වෙබ් ආලෝචනා | web alochana

3.0 nihil humanum a me alienum puto

බර්ග්මාන්ගේ අභාවය

| Comments

ඡායාරූපය බීබීසී වෙතින්

නූතන සිනමාවේ අග්‍රගණ්‍ය අධ්‍යක්ෂකවරයකු වූ ඉන්මාර් බර්ග්මාන් ජූලි 30 වැනි දින එනම් අද, උදෑසන ස්වීඩනයේ දී අභාවප්‍රාප්ත වූ බව සැළ යි. මිය යන විට අසූ නව වන වියෙහි සිටි බර්ග්මාන්ගේ සැට වසරක සිනමා දිවිය තුළ නිර්මිත කෘති සමූහය විශ්ව සිනමාව තුළ සදා නොමැකෙන සිහිවටන ලෙස වොරැඳෙනු ඇති.

1918 ජූලි 14 වැනි දා ස්වීඩනයේ උප්සලා හි දී උපන් හෙතෙම ස්ටොක්හෝම් විශ්ව විද්‍යාලයේ දී රංගනය හා අධ්‍යක්ෂණය පිළිබඳ පුහුණුව ලැබුවා. ෆැනී ඇන්ඩ් ඇලෙක්සැන්ඩර්, ෆේස් ටු ෆේස්, මැජික් ෆ්ලූට්(මොසාට්ගේ එනමින් යුත් ඔපෙරාවේ සිනමා ප්‍රතිනිර්මාණය) ඇතුළු බලවත් කෘති පෙළක් ම අධ්‍යක්ෂණය කිරීමෙන් පසු සිනමාවෙන් විශ්‍රම ගත්තා. ඉන් අනතුරු ව රූපවාහිනී පිටපත් රචනය හා ප්‍රබන්ධ කලාව වෙතට යොමු වූ බර්ග්මාන් “සිනමාවෙහි කිවිඳා”(the poet of the cinema) ලෙසින් හැඳින්වෙනවා.

ගෝඨාරක්ෂක කලාපය (කෙටි කතාවක්)

| Comments

[පූර්ව නිවේදනය
මෙය ප්‍රබන්ධ කතාවකි. මෙහි දැක්වෙන සියලු සියලු ස්ථාන, නගර හා රාජ්‍ය නාම මනඃකල්පිතයි. වස්තු බීජයේ සියලු හිමිකම් කර්තෘ සතුයි. මෙවැනි දේ සිදු වන කිසිදු තැනක් කතුවරයාගේ අඥාන දේශද්‍රෝහී ඔලුගෙඩිය තුළ මිස මේ තුන් ලෝකය තුළ නැත.]

එක දවසක් හැන්දෑවක … අගනගරේ එක පාරක…
දැන් මගේ ගමන බස් එකේ. මොකද වැරදිලාවත් පුද්ගලික වාහනේක ගියොත් නම් නවත්තනවා බොරු. ඉස්සර කාලෙ රාජරාජ මහාමාත්‍යාදීන් කළා වගේ පුරවරුණ බලබල වටේට කැරකෙන්න තමයි වෙන්නෙ. ඒකත් අගේ ඇති වැඩක් - අනිත් අයගෙ වාහනවල නැගල ඉන්න වෙලාවට. වට පිට බලබල යන එක තමයි ඉතින් කරන්ඩ තියෙන්නෙ, අනිත් මිනිහ බැණ බැණ වාහනේ එළවන හැටිත් රස විඳ විඳ. අපටත් එතකොට රාජ ඌෂ්ණය පහළ වෙනවා. ඒත් ඉතින් බස් එකේ ගියාම අදාළ ගමන අන්තිමේ දී පයින් හරි යන්න ලැබෙනවා. ඔන්න මම කතාවෙන් පිට පැන්නා. මම ගියේ නාට්‍යයක් බලන්න. මම කෞතුකාගාරය ළඟ ග්ලාස් හවුස් හෝල්ට් එකෙන් බැස්සා. ලයනල් වෙන්ඩ්ට් එක දිහාවට පයින් ඇවිදගෙන යන්න වෙනවා, මොකද පාර වන් වේ නෙ. වන් වේ කියන එකෙත් මට දැනෙන විදිහට තියෙන්නෙ අභිමානවත් දෙයක්. හරියට අපේ ජාතික කෞතුකාගාරෙ වගේ. මේ පාරවල් වන් වේ බවට පත් කළ උතුමන්ට අපි පින් දිය යුතුයි, හැබෑ ශ්‍රී ලාංකීය අභිමානය කියන එක මේ වගේ පාරවල් දිගේ යද්දි මටත් දැනෙනවා. “පෙරටම යමු ලංකා” කියල සින්දුවකුත් තියෙනවනෙ. පාර පැනලා ඇතුළට හැරෙද්දී මගේ ජංගම දුරකතනෙට පණිවිඩයක් ආ බව දැනිලා බලද්දී තවත් බස්සෙකක උන්නු යාලුවෙක් මාව දැකලා පණිවිඩයක් එවලා. ඔන්න මිනිහවත් ගෙන්නගත්තනං තනියටත් එක්ක හොඳයි. ඉතින් මම එතන ම නැවතිලා උත්තරයක් බඳින්න හදනකොටම පැන්නෙ නැද්ද රණවිරුවෙක් කොහේද අකුලක ඉඳන්! ඇත්තට ම වික්‍රමාන්විත පැනීමක්! හරියට මනමෙ නැට්‍යයේ වැදි රජ වගේ පයකුත් පෙරට තිබ්බා.

