බ්ලොග් ලිවීම හරිම ආස්වාදජනක කටයුත්තක්. එය ඇබ්බැහි වන සුළු යි! නමුත් මෙහි ගුණාත්මක බව රැකගත යුතු නිසා දීර්ඝ ලිපි පළ කළ යුත්තේ මනා ව සූදානම් ව ටික දවසක් ලිවීමෙන් පසුව විතරක් බව මට පෙනී ගියා. නමුත් මට කට පියාගෙන ඉන්න බැරි කරුණු කාරණා ගැන ඉක්මන් සටහනක් ලියන්නත් මම පැකිළෙන්නේ නෑ. එක අතකින් මේ බ්ලොග් සටහන් හඬනගා සිතීමක් වැනියි. මගේ හිතට එකඟ දේ තමයි මම ලියන්නේ. මෙහි පළ වෙන ඇතැම් අදහසක් ස්ථාපිත ජනමාධ්‍ය තුළට වැද්ද නොගන්නාසුළු විය හැකියි. ඒත් ඒ අදහස් මගේ. බ්ලොග්කරණයේ සහ අන්තර්ජාලයේ තිබෙන නිදහස් ස්වරූපය නිසා මේ ආකාරයෙන් ඒ ධාරණා සහ ආලෝචනා ප්රකාශයට පත් කිරීමට දැන් ඉඩ තියෙනවා. සමහරු මගෙන් අහපු ප්රශ්නයක් තමයි කොහොමද සිංහලෙන් මේ තරම් ගොඩක් ටයිප් කරන්නෙ කියන එක. මම සිංහලෙන් ටයිප් කරන්න වෙලා දැන් අවුරුදු හත අටක් වෙනවා. පොත් පත් ලිවීමේ දීත්, පුවත්පත්වලට ලිපි ලිවීමේ දීත් වෙනත් යතුරු ලියන්නන් මත රඳා පැවතීම හරිම හිසරදයක්. මට අවශ්‍ය අක්ෂර වින්‍යාසය සහිත ව, පද බෙදීම් සහිත ව සෝදුපත් බැලීමේ දී අනවශ්‍ය කරදර මගහරවාගනිමින් ඉක්මනින් ම මුද්රණය කරා යවන්න පුළුවන් මම ම පරිගණකයෙන් ලියනකොට. මම යොදාගන්නේ විජේසේකර යතුරු පුවරුව සහිත අක්ෂර වර්ග. ඇත්තට ම යුනිකෝඩ්කරණයට පස්සේ සිංහලෙන් ලිවීමත් අන්තර්ජාල කටයුතු කිරීමත් බෙහෙවින් ම පහසු වුණා. මම කළේ කලින් පුරුදු විදිහට ම සිංහලෙන් නෝට් පෑඩ් එක පරිහරණය කරමින් ටයිප් කිරීම විතරයි. හරියට ඉංග්රීසියෙන් ටයිප් කරන විදිහට ම. ලැන්ග්වේජ් බාර් එකේ(language bar) භාෂාව සිංහල ලෙස වෙනස් කරගැනීම විතරයි අමුතු දේකට කරන්න තියෙන්නේ. වැඩි විස්තර සඳහා උපකාර පිටුව බලන්න. මම කල්පනා කරන්නේ සිංහලෙන් ලියන ලේඛකයිනුත් ඉංග්රීසියෙන් ලියන උදවිය වගේ ම පරිගණකයෙන් ලිවීම “උගත යුතු” බව යි. . එයින් කාලයත් නිරවද්‍යතාවත් යන දෙක ම රැකෙනවා.
මාසයයි! ආනන්දජනකයි!!