පත්තරවල අන්තර්ජාලය ගැන පල කෙරෙන දේවල් දැක්කම අනේ කියලා හිතෙනවා! දැන් දැන් අන්තර්ජාලය ගැන ගමරාල දිවියලෝකේ ගිය හැටි සිහිගන්වන “විශේශාංග ලිපි” විතරක් නෙමෙයි කතුවැකිත් ලියවෙනවා.
පසුගිය ජනවාරි 29 වැනිදා රාවය පුවත්පතේ කතුවැකිය එවැන්නක්:
ඒත් අපට ලැබෙන්නේ මේ වගේ පිලුනු අච්චාරුවක්:
අමු බොරුවක් නේද?
රාවය කතුවැකිය අපට දෙන තොරතුරු ඇත්ත නම් සෝපාවට විරුද්ධ වෙන උදවිය අමු ප්‍රතිගාමීන් රැලක් බවටත් සෝපාව ඉදිරිපත් කල පාර්ශ්වය සදා අභිවාදනය කල යුතු ප්‍රගතිශීලීන් පිරිසක් බවටත් පත් වෙනවා. පුද්ගලිකත්වය (privacy) පිලිබඳ උත්සුකය අද අන්තර්ජාලය තුල තියෙන ප්‍රගතිශීලී ම ප්‍රවනතාවක්. සෝපා සහ පුද්ගලිකත්වය සුරැකීම අතර ලේශ මාත්‍ර හෝ සම්බන්ධයක් නැහැ.
මේක යමක් අර්ථකථනය කිරීමක් නෙමෙයි. කරුනු විකෘත කිරීමක් ද නෙමෙයි. කෙලින් ම අසත්‍ය ප්‍රචාරය කිරීමක්. ඒ අසත්‍ය පදනම මත සිට කරන සෙසු අර්ථකථන ගැන කියනු ම කවරේ ද?
සෝපා හෙවත් Stop Online Piracy Act යනු පුද්ගලිකත්වය පිලිබඳ පනතක් නෙමෙයි. එහි සම්පූර්න නම හැටියට සඳහන් වෙන්නේ To promote prosperity, creativity, entrepreneurship, and innovation by combating the theft of U.S. property, and for other purposes. මේ පනතට තියෙන දහසකුත් විරෝධතාවන්ගෙන් එකක් වෙන්නේ එය අන්තර්ජාල පරිශීලකයින්ගේ පුද්ගලිකත්වයට එල්ල කරන අනිටු බලපෑම යි!
පයිපා හෙවත් බුද්ධිමය දේපොල ආරක්ශා කිරීම සඳහා වූ පනත් කෙටුම්පතේ (Protect IP Act) සම්පූර්න නම Preventing Real Online Threats to Economic Creativity and Theft of Intellectual Property Act of 2011.
මේ පිලිබඳ සෙවුමක (“ගූගල් කිරීමක”) යෙදුනා නම් සෝපා කෙටුම්පතේ මුල් පිටපත ම සොයාගන්න පුලුවන් (වෙනත් අය කල අර්ථකථන නෙමේ - මුල් පිටපත). සාමාන්‍යයෙන් - මට වැටහෙන විදිහට - ජනමාධ්‍යවේදියෙක් වැඩ කරන්න ඕන එහෙම යි. එහෙම හෙව්වා නම් වෙනත් ඕනෑ ම කෙටුම්පතක වගේ ම මෙහිදීත් අදාල කෙටුම්පතේ නම, අරමුන, සංක්ශිප්ත විස්තර ආදියත් අනතුරුව සමස්ත කෙටුම්පතත් දැකගන්න ලැබෙනවා. කියවන්න ඉස්පාසුවක් සහ විනයක් තියෙන කෙනෙකුට නම් මුලු කෙටුම්පත ම කියවන්න කිසි ම බාධකයක් නෑ. ඊට අමතර ව සෝපා සහ පයිපා පිලිබඳ ලියැවුනු විවරන, අටුවා-ටීකා දහස් ගනනක් ද දේශන හා සාකච්ඡා විශාල සංඛ්‍යාවක් ද හොයාගන්න පුලුවන්. ජනමාධ්‍යවේදියෙක් විතරක් නෙමෙයි මෙවැනි බැරෑරුම්, ප්‍රශ්නකාරී මාතෘකාවක් ගැන ප්‍රසිද්ධියේ කතා කරන්න අදහස් කරන ඕනෑ ම සිහිබුද්ධිය ඇති පුද්ගලයෙක් මේවා හොයාබලන්න අවශ්‍ය යි. එහෙම නොකර ඉබි ලොමින් කඹ අඹරනවා වගේ අදහස් නිර්මානය කොට පල කරන්න හැකියාවක් නැහැ. එහෙම කලොත් උපදින්නේ රාවය කතුවැකිය බඳු ප්‍රබන්ධ තමයි.
