පසුගිය මාස දෙක පුරා මම සති තුන බැගින් පමන දික් වූ ඊමේල් විරාම දෙකක් ගත්තා. පරිගනකයෙනුත් අන්තර්ජාලයෙනුත් හැකි උපරිමයෙන් ඈත් ව ඉන්න සිදු වුනා. මේ සියල්ල මගේ අත්වල මැනික්කටු හා වැලමිටට බලපාන අන්දමින් හටගෙන තිබූ ආර්එස්අයි රෝග තත්වය නිසයි. පරිගනකය මතත් ඊමේල් මතත් මොන තරම් තදින් රඳා පවතින්න පුරුදු වී තියෙනවා ද යන්න වැටහුනේ මේ කාලය තුල යි. පරිගනකය සම්බන්ධ සෞඛ්‍ය පුරුදු නොතකා හැරීම නිසා බොහෝ භයානක ප්‍රතිඵල අත් වෙන්න පුලුවන් බවත් අමාරු මගකින් ඉගෙනගත්තා. අවුරුද්දක පමන කාලයක් තිස්සේ ක්‍රමයෙන් මෙහි පල කෙරුනු ලිපි සංඛ්‍යාව පහල යන්නත් මේ වේදනාව හේතුවක් වුනා; වේදනාව දරාගෙන ලිවීම ආස්වාදජනක වැඩක් නෙමයි. ඒත් බොහෝ කලකට පසු ආයෙත් රූල් නැති පොත්වල අතින් ලිවීම අරඹන්න මේ අසනීපය උත්තේජනයක් වුනා. අතින් ලිවීමත් නැවතුන දවසක් ආවා. මේස පුටු කීබෝඩ් ආදී සියලු උපකරනත් දෛනික පුරුදුත් වෙනස් කරන්න සිදු වුනා. මගේ පරිගනක විරාමය කිසි කෙනෙකුගේ සතුටට හේතු වුන බවක් නම් පේන්න නැහැ. ඉදිරියේ දී මම ඒ සම්බන්ධ අනේක විධ ඇනුම් බැනුම් අහන්නත් නියමිත යි. බොහෝ දෙනෙක් ඊමේල්වලට එසැන පිලිතුරු බලාපොරොත්තු වෙනවා. “ඊමේල් විරාම” අද කාලේ ලේසියෙන් දිරවාගත හැකි දෙයක් නෙමෙයි. නමුත් මීට අවුරුදු දොලහකට දහතුනකට පෙර තත්වය මීට සම්පූර්නයෙන් වෙනස්.
කෙලින් ම පරිගනකයෙන් සිංහල ලිපි ලේඛන සම්පාදනය කරන්න මම පුරුදු වුනේ “පරිගනක අක්ශර සංයෝජකයින්” හැටියට හැඳින්වෙන කොට්ඨාසය සමග වැඩ කිරීමේ අමාරුව හින්දයි. ඔවුන් මගේ ලිපි ලේඛනවලට පාන බස් විස්කම් දරාගන්න මගේ ඉදිමුනු හිසට බොහොම අමාරුයි. සෝදුපත් බැලීමත් සංස්කරනයත් ඒ තරම් කාර්යක්ශම නැති නිසා ලිපි පල වූ පසු බොහෝ කලකෝලාහල හා මනස්තාප ඇති වෙනවා. පෑන නමැති තාක්ශනයට පුරුදු වෙන්න ලේඛකයින් අදිමදි නොකලා වගේ පරිගනකය නමැති තාක්ශනයටත් හුරු විය යුතු බව මගේ පරිගනකවේදී මිතුරෙක් කියා සිටියා. මොන තරම් ඇත්තක් ද! මෙවැනි දීප්තිමත් අදහස් ඔලුවට ගැහූ විට අපි කවුරුත් හිතන්නේ ලෝකයේ අනිත් සියලු දෙනාත් ඒ විදියට ම සිතිය යුතු බව යි. ඒත් ඉතින් අන්තිමේ දී දුක් විඳ යතුරු ලිවීම පුරුදු වූ පසු ව වුනත් පුවත්පත් හා සඟරාවලට වගේ ම ප්‍රකාශන ආයතනවලටත් ඒ ලිපි යවන්න සිදු වුනේ අදාල විද්‍යුත් පිටපත නැවත මුද්‍රනය කරලයි. ඒ ඔවුන් වැඩ කල ක්‍රමය. නමුත් විද්‍යුත් තැපෑලෙන් ම ලිපි යවන්න පටන් ගත් අවස්ථාව හරි ම “රසවත්”ලොමුඩැහැගන්වන අත්දැකීමක් වුනා. ඒ ඩයල්අප් යුගය. ඉතින් මම ලිපිය ලියා විවිධ “පහසු” format කිහිපයකට දමා ඊමේලයක අමුනා යවනවා. ඉන් පසු ඊමේලයක් එවූ වග දුරකථන ඇමතුමක් දී අදාල පුවත්පත් ආයතනයේ කිසිවෙකුට සිහිපත් කරන්න ඕනෑ, විශේශ හේතුවක් නැත්නම් ඊමේල් පිරික්සීම සිදු නොවන නිසා. ඔන්න යුද්ධය ආරම්භ වෙන්නේ ඉන් පසු ව යි. ඊමේල් චෙක් කිරීමට හා පරිගනකය හැසිරවීමට බලය ලත් තැනැත්තා හොයාගන්න පනිවිඩයක් යවනවා. ඔහු සේවයට ඇවිත් නැත්නම් ඊලඟ දිනය වනතුරු ඉන්න වෙනවා. ඉන් පසු අන්තර්ජාලයට සම්බන්ධ වීමේ යුද්ධය අරඹා ඇති බව නැවත ලැබෙන දුරකථන ඇමතුම්වලින් මට දැනගන්න ලැබෙනවා.
