නාට්‍යවේදී එම්. සෆීර් ප්‍රමුඛ Inter Act Art සංවිධානය ඉදිරිපත් කරන බ්ලැක් බොක්ස් ප්‍රසංග මාලාවෙන් එක් නාට්‍යයක් නරඹන්න පසුගිය සිකුරාදා (2010 පෙබරවාරි 19) මට භාග්‍යය උදා වුනා. ඇත්තෙන් ම අනිත් සියල්ලත් ඉඩ ලද පමනින් හෝ නරඹන්න තිබුනා නම් අගෙයි. ඉදිරි දිනවල කාලසටහන මේ ලිපියේ අග තියෙනවා. අද (21) හවස එතන රොක් සංගීත සන්ධ්‍යාවක්. ඔබත් හැකි නම් ගිහින් අහන්න/බලන්න/සහභාගී වෙන්න.
සිකුරාදා රඟදැක්වුනු කපිල කුමාර කාලිංග අධ්‍යක්ශනය කල “මාතෘකාවක් නැත” නමැති පර්යේශනාත්මක නාට්‍යය අතිශය නැවුම් අත්දැකීමක් වුනා. නම වගේ ම මේ නාට්‍යයත් අමුතුයි. නාට්‍ය කලාව ඇතුලු දෘශ්‍ය කලා ව්‍යායාමයන්හි නිරත කලාකරුවන්ට මෙන් ම රසිකයින්ට ද දොරගුලු ගනනාවක් විවර කර දුන් අත්දැකීමක් හැටියට මට මේක දැනුනා. එක පැත්තකින් අප මීට පෙර අත් නොදුටු විරූ බ්ලැක් බොක්ස් අවකාශය. අනිත් අතින් ප්‍රේක්ශකයා මත “තර්ජනාත්මක” පවා වූ බලපෑමක් ඇති කිරීමෙහි සමත් වූ “මාතෘකාවක් නැත” නාට්‍යය. බ්ලැක් බොක්ස් රංගය පිලිබඳ විශේශ හැදෑරීමක් මට නැහැ. එනිසා මේ ලියන්න හදන්නෙ ඒ ගැන තක්සේරු කිරීමක් නම් නෙමෙයි. ඒත් එදින එම ක්‍රියාවලියට සහභාගී වුන කෙනෙක් හැටියට මගේ ධාරනා (impressions) සටහන් කර තබන්න ඕනෑ ය කියලා හැඟෙනවා. මේ සටහන එදා සිදුවුනු “රඟපෑමේ” ම අවිධිමත් දිගුවක්.
“මාතෘකාවක් නැත” වනාහි ප්‍රේක්ශකාගාරය ආක්‍රමනය කිරීමක් ය කියලා හඳුන්වන්න මම කැමතියි. මේ ආක්‍රමනය වැදගත් වන්නේ ඇයි? නාට්‍යය පිලිබද සෆීර් කරපු හැඳින්වීමෙත් එහිදී බෙදා දුන් පත්‍රිකාවෙත් සඳහන් වුනේ මෙය බෙහෙවින් ම ආධුනික නලුනිලි කැලක් සමග සිදු කෙරුනු ප්‍රයත්නයක් හැටියට වුනත් නාට්‍යය සඳහා උපයෝගී කරගැනුනු තාක්ශනයේ ස්වරූපය නිසා ඒ සාධකය එතරම් වැදගත් වුනේ නැහැ කියලයි මට හිතෙන්නේ. මේ “නාට්‍යය” ආරම්භ වන්නේත් අවසන් මොහොත දක්වා “පවතින්නේත්” “ප්‍රේක්ශකාගාරය” තුල යි. මා මේ වචන උද්ධ්‍රැත හැටියට යෙදුවෙ ඒවා අපි සාමාන්‍ය වෙලාවට යොදාගන්නා තේරුමෙන් ම මෙතනදී යොදාගන්න බැරි නිසයි - “ප්‍රේක්ශකාගාරය” වසයෙන් හඳුන්වන්න පුලුවන් යමක් අවසානයේ ඉතිරි නොවන සහභාගී රංග කලා අත්දැකීමක් මේක.
