දින දෙකතුනකට පෙර බ්ලොග් අවකාශයේ මිතුරෙක් අලුත් ම සිද්ධියක් මගේ අවධානයට ලක් කලා. ඒත් මෙය “අලුත්” වුනේ මට පමනක් බව මඳ වේලාවකින් වැටහුනා. ලක්බිම සිංහල පුවත්පත දැන් මඳ කලක පටන් “තෝරාගත්” බ්ලොග් සටහන් කිහිපයක් මුද්‍රිත මාධ්‍යයෙන් ප්‍රකාශයට පත් කරනවා. මෙවැන්නක් මීට ප්‍රථම රාවය පුවත් පත ද ආරම්භ කල අතර ඔවුන් එය සිදු කල ආකාරය මගේ සතුටට හේතු වුනා. ඔවුන් අදාල බ්ලොග් අඩෙවියේ ලිපිනය පල කරන අතර ම කිසියම් කැපීමකට කෙටීමකට හෝ සංස්කරනයකට අදාල ලිපිය ලක් විනි නම් ඒ බව ද එහි ම සඳහන් කරනු නිරීක්ශනය කල හැකියි. එසේ ම රාවය අදාල විශේශාංගය නම් කර තිබෙන්නේ “බ්ලොග් අඩවිය” යනුවෙන්. මෙය මුද්‍රිත මාධ්‍යයක නොහැකියාවේ සීමා මායිම් තුල විද්‍යුත් අන්තර්ගතයක් ප්රතිනිශ්පාදනය කල හැකි උපරිම - හොඳ ම ආකාරය බව කියන්න පුලුවනි. හොඳ බ්ලොග් ලිපියක ඇතැම් අංශ කිසි දිනක පුවත්පතක් තුලට ගෙන එන්න අමාරුයි. “හොඳ” බ්ලොග් ලිපියක් අන්තර්ජාලයේ විවිධ තැන්වලට සබැදුම් (links) යෙදීමෙන් ජාලගත වෙලයි තියෙන්නේ. එය සම්පූර්නයෙන් මුද්‍රනය කරන්න බැහැ. ඒක පුවත්පතක සීමාව. මේ වෙනස සන්නිදර්ශනය කරන අවස්ථාවක් හැටියට Daily News පුවත් පතේ පල වූ ප්‍රේමසිරි කේමදාස සූරීන් පිලිබඳ එරික් ඉලයප්ආරච්චි ලියූ ලිපියක් බ්ලොග් අවකාශය තුල ප්රතිනිශ්පාදනය වුනු අන්දම බලන්න.
එසේ ම රාවය පුවත්පත මේ කර්තව්‍යය ඉටු කරන්නේ “අඩු කුලයේ” කෙනෙකුට කරන අනුග්‍රහයක් හැටියට නෙමෙයි. ඔවුන් හුදෙක් සිය පුවත්පතේ අන්තර්ගතය පෝශනය කරගන්නා විවධ ආකාරවලින් එකක් හැටියට එය යොදාගන්නා බව පැහැදිලි ව පෙනෙනවා.
