වෙබ් ආලෝචනා | web alochana

3.0 nihil humanum a me alienum puto

ජනවාරි 26 වැනි දා “වලයාකාර” සූර්යග්‍රහනයක්

| Comments

අපේ මිතුරු බ්ලොග්කරු ශෙහාල් මේ ගැන බොහොම සවිස්තර වාර්තාවක් සිංහල, දෙමල සහ ඉංගිරිසි තුන්බසින් ම ලියා පල කර තිබෙනවා. ඔහු කියන පරිදි එය ජනවාරි 26 වැනිදා හවස 2 සිට 4 දක්වා ශ්‍රී ලංකාවේ සිටත් නිරීක්ශනය කරන්න පුලුවනි. මෙවැනි විද්‍යාත්මක කරුනු කාරනා ගැන දේශීය භාශාවන්ගෙන් ලිපි ලේඛන පල කරන්න ඔහු දක්වන උද්යෝගය කාගේත් ප්‍රශංසාවට හා කෘතඥතාවට පාත්‍ර වනු නොඅනුමාන යි. සිතියම් වීඩියෝ ආදිය සහිත ව වැඩිදුර කියවන්න කනබොන.com වෙත පිවිසෙන්න.

වලයාකාර?

මේ වලයාකාර නමැති යෙදුම ගැන කතා කරන්න ගිහින් භාශාන්තර සංචාරයක යෙදෙන්න ලැබුනා.

මේකට ඉංගිරිස් භාශාවෙන් කියන්නෙ annular solar eclipse කියලයි. annular යන්නෙහි මූලය තියෙන්නෙ ලතින් භාශාවේ anulus කියන පදයේ. එහි අර්ථය ring නොහොත් රවුමක්, වලල්ලක්, නැත්නම් මුද්දක්, වෘත්තයක් වගේ දෙයක්.
එය anularis බවට පෙරලී පසුව ඉංගිරිසියට annular වෙලා. ෆ්‍රන්ස බසින් annulaire වසයෙන් හැඳින්වෙන පදයේ ද මුල මෙය යි.

ඉතින් අපේ සිංහල භාශාවට පාරිභාශික පද හදපු විද්වතුනුත් අතෑරියෙ නෑ ගියා ආපස්සට, ගිහින් සංස්කෘත භාශාවෙන පදයක් හොයාගත්තා. හරියට ලතින් භාශාවේ ඉඳන් ආපු ගමන ලංකාවෙ විදිහට පුනර්කරනය කරන්න වගේ ;-) ඔන්න පාරිභාශික පද හදන මේ ක්‍රමයට ඇතැම් භාශා ප්‍රේමීන් විරුද්ධ වෙන්න පුලුවනි. ඒත් මම නං පුද්ගලිකව කැමතියි මේ යෙදුමට. නමුත් හුදු හෙල වදනක් නිපදවා තියෙනවා නම් ඒකත් දැනගන්න මම කැමතියි.

සංස්කෘත භාශාවෙන් වලය කියලා කියනව වෘත්තයට, වලල්ලට, නැත්නං බ්‍රෙස්ලට් එකට… ඔය වගේ රවුම් හැඩවලට.

වලය + ආකාර = වලයාකාර

වලයාකාර සූර්යග්‍රහනය කියන යෙදුම භාවිතයට ඇවිත් තියෙන්නෙ ඔහොමයි.

.

Who, Why and How? (Quote of the Week)

| Comments

via World Socialist Web Site

Sri Lankan death squads kill editor and ransack TV station

By K. Ratnayake
13 January 2009

Two brazen attacks on the media in Sri Lanka last week constitute a sharp warning that the government and the military will not tolerate any, even limited, criticism of its communal war against the Liberation Tigers of Tamil Eelam (LTTE).

Last Thursday, Lasantha Wickrematunge, editor of the Sunday Leader, was shot dead in broad daylight as he drove to work on a busy suburban road. According to eyewitnesses, four masked gunmen rode up to his car on motorbikes. One blocked the path of the vehicle while another smashed a hole in the windscreen and shot Wickrematunge with a pistol. The two others stood guard. All four escaped, even though the spot was 100 metres from an air force checkpoint and next to a high security zone.