හැබැයි රාවය කතුවැකිය රිවිර පත්තරේ ෆේස්බුක් මංමුලාව වගේ මෝඩ - අහිංසක නොදන්නාකමක් හැටියට අර්ථකථනය කරන්න අමාරුයි.
රාවය කතුවරයා මීට ප්‍රථමත් අන්තර්ජාල මාධ්‍ය වාරනය හා නියාමනය දෙස ධනාත්මක ව බලමින් ලිපි ගනනාවක් ලියා අදහස් දක්වන්න වෑයම් කර තිබුනා. ඒ ලිපි බෙහෙවින් ම පදනම් ව තිබුනේ අන්තර්ජාලය ඉතා සරලමතික ආකාරයට පුවත්පත් ඇතුලු සාම්ප්‍රදායික ජනමාධ්‍ය හා සමාන කිරීම මත යි. මුලින් ඒ ලිපිවල තවත් ලක්ශනයක් තිබුනා. ඒ තමයි ඒවා අන්තර්ජාලය(නැතහොත් ඕනෑ ම ප්‍රපංචයක්) අර්ථකථනය කරන්න කෙනෙකුට තියෙන නිදහසේ සීමාව තුල ලියන ලද දෑ වීම. එම ලිපිවල ඇතුලත් වෙන්නේ අයිවන් මහතා දරන පුද්ගලික අදහස් හා මතිමතාන්තර; ඒ මහතා විසින් කරනු ලැබූ අර්ථකථන. නිදසුනක් වසයෙන් ඔහු අන්තර්ජාල ජනමාධ්‍ය සම්බන්ධයෙනුත් අදාල විය යුත්තේ පුවත්පත් ඇතුලු මෙතෙක් පැවති සාම්ප්‍රදායික ජනමාධ්‍ය තේරුම් ගැනීමට අදාල වන දැනුම හා න්‍යාය පමන ම යි කියා කිව්වොත් අපට ඒක අයිවන් මහතා දරන මතයක් හැටියට ගරුත්වයෙන් සලකා ප්‍රතික්ශේප කරන්න පුලුවන්කමක් තියෙනවා. විශ්ලේශනාත්මක පැහැදිලි කිරීම් තිබුනත් නැතත් හැමෝටම තමතමත්ගේ මත හා අර්ථකථන දරන්නත් ඒවා ප්‍රචාරය කරන්නත් අයිතියක් තියෙනවනෙ. “සිනා නොම සෙන් දසන් දක්වා” යනාදී උපදෙස් ස්ත්‍රීන් පිලිපැදිය යුතු ආචාර ධර්ම බව විශ්වාස කරන උදවිය අදත් ඉන්නවා. මඳ කලකට පෙර අභාවප්‍රාප්ත වුනු මගේ අත්තම්මාත් එවැනි කෙනෙක්. ඇයට දැක්විය යුතු ගරුත්වය සහිත ව ඒ කියමන බාර ගෙන අකුරක් නෑර ප්‍රතික්ශේප කොට නොසලකා හරින්න මට පුලුවන් කමක් තිබුනා. අයිවන් මහතා ඇතුලු අන්තර්ජාල වාරනවාදීන්ගේ මේ සීමාසහිත අර්ථකථන ඉතා විධිමත් හා විදග්ධ ආකාරයෙන් ප්‍රශ්න කරන්නත්, ඒවායේ ගැටලුසහගත තැන් අනාවරනය කරන්නත් නාලක ගුනවර්ධන මහතා සමත් වුනා.