දැන් බලමු මේ අලුත් කටයුත්ත ගැන - අලුත් වෑයම ලක්බිම පුවත්පතෙන්. මොවුන්ගේ ස්වරයෙහි මෙන් ම ප්‍රකාශිත අධ්‍යාසය ලෙස ද පවතින්නේ මෙය වනාහි බ්ලොග් අවකාශය වැඩිදෙනෙකුගේ අවධානයට ලක් කිරීමට දැරෙන ප්රයත්නයක් හැටියට. එය රාවයේ වැඩේට වඩා වෙනස්; “ඉහල” සිට “පහල” දෙස බැලීමක්. (gaze)
ලක්බිම පුවත්පත ඒ වෙනුවෙන් අමුතු නමක් ද යොදා තිබෙනවා. ඔවුන් මේ මාධ්‍යයට දෙන නම තමයි “වියුනු” (වියුණු - ඔවුන්ගේ “ණ” යන්න ද සහිත ව මේ ලිපිය තුල මෙතැන් සිට භාවිත කරන්නම්). මෙය ඉතා අසීරුවෙන් වාත්තු කරගත් පදයක්. එහෙම වුනත් “වියුණු” ලියන්නන් “වියුණු”, “වියුණුකරණය” ආදී වසයෙන් නිතර නිතර මේ පදය එකී පිටුව තුල පුනරුච්චාරනය කෙරෙනවා. “(වෑයමකින් තොරව ඉබේ) වියනු ලැබූ” වැනි අදහසක් “වියුණු” යන සිංහල පදයෙන් (අමාරුවෙන්) ඇදගන්න පුලුවන්. මෙයට දිය හැකි අන්‍ය අර්ථ අතර වියන ලද්ද, ගොතන ලද, නිර්මානය කරන ලද දෙය, බොරුව, ඇස්බැන්දුම වැනි දෑ ද තිබෙනවා. ඉංග්‍රීසියෙන් fabricated යන්න මෙයට උචිතතම පරිවර්තනය යි. “වියුණ” යනු හිතාමතා fabricate කරපු එකක් නෙමෙයි. නොදැනී ම “වියුණු” දෙයක්. නිරුත්සාහික කාර්යයක්. (වැකියක යෙදූ විට - ඇගේ සුමුදු අතින් සලුව වියුණේ යැ. ඇගේ අතින් වියුණු සලුව මම මිල දී ගත්තා.) එසේ නම් “වියුණු” ලියන්නන් කරන්නේ කුමක් විය හැකි ද? එසේ වියන ලද්ද නැවත ලිවීම ද? “වියුණුකරණය” යනුවෙන් එය අගට නැවත “කරණයක්” ඈඳීමෙන් දැනවෙන අර්ථය කුමක් ද?
මේ නාමකරනය මගින් අනෙකුත් ලිවීම්, විශ්ලේශන, වාර්තා හා නිර්මානයන්ට වඩා “පහල”, දෙවැනි මට්ටමේ පුරවැසිභාවයක් බ්ලොග්කරනයට ලබා දෙනවා. ඒ වගේ ම බ්ලොග් අඩෙවිවල විශ්වසනීයභාවය අභියෝගයට ලක් කරනවා. මෙය හරියට ඇතැම් ලිපියක “නම් ගම් මනඃකල්පිත ය” කියා යෙදීමට සමානයි. මෙහි දී මුලු මහත් මාධ්‍යය ම (බ්ලොග්) අදාල කර්තෘට නොදැනී(හෝ දැනුවත් ව) ප්‍රබන්ධ කෙරුනු/වියන ලද ඊනියා නිර්මානයක් ය යන අරුත සම්පාදනය වෙනවා.
මම නම් බ්ලොග්කරනයේ යෙදෙන්නේ හොඳ සිහියෙන්. එනිසා මා පල කරන දෑ මා දැනුවත් ව ලියූ දේ මිස මගේ අතින් නොදැනී “වියුණු” දේ නොවෙයි. මා තරයේ විශ්වාස කරනවා අතිබහුතරයක් බ්ලොග්කරුවන්ද එසේ බව. සමහර මාධ්‍යවේදීන් මෙන් ම අසිහියෙන් හෝ දැනුවත් ව ගොතා පල කරනවුන් එකෙක් දෙන්නෙක් ඉන්න පුලුවන් ය යන සම්භාවිතාව මම බැහැර කරන්නේ නැහැ. ඒත් වසර ගනනාවක් තිස්සේ බ්ලොග්කරුවන් ස්වකීය මාධ්‍යය හඳුන්වාගැනීමට යොදාගත් මනා, නිවැරදි යෙදුමක් තිබිය දී බ්ලොග්කරනය, බ්ලොග් අඩෙවි බ්ලොග්කරුවන් ආදිය හැඳින්වීමට “වියුණු” යන හාස්‍යජනක හා අඩන්තේට්ටම්කාරී නාමපදය යොදාගැනීම කැතයි. අසෝබනයි. අනුචිතයි.
