උසස් අධ්‍යාපන ඇමති එස්. බී. දිසානායක මහතා සෞන්දර්ය විශ්ව විද්‍යාලයට සිසුන් ඇතුලත් කරගැනීමේ ප්‍රායෝගික පරීක්ශනය අහෝසි කිරීම ගැන බොහොම දැඩි අදිටනක ඉන්න බව 15 වැනිදා පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී පෙන්නුම් කලා. මේ ගැන ඔහු දක්වමින් ඉන්න හේතුව අරුම පුදුම එකක්. ඔහු කියන්නේ මේ ප්‍රායෝගික පරීක්ශනයේ බොහෝ ම අක්‍රමිකතා සිදු වන බවට සිසුන්ගෙන් තමන්ට පැමිනිලි ලැබී ඇති බව යි. ඉතින් ඒ අක්‍රමිකතා පහ කිරීම වෙනුවට කෙලින් ම පරීක්ශනය අත්හිටුවන්න තීරනය කරනවා. ශිශ්‍යයින් සමග හෝ අදාල විශය ඉගැන්වීමෙහි නිරත ප්‍රාමානික වෘත්තිකයින් සමග සාකච්ඡාවක් නෑ; අදහස් විමසීමක් නෑ.
මේක හරියට ඇදුම රෝගය වලක්වන්න හුස්ම ගැනීම අහෝසි කරනවා වගේ වැඩක්: ඇදුම රෝගය හැදෙන්නේ මිනිසුන් හුස්ම ගන්නා හින්දයි. හුස්ම ගනිද්දී පරිසරයේ තියෙන නානාප්‍රකාර අහිතකර දේවල් ආඝ්‍රානය වෙනවා; අසාත්මිකතා හටගන්නවා; ඇදුම උග්‍ර වෙනවා. ඒ නිසා වහා ම ක්‍රියාත්මක වන පරිදි හුස්ම ගැනීම අත්හිටුවිය යුතු යි!
නමුත් සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ තිබෙන උපාධි පාඨමාලාවලින් අතිබහුතරයක් අතිශයින් ම ප්‍රායෝගික පක්ශයට බර ඒවා. නර්තනය, සංගීතය, දෘශ්‍ය කලා ආදී විශයයන් මේ තරම් ප්‍රායෝගික ප්‍රවිශ්ටයකින් උගන්වන විශ්ව විද්‍යාල ආයතනයක් මෙරට තවත් නැහැ. රට පුරා පාසැල්වල මේ කලාවන් උගන්වන්න අවශ්‍ය ගුරු පරපුරෙන් සැලකිය යුතු කොටසක් බිහි කරන්නේත් මේ ආයතනය විසින්. ඉතින් එවැනි ආයතනයකට වඩාත් උචිත ශිශ්‍ය ශිශ්‍යාවන් තෝරාගැනීම හුදෙක් ප්‍රශ්න පත්තරවලට පිලිතුරු ලිවීමේ හැකියාවට සීමා කිරීම යනු එම ආයතනයේ ජීවය සම්පූර්නයෙන් සිඳබිඳ විනාශ කිරීමේ මුල් පියවරක් බව යි මට නම් පේන්නේ.
මේ අර්බුදයේ පසුබිම පිලිබඳ හොයාබැලූ මට ආරංචි වුනේ පසුගිය වසරේ ඇතුලත් කරගත් ශිශ්‍ය කන්ඩායම තුලත් ප්‍රායෝගික පරීක්ශනය අසමත් වුනු, එහෙත් ඇමතිගේ අත්තනෝමතික තීන්දුව අනුව යමින් ඊනියා z අගය මත පමනක් තෝරාගත් කිසියම් ශිශ්‍ය පිරිසක් ඉන්නා බව යි.