“මේ මේ! මෙතන හිටගෙන ඉන්න එපා” ඔහු කඩිනමින් උපදෙස් දුන්නා. මම අන්දුන්කුන්දුන් වුණා. හිටගෙන ඉඳීමෙත් මොකක් හරි වරදක් ඇති බව මගේ යටි හිත කීවත් ඒ බව නොපෙන්නා මගේ මෝඩ කට ඉස්සර වුණා.
“ඒ මොකද?”
“මෙතන හිටගෙන ඉන්න එපා. ඔයා යන පැත්තට ඇවිදගෙන යන්ඩ.” තරමක් අවධාරණාත්මක හඬක්.
“මට මේ එස්. එම්. එස්. එකක් ආවා ඒකට උත්තර ලිය ලිය ඇවිදින්න බෑ නෙ. අනිත් එක මේ හැමදාම අපි යන පාරෙ හිටගෙන ඉන්න එපා කියන්නෙ කොහොමද?”
“ඒ වුණත් මේ‍ පාරේ හේතුවක් නැතුව නතර වෙලා ඉන්න දෙන්නෙ නෑ”
“ඉතින් මට හේතුවක් තියෙනවනෙ, අනික මේ එස් එම් එස් ඔබ ඔබ පාරෙ ඇවිදින්න ගිහිං මාව ඇ‍දගෙන වැටිල වාහනේකට වත් යට වුණොත්? මොබයිල් ෆෝන්ස් පාවිච්චි කරකර වාහන වුණත් එලවන්න තහනම් නෙ”
“ඒ වුණත් අර ගෙදර වී අයි පී කෙනෙක් ඉන්න තැනක්. මේ හරියෙ නැවතිලා ඉන්න බෑ. ඉක්මනට යන්න.” ඔහු පාර අද්දර පිහිටි ගෙයක් පෙන්නුවා.
“එහෙනං ඔබතුමා මාව අත් අඩංගුවට ගන්න. අත් අඩංගුවේ ඉන්න ගමන් මම එස් එම් එස් එක යවන්නං. එතකොට විශ්වාසයිනෙ මම මොකුත් අතුරු ආන්තරාවක් ඔයාගෙ වී අයි පී එක්කෙනාට කරන එකක් නෑ කියල”

ඒත් එක්ක ම ඔහුගේ මුහුණට සිනහවක් නැඟුණා. මටත් හිනා ගියා.

“අපි මොනව කරන්නද? අපිත් මේ කරන්නෙ රාජකාරියක් නෙ” ඒ මුහුණේ මිත්‍රශීලී සිහවත් එක්ක වෙහෙසක සේයාවක් ඇඳී තිබුණා.

කතාවෙන් කතාවෙන් මම එස් එම් එස් එක ඔබලා ඉවර කරගත්තා. මම හිතන්නෙ මේක එක්කෝ එස් එම් එස් වල වැරැද්දක් එහෙමත් නැත්නම් මිනිසාගේ සිටගෙන සිටීමේ හැකියාව නිසා ම උරුම වුණු මහ අප්සෙට් දෙයක්.

තව දවසක්
මම ආයෙත් පයින්. ලයනල් වෙන්ඩ්ට් පරිශ්‍රය අසල. හදිසියේ ම මා ඉදිරිපිටට පැන්න ආරක්ෂක භටයා ගෙන් නියෝගයක්.

“හෙල්ලෙන්න එපා!”
මට මරණ භය මඳ පමණ දැනී නොදැනී ගියා.

දැන් ඔහු මගේ දිහා බලාන තුවක්කුව (ඒකත් අමුතුම ගැජට් එකක්) පහතට අල්ලගෙන සීරුවෙන්! අන්දමන්ද වුණු මමත් මිලිමීටරයක් වත් හෙල්ලුණේ නෑ. තත්පර ගණනාවක් ගෙවීගියා අවුරුදු තරම් දිගට.

“හෙල්ලෙන්නැතුව ඉන්න” ඔහු ආයෙත් කීවෙ මට අමතක වෙයි කියල වෙන්න ඇති. මට අමතක නෑ. අපි කීකරු පුරවැසියොනෙ. මමත් දිගටම හෙල්ලෙන්නැතුව හිටියා. මම පාරට පිටුපා පදික වේදිකාව උඩ ඔහු දිහා බලාගෙන. ඔහු මා දිහා බලාගෙන. එක්තරා විදිහක ප්‍රේමාන්විත ඉරියව්වක්! මට ලැජ්ජ හිතිල එයාගෙ ඇස් දෙකෙන් අහකට, අතේ තිබුණු තුවක්තුව දිහාට මගේ ඇස් පාත් කළා. මොන විකාර හේතුවකට මන්ද මට එතකොට ම “අපි තුන් මුල්ලටම වෙලා ඉමු මුහුණට මුහුණ බලා” කියන සින්දුවත් මතක් උණා. ඒත් ඒකටත් තුන් දෙනෙක් ඉන්න එපැයි කියල ආයෙත් කල්පනාවට ආවා.

