රහාර එල්ල කරමින් මදාවිකම් පෑම දක්වා පුලුල් පරාසයක පැතිරුනු වර්ගවාදයකට ඉඩ හැර සිටින පාලන තන්ත්රයක් කලා කෘතියක් වාරනය කරමින් මුස්ලිම් ජනතාවගේ හැඟීම් ගැන සංවේදී වෙන්න දරන වෑයම දකින අපට සිහිවෙන්නේ කුමක් ද? කටේ නරිවාදම රෙද්ද පල්ලෙන් බේරෙන සැටි නෙමෙයි ද?
දැන් මේ ප්‍රශ්නයට විරුද්ධ ව කෙනෙක් විතර්කයක් මතු කරන්න ඉඩ තියෙනවා: “මේක අහවල් අහවල් රටවලත් තහනම් කරලයි තියෙන්නේ. ඒ වගේ ම කමල හසන් ඉන්දියාවේ දීත් දර්ශන වාරනය කරන්න එකඟ වෙලා ඉන්න බව වාර්තා වුනා. ඉතින් තමුන්නාන්සේට තියෙන කැක්කුම මොකද්ද? මේ ගැන ඔහොම ලියලා වැඩක් තියෙනව ද?”
මේ ගැනත් කලින් ම උත්තරයක් දිය යුතු යි. ඉන්දියාවේ තියා මොන තූත්තුකුඩියක වුනත් චිත්‍රපටියක දර්ශන නියෝග මගින් ඉවත් කෙරුනා නම් ඒක වාරනයක් බව නිවැරදි වචනවලින් සඳහන් කිරීම වැදගත්. කලාකරුවා මුලින් සකස් කල ස්වරූපයෙන් වෙනස් විකෘත නිර්මානයක් ප්‍රදර්ශනයට අවසර දීම කිසි සේත් පිලිගත නොහැකි, අනුමත කල නොහැකි තත්වයක්. ඒ ගැන යථා පරිදි නියම වචනවලින් ලිවිය යුතු බවත්, සිහිය පිහිටුවාගත යුතු බවත් මගේ අදහස යි. නිකම් ම “Ban lifted” කියා අතපිහදාගන්න එවැනි අවස්ථාවක හැකියාවක් තිබීම ම ප්රශ්නකාරී නැද්ද? එවැනි අවස්ථාවක ලියැවෙන ලිපිවල, වාර්තාවල, සිරස්තලවල ගුරුත්ව කේන්ද්‍රය යොමු විය යුත්තේ වාරනය දෙසට නෙමෙයි ද?
ඒ වගේ ම මේ හැම පාලන තන්ත්රයක් ම පාහේ කලාකෘතියක් බඳු සාපේක්ශ වසයෙන් “වැදගත්”, බුද්ධිමය හා “හානිකාරක නොවන” (වෙනත් වචනවලින් කියතොත් අඩුවෙන් “විනාශකාරී”) තලයක ක්‍රියාත්මක වන මාධ්‍යයකට වැට බඳිමින් මුස්ලිම් ජනතාවට ඇහුම්කන් දෙන බව පෙන්වන්න උත්සාහ කරනවා. ඒ වුනත් මහමග එලිපිට කායික තර්ජන එල්ල කරමින් වැඩී එන වර්ගවාදය සිය පාලනය ගෙන යනු පිනිස දඩමීමා කරගෙන ඉන්නවා. මේ කපටි ආරක්ශකයින්ට කෙලින් උත්තරයක් දෙන්න අද අපේ රට තුල මුස්ලිම් ජනතාවට අවකාශයක් නැහැ. විවිධ තැන්වල සිදු වෙමින් පවතින මුස්ලිම් විරෝධී අඩන්තේට්ටම්වලට එරෙහි ව සාමකාමී උද්ඝෝශනයක වත් නිරත වෙන්න පුලුවන්කමක් මුස්ලිම් ජනතාවට තියෙනව ද? ඔවුන්ට සිදු ව ඇත්තේ ප්‍රවේසමෙන්, හිස නමාගෙන මේ අවදානම් කාලපරිච්ඡේදය ගත කරන්න යි.