අදියර 1
මීට කලින් නාට්‍ය බලන්න හෝ මොනම වැඩකටවත් ගිහින් තිබුන නැති අලුත් තැනක් නිසා Inter Act Art මධ්‍යස්ථානය හොයාගන්න ටිකක් අසීරු වුනා. ඒ ප්‍රදේශයේ ඇතැම් අයගෙන් නාට්‍ය පෙන්වන තැනක් ගැන ඇහුවම කිව්වෙ “මේ පැත්තෙ ‘පබා’ නං ශූට් කරනව ඔයා ඒකටද යන්නෙ?” කියල. නමුත් අන්තිමේදි ත්‍රීරෝද රථ සොයුරන් කීපදෙනෙක් පාර හොයාදෙන්න සමත් වුනා.
කපිල කුමාර කාලිංගගේ නාට්‍යය “ආරම්භ” වෙන්නේ කොතනින්ද යන්න විවිධ අයට අනුව වෙනස් වෙන්න පුලුවනි. ඇතැම් විට “ආරම්භය” බ්ලැක්බොක්ස් අවකාශයෙන් පිටත “නරඹන්නන්” රැස් වෙමින් සිටි වේලාව පවා විය හැකියි. මටත් විවිධ මිතුරන්, දන්නා හඳුනන උදවිය, ගුරුවරු එලියේ දී හමු වුනා. විවිධ දේ ගැන කතාබහ කලා. ඉන් පසු සුපුරුදු පරිදි රංග ශාලාව ඇතුලට ගිය අපට ඉඳගන්න පඩිපෙලක ආකාරයෙන් සැකසූ කුඩා ප්‍රේක්ශකාගාරයක් සපයා තිබුනා. මුලුමහත් අවකාශය අඩි විස්සක විසිපහකට වඩා දිග නැති බව පෙනුනා. මමත් එලියේදී හමු වුන මිතුරකුගේ ලඟින් ඉඳගත්තත් එසේ ඉඳගැනීම එතරම් ම සනීපදායක දෙයක් නොවන බව පසුව තේරුම් ගියේ ඔහු නාට්‍යයේ “රඟපාන” අයකු බව වැටහී යද්දීයි. පලමු දර්ශනයට හිටියෙ පහලොවක විස්සක පමන ප්‍රේක්ශක පිරිසක්. දෙවැන්නට නම් පනහ ඉක්මවා ගිය සෙනගක් සහභාගී වුනා. නාට්‍යය ආරම්භ වන බවට “නිවේදනයක්” ඉදිරිපත් කෙරුනත් මඳ වේලාවක් යනතුරුත් කිසියක් සිදු වෙන්නේ නෑ. ඉන් පසු “ප්‍රේක්ශකයින්” අතර නාට්‍යයේ පමා වීම පිලිබඳ කසුකුසුවක් හටගැනීමත් එය ක්‍රමයෙන් “ප්‍රේක්ශකයින්ගේ” “සැබෑ” ජීවිත ඇතුලට ගලා යාමත් තමයි මෙහිදී උපයෝගී කරගැනුනු ප්‍රධාන විධික්‍රමය. “ප්‍රේක්ශකයින්ගේ”ගේ නොසන්සුන්තාව හා නාට්‍යය පමා වීම හා සංවිධායකයින්ගේ වැරදි පිලිබඳ උද්ඝෝශනයක ස්වරූපයෙන් කැලතී මතු වී ආවේ කිසියම් සමාජ විචාරයක බීජයක්. සමාජයේ පිටත දාරයේ ජීවත් වන “ගෝරි කාරයෙක්”, ඔබේසේකරපුර, මරදාන, ගුරුවරයෙක් (ඔහු හරහා) විලියම් ශේක්ස්පියර්, සීසර්, බෲටස් හා මාක් ඇන්තනි ද ලෝක ගෝල විකුනමින් යන හති වැටුනු “සේල්ස් රෙප් කෙනෙක්” ද මේ සංරචනයට අවතීර්න වෙනවා. ඒ අතර ප්‍රේක්ශිකාවන් සේ ම නිවේදිකාව ද ප්‍රේක්ශක පුරුශයින්ගේ “වින්දනාත්මක” පරිභවයට ලක් වෙනවා. හරියට සමාජ - දේශපාලන කොලාජයක් වගේ. නමුත් මේ සියල්ල වනාහි “ප්‍රේක්ශකාගාරය” තුල, නිල ප්‍රේක්ශකයින් ද අන්තර්ගත කරගත් අභිවාහ්‍ය ක්‍රියාවක් (performing activity)! එනිසා මෙය “නාට්‍යයක්” ද නොවෙයි. ප්‍රේක්ශාව සඳහා සුවපහසු වස්තුවක් ඉදිරිපත් නොකරන කපිල කුමාර කාලිංග ඇතුලු පිරිස ප්‍රේක්ශකයාට කරන්නේ එක්තරා විදිහක බලහත්කාරකමක්.