නමුත් ක්‍රමයෙන්, සිය අදහස් සනාථ කරන්න තියෙන බරපතල උත්සුකය නිසා දෝ, අයිවන් මහතා අර්ථකථනයේ සීමාව බිඳගෙන කරුනු විකෘත කිරීම පිලිබඳ ක්ශේත්‍රයට අවතීර්න වෙමින් හිටි බව පෙනුනා. මෙවර කතුවැකිය එම ප්‍රවනතාව කෙලින් ම, එලිපිට ම, නග්න ආකාරයෙන් කරලියට පැමිනීමේ සංඥාවක් හැටියට තේරුම්ගත යුතු බව මගේ හැඟීම යි.
සෝපා සහ පයිපා ස්වරූපයෙන් කරලියට පැමිනි යෝජනාවල ප්‍රකාශිත අරමුන වුනේ බුද්ධිමය දේපොල ආරක්ශා කිරීම වුනත් එම කෙටුම්පත් සුපරීක්ශාවෙන් කියවන කෙනෙකුට පේන දෙයක් තමයි එමගින් අන්තර්ජාලය පාලනය කිරීමෙහිලා ඇමෙරිකා එක්සත් ජනපදයට දැනටමත් තියෙන බලය පෙර නො වූ විරූ අන්දමින් ඉහල නංවන බව. එය ඊනියා බුද්ධිමය දේපොල පිලිබඳ සීමාවේ තියෙන්නක් නො ව අදහස් පල කිරීමේ නිදහස සහ අයිතිය පිලිබඳ ක්ශේත්‍රයට ද පැතිර යන්නක්. එහි බලපෑම එල්ල වෙන්නේ ඇමෙරිකා එක්සත් ජනපදය තුලට විතරක් නෙමෙයි, අපි හැමෝට ම යි. මීට එරෙහි ව අන්තර්ජාලයෙහිත් ඉන් පිටතත් නැඟුනු විරෝධතාවේ ප්‍රබලත්වය හේතුවෙන් මේ හානිකර ගමනේ වේගය අඩාල වුනා. ඒත් ඒ ගමන නතර වුනා නෙමෙයි.
සෝපා - පයිපා නැතිවත්
සෝපා සහ පයිපා නීති තව ම බල නොපවත්වන තත්වයක් තුලත් ඇමෙරිකාවට තියෙන හිතුවක්කාරී අධිකාරය ප්‍රකාශයට පත් වුනු අවස්ථාවක් තමයි මෙගාඅප්ලෝඩ් වෙබ් අඩෙවිය සම්බන්ධ සිද්ධිය. අදාල වගඋත්තරකරු කිම් ඩොට්කොම් වනාහි ජර්මානු සහ ෆින්ලන්ත ද්විත්ව පුරවැසිභාවය හිමි පුද්ගයෙක්. ඔහු හොංකොං හා නවසීලන්තය යන දෙරටෙහි ම ජීවත් වූ අතර අත්අඩංගුවට ගැනීම සඳහා ඔහුගේ නවසීලන්ත නිවෙස වටලනු ලැබූ අන්දම සිහිගැන්වූයේ ඔසාමා බින් ලාඩන් ඝාතනයට ගුවනින් හමුදාව කඩා පිනූ ස්වරූපය යි! විකිලීක්ස් අඩෙවියට හා ජූලියන් අසාන්ජ්ට එරෙහි ව දියත් කර ඇති දඩයමේ තරම කවුරුත් දන්නවා.