Two days earlier, an armed gang broke into the MTV/Sirasa broadcasting network in the early hours of the morning, overpowered the guards and ransacked the building. Some 20 masked gunmen armed with automatic rifles, pistols, hand grenades and a mine destroyed the control room and shot up the offices and studios. Despite being called, the police did not arrive until the 30-minute rampage was over. Speaking to the WSWS, news director Asoka Dias denounced the raid as “an attack on media freedom”.

Both incidents have the hallmarks of assaults by military-sponsored gangs of thugs, which have been responsible over the past three years for hundreds of abductions, murders and violent attacks directed against the country’s Tamil minority and anyone critical of the government and the war. Last week’s attacks took place as President Mahinda Rajapakse was whipping up a wave of reactionary triumphalism following the army’s capture of the LTTE’s headquarters in Kilinochchi the previous week.

Wickrematunge’s funeral procession in Colombo
Wickrematunge’s funeral procession in Colombo

The ability of Wickrematunge’s killers to flee, and of 20 heavily armed gunmen to travel unimpeded at night, both point to the complicity of the security forces. The police and military maintain a huge network of checkpoints and roadblocks throughout Colombo and the surrounding suburbs. Vehicles, passengers, even pedestrians are routinely stopped and checked. Moreover, the MTV/Sirasa attackers arrived in a white van without a number plate—the trademark of military death squads in Sri Lanka for decades.

Thousands took part in the funeral of Wickrematunge in Colombo yesterday, shouting slogans accusing the government of his death. The Paris-based Reporters without Borders (RSF) blamed the government for inciting hatred against the editor, noting that the president had branded him a “terrorist journalist” last October. In its statement condemning the killing, Amnesty International pointed out that during Rajapakse’s tenure 14 media workers, including journalists, had been killed and 20 had fled the country due to threats.

Wickrematunge sympathised with the conservative opposition party—the United National Party (UNP)—and like the rest of the Colombo establishment backed the war against the LTTE. At the same time, however, Wickrematunge had been critical of the government and defence hierarchy about the way the war was carried out. The Sunday Leader had exposed instances of high-level corruption involving top generals and ministers.

Defence secretary Gotabhaya Rajapakse, a brother of the president, had filed a defamation case against Wickrematunge that was being heard in the district courts. The case, in which Gotabhaya Rajapakse was claiming a billion rupees in damages, involved a Sunday Leader article exposing corruption in a defence deal.

At the same time, Wickrematunge’s criticisms reflected concerns in sections of the Colombo elite at Rajajakse’s increasingly autocratic methods of rule, including his sidelining of parliament and dependence on the military. Well aware that he was a target, Wickrematunge wrote his own death notice published as the editorial in last weekend’s Sunday Leader in which he likened Sri Lanka to Nazi Germany.

Wickrematunge directly addressed the president, noting the two had previously been long-time friends. “In the wake of my death I know you [Rajapakse] will make all the usual sanctimonious noises and call upon the police to hold a swift and thorough inquiry. But like all the inquiries you have ordered in the past, nothing will come of this one, too. For truth be told, we both know who will be behind my death…

“Sadly, for all the dreams you had for our country in your younger days, in just three years you have reduced it to rubble. In the name of patriotism you have trampled on human rights, nurtured unbridled corruption and squandered public money like no other President before you… [No one else has] caused so much blood to be spilled on this land as you have, or trampled on the rights of citizens as you do.”

Taken in the context of Sri Lanka where governments have trampled on democratic rights and shed blood for decades, the editorial written by a former friend is an extraordinary indictment of the Rajapakse regime. Under Rajapakse, power has been concentrated to an unprecedented extent in the hands of a political-military cabal that broke the 2002 ceasefire, re-launched communal war and used it to justify the gross abuse of democratic rights. Wickrematunge spoke for sections of the political establishment who fear that such methods will ultimately provoke a massive backlash by working people.