එතකොට ම පිඹගෙන ගිගුම් දීගෙන ආ වාහන පේළියක් මට පිටිපස්සෙන් අපිව පහු කරගෙන යන හඬ ඇහුණා. ඒ මොකද්ද කියල බලන්න හිතුණත්, මම ඇස් දෙක තුවක්කුවෙන් අහකට ගත්තෙ නෑ. මං හිතන්නෙ මගෙ හිත තුවක්කුවට ඇදිල ගිය නිසා වෙන්න ඇති. වාහනවල හඬ නෑසී ගියා.

“හරි දැන් යන්ඩ”

මට නිදහස ලැබුණා.

තවත් දවසක්
මගේ හිතවතෙක් චිත්‍ර ප්‍රදර්ශනයක් පවත්වන්න තීරණය කළා. මොන තරම් මෝඩ වැඩක් ද? ඒත් අපි හැමෝ ම උදේ ඉඳන් උදව්වෙන්න කියල ගියා, ලයනල් වෙන්ඩ්ට් එකට. චිත්‍ර එල්ලන්නයි මූර්ති පිළිවෙල කරන්නයි, වැඩ කන්දරාවයි. හැමෝම ගජ රාමෙට වැඩ. ප්‍රදර්ශනේ පටන්ගන්න තව පැය කීපයක් තියෙනවා.

හදිසියේ ම අනාරාධිත අමුත්තන් විසි තිස් දෙනෙක් කලාගාරය තුළ “පහළ වුණා”. මම පහළ වුණාය කිව්වෙ ඒ උදවිය ඒ තරං වේගෙකින් කඩා පාත් වෙච්ච නිසයි. එනව දැක්කෙත් නෑ. එහෙ බලල මෙහෙ බලනකොට මෙන්න සෙනගක්. ඒත් එක්ක ම දඩෝං ගාලා ශාලාවෙ දොර වැහෙනවා ඇහුණා. එක පාරට අඳුරු ගතියක් දැනුණත් තත්පර කීපයකින් අපි අඩ අඳුරට හුරු වුණා. අපේ අමුත්තො ටික ඇත්තට ම අපිව බලන්න ආ බවක් දැනුණෙ නෑ. අනික ප්‍රදර්ශනය පටන්ගන්නෙත් හවසනෙ. ඒ වෙනුවට ඒ ඇත්තො හිටියෙ තරමක් තක්කුමුක්කු වෙලා. සමහරු වෙන ගමන් බිමන් යමින් හිටිය පෙනුමක් තමයි තිබුණෙ. වට පිට බලබල මොකද්ද මේ උණේ කියල තේරුංබේරුං කරගන්න වෑයං කරනකොට ම සයිරන් පිඹගෙන ගිඩි ගිඩි ගාගෙන එළියෙ වාහන පේළිය යන සද්දෙ ඇහුණ. මම නං දැං අද්දැකීමෙං දන්නවා මේ දෙවි දේවතාවුන්නාන්සේලා ගස්වලින් බහින වෙලාව විත්තිය.

“බය වෙන්න දෙයක් නෑ. මේ වෙලාවට මෙහෙම තමයි” මගෙ ළඟ උන්නු කාර්යාල ඇඳුමක් ඇඳගත්තු ගෑනු ළමයෙකුට මම පැහැදිලි කළා. මේ ළමයි අවේලාවෙ කොහෙ යනවද මන්ද, ඔෆිස් එකේ වැඩ නැතුව ඇති.

එතකොට ම දොරවල් ඇරුණා. ධර්ම රාජ්‍යය පිසගෙන ආ මඳ පවන් රැල්ලක් ශාලාව ඇතුළට හමා ආවා.

[පසු නිවේදනය
මෙය ප්‍රබන්ධ කතාවකි. මෙහි දැක්වෙන සියලු ස්ථාන, නගර හා රාජ්‍ය නාම මනඃකල්පිතයි. වස්තු බීජයේ සියලු හිමිකම් කර්තෘ සතුයි. මෙවැනි දේ සිදු වන කිසිදු තැනක් කතුවරයාගේ අඥාන දේශද්‍රෝහී ඔලුගෙඩිය තුළ මිස මේ තුන් ලෝකය තුළ නැත.]

චන්ද්‍රගුප්ත තේනුවරගෙන් නව-බැරල්වාදය

| Comments

චන්ද්‍රගුප්ත තේනුවරගේ නවතම දෘශ්‍ය කලා ප්‍රදර්ශනය, නව බැරල්වාදය හෙට එනම් ජූලි 26 වැනි දා සවස කොළඹ ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේ දී ආරම්භ වන අතර 27 හා 28 යන දෙදින පුරා විවෘත ව පවතිනවා.



