එදා ලෝක නර්තන දිනය. ඒ නිසා වරදින්න විදිහක් නෑ. අප්‍රේල් 29. ඒ නිමිත්තෙන් රාජ්‍ය අනුග්‍රහයෙන් විවිධ විච්චූර්න හා සැමරුම් කීපයක් තිබුනා. නර්තනය ගැන කලා භවනේ ප්‍රදර්ශනයකුත් තිබුනා. ඉතින් මේ තැන්වල ගැවසිලා ගිනිමද්දහනත් පහු වෙනකොට පරන පුරුද්දට කෞතුකාගාරේ කැන්ටිම මතක් වුනා. නමුත් මා සමග හිටි මිතුරෙක් කිව්වේ “ඒකට දැන් එහෙම යන්න බෑ, චෙක් කරනවා. අර හොරකමට පස්සෙ යන්න එන්න අමාරුයි” කියලයි. ඒත් අපි ලඟ කිසිම හොරබඩුවක් නොතිබුනු නිසාත්, ඇතුලෙන් මොකුත් උස්සගෙන එන්න අදහසක් නොතිබුනු නිසාත්, අර හොරකම කලේ අපි නොවන නිසාත් පිපාසය නිවාගන්න ඒ පැත්තට යන්න තීන්දු කෙරුවා. අපි ඇතුලු වුනේ කටුගෙයි පසුපස ගේට්ටුවෙන්.
ගේට්ටුව කිව්වට කලින් තිබුනු ගේට්ටුව එතන නැති බව දුර තියාම මට පෙනුනා. එතන මහ විසාල අලුත්වැඩියාවක්. යෝධ කටවුට් එකකින් නිවේදනය කෙරුනේ නව පන්නයේ ආපන ශාලාවක් සහ විවිධ ක්‍රියාකාරකම් සහිත අවකාසයක් ඉදි වෙමින් තියෙන බව යි.(පින්තූරයක් ගන්න බැරි වුනා, මම මේ මතකයෙන් ලියන්නෙ.) අලුත් ගේට්ටුවක් ද සවි කිරීමට නියමිත බව අපි අනුමාන කලා. සෙනගත් හිතේ හැටියට යනවා - එනවා. අපිත් ඇතුලට ගියා ඔහේ ඇවිදගෙන; කෑවා, බීවා. අවට සිරි නැරඹුවා; ආපහු ඔහේ ඇවිදගෙන ඇවිත් ආපු තැනින් ම පරීක්ශාවකින් තොර ව ම පිට වෙලා ගියා.
මගේ යාලුවා අන්දමන්ද වෙලා හිටියේ මෙච්චර ගිනිකෙලියක් වෙලා තියෙද්දිත් මේ තරම් අඩු ආරක්ශාවක් සහිත ව කෞතුකාගාර භූමිය පවතින්නේ කොහොමද කියලයි. මට නම් ඒක පුදුමයක් නෙමෙයි. මොකද කෞතුකාගාරය වැඩ කරන විශේශ ක්‍රමය ඕක බව මම දන්නවා; ජාතික කෞතුකාගාර සම්ප්රදාය. මේක පොඩි සන්දියේ සෙල්ලං කරනකොටත් අපි ඉගෙන ගත් ක්‍රමයක්. සෙල්ලම පටන් ගත් පසු “ඔට්ටු” දේවල්, සෙල්ලමේ විරාමයක් අතරතුර “ඔට්ටු” නෑ. හැංගිමුත්තං කරනකොට ඕක වඩාත් හොඳින් පුහුනු වෙන්න පුලුවන්. හැංගිලා ඉන්න අය අල්ලන්න පුලුවන් වෙන්නෙ සෙල්ලම පටන්ගත්තාම විතරයි. කෙනෙකුට ඕන නම් හඬනඟා අතරමැදදීත් විරාම ඉල්ලන්න පුලුවන්. ඇයි අත්තාපල් මුත්තාපල් අල්ලන සෙල්ලම කරනකොටත් එහෙමයි!
අපි කෞතුකාගාර භූමියට ගියේ ඔවුන් වෙන වැඩකට “බ්රේක් එකක්” අරන් ඉන්න වෙලාවක යි. මොකද ඉදි කිරීම් කියන්නේ වෙන ම වැඩක්. මෙතන එසේ මෙසේ ඉදිකිරීමක් නෙමේ කෙලින් ම ගේට්ටුවත් අයත් වෙන මහා ඉදිකිරීමක් නේ. ඒ වෙලාවට පරීක්ශා කරන්න බෑ. හරියට හැංගිමුත්තන් සෙල්ලමේ දී වගේ හොරු අල්ලන්නේ සෙල්ලම පටන්ගත්තම විතරයි. හොරු දැනගන්න ඕන “ඔට්ටු” මොන වෙලාවෙද “ඔට්ටු” නැත්තේ මොන වෙලාවෙද කියලා.