බොහෝ දුර බැහැර වාසය කරන මට ලිපිය හරි හැටි ලැබුනා ද යන්න දැනගන්නා තුරු නිවනක් නැති නිසා “හරි ද බලන්න” නැවතත් ඇමතුම් කීපයක් ගන්නවා. ඒ වන විටත් ඇමුනුම් කීපයක් පමනක් බාගන්න පුලුවන් වෙලා. ඒත් පින්තූර ටික තාම ගන්න බැරි වුන බව එහෙන් දැනුම් දෙනවා. ජාලය විසන්ධි වෙනවා. “ඇටෑච්මන්ට්ස් කීයක් තිබුනද?” “ඩිස්කට් එකක දාලා තැපැල් කරන්න පුලුවන් ද?” කෙනෙක් අහනවා. බලවත් නොඉවසිල්ලට පත් වන මම ඩිස්කටයක් ද රැගෙන තැපැල් කන්තෝරුවට දුවනවා. ඒ අතර “කෝකටත් කියා” මුද්‍රිත පිටපත් ද එම කවරය තුලට ම දමා තැපැල් කරනවා. ගෙදරට ආ පසු සාර්ථක ව ඇමුනුම් සියල්ල බාගන්න හැකි වූ බව දන්වන තවත් ඇමතුමක් ලැබෙනවා.
තමන්ගේ ම සර්වර තුල ප්‍රදර්ශනාත්මක අරමුනින් ඊමේල් ගිනුම් තියාගත් ආයතන සම්බන්ධයෙන් නම් නාට්‍යය තවත් ත්‍රාසජනක මට්ටමකට නැගෙනවා. මොකද හදිසියේ සර්වරය සෙට්ටපෝච්චි වී ගොස් ඊමේල් සියල්ල මැකී යාමේ ප්‍රතිඵලයක් වසයෙන් මුද්‍රනයේ “ඩෙඩ්ලයින් එක” ඔන්න මෙන්න තියෙද්දී ඩිස්කටයක දැමූ ලිපි හා පින්තූර ද අතැති ව මාරාවේශයෙන් කොලඹ බලා දුවන්න සිද්ද වෙන නිසා. කිකල් ඒ ද එකල්?
කෙලින් ම පරිගනකයෙන් සිංහල ලිපි ලේඛන සම්පාදනය කරන්න මම පුරුදු වුනේ “පරිගනක අක්ශර සංයෝජකයින්” හැටියට හැඳින්වෙන කොට්ඨාසය සමග වැඩ කිරීමේ අමාරුව හින්දයි. ඔවුන් මගේ ලිපි ලේඛනවලට පාන බස් විස්කම් දරාගන්න මගේ ඉදිමුනු හිසට බොහොම අමාරුයි. සෝදුපත් බැලීමත් සංස්කරනයත් ඒ තරම් කාර්යක්ශම නැති නිසා ලිපි පල වූ පසු බොහෝ කලකෝලාහල හා මනස්තාප ඇති වෙනවා. පෑන නමැති තාක්ශනයට පුරුදු වෙන්න ලේඛකයින් අදිමදි නොකලා වගේ පරිගනකය නමැති තාක්ශනයටත් හුරු විය යුතු බව මගේ පරිගනකවේදී මිතුරෙක් කියා සිටියා. මොන තරම් ඇත්තක් ද! මෙවැනි දීප්තිමත් අදහස් ඔලුවට ගැහූ විට අපි කවුරුත් හිතන්නේ ලෝකයේ අනිත් සියලු දෙනාත් ඒ විදියට ම සිතිය යුතු බව යි. ඒත් ඉතින් අන්තිමේ දී දුක් විඳ යතුරු ලිවීම පුරුදු වූ පසු ව වුනත් පුවත්පත් හා සඟරාවලට වගේ ම ප්‍රකාශන ආයතනවලටත් ඒ ලිපි යවන්න සිදු වුනේ අදාල විද්‍යුත් පිටපත නැවත මුද්‍රනය කරලයි. ඒ ඔවුන් වැඩ කල ක්‍රමය. නමුත් විද්‍යුත් තැපෑලෙන් ම ලිපි යවන්න පටන් ගත් අවස්ථාව හරි ම “රසවත්”