හැරී පොටර් නවකතා මාලාව තුල මගේ සිත්ගත් අංගයක් තමයි සාමාන්‍ය මිනිසුන්ගේ ලෝකයෙන් ඉන්ද්‍රජාලික ලෝකයට ප්‍රවිශ්ට වන දොරටු සහ ඔවුන් සංචාරයට යොදාගන්නා උපක්‍රම. දුම්රිය ස්ථානයේ වේදිකාවක පිහිටි අදෘශ්‍යමාන දොරටුවකින්, නැතහොත් කිසියම් අප්‍රකට වෙලඳසැලක ඇතුලු ගැබකින් හෝ ගිනි උදුනකින් ඔවුන් මේ ගමනාගමනය සිදු කරනවා. අද දිවයින පුවත්පතේ වාර්තා වී ඇති “ප්‍රවෘත්තියක්” දුටු විට මට ඒකාන්ත වසයෙන් වැටහී ගියේ මෙකී ක්‍රමය සැබෑවට ම මෙරට තුල ක්‍රියාත්මක වන බව යි. එසේ ම හැරී පොටර් පන්නයේ ඉන්ද්‍රජාලිකයින් පිරිසක් පසුගිය ජනාධිපතිවරනයට පසු දින සිදුවන්නට ගිය දුර්දාන්ත කුමන්ත්‍රනය පසුපස සිටින බව ද මෙමගින් අනාවරනය කරගන්න ලැබීම ජාතියේ භාග්‍යයක්.
බලන්න මේ පුවත -
මෙවැනි “පුවත්” සන්නිදර්ශනය කරන්නේ සිංහල භාශා ජනමාධ්‍යකරනය අද පත් ව තිබෙන ඛේදජනක තත්වය මිස අන් කිසිවක් නොවෙයි. ජනසන්නිවේදනය යනු හුදෙක් “කියන දේ ලිවීමක්” බවටත්, කොම්පැනිකරුවන්ගේ හා දේශපාලකයින්ගේ අවශ්‍යතා පමනක් ඉටු කරන භාවිතයක් බවටත් සිඳුවනු ලැබ තිබෙනවා. ඇත්ත, මෙය පුවත්පත් ආරම්භ වුන යුගයේ පටන් තිබුන නැඹුරුවක් තමයි. විවිධ සංවිධානාත්මක, දේශපාලනික, සංස්කෘතික හෝ සමාජීය පක්ශපාතකම් පුවත්පත් ආරම්භ කරන්න ම හේතුභූත වූ කරුනු කාරනා අතර තියෙනවා. ඒ වගේ ම කවදත් පුවත්පතක් හෝ ජනමාධ්‍යයක් භමනය වුනේ කිසියම් නිශ්චිත දේශපාලන අක්ශයක් වටා තමයි. එහෙම නොවන සමාජීය ප්‍රපංච නැහැ නේ? මහාවංසය වගේ ම සැළලිහිණි සන්දේශය ලිව්වෙත් රජදරුවන්ගේ සිත්සතන් සනසන්න නිසා අවශ්‍ය නම් කෙනෙකුට මේ කතාව මුලු ලේඛන කලාවට ම අදාල පරිදි දීර්ඝ කොට දක්වන්න පුලුවන්.
නමුත් වර්තමාන තත්වය පෙන්නුම් කරන්නේ ඉහවහා ගිය බංකොලොත්භාවයක්. මේ බංකොලොත්භාවය ගවේශනය, ලේඛනය හා මතවාදය යන සියලු අංශයන්හි කැපී පෙනෙන ප්‍රකාශනයක් අත්කරගෙන තිබෙනවා. ගවේශනය කියා දෙයක් අද තිබෙනවා ද? පුවතක් පල කිරීමේ දී පුවතට විශය වන පාර්ශ්වයන් සියල්ල අවම මට්ටමින් හෝ විමසා බලා තහවුරු කිරීම අද නොතකා හැරුනු ආදිකල්පික මූලධර්මයක් පමනයි. මඳ කලකට පෙර බ්ලොග් අවකාශය තුලත් රැව් පිලිරැව් දුන් ”බ්ලොග්කරුවකු අත්අඩංගුවට ගැනීම” පිලිබඳ සිද්ධිය ගනිමු. එය මුලින්ම ප්‍රචාරය කිරීම ඇරඹුවේ මෙරට පුවත්පත්. එහෙත් එයින් එක ද මාධ්‍යයක් වත් අදාල තොරතුර නිසි පරිදි දැනගැනීම සඳහා අතශවශ්‍ය ම වූ දෙය කර තිබුනේ නැහැ. එනම් අදාල අධිකරනයෙහි නඩු වාර්තාව පරීක්ශා කිරීම. එය කිරීමට “මාධ්‍යවේදියකු” වීම අවශ්‍ය වන්නේ ද නැහැ. සාමාන්‍ය පුරවැසියෙකුටත් පුලුවන් නඩු වාර්තාවේ පිටපතක් ඉල්ලුම් කරන්න. එසේ කලා නම් විවිධ අසත්‍ය දෑ පතුරුවා හැරීම වෙනුවට අදාල පුද්ගලයා අත්අඩංගුවට ගැනුනේ කවර චෝදනාවක් යටතේ ද, අදාල විභාගයේ තතු කෙබඳු ද යනාදිය නිසි පරිදි දැනගන්න තිබුනා. ඒ වෙනුවට මොවුන් කලේ පොකුරු බොරු සහ මනස්ගාත පතුරුවාහැරීම යි.
