ප්‍රවීන මාක්ස්වාදී කලා විචාරිකා පියසීලී විජේගුනසිංහ අභාවප්‍රාප්ත වී දැන් වසර දෙකක් වෙනවා. විචාරිකාවක වසයෙන් ඇගේ භූමිකාව අගයන්නත් ලිපි ලියන්නත් සැලකිය යුතු සෙනගක් පෝලිමේ පැමිනි අතර ඈ පිලිබඳ අනුස්මරන ලිපි සංග්‍රහයක් ද පසුගිය වසරේ පල වුනා: මනෝ ප්‍රනාන්දු සංස්කරනය කල පියසීලී විජේගුනසිංහ සමාචාර. අද (2012 සැප්තැම්බර් 3) තවත් පොතක් දොරට වඩිනවා. එය ඇගේ සාහිත්‍ය විචාර ලිපි එකතුවක්; සංස්කරනය කොලඹ විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශය.
මේ දක්වා මට දකින්න ලැබුනු ශෝකජනක සිද්ධියක් වුනේ ඇගේ ලිපි මරනාපර ව පල කිරීමේ වගකීමට උර දී සිටින උදවිය පියසීලී අනුදත් අක්ශර වින්‍යාසය විකෘත කොට තම මට්ටමට කපාගැනීම යි. සමහර විට ඇගේ භාශාව කෙලින් ම භාරගැනීම මේ වැදගත් සංස්කාරක මහත්වරුන්ට “මදි පුංචිකමක්” වෙන්න ඇති. ඒ නිසා දෝ නැති මූර්ධජ බලෙන් රුවා පියසීලී විජේගුනසිංහගේ ලිපි විනාස කරන්න පටන් අරගෙන තියෙනවා. අර සමාචාර කෘතිය තුල එන පියසීලීගේ සියලු ලියවිලි “වැදගත්” මහත්වරුන්ගේ “වැදගත්” වියාකරන මට්ටමට “අප්ග්‍රේඩ්” කරනුව දරා තිබෙන ප්‍රයත්නය කෙලවර වී ඇත්තේ එලොවටත් නැති මෙලොවටත් නැති ණ - න - ළ - ල කලවමකින්. හැබැයි ඒ පොතේ ම පල වී තිබෙන දර්ශන මේදිස්ගේ ලිපිවල අක්ශර වින්‍යාසය “ලියුම්කරුගේ අභිමතය පරිදි” තියන්න සංස්කාරකවරයා සැලකිලිමත් වෙලා තියෙනවා!
පියසීලී විජේගුනසිංහ ජීවිත කාලයක් පුරා පරිශ්‍රම දරා වර්ධනය කරගත්, සවිඤ්ඤානික ව ලියූ, අනුදත් භාශා විලාසය සහ වියරනය පසෙක දමා අපට ඇගේ ලිපි කියවිය හැකි ද? ජීවත්ව සිටි සමයේ ඇය සතුරු සේනා අබිමුව තනි ව සටන් වදිද්දී අහල ගම් හතක නොසිටි, එහෙත් මරනින් පසු ඇගේ භූමිකාවේ වැදගත්කම මතක් වී ඇති සමහර අතිරැඩිකල් මහතුන්ට අනුව නම් අන් සියල්ලට පලමු ඇගේ “දේශපාලනය” වැදගත්. ඒත් ඒක කිසිම අන්තර්ගතයක් නැති පුස් වෙඩිල්ලක් වගේ කතාවක්. ඔය අක්ශර වින්‍යාසයෙන් පිලිබිඹු වුනේ දේශපාලනය මිස වෙන කුමක් ද?!
කොලඹ විශ්ව විද්‍යාලයේ අලුත් ලිපි සංග්‍රහය තව ම මා දැක නැහැ. එහෙත් දැනට මත් කොලඹ විශ්ව විද්‍යාලයීය වෙබ් අඩෙවිය දිවි හිමියෙන් ස්ත්‍රීවාදයට එරෙහි ව සටන් වැදුනු, විචාර ලිපි ලියූ මේ ලේඛිකාව ස්ත්‍රීවාදිනියක ලෙස හඳුන්වා තිබෙනු දකින්න පුලුවන්. මෙවැනි වාතාවරනයක් තුල “නිවැරදි කොට වැදගත් කිරීමේ” මේනියාවෙන් මේ පොත මිදී තිබේවා යනු මගේ පැතුම යි.