බ්ලොග්කරු, බ්ලොග් අඩෙවිය, බ්ලොග්කරනය, බ්ලොග් අවකාශය හෙවත් බ්ලොගවකාශය ආදී සිංහල පදවල සුජාතභාවය ගැන වැඩිදුර සාකච්ඡා විශාල ප්‍රමානයක් අන්තර්ජාලයේ විවිධ තැන්වල වසර ගනනාවකට පෙර සිදු වුනා. ඒවා සොයාබැලීමට අවශ්‍ය වන්නේ ගූගල් සෙවුම් යන්ත්‍රය පමනයි. මම එයින් එකක් දෙකක් පමනක් මෙතන යොදන්නම්.
බ්ලොග් අවකාශය නිසා සිංහල භාශාවට එකතු වුනු අලුත් පද
නිශ්පන්න, තද්භව සහ තත්සම … බසකට පද එකතු වන ක්‍රම
ලක්බිම පුවත්පතේ “වියුණු” ව්‍යායාමයේ තව විශේශ ලක්ශනයක් තියෙනවා. ඒ තමයි එලිපිට පෙනී සිටින පූරක මහතකු (චානුක වත්තේගම) මුද්‍රනය සඳහා බ්ලොග් අඩෙවි තේරීම හා ඇතැම් අවස්ථාවක ඒ පිලිබඳ ටීකාවක් ද සැපයීම. පාඨකයාට බ්ලොග් අඩෙවි අවබෝධ කරගන්නත් අදාල අවස්ථාවේ උපුටාගෙන ඇති දෑ පිලිබඳ අගමුල පාදාගන්නත් මේ ටීකාව “සහාය” වෙනවා. මේ ක්‍රියාදාමය තුල සිදු වන්නේ බ්ලොග් අවකාශය නමැති විශයය මාධ්‍යවේදී දුරදක්නයක් හෝ කන්නාඩියක් ඔස්සේ නැරඹීම යි. එහිදී අර්ථකථනය, තෝරාගැනීම, කෙටි කිරීම යනාදියත් පුවත්පතේ දිගපලල හා දේශපාලනයට සරිලන මට්ටමට බ්ලොග් අන්තර්ගතය කප්පාදු කිරීමත් සිදු වන බව නිරීක්ශනය කරන්න පුලුවන්. සුමති පුවත්පත් සමාගමේ හිමිකරු තිලංග සුමතිපාල මහතා ද මැතිවරන සටනට අවතීර්න ව සිටින මේ මාස කිහිපය තුල මේ පූරකකරනය මෙන් ම මාධ්‍යවේදය ද අභියෝගාත්මක පරීක්ශනයකට භාජනය වන අන්දම බ්ලොග් අවකාශයේ සිට නිරීක්ශනය කිරීම අන් සියල්ලට වටා රුචිකර අත්දැකීමක් වනු ඇති.
පසු සටහන - එම සමාගමට ම අයත් Lakbima News ඉංග්‍රීසි පුවත්පත අතීතයේ දී බ්ලොග් අවකාශය සමග පවත්වාගෙන ගිය “සම්බන්ධයට” සාපේක්ශව බලන විට ලක්බිම සිංහල පුවත්පත බ්ලොග් අඩෙවිවල අන්තර්ගතය මුද්‍රනය කිරීමට ගත් තීරනයේ බොහෝ ප්රගතිශීලී, ධනාත්මක ලක්ශන පේන්න තියෙනවා. ඇතැම් විට මෙය චානුක වත්තේගම මහතාගේ ම මුලපිරීමක් නිසා සිදු වූවක් විය හැකියි. මේ ලිපියේ දී මා පල කලේ එකී පිටුව පිලිබඳ මට පහල වූ අදහස් දෙකක් පමනයි. පත්තර පිටු මත සිට බ්ලොග් අඩෙවි නැරඹීමට වඩා බ්ලොග් අවකාශයේ සිට පත්තර දෙස බැලීම මා බෙහෙවින් රුචි කරන දෙයක්. මට හිතෙන්නේ දෙවැන්නේ යෙදෙන්නා අත වැඩි බලය - upper hand - තිබෙන බව යි.