“නලුනිලියන්” හා “ප්‍රේක්ශකයින්” අනපේක්ශිත ලෙස එකට කලවම් වී යාම තුල ප්‍රේක්ශකයා ද නාට්‍යයේ පාත්‍රයකු බවට පත් වෙනවා.
මෙසේ ඇදි ඇදී ගොස් “ප්‍රේක්ශකයාට” “වාතයක්” බවට පත් ව තිබූ නාට්‍යයෙහි අවසන් මිනිත්තුවේ දී “නාට්‍යය” “ආරම්භ වන බවට” නැවත නිවේදනය කෙරෙන අතර සැබෑ “නලු නිලි පිරිස” “ප්‍රේක්ශකාගාරයේ” සිටත් එලිපහලියේ සිටත් පැමින “රංගභූමිය”ට අවතීර්න වෙනවා. ඔවුන් කියන්නෙ එකම එක දෙයයි. “නාට්‍යය තවම පටන්ගත්තෙ නෑ…. අපි ගැනත් හිතන්න” ඒක ප්‍රේක්ශකයින්ගේ කතාවක්ද? නාට්‍යකරුවන්ගේ කතාවක්ද? නැත්නම් අර ප්‍රේක්ශකාගාරයේ මතු වුනු එලියේ සිට හදිසියේ කඩා වැදී යලි නොපෙනී ගිය, නානාප්‍රකාර මිනිසුන්ගේ ගැහැනුන්ගේ කතාවක් ද? යන අවිනිශ්චිත හැඟීමෙන් ඉන්න අතර ඔවුන් ප්‍රේක්ශකාගාරයේ ඉතිරිව සිටින පිරිස සංවාදයකට ඇදගන්නවා. එතැන් පටන් “නාට්‍යයට” වඩා දිගු වේලාවක් පැවතුනේ ඒ සංවාදය යි. නාට්‍යයේ නිල නලු නිලි කැල නිහඬ ව බිම හිඳ සිටිය දී නිල ප්‍රේක්ශකාගාරය ඉතිරි කොටස “රඟපෑවා”.
මේ අදියර බ්ලැක් බොක්ස් රංගයේ බලය විදහා පාන්නක් හැටියටයි මට තේරුම් ගියේ. කිසිම කෙනෙක් මගදී නැගිටලා ගියෙ වත් නිශ්ශබ්දව හිටියෙත් නෑ. සක්‍රීය ව සංවාදයට දායක වුනා. මෙහෙම සංවාදයකට සහභාගී වීමේ අරමුනින් කිසි කෙනෙක් ආවාද කියල මම නම් දන්නෙ නැහැ. ඒත් හැමෝම “රඟපෑවේ” කැමැත්තෙන් බව නම් මට සහතිකයි. මුලින්ම “ප්‍රේක්ශකාගාරය” තුල හටගත් සිද්ධිය ගැනත් ඉන් පසු ඒ හා අන්තර්පඨිතතාවෙන් යුක්තව සබැඳුනු වෙනත් නාට්‍ය, පුද්ගලික හා සමාජීය සිද්ධීන් ගැනත් අදහස් ගලා ආවා. ඉන් පසු මේ නිර්මානයෙහි තාක්ශනික හා ආකෘතික පැති ගැනත් හැමෝටම කියන්න කතාවක් තිබුනා. ඒවා ඇතැම් විට නිර්මාපකගේ අදහසට පටහැනියි, සමහර ඒවා අනුකූලයි, ඒක විවෘත සංවාදයක්. ඒ කතා සියල්ල එකිනෙක යා වුනා, ගැටුනා, අන්තර්ක්‍රියා කලා. “මේ යන්නෙත් නාට්‍යය තමයි” කීප දෙනෙක්ම ඒ අතර මැදදී සඳහන් කලා.