මේ ප්‍රදර්ශනය තේනුවරගේ අග්‍රගණ්‍ය තේමාවේ එනම් බැරල්වාදයේ පුනරාගමනයක් සනිටුහන් කරනවා. බැරල් යනු මෙරට දෘශ්‍ය කලා ක්ෂේත්‍රයට එක් වූ බලවත් ම සහ සිත් කාවදිනසුළු නිර්මාණයන්ගෙන් එකක් බව මගේ අදහස යි. මුලින් ම බැරල් කලා කෘතියක් ප්‍රදර්ශනය කෙරුණේ හරියට ම මීට වසර දහයකට පෙර. එවක ශ්‍රී ලංකාවේ දී පැවැත්වුණු ජාත්‍යන්තර කලාකරුවන්ගේ කඳවුරට තේනුවර ඉදිරිපත් කළ කෘති පෙළ බැරල්වාදය ලෙසින් හැඳින්වුණා. බැරලය සඳහා පැවති කලාත්මක අර්ථකථනය කුමක් ද?

වාර්ගික යුද්ධයේ ඛේදජනක පලවිපාක ඇඟවුම් කරන බැරල් කෘතිවල මුඛ්‍ය වස්තුව වන්නේ බැරල්. ඒ කියන්නේ තාර බැරල්. මේ බැරල් මුලින් ම ප්‍රයෝජනයට ගැනෙන්නේ මහා මාර්ග ඉදි කිරීමේ දී. මිනිසුන්ගේ නිදහස් සංචලනය හා සන්නිවේදනය සඳහා දොරටු විවර කරමින් මහා මාර්ග ඉදි වුණත් වර්ගවාදී යුද්ධය විසින් පෙරළා එම සංචලනයට බාධා පමුණුවා තිබෙනවා. පාරවල් තනන තාර රැගෙන ආ බැරලය ඒ අනුව පාරවල් අහුරන්න යොදාගෙන. එනයින්, වැලි පිරවූ බැරල්, කැමෆ්ලාෂ් කෙරුණු බැරල් යනු නිදහස, මානව ජීවිතයෙහි පරිපූර්ණත්වය අහුරා සිටින බාධකයක් ලෙසින් අර්ථ සමුදායක් ජනනය කරනවා. උත්ප්රාසවත් කාරණය වන්නේ අද වන විට මේ ප්රදර්ශනය පැවැත්වෙන ස්ථානයත් ඒ අවට ප්‍රදේශයත් ”බැරලයේ ආක්‍රමණයට” ලක් ව තිබීම යි! මෙවර තේනුවර අලුත් ම ආකාරයක බැරිකේඩයක්, බැරල් නො ව දැන් තිබෙන අර ත්‍රිකෝණාකාර රාමු එකතු කර තැනූ “හැඩ වැඩ සහිත” නව බැරියරයේ රූපය, මේ කෘති පෙළ සඳහා යොදාගෙන ඇති බව සැළ යි.

මෙය ප්‍රදර්ශනය පැවැත්වීමට පෙර ලියන සටහනක් නිසා අතීතයේ පැවති බැරල් ප්‍රදර්ශනය හා කලා කෘති ගැන වසර කිහිපයකට පෙර පළ වුණු ලිපියක් උපුටා දක්වන්න මම කැමතියි. කලකට පෙර (2003 දී) මෙය සම්පාදනය කෙරුණේ දෘශ්‍ය කලාවේ මූලිකාංග පිළිබඳ පැහැදිලි කෙරෙන කෘතියක කොටසක් හැටියට. මුල් සන්දර්භයෙන් උදුරාගෙන තිබුණත්, බැරල්වාදී කෘති නැරඹීම සඳහා මෙය මනා ප්‍රවිශ්ටයක් සපයනු ඇතැයි මම කල්පනා කරනවා. කොළඹ විශ්ව විද්‍යාලයීය එෆ්. එම් අභය > යුනිකේත පරිවර්තකයට පින්සිදු වන්නට තත්පර දෙකක් ඇතුළත ලිපිය යුනිකේතකරණය වුණා.

මේ ඒ පැරණි ලිපිය යි :

යුද්ධය හා බැරල්
චන්ද්රගුප්ත තේනුවරගේ බැරල් පිළිබඳ ව ඔබ බොහෝ දෙනෙක් අසා ඇතුවාට සැක නැහැ. සමහර විට ඔබ ඒවා දැකලත් ඇති. මෙය පසුගිය වසර කීපය තිස්සේ ම අතිශයින් විවාදාපන්න මාතෘකාවක් බවට පත් වෙලා තිබුණා. මේ අන්දමේ කෘති ඔහු මුල් වරට ඉදිරිපත් කළේ 1997 වසරේ දී පැවැත්වුණු ජාත්‍යන්තර කලාකරුවන්ගේ කඳවුරේ දී. මට මතක හැටියට ඒ අවුරුද්දේ දී ම මේ කෘති සමහරක් ජාතික කලා භවනේ දීත් මහනුවර අලියොන්ස් ෆ්රොස්සේස් ආයතනයේ දීත් ප්‍රදර්ශනය කෙරුණා. පසු ව වරින් වර විවිධ අවස්ථාවල බැරල්වාදය නමින් හැඳින්වූ කෘති එළිදැක්වුණා. මේ කෘති මාලාව පුරා ම වාගේ යුද හමුදා පරිහරණය සඳහා යොදන වර්ණ ආලේප කර කැමෆ්ලාෂ් කෙරුණු බැරල්, සිතුවම් ආකාරයෙන් හෝ ස්ථාපන ආකාරයෙන් ඇතුළත් වූවා. තේනුවර මේ කෘති ඉදිරිපත් කළේ සිය ‘යුදයථාර්ථවාදය’ නම් කෘති පෙළෙහි දිගුවක් වසයෙනුයි.