මේ ක්‍රමය ම ආරක්ශක කැමරා සම්බන්ධයෙනුත් ඔවුන් අනුගමනය කරන බව සමස්ත ලෝකයා ම පහුගිය සති කීපය තිස්සේ දැනගත්තා. කැමරා අලුත්වැඩියාව සඳහා ඉවත් කල විට හොරකම් කරන්න ඔට්ටු නෑ! එහෙම හොරකම් කලාම ඒවා අල්ලන්නත් කොච්චර අමාරු ද? නෝටි හොරු! මේක අද ඊයේ පටන්ගත්ත සම්ප්රදායක් නො වන බව මම මගේ මිතුරාට කියා දුන්නා.
2007 අවුරුද්දේ මුල භාගයේ ඉතා චිචිත්‍ර යමක් මේ කෞතුකාගාරය තුල සිදු කෙරුනා. ඒ තමයි කෞතුකාගාරයේ වහල අලුත්වැඩියා කිරීම. මේ වැඩේ භාර දුන්නේ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට. ඔවුන් එය සබ්-කන්ට්‍රැක්ට් ක්‍රමයට පුද්ගලික සමාගමකට පැවරුවා. මෙතනදීත් අපි අමතක කරන්න හොඳ නෑ අපේ කෞතුකාගාර සම්ප්රදාය ගැන. වාසනාවට ඒක නිසියාකාරව රැකගන්න පුලුවන් වුනා. ඔන්න කට්ටිය වහලය ගලවලා එහේ මෙහේ කරලා අලුත්වැඩියාව පටන්ගත්තා. සම්ප්රදාය අනුව අනිත් වැඩ ඒ වෙලාවට කරන්න ඔට්ටු නෑ. නිදසුනක් විදිහට වහලයක් නැති වෙලාවට වැස්ස ඇදගෙන වැටීම වගේ දේවල්. නමුත් නෝටි අහස! ඒ වෙලාවෙම හැලුවා නේද වැස්සක්! වරකට වැඩ එකක් පමනක් කරන කෞතුකාගාරයේ වහලය යට තිබුනු කෞතුක භාන්ඩ ඉවත් කර නොතිබුන නිසා ඒවා වැස්සට හේදී ගියා. සිදුවූ හේදීමේ තරම අද වන තුරුත් හරි හැටි ප්‍රසිද්ධියට පත් කර නෑ. නමුත් දැන් මියපරලොව ගොස් සිටින සුප්‍රකට කලාකරුවකු විසින් පිටපත් කරනු ලැබූ විහාර බිතුසිතුවම් ගනනාවක් හේදී ගිය බව ඇතැම් මාධ්‍ය වාර්තා කලා. මේ චිත්‍ර සම්බන්ධයෙන් ප්‍රශ්න දෙකක් තියෙනවා. ඒවා පිටපත් කරපු කලාකරුවා සම්බන්ධයෙන් තිබුනු ඓතිහාසික වැදගත්කම එකක්. ඔහු මියපරලොව ගිහින් නිසා නැවත ඔහු ලවා චිත්‍ර අන්දන්න අමාරුයි(මේක නාථ දෙවියන් වැනි විකල්ප මාධ්‍ය මගින් පුලුවන් ද බැරිද නොදන්න නිසයි කෙලින් ම බෑ කියල නොලිව්වේ). අනිත් ප්රශ්නය ඒ බිතුසිතුවම් මුලින් තිබුනු විහාරස්ථාන වැඩිදුරටත් විනාශ වී තිබුනු නිසා නැවත ඒ සිතුවම් පිටපත් කිරීමේ නොහැකියාව. මීට අමතර ව කෞතුකාගාරයේ ප්‍රධාන පුස්තකාල පරිශ්‍රය පෙදෙසට ද වතුර ගලා තිබුනු බව වාර්තා වුනා.