මෙහෙම දෙයක් ප්‍රොසීනියම් රංග අවකාශයක් තුල හෝ වෙනත් නිල කලා අවකාශයක් තුල සාක්ශාත් කරගන්න අමාරු බවයි මගේ හැඟීම. ඒවා තුල සංස්ථාපිතය (establishment) විසින් නිර්නය කෙරුනු නීති රීති හා ආචාර ධර්ම පද්ධතියක් තියෙනවා. ඒ නිල අවකාශ තුලට ඇතුලු වෙන පිටවෙන නිශ්චිත ස්ථාන සලකුනු කරලයි තියෙන්නෙ. ඒ වගේ ම ඒ ඒ පාර්ශ්වයේ භූමිකාව ද කලින් ඇඳ දක්වනු ලැබූ රීති පද්ධතියකට යටත්. රඟපෑම සිද්ද වෙන්න ඕන මෙන්න මේ මේ සීමාවෙයි ප්‍රේක්ශකයා ඉන්නෙ මේ මේ සීමා තුලයි ආදී වශයෙන් නිහඬ ගිවිසුමක් එවැනි රංග කලා අවකාශයක් කරා යන අපි ඇති කරගන්නවා. එයින් පිට පැන්නොත් ප්‍රශ්නයක්. අවුලක්. තහනමක්.
ඇත්ත, ඒවා තුලත් විවිධ රැඩිකල් කටයුතු සිද්ධ වෙනවා තමයි - පර්යේශනාත්මක වැඩ ආදිය. ඒත් හොඳින් බලන්න රාජ්‍ය නාට්‍ය උලෙල වගේ තැනක එහෙමත් නැත්නම් යෞවන සම්මාන උලෙල වගේ තැනක මේ රීති බලපවත්වන ආකාරය. ඒ තැන්වල ඉඳන් පහලට තමයි ඒ සංස්කෘතිය ගලාගෙන පෙරී එන්නෙ. එනිසා ම බලන්න අපේ ප්‍රධාන රඟහල් තුල මේ රීතිගත සදාචාරය බලපවත්වන අන්දම. කාගෙ හරි නාට්‍යයක එක චරිතයක් විතරක් තිබුනත් නිල අවකාශවල දී ඒක ප්‍රශ්නයක්. එහෙම නැත්නම් “වේදිකාව” වශයෙන් හැඳින්වෙන ස්ථානයේ තිර වසා ඉදිරියට ඇවිත් රඟපෑවත් ප්‍රවීනයන්ගෙන් හෝ විනිසුරුවන්ගෙන් “අවවාද” ලැබෙනවා මේ මේ අංශ “හදාගන්න” වේදිකාව “භාවිත කරන්න” කියල. ඒ ක්‍රමයට විතරයි නාට්‍යයකට “අවසන් වටයට” යන්න පුලුවන් වෙන්නෙ. නාට්‍යයකට පෙර වගේ ම නාට්‍යයක් අවසන් වුනාමත් නාට්‍යකරුවන්, නලුනිලියන් හා ප්‍රේක්ශකයින් අතර හටගන්නා අන්තර්ක්‍රියාකාරකම් පවා මේ සංස්ථාපිතයේ අනසකට යටත්. ඒවා නිශ්චිත අභිවාහ්‍ය ක්‍රියා. මම මේ ක්‍රියාවලිය පිටුදැකිය යුතුයි කියනවා නෙමෙයි. ඒත් බලන්න මේ ව්‍යුහය තුල තිබෙන දේශපාලනය. ප්‍රේක්ශකයාට එවැනි අවකාශයක් තුල වරප්‍රසාදයක් හිමි වෙනවා. ඒ තමයි නිකම් රූපවාහිනිය බලනවා වගේ අසම්බන්ධිතව සුවපහසුවට නාට්‍යය නරඹලා, අවශ්‍ය නම් මූනිච්චාවට සුබ පතලා සිපවැලඳගෙන ආචාර කරලා නික්ම යන්න. එහෙමත් නැත්නම් නාට්‍යය ඉවර වුන ගමන්ම පැන දුවන්න. එනිසා අවශ්‍යයෙන් ම නාට්‍යය ප්‍රේක්ශකයාට කිසිම අභියෝගයක් එල්ල නොවන නිශ්ක්‍රීය අත්දැකීමක් වෙන්න