මොනවද මේ බැරල්?
මේ කෘතිවල එන බැරල් වෙන මොනවා වත් නෙමෙයි පාරවල්වලට තාර දැමීම සඳහා ගෙන එන තාර බැරල්. පාරවල් තනා ගමනාගමනය දියුණු කිරීමට යොදාගැනුණු බැරල් ම යුද්ධයෙහි විපාකයක් වසයෙන් අපේ ඔබමොබ යාම සීමා කිරීම සඳහා පරිහරණය වෙනවා. ආරක්ෂක මුර කපොලු අබිමුව නැගී සිටින කැමෆ්ලාෂ්කරණය කළ බැරල් ඔහු සිය කලාව තුළට කැඳවූවා. ඇතැම් විටෙක සිතුවමට නඟන ලද බැරල් කඳු/යායවල් හැටියටත් තවත් විටක තනි තනි වස්තූන් හැටියටත් බැරල්, දෘශ්‍ය කලාව තුළට පැමිණියා. තවත් විටෙක සැබෑ බැරලය ම විචිත්‍ර ස්ථාපනයක් ලෙස කලාගාරය තුළට ගෙන ආවා.

මේවා කලාකෘති ද?
මෙය බොහෝ දෙනා මතු කළ ගැටලුවක්. මෙහි දී අපි මඳක් කලා ඉතිහාසය දෙසට හැරී බැලීම වැදගත්. නිමි භාණ්ඩ කලා කෘති බවට පත් කිරීම නූතන කලාවට අලුත් දෙයක් නෙමෙයි. එකදහස් නවසිය විසිගණන් වෙද්දී මාර්සෙල් දූෂොම්ප් නිමි භාණ්ඩ (රෙඩිමේඩ් - ready-made) පරිහරණය කරමින් නිර්මාණය කළ ඩාඩාවාදී කෘති සමූහය මෙහි මුල් ම අවස්ථාව කියල හැඳින්නුවොත් නිවැරදි යි. ඔහුගේ උල්පත සහ L.H.O.O.Q වැනි කෘති සෞන්දර්ය වස්තුව පිළිබඳ නව ප්රමිතීන් ස්ථාපිත කළා. තවදුරටත් කලාව යනු කැන්වසය මත වර්ණ ආලේප කිරීමෙන් නව දෘශ්‍ය තත්ව නිර්මාණය කිරීම පමණක් නො වේ යන ආස්ථානයට පැමිණීමට මෙමගින් කලාකරුවන්ට අවස්ථාව උදා වුණා. සිතුවමේ රාමුවෙන් එළියටත් මූර්තියේ පාදමෙන් පිටතටත් කලා කෘතිය පොලාපැන්නා!


මාර්සෙල් දූෂොම්ප්, උල්පත, නිකල් ආලේප කරන ලද මූත්‍ර පෝච්චියක්. (1917)


මර්සෙල් දූෂොම්ප්, L.H.O.O.Q, මොනාලිසා පෝස්ටරයකට රැවුලක්! (1919)


කලාව සහ කලාව නොවන දෙයෙහි බෙදුම්කඩනය, නොඑසේ නම් කලාවට සාක්ෂාත් කළ හැකි දෙයෙහි සීමා සෑම කලක ම එක තැන පැවතුණේ නෑ. නව්‍ය අන්තර්ගතය විසින් නව කලා රූප බිහි කිරීම ස්වභාවයක්. අලුත් කලා රූප බිහි වෙද්දී, කලාව සහ කලාව නොවන දෙයෙහි සීමා - බෙදුම් කඩන පිහිටි තැන් වෙනස් වන අවස්ථා උදා වෙනවා. ඩාඩාවාදී පිපිරුම මගිනුත් සිදු වුණේ එවැන්නකට ආරම්භක ආවේශයක් සැපයීම. ඉතින් මේ බෙදුම්කඩනය පිහිටන ස්ථානය වෙනස් වෙද්දී කලාව යනුවෙන් අප හඳුනාගන්න දෙයෙහි ස්වභාවයත් වෙනස් විය යුතු යි නේද? තව ද මේ අලුත් ‘කලා වස්තුව’ එය සතු අර්ථකථන මාලාවේ බලය විසින් නව අනන්‍යතාවක් සාක්ෂාත් කරගන්නවා. එය තව දුරටත් වෙනත් ‘භාණ්ඩයක්’ නෙවෙයි, එය අලුත් කලා කෘතියක්.