මට මගේ මිත්‍රයාට විස්තර කර දෙන්න ඕනෑ වුනේ සායම් හේදිලා විනාස වුනු චිත්‍ර ගැන වත් වතුරට පෙඟුනු පොත් ගැන වත් නෙමෙයි. මේක අපේ සම්ප්රදාය බව යි. වරකට එකක් පමනක් කිරීම බොහොම සාරගර්භ අදහසක්(තියෙනවා නේද ඒකෙ පොඩි බෞද්ධ දාර්ශනික ගතියකුත්?). වහලය හදන වෙලාවට වහලය යට තියෙන බඩු එහේ මෙහේ අදින්න යන්නෙ නෑ. ඒ වෙලාවට ම බිතුසිතුවම් හේදිලා යන්න වහිනවා නම් ඒක අනිවාර්යයෙන් ම අපේ උරුමය නැති කරන්න වහින මුස්ලිම් වැස්සක් වෙන්න ඕන. කැමරා අලුත් වැඩියා කරන වෙලාවටත් එහෙමයි, ඒක “ටයිම් අවුට්” වෙලාවක් නේ. මොන හොරාද ඒ වෙලාවට හොරකම් කරන්නෙ? හොරකම් කලත් ඒ හොරකම ඔට්ටු නෑ. අනික ගේට්ටුව ලඟ මුරකාවල් තියෙන්න පුලුවන් ද ගේටටුවක් නැති වෙලාවක?
ගේට්ටුව කිව්වට කලින් තිබුනු ගේට්ටුව එතන නැති බව දුර තියාම මට පෙනුනා. එතන මහ විසාල අලුත්වැඩියාවක්. යෝධ කටවුට් එකකින් නිවේදනය කෙරුනේ නව පන්නයේ ආපන ශාලාවක් සහ විවිධ ක්‍රියාකාරකම් සහිත අවකාසයක් ඉදි වෙමින් තියෙන බව යි.(පින්තූරයක් ගන්න බැරි වුනා, මම මේ මතකයෙන් ලියන්නෙ.) අලුත් ගේට්ටුවක් ද සවි කිරීමට නියමිත බව අපි අනුමාන කලා. සෙනගත් හිතේ හැටියට යනවා - එනවා. අපිත් ඇතුලට ගියා ඔහේ ඇවිදගෙන; කෑවා, බීවා. අවට සිරි නැරඹුවා; ආපහු ඔහේ ඇවිදගෙන ඇවිත් ආපු තැනින් ම පරීක්ශාවකින් තොර ව ම පිට වෙලා ගියා.
මගේ යාලුවා අන්දමන්ද වෙලා හිටියේ මෙච්චර ගිනිකෙලියක් වෙලා තියෙද්දිත් මේ තරම් අඩු ආරක්ශාවක් සහිත ව කෞතුකාගාර භූමිය පවතින්නේ කොහොමද කියලයි. මට නම් ඒක පුදුමයක් නෙමෙයි. මොකද කෞතුකාගාරය වැඩ කරන විශේශ ක්‍රමය ඕක බව මම දන්නවා; ජාතික කෞතුකාගාර සම්ප්රදාය. මේක පොඩි සන්දියේ සෙල්ලං කරනකොටත් අපි ඉගෙන ගත් ක්‍රමයක්. සෙල්ලම පටන් ගත් පසු “ඔට්ටු” දේවල්, සෙල්ලමේ විරාමයක් අතරතුර “ඔට්ටු” නෑ. හැංගිමුත්තං කරනකොට ඕක වඩාත් හොඳින් පුහුනු වෙන්න පුලුවන්. හැංගිලා ඉන්න අය අල්ලන්න පුලුවන් වෙන්නෙ සෙල්ලම පටන්ගත්තාම විතරයි. කෙනෙකුට ඕන නම් හඬනඟා අතරමැදදීත් විරාම ඉල්ලන්න පුලුවන්. ඇයි අත්තාපල් මුත්තාපල් අල්ලන සෙල්ලම කරනකොටත් එහෙමයි!
අපි කෞතුකාගාර භූමියට ගියේ ඔවුන් වෙන වැඩකට “බ්රේක් එකක්” අරන් ඉන්න වෙලාවක යි. මොකද ඉදි කිරීම් කියන්නේ වෙන ම වැඩක්. මෙතන එසේ මෙසේ ඉදිකිරීමක් නෙමේ කෙලින් ම ගේට්ටුවත් අයත් වෙන මහා ඉදිකිරීමක් නේ. ඒ වෙලාවට පරීක්ශා කරන්න බෑ. හරියට හැංගිමුත්තන් සෙල්ලමේ දී වගේ හොරු අල්ලන්නේ සෙල්ලම පටන්ගත්තම විතරයි. හොරු දැනගන්න ඕන “ඔට්ටු” මොන වෙලාවෙද “ඔට්ටු” නැත්තේ මොන වෙලාවෙද කියලා.