පුලුවන්. නාට්‍යයේ “වස්තු විශය” හෝ ආකෘතිය හෝ මොනයම්ම දෙයක් හෝ සමග ඓන්ද්‍රීය ව නොබැඳී නොගැටී නාට්‍ය නරඹන්න පුලුවන් අවකාශයක් - නාට්‍ය නැරඹීමේ අදේශපාලනික භාවිතාවක්. ඒක වරප්‍රසාදයක ස්වරූපයෙන් ලැබෙන “ලනුවක්” කියලා කෙනෙක් හැඳින්නුවත් වරදක් නැහැ. මේක රංගකලාවේ ඉතා වැදගත් විභවයන් කීපයකට දොරටු වහනවා. බ්ලැක්බොක්ස් අවකාශය තුලදී මේ පිරිස ඒ දොරටු නැවත විවර කර බලන්න සමත් වුනා කියලයි මට හිතෙන්නෙ. එවිට ප්‍රේක්ශකයාට වගකීමෙන්, හැදෑරීමෙන් හෝ ප්‍රශ්නවලට මුහුන දීමෙන් පලා යන්න ඉඩක් ලැබෙන්නේ නැහැ. මේක ප්‍රේක්ශකයාගෙන් ගොඩක් දේවල් ඉල්ලා සිටින නාට්‍යමය ප්‍රවිශ්ටයක්. මම ඒකට කැමති වුනේ එනිසයි. අපේ රටේ රංගකලාවට වඩාත් ම අවශ්‍යවෙලා තියෙන්නෙ එවැනි නියුක්ත (involved and engaged) ප්‍රේක්ශකාගාරයකුයි. එය දේශපාලන, බුද්ධිමය හා සංස්කෘතික අවශ්‍යතාවක්.
———————–
(පසුවදන - පැහැදිලි කාරනය වෙන්නෙ එහි ස්වභාවය නිසා ම ඉහත කී ප්‍රසාංගික කාර්යය එයාකාරයෙන් නැවත කිසි දිනක සිදු කල නොහැකි වීමයි. එය නැවත නැවතත් පරිශ්‍රම දරා වර්ධනය කරගත යුතු සජීවී කටයුත්තක්. එනිසා එවැන්නකට මේ සා වෙහෙස වී සූදානම් වූ “මාතෘකාවක් නැත” කන්ඩායමටත් අධ්‍යක්ශවරයාටත් ආචාරය පල කරන්න මේ අවසන් වචන කීපය මම යොදාගන්න කැමතියි. ඒ වගේ ම මෙවැනි වැදගත් මැදිහත්වීමක් සඳහා මුලපිරූ සෆීර් ප්‍රමුඛ Inter Act Art සංවිධානයට ද ස්තුතියි.)
———————–
Inter Art Art සංවිධානය ඉදිරිපත් කරන Sri Lankan Theater Festival 2010 හි බ්ලැක් බොක්ස් අවකාශය තුල අද සිට කාලසටහන -
හවස 4 ට සහ 6 ට රාජගිරිය, ඔබේසේකරපුර, නානායක්කාර මාවතේ 133/48D දරන ස්ථානයේ දී
‘Thamilean Rockz’ musical by Vickyn and Keethan (පෙබ 21),
‘රජ සිසු වරුන’, රාජකීය විද්‍යාලයේ ඉදිරිපත් කිරීමක් - අධ්‍යක්ශනය රත්නා ලාලනී ජයකොඩි (පෙබ 22),
‘Youth New Wave’ short films - රෝහන වර්නකුලසූරියගේ Road to City, වසන්ත පෙරේරාගේ missed call, ශානක බෝදියබදුගේගේ DIAMOND, භානු ප්‍රසන්නගේ Speechless සහ රසික හපුආරච්චිගේ Globalisation යන කෙටි චිත්‍රපට (පෙබ 23),