පළමුවැනි ලෝක යුද්ධය අවට කාලපරිච්ඡේදය තුළ බලපැවැත්වූ සමාජ දේශපාලනික තතු කලා ශ්රමිකයා මත ඇති කළ පීඩනය, ධනේශ්වර ක්රමයෙහි මුග්ධ සංතෘප්තියට එරෙහි කැරැල්ලක් බිහි කිරීම දක්වා ගමන් කළා. සමාජයේ ආධිපත්යය දරන ස්තරයන් විසින් සදා නිම කොට භාර දෙන ලද හර පද්ධතියක ගැලී ජීවත් වූ මහජනතාව තැතිගැන්වීම ඩාඩාවාදීන්ගේ අරමුණ වුණා. දුෂොම්ප් මොනාලිසා චිත්රයට රැවුලක් තබා එය තම අත්සන සහිත ව ප්රදර්ශනය කළා. එය, එම සන්දර්භය තුළ ප්රති-කලාවක(anti-art) ස්වරූපය ගත්තා. (කියවා බලන්න - එරික් ඉලයප්ආරච්චි, චිත්ර කලාව හා විචාරය, 1995, 109 පිටුව) මේ ව්යාපාරය විසින් අත්පත් කරගැනුණු ජයග්රහණ අද දක්වාත් දෘශ්ය කලාකරුවන් භුක්ති විඳිනවා. යාන්ත්‍රික ව ප්‍රතිනිෂ්පාදනය කළ නිමි භාණ්ඩ ඒවායේ ‘නියම’ සන්දර්භයෙන් කඩා ඉවතට ගෙන ‘කලාත්මක’ හෝ කලාගාර අවකාශයක් තුළට ගෙන ඒම මගින් නව අරුත් සම්පාදනය කිරීම මෙහි දී නූතන කලාකරුවන්ට ඉතා වැදගත් විභවයන් විවර කර දුන්නා. එවිට එය තවදුරටත් හුදු තැතිගැන්වීමක් නෙමෙයි. බුද්ධි විෂයක කර්තව්‍යයක්. සංකල්පීය ක්‍රියාකාරකමක්. දෙබසක්. එනයින් කලාවක්.


චන්ද්‍රගුප්ත තේනුවර, බැරල්වාදය 1, බෝඞ් මත ඇක්රලික්, සෙ.මී. 110 x 79, (1997) මෙය මුලින් ම නිර්මාණය කෙරුණු බැරල් කෘතිවලින් එකක්

ලංකාවේ වසර විස්සක පමණ ඉතිහාසයක් ඇති යුද්ධය, රටේ ජන ජීවිතයේ සෑම අස්සක් මුල්ලක් ම සිය ග්‍රහණයට අරගෙන යි තියෙන්නේ. කොළඹ ඇතුළු සෑම ප්‍රධාන නගරයක් ම යුදබිය බිය පෙරටු කරගත් හැඟීම් විසින් රැජැයෙනවා අපි දැක තිබෙනවා. අපේ නිදහස, සමානතාව ආදී සෑම සියලු අපේක්ෂාවක් ම, පරමාදර්ශයක් ම, පල්ල ගිය විකාර කතා බවට පත් කිරීමට යුද්ධය සමත් වුණා. බැරල් ප්රාකාරවලින් සමලංකෘත අධිආරක්ෂිත කලාප මහජනතාවගේ ජීවත් වීමේ අපේක්ෂා ප්‍රහීන කරන මලපුඩු බවට පත් වෙලයි තිබුණෙ. ආරක්ෂක කපොලු, ගොඩනැගිලිවලට ප්රවේශ වන ගේට්ටු මෙකී නොකී සෑම සියලු ස්ථානයක් ම අරා නැගී සිටි බැරලය අපූර්ව සංස්කෘතික ප්රපංචයක් වුණා. බැරලය පසුපස දේශපාලන ප්රචණ්ඩත්වය, වාර්ගික හිංසනය, ලිංගික අපයෝජනය ඇතුළු සකල විධ මානව විරෝධී මෘගභාවයන් සැඟවී පැවතුණා. මෙය චිත්ර ශිල්පියකුට නැතහොත් දෘශ්‍ය කලාකරුවකුට විෂය නො වී පැවතිය හැක්කේ/යුත්තේ කෙසේ ද?


චන්ද්‍රගුප්ත තේනුවර, බැරල් දර්ශනයක්(barrelscape), දිග පළල වෙනස් විය හැකි යි. භූමිදර්ශන (landscapes) වෙනුවට බැරල්ස්කේප්!


චන්ද්‍රගුප්ත තේනුවර, දහසක් බැරල්, ප්ලයිවුඩ් මත ඇක්රලික් සමග පින්තාරු කළ ලෝහ බැරල්, දිග පළල වෙනස් විය හැකි යි. (1999)

හරියට මිනිස් ආලේඛයන් අඳින සිත්තරෙක් මිනිස් රූපය කෙරෙහි දක්වන සැලකිල්ල හා බැරෑරුම් ආකල්පයට නොදෙවෙනි සැලකිල්ලක් තේනුවරගේ බැරල් සිතුවම් තුළ එන බැරල්වලට ඔහුගෙන් ලැබෙනවා. ඒවා බැරල් වල ආලේඛ(portraits) කියා කීවත් එක අතකින් නිවැරදි යි. තේනුවරට ආලේඛකරණය(portraiture) සඳහා තිබෙන නිපුණත්වය, බැරලය නමැති සංස්කෘතික ප්රපංචය පිළිබඳ ඔහුට තිබෙන අර්ථකථනය සමග අත්වැල් බැඳගන්නවා.