In the case of MTV/Sirasa, the government has gone one step further, attempting to blame the opposition UNP. Police, purportedly acting on an anonymous tip off, have arrested a UNP municipal councillor, alleging that he helped transfer the weapons involved in the attack. Neither the government nor the police has offered any explanation as to why the councillor or the UNP would be involved in ransacking a television station critical of Rajapakse.

The attack came in the wake of denunciations of MTV/Sirasa in the state-run media for its “unpatriotic” attitude. The station’s coverage, the government mouthpieces declared, did not give sufficient coverage of the army’s victory at Kilinochchi and gave too much prominence to an LTTE suicide bombing in Colombo on the same day. Like the Sunday Leader, MTV/Sirasa fully backs the war but has been critical of government corruption and abuses.

For all the government’s fanfare about the army’s victories over the LTTE, the attack on MTV/Sirasa and Wickrematunge’s murder demonstrate just how weak the Rajapakse regime is. Last Friday, announcing the army’s capture of the strategic Elephant Pass on national television, the president was preoccupied with conspirators who were trying to “belittle these victories, to turn the attention of the people to other directions”.

“The aim of these conspirators is to level unfounded charges against the army commander who works with the greatest dedication to achieve these victories,” Rajapakse declared. They were seeking to “destroy the morale of troops, destabilise the country” in order to “make room for various international forces to interfere to grab our gains away from us”.

Not surprisingly, Rajapakse failed to name the conspirators or provide any concrete detail about this conspiracy. His paranoia reflects above all a fear of the broad masses of working people who have been forced to bear the costs of the war and now confront rapidly worsening living standards as a result of the global economic downturn.

The army’s victories have not been accompanied by widespread popular euphoria. On the orders of the government, state institutions including schools were compelled to “celebrate” the Kilinochchi victory. Various Sinhala chauvinist organisations held relatively small rallies. But among working people, despite considerable confusion, there was just the hope that the 25-year war would soon be over and life might improve.

It is precisely these expectations that the government is incapable of fulfilling. Coming in the wake of Wickrematunge’s assassination, Rajapakse’s obsession with “conspirators” is the sharpest possible warning of the measures that will be used to suppress any opposition. If the army does capture the LTTE’s remaining strongholds, this “victory” will not bring “peace, freedom and democracy”, as Rajapakse claimed after the fall of Kilinochchi, but police-state measures aimed against the working class.

ඝාතන නවතනු! මාධ්‍ය මර්දනය නවතනු! වාරනය නවතනු!! “ඒ වුනත් ප්‍රශ්නෙ මේකයි…”

| Comments

සිරසට ගැහුවා. ලසන්ත වික්‍රමතුංගව මහ දවල් ඝාතනය කෙරුනා. (නැත්නම් සිරස තමාට ම ගහගත්තා; ලසන්ත, කිලිනොච්චි ජයග්‍රහනය යටපත්කොට ආන්ඩුව අපහසුතාවට පත් කරන අටියෙන් තමා ම දිවි තොරකරගත්තා). දින දෙකක් තුල සිදු වූ දේ ක්ශතික යි (traumatic). තව මත් අප ඒ කම්පනයෙන් ගොඩවිත් නැහැ. මේ අභූතරූපී “යථාර්ථය” තුල මගේ කොන්දේසි විරහිත සටන් පාඨය මෙය යි: ඝාතන නවතනු! මාධ්‍ය මර්දනය නවතනු! වාරනය නවතනු!!

ඒ වුනත්, මේ සටහන් කිහිපය පල කිරීම පමා කලේ හේතුවක් ඇතුව. තව දුරටත් උනුසුම් වචන හුවමාරුවකට පැටලෙන්න, “උනු උනුවේ” නිවේදන නිකුත් කරන්න මගේ සූදානමක් නැහැ. මොකද මේ සිදු වුන දේ අරුම-පුදුම හෝ අහඹු සිදුවීමක් නෙවෙයි. ඒ වගේ ම මෙය පලමු සිදුවීම ද නොවෙයි. අවසාන එක නොවන බවට කවර නම් කතා ද? මේ වනාහි සිදුවීම් ප්‍රවාහයක මැද එක් මොහොතක්. මේ සිදුවීම් ප්‍රවාහය හාත්පස නිරීක්ශනය කිරීම බොහොම රුචිකර දෙයක්.