අරුන ප්‍රියත්න අධ්‍යක්ශනය කල ‘නොමලවුන්’ සහ මොහාන් රාජ් මඩවලගේ කෙටිකතාවක් ඇසුරින් අරුන ප්‍රියන්ත අධ්‍යක්ශනය කල ‘නිර්වස්ත්‍ර’ යන නාට්‍යද්වය (පෙබ 25),
‘වසත් කාලය’ නදීකා තරංගනී සහ මනූශා චාමලී ඉදිරිපත් කරන නර්තනය හා රූපනය එක් කරන පර්යේශනාත්මක ප්‍රසංගය (පෙබ 27)
එම්. සෆීර් ඉදිරිපත් කරන බ්ලැක් බොක්ස් රංගය පිලිබඳ සන්නිදර්ශනාත්මක වැඩමුලුව (පෙබ 28)
———————–
පසුබිම සහ තවත් විස්තර :
නළු නිළියන් පහළොවයි ප්‍රේක්ෂකයන් දහ දෙනයි - එම්. සෆීර් සමග සිළුමිණ පුවත්පතේ කතාබහ
සිකුරාදා රඟදැක්වුනු කපිල කුමාර කාලිංග අධ්‍යක්ශනය කල “මාතෘකාවක් නැත” නමැති පර්යේශනාත්මක නාට්‍යය අතිශය නැවුම් අත්දැකීමක් වුනා. නම වගේ ම මේ නාට්‍යයත් අමුතුයි. නාට්‍ය කලාව ඇතුලු දෘශ්‍ය කලා ව්‍යායාමයන්හි නිරත කලාකරුවන්ට මෙන් ම රසිකයින්ට ද දොරගුලු ගනනාවක් විවර කර දුන් අත්දැකීමක් හැටියට මට මේක දැනුනා. එක පැත්තකින් අප මීට පෙර අත් නොදුටු විරූ බ්ලැක් බොක්ස් අවකාශය. අනිත් අතින් ප්‍රේක්ශකයා මත “තර්ජනාත්මක” පවා වූ බලපෑමක් ඇති කිරීමෙහි සමත් වූ “මාතෘකාවක් නැත” නාට්‍යය. බ්ලැක් බොක්ස් රංගය පිලිබඳ විශේශ හැදෑරීමක් මට නැහැ. එනිසා මේ ලියන්න හදන්නෙ ඒ ගැන තක්සේරු කිරීමක් නම් නෙමෙයි. ඒත් එදින එම ක්‍රියාවලියට සහභාගී වුන කෙනෙක් හැටියට මගේ ධාරනා (impressions) සටහන් කර තබන්න ඕනෑ ය කියලා හැඟෙනවා. මේ සටහන එදා සිදුවුනු “රඟපෑමේ” ම අවිධිමත් දිගුවක්.
“මාතෘකාවක් නැත” වනාහි ප්‍රේක්ශකාගාරය ආක්‍රමනය කිරීමක් ය කියලා හඳුන්වන්න මම කැමතියි. මේ ආක්‍රමනය වැදගත් වන්නේ ඇයි? නාට්‍යය පිලිබද සෆීර් කරපු හැඳින්වීමෙත් එහිදී බෙදා දුන් පත්‍රිකාවෙත් සඳහන් වුනේ මෙය බෙහෙවින් ම ආධුනික නලුනිලි කැලක් සමග සිදු කෙරුනු ප්‍රයත්නයක් හැටියට වුනත් නාට්‍යය සඳහා උපයෝගී කරගැනුනු තාක්ශනයේ ස්වරූපය නිසා ඒ සාධකය එතරම් වැදගත් වුනේ නැහැ කියලයි මට හිතෙන්නේ. මේ “නාට්‍යය” ආරම්භ වන්නේත් අවසන් මොහොත දක්වා “පවතින්නේත්” “ප්‍රේක්ශකාගාරය” තුල යි. මා මේ වචන උද්ධ්‍රැත හැටියට යෙදුවෙ ඒවා අපි සාමාන්‍ය වෙලාවට යොදාගන්නා තේරුමෙන් ම මෙතනදී යොදාගන්න බැරි නිසයි - “ප්‍රේක්ශකාගාරය” වසයෙන් හඳුන්වන්න පුලුවන් යමක් අවසානයේ ඉතිරි නොවන සහභාගී රංග කලා අත්දැකීමක් මේක.
