සිරසට ගැහුවා. ලසන්ත වික්‍රමතුංගව මහ දවල් ඝාතනය කෙරුනා. (නැත්නම් සිරස තමාට ම ගහගත්තා; ලසන්ත, කිලිනොච්චි ජයග්‍රහනය යටපත්කොට ආන්ඩුව අපහසුතාවට පත් කරන අටියෙන් තමා ම දිවි තොරකරගත්තා). දින දෙකක් තුල සිදු වූ දේ ක්ශතික යි (traumatic). තව මත් අප ඒ කම්පනයෙන් ගොඩවිත් නැහැ. මේ අභූතරූපී “යථාර්ථය” තුල මගේ කොන්දේසි විරහිත සටන් පාඨය මෙය යි: ඝාතන නවතනු! මාධ්‍ය මර්දනය නවතනු! වාරනය නවතනු!!
ඒ වුනත්, මේ සටහන් කිහිපය පල කිරීම පමා කලේ හේතුවක් ඇතුව. තව දුරටත් උනුසුම් වචන හුවමාරුවකට පැටලෙන්න, “උනු උනුවේ” නිවේදන නිකුත් කරන්න මගේ සූදානමක් නැහැ. මොකද මේ සිදු වුන දේ අරුම-පුදුම හෝ අහඹු සිදුවීමක් නෙවෙයි. ඒ වගේ ම මෙය පලමු සිදුවීම ද නොවෙයි. අවසාන එක නොවන බවට කවර නම් කතා ද? මේ වනාහි සිදුවීම් ප්‍රවාහයක මැද එක් මොහොතක්. මේ සිදුවීම් ප්‍රවාහය හාත්පස නිරීක්ශනය කිරීම බොහොම රුචිකර දෙයක්.
කිසියම් ජනමාධ්‍ය ආයතනයකට හෝ ජනමාධ්‍යවේදියෙකුට ප්‍රහාරයක් එල්ල වූ විට, නැත්නම් යමෙකු ඝාතනය කෙරුනු විට එම සිද්ධියට එරෙහි ව කෙරෙන විරෝධතා ප්‍රකාශනවලට අමතර ව අහන්න ලැබෙන එක්තරා වැදගත් කාරනයක් තියෙනවා. ඒ තමයි “මට මේ මාධ්‍ය ආයතනයේ පිලිවෙත් ගැන ප්‍රශ්නයක් තියෙනව වුනත්… මේ පුද්ගලයගෙ මාධ්‍ය භාවිතය ගැන මට ප්‍රශ්නයක් තියෙනව වුනත්… මම මේ සිද්ධිය හෙලා දකිනව”. ඔන්න ඔය වගේ දෙයක්. තව සමහරු කියනව “මේ ගැන හෙලන්න මට කඳුලු නෑ. හොඳ වැඩේ උන්ට” කියලත්. මේ කියන කිසිම කෙනෙක් අදාල මාධ්‍ය ආයතනයට පහර දෙන්න සම්බන්ධ වුන අය හෝ අදාල මාධ්‍යවේදියා මරා දැමීමට බලාපොරොත්තුවෙන් උන් අය නෙවෙයි.
ඉතින් අපිට මෙතන නොකියවෙන පේලිය ලියාගන්න පුලුවන්. ඒ තමයි මාධ්‍ය ආයතනයකට පහර වදින සෑම විටක ම, නැත්නම් මාධ්‍යවේදියෙකුට පහර වදින ඝාතනය කෙරෙන සෑම විටක ම අදාල පාර්ශ්වය දරන අදහස්වලට කියන අදහස්වලට සැලකිය යුතු නොඑකඟතාවක් සමාජය තුල පවතිනවා විය හැකියි. තවත් විදිහකට කිව්වොත් අදාල මාධ්‍යවේදියා හෝ ආයතනය කරගෙන ගිය වැඩට එකඟ නොවන පිරිසක් ද සමාජයේ ඉන්නවා.
එවැනි තත්වයක් තුල මේ ඝාතන හා මර්දන ගැන මෙහෙම ප්‍රශ්නයක් මතු කරන්නත් කෙනෙකුට බැරි නැහැ. ප්‍රශ්නයක් කිව්වට ප්‍රශ්න මාලාවක් :
“එතකොට එම නොඑකඟතාව දරාගැනීමට සමාජයක් වසයෙන් අප අසමත් ද? මම කියන්නෙ නෑ මේ නොඑකඟ උදවිය ගිහින් මිනී මරනවා කියල. නමුත් ඒ නොඑකඟතාව සමාජීය ව දරා ගැනීමේ අසමර්ථභාවය නේද මේ පල වෙන්නෙ? එතකොට මේ මරන එකක් නෑර අපේ වගකීම ද? නැත්නම් “අප” නොවන වෙනත් කොට්ඨාසයක් මේ මරන සිදු කරනවා ද? ඒ මිනීමරුවන් පිලිබඳ අපට වගකියන්න පුලුවන් ද? “අපි”, ඒ කියන්නෙ අන් මත ඉවසන, විරුද්ධවාදීන් ඝාතනය නොකරන, “සහජීවනයෙන් අනූන” පිරිසක් ද ජීවතුන් අතර සිටිය දී මේ සියල්ල මේ ආකාරයෙන් සිදු වන්නේ ඇයි? එසේ නම් අපි අපේ වගකීමක් පැහැර හැර තිබෙනවා ද? මේ ඝාතන වලක්වා ගත නොහැකි ව ඇත්තේ මන්ද? ඒවා වලක්වාගැනීමට සමාජයක් වසයෙන් අප අසමත් ද? මේ ඝාතනවලත් මර්දනවලත් වගකීම භාරගැනීමට අප සූදානම් ද? ටිකක් සැර බාල කරල ඇහුවොත්, මේ ඝාතන සම්බන්ධයෙන් අපට තියෙන වගකීම මොකක්ද?”
මේ මගේ නිගමන නෙමෙයි. ප්‍රශ්න කිහිපයක් මතු කල හැකි එක ආකාරයක්. තවත් ආකාරයකට මේ ප්‍රශ්න මතු කරන්න පුලුවන්. ඉදිරියේදී වෙනත් ස්වරූපයකින් මේ ප්‍රශ්න ටික මතු කරන්න වෑයම් කරන්නම්. එතෙක් ඔබේ පිලිතුර මට දෙන්න.
…