
1918 ජූලි 14 වැනි දා ස්වීඩනයේ උප්සලා හි දී උපන් හෙතෙම ස්ටොක්හෝම් විශ්ව විද්‍යාලයේ දී රංගනය හා අධ්‍යක්ෂණය පිළිබඳ පුහුණුව ලැබුවා. ෆැනී ඇන්ඩ් ඇලෙක්සැන්ඩර්, ෆේස් ටු ෆේස්, මැජික් ෆ්ලූට්(මොසාට්ගේ එනමින් යුත් ඔපෙරාවේ සිනමා ප්‍රතිනිර්මාණය) ඇතුළු බලවත් කෘති පෙළක් ම අධ්‍යක්ෂණය කිරීමෙන් පසු සිනමාවෙන් විශ්‍රම ගත්තා. ඉන් අනතුරු ව රූපවාහිනී පිටපත් රචනය හා ප්‍රබන්ධ කලාව වෙතට යොමු වූ බර්ග්මාන් “සිනමාවෙහි කිවිඳා”(the poet of the cinema) ලෙසින් හැඳින්වෙනවා.