අදියර 1
මීට කලින් නාට්‍ය බලන්න හෝ මොනම වැඩකටවත් ගිහින් තිබුන නැති අලුත් තැනක් නිසා Inter Act Art මධ්‍යස්ථානය හොයාගන්න ටිකක් අසීරු වුනා. ඒ ප්‍රදේශයේ ඇතැම් අයගෙන් නාට්‍ය පෙන්වන තැනක් ගැන ඇහුවම කිව්වෙ “මේ පැත්තෙ ‘පබා’ නං ශූට් කරනව ඔයා ඒකටද යන්නෙ?” කියල. නමුත් අන්තිමේදි ත්‍රීරෝද රථ සොයුරන් කීපදෙනෙක් පාර හොයාදෙන්න සමත් වුනා.
කපිල කුමාර කාලිංගගේ නාට්‍යය “ආරම්භ” වෙන්නේ කොතනින්ද යන්න විවිධ අයට අනුව වෙනස් වෙන්න පුලුවනි. ඇතැම් විට “ආරම්භය” බ්ලැක්බොක්ස් අවකාශයෙන් පිටත “නරඹන්නන්” රැස් වෙමින් සිටි වේලාව පවා විය හැකියි. මටත් විවිධ මිතුරන්, දන්නා හඳුනන උදවිය, ගුරුවරු එලියේ දී හමු වුනා. විවිධ දේ ගැන කතාබහ කලා. ඉන් පසු සුපුරුදු පරිදි රංග ශාලාව ඇතුලට ගිය අපට ඉඳගන්න පඩිපෙලක ආකාරයෙන් සැකසූ කුඩා ප්‍රේක්ශකාගාරයක් සපයා තිබුනා. මුලුමහත් අවකාශය අඩි විස්සක විසිපහකට වඩා දිග නැති බව පෙනුනා. මමත් එලියේදී හමු වුන මිතුරකුගේ ලඟින් ඉඳගත්තත් එසේ ඉඳගැනීම එතරම් ම සනීපදායක දෙයක් නොවන බව පසුව තේරුම් ගියේ ඔහු නාට්‍යයේ “රඟපාන” අයකු බව වැටහී යද්දීයි. පලමු දර්ශනයට හිටියෙ පහලොවක විස්සක පමන ප්‍රේක්ශක පිරිසක්. දෙවැන්නට නම් පනහ ඉක්මවා ගිය සෙනගක් සහභාගී වුනා. නාට්‍යය ආරම්භ වන බවට “නිවේදනයක්” ඉදිරිපත් කෙරුනත් මඳ වේලාවක් යනතුරුත් කිසියක් සිදු වෙන්නේ නෑ. ඉන් පසු “ප්‍රේක්ශකයින්” අතර නාට්‍යයේ පමා වීම පිලිබඳ කසුකුසුවක් හටගැනීමත් එය ක්‍රමයෙන් “ප්‍රේක්ශකයින්ගේ” “සැබෑ” ජීවිත ඇතුලට ගලා යාමත් තමයි මෙහිදී උපයෝගී කරගැනුනු ප්‍රධාන විධික්‍රමය. “ප්‍රේක්ශකයින්ගේ”ගේ නොසන්සුන්තාව හා නාට්‍යය පමා වීම හා සංවිධායකයින්ගේ වැරදි පිලිබඳ උද්ඝෝශනයක ස්වරූපයෙන් කැලතී මතු වී ආවේ කිසියම් සමාජ විචාරයක බීජයක්. සමාජයේ පිටත දාරයේ ජීවත් වන “ගෝරි කාරයෙක්”, ඔබේසේකරපුර, මරදාන, ගුරුවරයෙක් (ඔහු හරහා) විලියම් ශේක්ස්පියර්, සීසර්, බෲටස් හා මාක් ඇන්තනි ද ලෝක ගෝල විකුනමින් යන හති වැටුනු “සේල්ස් රෙප් කෙනෙක්” ද මේ සංරචනයට අවතීර්න වෙනවා. ඒ අතර ප්‍රේක්ශිකාවන් සේ ම නිවේදිකාව ද ප්‍රේක්ශක පුරුශයින්ගේ “වින්දනාත්මක” පරිභවයට ලක් වෙනවා. හරියට සමාජ - දේශපාලන කොලාජයක් වගේ. නමුත් මේ සියල්ල වනාහි “ප්‍රේක්ශකාගාරය” තුල, නිල ප්‍රේක්ශකයින් ද අන්තර්ගත කරගත් අභිවාහ්‍ය ක්‍රියාවක් (performing activity)! එනිසා මෙය “නාට්‍යයක්” ද නොවෙයි. ප්‍රේක්ශාව සඳහා සුවපහසු වස්තුවක් ඉදිරිපත් නොකරන කපිල කුමාර කාලිංග ඇතුලු පිරිස ප්‍රේක්ශකයාට කරන්නේ එක්තරා විදිහක බලහත්කාරකමක්.