කිසියම් ජනමාධ්‍ය ආයතනයකට හෝ ජනමාධ්‍යවේදියෙකුට ප්‍රහාරයක් එල්ල වූ විට, නැත්නම් යමෙකු ඝාතනය කෙරුනු විට එම සිද්ධියට එරෙහි ව කෙරෙන විරෝධතා ප්‍රකාශනවලට අමතර ව අහන්න ලැබෙන එක්තරා වැදගත් කාරනයක් තියෙනවා. ඒ තමයි “මට මේ මාධ්‍ය ආයතනයේ පිලිවෙත් ගැන ප්‍රශ්නයක් තියෙනව වුනත්… මේ පුද්ගලයගෙ මාධ්‍ය භාවිතය ගැන මට ප්‍රශ්නයක් තියෙනව වුනත්… මම මේ සිද්ධිය හෙලා දකිනව”. ඔන්න ඔය වගේ දෙයක්. තව සමහරු කියනව “මේ ගැන හෙලන්න මට කඳුලු නෑ. හොඳ වැඩේ උන්ට” කියලත්. මේ කියන කිසිම කෙනෙක් අදාල මාධ්‍ය ආයතනයට පහර දෙන්න සම්බන්ධ වුන අය හෝ අදාල මාධ්‍යවේදියා මරා දැමීමට බලාපොරොත්තුවෙන් උන් අය නෙවෙයි.

ඉතින් අපිට මෙතන නොකියවෙන පේලිය ලියාගන්න පුලුවන්. ඒ තමයි මාධ්‍ය ආයතනයකට පහර වදින සෑම විටක ම, නැත්නම් මාධ්‍යවේදියෙකුට පහර වදින ඝාතනය කෙරෙන සෑම විටක ම අදාල පාර්ශ්වය දරන අදහස්වලට කියන අදහස්වලට සැලකිය යුතු නොඑකඟතාවක් සමාජය තුල පවතිනවා විය හැකියි. තවත් විදිහකට කිව්වොත් අදාල මාධ්‍යවේදියා හෝ ආයතනය කරගෙන ගිය වැඩට එකඟ නොවන පිරිසක් ද සමාජයේ ඉන්නවා.

එවැනි තත්වයක් තුල මේ ඝාතන හා මර්දන ගැන මෙහෙම ප්‍රශ්නයක් මතු කරන්නත් කෙනෙකුට බැරි නැහැ. ප්‍රශ්නයක් කිව්වට ප්‍රශ්න මාලාවක් :

“එතකොට එම නොඑකඟතාව දරාගැනීමට සමාජයක් වසයෙන් අප අසමත් ද? මම කියන්නෙ නෑ මේ නොඑකඟ උදවිය ගිහින් මිනී මරනවා කියල. නමුත් ඒ නොඑකඟතාව සමාජීය ව දරා ගැනීමේ අසමර්ථභාවය නේද මේ පල වෙන්නෙ? එතකොට මේ මරන එකක් නෑර අපේ වගකීම ද? නැත්නම් “අප” නොවන වෙනත් කොට්ඨාසයක් මේ මරන සිදු කරනවා ද? ඒ මිනීමරුවන් පිලිබඳ අපට වගකියන්න පුලුවන් ද? “අපි”, ඒ කියන්නෙ අන් මත ඉවසන, විරුද්ධවාදීන් ඝාතනය නොකරන, “සහජීවනයෙන් අනූන” පිරිසක් ද ජීවතුන් අතර සිටිය දී මේ සියල්ල මේ ආකාරයෙන් සිදු වන්නේ ඇයි? එසේ නම් අපි අපේ වගකීමක් පැහැර හැර තිබෙනවා ද? මේ ඝාතන වලක්වා ගත නොහැකි ව ඇත්තේ මන්ද? ඒවා වලක්වාගැනීමට සමාජයක් වසයෙන් අප අසමත් ද? මේ ඝාතනවලත් මර්දනවලත් වගකීම භාරගැනීමට අප සූදානම් ද? ටිකක් සැර බාල කරල ඇහුවොත්, මේ ඝාතන සම්බන්ධයෙන් අපට තියෙන වගකීම මොකක්ද?”