සිය පුවත්පතේ ලිපි ඇතැම් වෙබ් අඩෙවියක අනවසරයෙන් උපුටා පල කිරීම ගැන රාවය කතුවැකිය කනිපින්දම් කියනවා. සෝපා පයිපා කතාන්තරය මතු කරන්නේ ඒ සන්දර්භය ඇතුලත යි. චෝදනාව එල්ල වුන වෙබ් අඩෙවිය මේ කතුවැකිය පල වී දින කිහිපයකින් ම ශ්‍රී ලංකාව තුල වාරනය කරනු ලැබූ බව ආරංචි වුනා.
ඒත් සිය පුවත්පත අන්තර්ජාලයෙන් සතිපතා සොරකම් කරගන්නා දෑ ගැන මේ කතුවැකිය වචනයක් වත් කියන්නෙ නෑ. එහෙම කියන එකක් නෑ නේ කොහොමත්? ඒත් ඇත්ත ඒක යි. ඕනෑ ම රාවය පුවත්පතක් ගෙන බැලුවොත් එහි කතුවැකියේ සඳහන් වරද ම කරමින් අන්තර්ජාලයෙන් ගෙඩි පිටින් පැහැරගත් කලා කෘති, ඡායාරූප හා ලිපි අන්තර්ගත වෙනවා. ඒවායේ මූලාශ්‍රය සඳහන් කරන්නේ නැහැ. රාවය පත්තරේ මේ වැඩේ කරන්න වෙලා බොහෝ ම කල්. සිය වීදුරු මන්දිරයේ සිට අන්තර්ජාලයට, - නාලක ගුනවර්ධන මහතාගේ උපමිතිය අනුව අභ්‍යවකාශයට - ගල් ගහන්න ඉදිරිපත් වෙන උදවියගේ හැටි නිතර අන්තර්ජාලයේ ගත කරන අපට පේනවා.
කෝ උදාහරන? මතක තියෙන එක නිදසුනක් දෙන්නම්. ග්‍රීස් යකා ගැන විසාල හාහෝවක් හැමතැනම පැතිරුන අවස්ථාවේ Groundviews වෙබ් අඩෙවිය මේ ලිපිය පල කෙරුවා. බලන්න ඒකේ තියෙන චිත්‍රය. ඔවුන් සදාචාර සම්පන්න විදිහට එහි මූලාශ්‍රය සඳහන් කර තියෙනවා සබැඳුමක් (link) එක්ක ම. ඊලඟ සතියේ රාවය පුවත්පත ග්‍රීස් යකා පිලිබඳ සිය ලිපියට මේ චිත්‍රය යොදාගන්නේ කිසිදු මූලාශ්‍රයක් සඳහන් නොකර යි.
කෙසේ වෙතත් මේ සටහනේ අරමුන ඒ ගැන බැන අඬගැසීම නෙමෙයි. ප්‍රශ්නයේ සංකීර්න බව පෙන්වීම යි. රාවය පත්තරේ විතරක් නෙමෙයි දිවයින, ලංකාදීප, ලක්බිම ඇතුලු පත්තර එකක් නෑර නෑර පිටුවෙන් පිටුව පතුරු ගසමින් අන්තර්ජාලයෙන් ඉස්සූ අන්තර්ගතය පෙන්වන්න පුලුවන්. දැන් ඉරිදා දිවයින පත්තරේ එක ටැබ්ලොයිඩ් අතිරේකයක් තනිකරම වගේ දුවන්නේ මේ ක්‍රමයට. ඔවුන් විකිපීඩියාව වැනි තැන්වලිනුත් ලිපි පිටින් උස්සන බව යි මට නම් පේන්නේ. ඉතින් මේ ප්‍රශ්නයට පැති ගොඩක් තියෙනවා. මේ ගැන තරමක් දුරදිග යන සාකච්ඡාවක් ආරම්භ කිරීම වැදගත්. ඊට පාර කපාගන්න මේ දේවල් ලියන්න සිදු වුනා.