ඔහුගේ බැරල් ස්ථාපනවලට අයත් වුණේ කලින් කීවා වගේ වර්ණ ගැන්වූ හැබෑ ම තාර බැරල්. පරණ අර්ථයෙන් ගත්තාම මේක කලාව නො වෙයි කියා කෙනෙකුට කියන්න පුළුවන්. මොකද ඔහු ‘අලුතෙන්’ කිසි දෙයක් ‘නිර්මාණය’ කර නැති නිසා. ඒත් දැන් අපි දන්නවා මේ නිර්ණායකය පරමයක් නොවන බව. එසේ අලුත් දෑ නිර්මාණය කිරීම යනු පවත්නා දේවල් තුළ හා පවත්නා දෙවල් අතර නව සම්බන්ධතා ගවේෂණය කිරීම මිස වෙන දෙයක් නොවෙයි. චන්ද්රගුප්ත තේනුවර කර තිබෙන්නේ මේ විභවයන් ප්රයෝජනයට ගනිමින් බලසම්පන්න කලාකෘති නිෂ්පාදනය කිරීම යි.

තවත් වැදගත් කාරණයක් මෙහි දී කිව යුතු යි. බැරල්වාදය කියන ප්‍රපංචය, ධාරණාවාදය, ප්‍රකාශනවාදය වැනි කලා ව්‍යාපාරයක් නෙමෙයි. එම නිසා එයට කලා ප්‍රවණතාවක් හැටියට පවතින්න බැහැ. ‘බැරල්වාදය’ යන නමින් හැඳින්වුණු මේ කලා කෘති පෙළට පසු තේනුවර, මානව රූපය වැනි විවිධ විෂයන් ඔස්සේ කෘති නිර්මාණය කර තිබෙනවා.

(යුද්ධය හා බැරල් - 2003 මාර්තු)

අලුත් ප්‍රදර්ශනය ගැන විස්තර පසුවට!

ලංකාවේ බිහි වූ පාලි සන්දේශ කාව්‍ය

| Comments

මගේ පූර්විකා මාලාවේ තවත් අතුරු කතාවක්. මෙරට බිහි වූ සන්දේශ කාව්‍ය අතර පාලි සන්දේශ ද පවත්නා බව බොහෝ දෙනා දන්නේ නැහැ. ඒත් දහ හතර වැනි සියවසේ පමණ පටන් වරින් වර පාලි බසින් ද සන්දේශ සම්පාදනය කෙරුණා. පෙනෙන්නට තිබෙන පරිදි ඉන් පැරණිතම සන්දේශය රාමඤ්ඤ සන්දේශය යි. එය ලියැවී ඇත්තේ දඹදිව අරිමර්දනපුර විහාරයෙහි වැඩ උන් සංඝරක්ඛිත හා සාරිපුත්ත යන හිමිවරුන් දෙදෙනා වෙත. එහි කර්තෘ ලංකාවේ මානාවුළු පුර වාසය කළ මහානාග හිමි.

එසේ ම පහළොස්වන ශතවර්ෂයෙහි දැදිගම රජ කළ පරාක්‍රමබාහු රජ දවස ලියැවුණු තවත් පාලි සන්දේශයක් තියෙනවා. වෘත්ත මාලා සන්දේශය ලෙසින් හැඳින්වෙන එය රචනා කොට ඇත්තේ ගතාරාභිධාන උපතපස්වීන් විසින්. එම සන්දේශයේ අන්තර්ගත වන්නේ පැරකුම් රජු හා බුදු සසුන රැක දෙන මෙන් කැලණියේ විභීෂණ දිව්‍ය රාජයාට කෙරෙන ආයාචනයක්.

දහනව වන සියවස තරම් මෑතක දී හික්කඩුවේ සිරි සුමංගල හිමිපාණන් මෙරට බුදු සමය හා ශාසනය පිළිබඳ විස්තර වර්ණනා කරමින් බුරුමයටත් කාම්බෝජයටත් යවනු ලැබූ සන්දේස කථා නමැති කෘතියක් ද තිබෙනවා. ඉන් පසු ධර්මරක්ෂිත වන්ද්‍ර කීර්ති ශ්‍රී සීලස්කන්ධ හිමි ලියූ මරම්ම සන්දේශය හමු වෙනවා. එය වනාහි මෙරටට වැඩම කොට ආගමික සිද්ධස්ථාන වැඳපුදාගෙන යන මෙන් බුරුමයේ වජිරාරාම නමැති හිමිනමක් වෙත යවන ලද සන්දේශයක්.