මේ මගේ නිගමන නෙමෙයි. ප්‍රශ්න කිහිපයක් මතු කල හැකි එක ආකාරයක්. තවත් ආකාරයකට මේ ප්‍රශ්න මතු කරන්න පුලුවන්. ඉදිරියේදී වෙනත් ස්වරූපයකින් මේ ප්‍රශ්න ටික මතු කරන්න වෑයම් කරන්නම්. එතෙක් ඔබේ පිලිතුර මට දෙන්න.

විතර්ක

| Comments





I

මේක මරු විස්ලේසනය.
ම‍ට ඔය සීරියස් දේවල් තේරෙන්නෙ නෑ :D
මෙව්වයෙන් වැඩක් තියෙද?
නැතුව!
සිදු වන්නෙ කුමක්ද කියා දැනගැනීම අයිතියක් නෙව.
එහෙම දැන නොගෙන කුමක් කරන්නද?
සිදුවන්නෙ ඉතිං අල වීමනෙ…
දැනගෙන මක් කොරන්නද :D

අල වීමෙන් ගොඩ එන්නේ කෙසේ ද??
ගොඩ එන්න පුළුවන්ද මේ අලවීමෙන්??
ඒක සඳහා…
අල වීම විස්ලේසනය කරගන්න වෙනව.
ගොඩ එන්න පුළුවන්ද මේ අලවීමෙන්??
පුලුවනි!
ගොඩ එන්න වෙනව
නැත්නං ඉතිං
ඔක්කොම
හබක්
නෙව…



II

depressing
really depressing
මිනිස්සුත්
සත්තු විදියට හිටියනම්
මේ කරදර මුකුත් නැනෙ :D
මිනිසා සමාජීය සත්වයෙක් නිසා
එහෙම වුනෙ නෑනෙව.
දැන් බල්ලොන්ට
පූසොන්ට
මේවයෙන් කරදරයක් තියෙනවද,
උන් ඉන්නෙ කූල් එකේ
ඔන්න එක පූසෙක් කාපට් එක උඩ නිදි
:D
අපි ඉතිං…
ශික් ශික්
පූසො එක්ක ඉරිසියයි මට
:D
සහ etc etc
බල්ලො, කුරුල්ලො
කොටි වලස්සු
මීමැස්සො
කූඹි
අලි
හරක්
බිපෙසි*


චැට් කවුලුවක් තුල ලිව්වෙ මලින්ත
ටිංකරිං කලේ ආනන්දවර්ධන
සේයාරුව මලින්ත
සේයාරුවට පෙනී සිටියේ කර්ඩි

බිපෙසි* යනු බිම පෙරලෙමින් සිනාසෙනවා යන්නෙහි කෙටි යෙදුම යි. එය ROTFL යන්නට සමාන යෙදුමක් ලෙස සිංහල අන්තර්ජාල පරිශීලකයන් අතර භාවිත වෙන්නක්.

අවමඟුල් දිනයක… කතා කිරීමේ අයිතිය අහිමි ව යමින් ඇති මොහොතක… To Speak or Not to Speak

| Comments



First they came for the Jews,

and I did not speak out because I was not a Jew.


Then they came for the Communists,

and I did not speak out because I was not a Communist.


Then they came for the trade unionists,

and I did not speak out because I was not a trade unionist.


Then they came for me,

and there was no one left to speak out for me.



Martin Niemoeller




.