බ්ලොග් අවකාශයෙන් අන්තර්ගතය සොරාගෙන ලක්බිම නිවුස් පුවත්පතේ පලකරගැනීම නිසා හටගත්, Lakbimagate යන අපනාමයෙන් බ්ලොග් අවකාශය තුල ප්‍රචලිත වූ, එම අතීත සිදුවීම් දාමය ගැන කියවන්න පහත සඳහන් පිටු වෙත යන්න. මෙය මේ මාතෘකාවට අදාල නො වූවක් සේ කෙනෙකුට පෙනී යන්න පුලුවන්. ඒත් මේ “වියුණු” පිටුවක බ්ලොග්කරුවන් වෙනත් මාධ්‍ය වෙතින් අන්තර්ගතය සොරාගැනීම ගැන ලියා පල කොට තිබුනු නිසා මෙය ද යලි සිහිපත් කිරීම අදාල යි. එසේ ම එකී සටහනේ දී බ්ලොග් සින්ඩිකේටරයකින් (එනම් තෙවැනි පාර්ශ්වයක් විසින්) එම ඊනියා සොරකමේ යෙදුනු බ්ලොග් අඩෙවි ඉවත් නොකරන්නේ මන්දැයි පැහැදිලි නැති බවට ද පූරක මහතා මැසිවිලි නඟනවා. මෙය මේ දිනවල අපි සාකච්ඡා කරමින් ඉන්න අනිත් ප්‍රශ්නයට ද අදාල යි.
Rajpal, we know the law! You don’t need a disclaimer to protect your content!
ලක්බිම හොට බිම ඇනගැනීම, කොපි කිරීම, ආචාරධර්ම සහ බුද්ධිමය දේපොල නීතිය
හොරු සමග journalism : ජනමාධ්‍ය, මූලාශ්‍ර පිළිබඳ ආචාරධර්ම, ලේඛක අයිතිය සහ වෙනත් දේ ගැන පුද්ගලික ධාරණා ටිකක්
ඒ සිද්ධීන්ගේ අත්දැකීම පාදක කරගෙන අතිරේක ප්‍රශ්න කීපයක් ද ඔබේ අවධානයට යොමු කරන්න අවශ්‍යයි.
මේ පිටුවල අන්තර්ගතය උදෙසා අදාල බ්ලොග්කරුවන්ට ගෙවීමක් කෙරෙනවා ද? මේවා ප්රතිනිශ්පාදනය කෙරෙනුයේ ඔවුන්ගේ අවසරය ඇති ව ද? අදාල බ්ලොග් අඩෙවිවල තිබෙන creative commons හෝ හිමිකම් අවුරන වෙනත් සීමාකාරක බලපත්‍ර පිලිබඳ සලකාබැලීමක් මෙහි දී සිදුවේ ද? බ්ලොග්කරුවන් ස්වේච්ඡාවෙන් සිය අන්තර්ගතය ප්රතිනිශ්පාදනය සඳහා මුදා හැර තිබේ නම් මේ ප්‍රශ්න අදාල වන්නේ නැහැ. කෙසේ වෙතත් ඒවා දැනට අතුරු ප්‍රශ්න පමනයි.
වැඩිදුර පරිශීලනයට -
මගේ නිරීක්ශනයට පාත්‍ර වූ ලක්බිම “වියුණු” පිටු කීපයක්
ජාලගත සිංහලය, බ්ලොග්කරනය සහ අනාගතය

විශාලනය සඳහා රූපය මත ක්ලික් කරන්න

කොලඹ දිස්ත්‍රික්කයට නාම යෝජනා භාර දී පැමිනෙන මැතිවරන අපේක්ශකයින් අතරින් තිලංග සුමතිපාල මහතා වෙත නාභිගත (focus) කෙරුනු ඉරිදා ලක්බිම මුල් පිටුවේ සේයාරුව.