අද දිවයින පත්තරේ පල ව තිබෙන පුවත බැලුවාම මේ සෑම අංශයක් ම නොතකා හැර හුදෙක් පාඨකයා තුල ව්‍යාකූල, එහෙත් ෆොන්සේකා විරෝධී, කුමන්ත්‍රන භීතිකා මනෝගතීන් පෝශනය කිරීම ම අදිටන් කරගෙන එය ලියා ඇති බව නිගමනය කිරීම අපහසු නෑ. අදාල පුද්ගලයා රටින් පැන ගියා ද නැද්ද යන්නටත් මැතිවරන ව්‍යාපාරයකට මුදල් දීම ගැනත් ඉදිරිපත් කරන සාක්ශිය වන්නේ බැංකුවක අටවා ඇති විමර්ශන කැමරාවක්! ආගමන විගමන අංශ, ගුවන්තොටුපල හෝ අදාල පුද්ගලයාගේ වෙනත් සබඳතා මගින් හෝ ඔහු රටින් පිට වූයේ ද එය “පැන යාමක්” ද නැද්ද ආදිය තහවුරු කරගැනීම අදාල මාධ්‍යවේදියාට විශය වන්නේ නෑ. ඊලග වැකියෙන් කියැවෙන පරිදි මුදල් දුන් පුද්ගලයා ජනපතිවරන අපේක්ශකයාගේ ඥාතියෙක්. මේ සියල්ල සම්පින්ඩනය කරන විමර්ශනශීලී පාඨකයෙක් අහන්න පුලුවන් එහෙම නම් මෙතන දූශනයක් සිද්ද වෙලා නැහැ නේද කියලා. එම ප්‍රශ්නය මග හරින “මාධ්‍යවේදියා” ඉන් පසු විහාරස්ථානයක සඟවා තිබූ අවිආයුධ සම්බන්ධයෙන් ද හිටපු ජනරාල්වරයාගෙන් ප්‍රශ්න කර ඇති බව අපට කියා හිටියත් ඒ ප්‍රශ්නවලට ජනරාල්වරයා උත්තර දුන්නා ද නැද්ද යන්න පවා අපට කීම පැහැර හරිනවා. එය පැහැර හැරීමෙන් නොනවතින හෙතෙම ශිශ්‍යත්ව පන්තියේ ඉන්නා දරුවකු පවා නොකඩන ලේඛනය පිලිබඳ මූලධර්ම බ්ලූමැන්ඩල් කුනුකන්දට වීසි කොට එම ඡේදය තුල ම අවසන් වැකියෙන් කියන්නෙ සපුරා අසම්බන්ධිත දෙයක්. හිටපු ජනරාල්ගේ බෑනාගේ සමාගමට අයත් පරිගනකයක් “සොයාගෙන” තිබෙන බව. මෙයින් ඇඟවුම් කෙරෙන්නේ අදාල පරිගනකය සඟවා තිබුනු බව ද? ව්‍යාකූලයි නේද? අද ඇතැම් මාධ්‍ය කිසියම් අපරාධයක් වාර්තා කිරීමේ දී පරිගනකයක් ද අත්අඩංගුවට ගත් බව නිවේදනය කරන්නේ හරියට සියලු අපරාධවල උල්පත අනාවරනය කරගත්තාක් බඳු උද්දාමයෙන්. මේ එම බොර වතුර වලේ ම මෙකී ප්‍රවෘත්තිය ද ගිල්වා දැමීමේ වෑයමක් නොවේ ද?
ප්‍රවෘත්ති හා ජනමාධ්‍ය භාවිතය පිලිබඳ විමර්ශනාත්මක ඇසක් හෙලීම අත්‍යවශ්‍ය බව මගේ හැඟීම යි. එය හුදෙක් නරුමවාදී ලෙස මාධ්‍යයෙහි ස්වභාවය මෙය හැටියට පිලිගනිමින් නර්මාලාපයට ලක් කිරීමෙන් ඔබ්බට යා යුත්තක්. මහජනතාව මුද්‍රිත අකුර පිලිබඳ දක්වන භක්තිය හා විශ්වාසය නිසා ම වැටුප් ලබන එය වෘත්තිය කරගත් මාධ්‍යවේදියා ලියන කියන දැයෙහි “පාක්ශිකත්වය”, “වාස්තවිකත්වය” හා “සත්‍යසම්පන්නභාවය” පිලිබඳ ප්‍රශ්න කිරීමට පාඨකයාට සදාචාරාත්මක අයිතියක් තිබෙනවා. මේ සටහන ලිව්වේ හුදෙක් එවැනි සාකච්ඡාවක් නැවත අවුලුවාගන්න පදනමක් හැටියට.
බලන්න මේ පුවත -
“හිටපු ජනරාල්ගේ මැතිවරණ ව්‍යාපාරයට ඩොලර් 5.27000 ක් ලබාදුන් තැනැත්තා රටින් පැනගොස් ඇත. තිඹිරිගස්යායේ බැංකුවක විමර්ශන කැමරාව මගින් පටිගත කර තිබූ දර්ශන නිරීක්ෂණය කිරීමේ දී මේ බව අනාවරණය වී තිබේ…”
සියල්ල කියවීම සඳහා පින්තූරය මත ක්ලික් කොට විශාලනය කරගන්න.