“නලුනිලියන්” හා “ප්‍රේක්ශකයින්” අනපේක්ශිත ලෙස එකට කලවම් වී යාම තුල ප්‍රේක්ශකයා ද නාට්‍යයේ පාත්‍රයකු බවට පත් වෙනවා.
“ප්‍රේක්ශකයෝ”
මෙසේ ඇදි ඇදී ගොස් “ප්‍රේක්ශකයාට” “වාතයක්” බවට පත් ව තිබූ නාට්‍යයෙහි අවසන් මිනිත්තුවේ දී “නාට්‍යය” “ආරම්භ වන බවට” නැවත නිවේදනය කෙරෙන අතර සැබෑ “නලු නිලි පිරිස” “ප්‍රේක්ශකාගාරයේ” සිටත් එලිපහලියේ සිටත් පැමින “රංගභූමිය”ට අවතීර්න වෙනවා. ඔවුන් කියන්නෙ එකම එක දෙයයි. “නාට්‍යය තවම පටන්ගත්තෙ නෑ…. අපි ගැනත් හිතන්න” ඒක ප්‍රේක්ශකයින්ගේ කතාවක්ද? නාට්‍යකරුවන්ගේ කතාවක්ද? නැත්නම් අර ප්‍රේක්ශකාගාරයේ මතු වුනු එලියේ සිට හදිසියේ කඩා වැදී යලි නොපෙනී ගිය, නානාප්‍රකාර මිනිසුන්ගේ ගැහැනුන්ගේ කතාවක් ද? යන අවිනිශ්චිත හැඟීමෙන් ඉන්න අතර ඔවුන් ප්‍රේක්ශකාගාරයේ ඉතිරිව සිටින පිරිස සංවාදයකට ඇදගන්නවා. එතැන් පටන් “නාට්‍යයට” වඩා දිගු වේලාවක් පැවතුනේ ඒ සංවාදය යි. නාට්‍යයේ නිල නලු නිලි කැල නිහඬ ව බිම හිඳ සිටිය දී නිල ප්‍රේක්ශකාගාරය ඉතිරි කොටස “රඟපෑවා”.
“අපි ගැනත් හිතන්න” (ඡායාරූප - කිංස්ලි ගුනතිලක)
අදියර 2මේ අදියර බ්ලැක් බොක්ස් රංගයේ බලය විදහා පාන්නක් හැටියටයි මට තේරුම් ගියේ. කිසිම කෙනෙක් මගදී නැගිටලා ගියෙ වත් නිශ්ශබ්දව හිටියෙත් නෑ. සක්‍රීය ව සංවාදයට දායක වුනා. මෙහෙම සංවාදයකට සහභාගී වීමේ අරමුනින් කිසි කෙනෙක් ආවාද කියල මම නම් දන්නෙ නැහැ. ඒත් හැමෝම “රඟපෑවේ” කැමැත්තෙන් බව නම් මට සහතිකයි. මුලින්ම “ප්‍රේක්ශකාගාරය” තුල හටගත් සිද්ධිය ගැනත් ඉන් පසු ඒ හා අන්තර්පඨිතතාවෙන් යුක්තව සබැඳුනු වෙනත් නාට්‍ය, පුද්ගලික හා සමාජීය සිද්ධීන් ගැනත් අදහස් ගලා ආවා. ඉන් පසු මේ නිර්මානයෙහි තාක්ශනික හා ආකෘතික පැති ගැනත් හැමෝටම කියන්න කතාවක් තිබුනා. ඒවා ඇතැම් විට නිර්මාපකගේ අදහසට පටහැනියි, සමහර ඒවා අනුකූලයි, ඒක විවෘත සංවාදයක්. ඒ කතා සියල්ල එකිනෙක යා වුනා, ගැටුනා, අන්තර්ක්‍රියා කලා. “මේ යන්නෙත් නාට්‍යය තමයි” කීප දෙනෙක්ම ඒ අතර මැදදී සඳහන් කලා.