ඔබ දන්නා තවත් මෙවැනි පාලි සන්දේශ තිබේ නම් කරුණාකර අප වෙත දන්වා එවන්න. ඒවාගේ මුද්‍රිත හෝ අත් පිටපත් ඔබ දන්නා තැනක තිබේ නම් ඒ පිළිබඳ විස්තර ද මෙහි සංග්‍රහ කරනු පිණිස දන්වන්නේ නම් මැනැවි.

Rajpal, We Know the Law! You Don’t Need a Disclaimer to Protect Your Content!

| Comments

At the moment, Sri Lankan blogosphere is in the middle of a controversy over plagiarism committed by Lakbima News and Rajpal Abeynaike the editor who holds a terrible record regarding copyright issues. However, I feel some of the participants of the debate are still being mislead by the apologists of Rajpal about copyrights. Since some of these people claim to be lawyers, readers might tend to accept their interpretations without questioning.

These are the misinterpretations made by some of the Rajpal apologists:

Misinterpretation 1) There were no copyright disclaimers displayed on the blogs in question. So anyone can use those articles.

Answer : This does not permit anyone to steal the content. You don’t need to have a copyright disclaimer published on your book, film, blog, website or what ever you create to claim the ownership. If you are the author of the content it is yours. You don’t have to put notices. This is a misinterpretation of law by misinformed parties and people who want to mislead the public.

However, it is possible to display licenses such as creative commons, GNU etc, according to the needs of the owner and content. Some people wish to make everything free and available for the public. So this is the conclusion. Even if you don’t see a copyright disclaimer on a website, blog, book, film, painting or any other intellectual property it doesn’t mean there is no owner. It does not mean that you can reproduce it. It does not mean that it can be used by anyone. It is not necessary to display disclaimers. People display these disclaimers mainly for two reasons.
a) some think it is a must to have a disclaimer to own the copyrights
b) some people display it as a warning for those who still take the risk of sealing content

If it is YOUR content and if you can prove it’s YOURS, then you have your rights, unless you state otherwise using creative commons GNU etc.

Now let’s have a look at the Bern convention:
“Under the Berne Convention, copyrights for creative works do not have to be asserted or declared, as they are automatically in force at creation: an author need not “register” or “apply for” a copyright in countries adhering to the Berne Convention.(Sri Lanka is one of them) As soon as a work is “fixed”, that is, written or recorded on some physical medium, its author is automatically entitled to all copyrights in the work, and to any derivative works unless and until the author explicitly disclaims them, or until the copyright expires. The Berne Convention also resulted in foreign authors being treated equivalently to domestic authors, in any country signed onto the Convention.” (From Wikipedia)

What are creative works? Again lets quote from Wikipedia

“A creative work is a tangible manifestation of creative effort such as literature, paintings, software, and this article. Creative works have in common a degree of arbitrariness, such that it is improbable that two people would independently create the same work.

The term is frequently used in the context of copyright law.”

Blogs in question and blog articles stolen by Rajpal and Lakbima are creative works of respective authors. These articles are their original creations. They don’t do copy paste business like Rajpal do.

Misinterpretation 2) These articles were displayed on a public domain, so it belongs to everyone

What is a public domain? I quote from Wikipedia:

Public domain comprises the body of knowledge and innovation (especially creative works such as writing, art, music, and inventions) in relation to which no person or other legal entity can establish or maintain proprietary interests within a particular legal jurisdiction. This body of information and creativity is considered to be part of a common cultural and intellectual heritage, which, in general, anyone may use or exploit, whether for commercial or non-commercial purposes. Only about 15 percent of all books are in the public domain, and 10 percent of all books that are still in print Read more here

See also here

There is a very interesting article on Washington State University website explaining many aspects of this issue. Let me quote:

“How the Law Applies to the Internet

Internet technology is developing faster than the laws that govern it. New laws that apply to the Internet have been established either by legislation or the courts; copyright laws are among them. A common myth about the Internet is that anything posted online can be copied or downloaded. In truth, anything you see on the Internet has the same potential of being protected by copyright as anything you see in the library or bookstore. Under modern copyright law, the formalities of registration and copyright notice are no longer required. As long as material satisfies three elements, copyright protects the work automatically. See What Copyright Protects.”

As Drac points out, these blog servers are located in USA. If you are curious to know more about expiration and other stuff, please see the Copyright Term and the Public Domain in the United States 1 January 2007. However, there is no significant difference when you compare it with Sri Lankan context. And even if the servers were placed in Sri Lanka, and even if this incident took place purely within the Democratic Socialist Republic of Sri Lanka, Abeynaike is guilty under the Intellectual Property Act : No 36 of 2003

The whole act is available online. For more information about the copyright situation in Sri Lanka please visit National Intellectual Property Office. Most of all I urge all the bloggers and other online publishers to read the act and be aware of your rights!

My other posts(in Sinhala) about this issue:
1)ලක්බිම හොට බිම ඇනගැනීම, කොපි කිරීම, ආචාරධර්ම සහ බුද්ධිමය දොපොල නීතිය
2)හොරු සමග journalism: ජනමාධ්‍ය, මූලාශ්‍ර පිළිබඳ ආචාරධර්ම, ලේඛක අයිතිය සහ වෙනත් දේ ගැන පුද්ගලික ධාරණා ටිකක්