මේ ක්‍රමය ම ආරක්ශක කැමරා සම්බන්ධයෙනුත් ඔවුන් අනුගමනය කරන බව සමස්ත ලෝකයා ම පහුගිය සති කීපය තිස්සේ දැනගත්තා. කැමරා අලුත්වැඩියාව සඳහා ඉවත් කල විට හොරකම් කරන්න ඔට්ටු නෑ! එහෙම හොරකම් කලාම ඒවා අල්ලන්නත් කොච්චර අමාරු ද? නෝටි හොරු! මේක අද ඊයේ පටන්ගත්ත සම්ප්රදායක් නො වන බව මම මගේ මිතුරාට කියා දුන්නා.
2007 අවුරුද්දේ මුල භාගයේ ඉතා චිචිත්‍ර යමක් මේ කෞතුකාගාරය තුල සිදු කෙරුනා. ඒ තමයි කෞතුකාගාරයේ වහල අලුත්වැඩියා කිරීම. මේ වැඩේ භාර දුන්නේ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට. ඔවුන් එය සබ්-කන්ට්‍රැක්ට් ක්‍රමයට පුද්ගලික සමාගමකට පැවරුවා. මෙතනදීත් අපි අමතක කරන්න හොඳ නෑ අපේ කෞතුකාගාර සම්ප්රදාය ගැන. වාසනාවට ඒක නිසියාකාරව රැකගන්න පුලුවන් වුනා. ඔන්න කට්ටිය වහලය ගලවලා එහේ මෙහේ කරලා අලුත්වැඩියාව පටන්ගත්තා. සම්ප්රදාය අනුව අනිත් වැඩ ඒ වෙලාවට කරන්න ඔට්ටු නෑ. නිදසුනක් විදිහට වහලයක් නැති වෙලාවට වැස්ස ඇදගෙන වැටීම වගේ දේවල්. නමුත් නෝටි අහස! ඒ වෙලාවෙම හැලුවා නේද වැස්සක්! වරකට වැඩ එකක් පමනක් කරන කෞතුකාගාරයේ වහලය යට තිබුනු කෞතුක භාන්ඩ ඉවත් කර නොතිබුන නිසා ඒවා වැස්සට හේදී ගියා. සිදුවූ හේදීමේ තරම අද වන තුරුත් හරි හැටි ප්‍රසිද්ධියට පත් කර නෑ. නමුත් දැන් මියපරලොව ගොස් සිටින සුප්‍රකට කලාකරුවකු විසින් පිටපත් කරනු ලැබූ විහාර බිතුසිතුවම් ගනනාවක් හේදී ගිය බව ඇතැම් මාධ්‍ය වාර්තා කලා. මේ චිත්‍ර සම්බන්ධයෙන් ප්‍රශ්න දෙකක් තියෙනවා. ඒවා පිටපත් කරපු කලාකරුවා සම්බන්ධයෙන් තිබුනු ඓතිහාසික වැදගත්කම එකක්. ඔහු මියපරලොව ගිහින් නිසා නැවත ඔහු ලවා චිත්‍ර අන්දන්න අමාරුයි(මේක නාථ දෙවියන් වැනි විකල්ප මාධ්‍ය මගින් පුලුවන් ද බැරිද නොදන්න නිසයි කෙලින් ම බෑ කියල නොලිව්වේ). අනිත් ප්රශ්නය ඒ බිතුසිතුවම් මුලින් තිබුනු විහාරස්ථාන වැඩිදුරටත් විනාශ වී තිබුනු නිසා නැවත ඒ සිතුවම් පිටපත් කිරීමේ නොහැකියාව. මීට අමතර ව කෞතුකාගාරයේ ප්‍රධාන පුස්තකාල පරිශ්‍රය පෙදෙසට ද වතුර ගලා තිබුනු බව වාර්තා වුනා.
මට මගේ මිත්‍රයාට විස්තර කර දෙන්න ඕනෑ වුනේ සායම් හේදිලා විනාස වුනු චිත්‍ර ගැන වත් වතුරට පෙඟුනු පොත් ගැන වත් නෙමෙයි. මේක අපේ සම්ප්රදාය බව යි. වරකට එකක් පමනක් කිරීම බොහොම සාරගර්භ අදහසක්