මතු සම්බන්ධ යි.

“ජනවාරි 18 වැනිදා අන්තර්ජාලයේ ජනප්‍රිය වෙබ් අඩවි කිසියම් විශාල ප්‍රමාණයක් (ගූගල්, යාහූ, යූ ටියුබ්, ෆේස්බුක්, ටුවිටර්, ඊබේ, රොබ්ලොක්ස්, විකිපීඩියා වැනි) වෙබ් අඩවිවලට අදාළව ඇමරිකාව කෙටුම්පත් කර ඇති නීති සම්පාදන දෙකකට (සෝපා හා පයිපා) එරෙහිව සිය වෙබ් අඩවිවල ක්‍රියාකාරීත්වය ක්‍රියාවිරහිත කිරීම තුළ එක් දින සංකේත වර්ජනයක නිරත විය.මේ කතාව කියවන්න ගන්න කෙනෙකුට මෙහෙම හිතෙන්න ඉඩ තියෙනවා: “ඔන්න දැන් නම් මේ ගැන හොඳ විශ්ලේශනයක් අහන්න ලැබෙන්න යි යන්නෙ. පේන්නෙ නැද්ද ලියන විදිහෙන්ම?”
“මෙය අන්තර්ජාල විෂයයෙහි මෙතෙක් ලෝකයේ ඇතිවූ දැවැන්ත සංසිද්ධියක් ලෙස සැලකිය හැකි වුවද ඒ ගැන ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවල ප්‍රමාණවත් තරමේ වාර්තාකරණයක් සිදු නොවීය. ප්‍රමාද වී සමහර ඉංග්‍රීසි පුවත්පත් ඒ ගැන වාර්තාකර තිබුණ ද ශ්‍රී ලංකාවේ කිසිම ජනමාධ්‍යයක ඒ ගැන හොඳ විශ්ලේෂණයක් පළවී නැත.”
ඒත් අපට ලැබෙන්නේ මේ වගේ පිලුනු අච්චාරුවක්:
“සෝපා නීතිය පුද්ගලයන්ගේ පුද්ගලිකත්වය ආරක්ෂා කිරීමේ අරමුණින් සකස් කර තිබෙන නීති කෙටුම්පතකි. පයිපා නීතිය බුද්ධිමය දේපළ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ අරමුණින් සකස් කර තිබෙන කෙටුම්පතකි. මෙම නීතිය යටතේ වෙබ් අඩවි විමර්ශනය කිරීමේ බලය බලධාරීන්ට හිමි වේ. අන්තර්ජාල පහසුකම් සපයන ආයතනවලට ද තමන් පහසුකම් සපයන වෙබ් අඩවි නීතියට අනුකූල ව ක්‍රියාකරන තැනක තබාගැනීමේ නීතිමය වගකීම පැවරෙන්නේ ය.
“මෙම නීති සම්පාදනයට එරෙහිව අන්තර්ජාල ප්‍රජාවට අයත් කිසියම් විශාල පිරිසකගේ විරෝධය පළවී ඇතත්, එම නීති සම්පාදනයට පක්ෂපාත අයගේ ප්‍රමාණය ද ඉතා විශාලය. වෙබ් අඩවිවලට පහසුකම් සපයන ආයතන ඊට විරුද්ධවන්නේ මේ නිසා ඔවුන් වෙත පැවරෙන නෛතික වගකීම නිසා ය. වැරදි කරන අවස්ථාවලදී විශාල වන්දි ගෙවන තත්ත්වයක් ඇතිවිය හැකි නිසා ය.” (වැඩිදුර කියවන්න මේ පිටුවට යන්න.)