පසුගිය දා කටුනායක නිදහස් වෙලඳ කලාප කම්කරු උද්ඝෝශනයට එරෙහි ව සිදු කෙරුනු පොලිස් ප්‍රහාරය හා කම්කරු ඝාතනය මෙරට මාධ්‍ය වාර්තා කල ස්වරූපය ගැන කනස්සල්ලට පත් කෙනෙක් මට මෙහෙම කිව්වා. “සමහර තැන්වල බේරෙන්න දුවගෙන ගිහින් හැංගුන ගෑනු ලමයින්ට පවා එලියට ඇදගෙන ඇවිත් ගහල තියෙනවා. ඇයි ඒවා මේ පත්තරවල ටීවීවල නොයන්නෙ? අර අවමගුලට කරල තියෙන බලපෑම ගැන මොකුත් කියන්නෙ නෑනෙ? නිකම් එක අදහසක් විතරක් යනවා. ආන්ඩුවට විරුද්ධයි කියල කියන ඒවගේ වුනත් මේක බොහොම ඇල්මැරුනු විදිහට නේ පෙන්නන්නෙ?”
මම කොහොමද ඒක දන්නෙ? ඒවා පත්තරවල යන නොයන විදිහ තීරනය කරන්නේ මම නෙමෙයි නේ?
ඒත් මට මා දුටු එක්තරා සිද්ධියක් සිහිපත් වුනා. ඒ තමයි පසුගිය සතියේ මහනුවර දී පැවැත්වුනු විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් අරගලය පිලිබඳ ප්‍රසිද්ධ රැස්වීම. මේ රැස්වීම ඉතා සුවිශේශ ස්වරූපයක් ගත්තේ අතිවිශාල ජන සහභාගීත්වයක් තිබූ නිසා විතරක් නෙමෙයි. රැස්වීම් වේදිකාව මත සිටි පිරිසේ ස්වරූපය නිසාත් එය විශේශ, තර්ජනාත්මක ස්වරූපයක් ඉසිලුවා. එම රැස්වීම ආචාර්යවරුන්ගේ වැටුප් වැඩිකිරීම හා අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කෙරෙන මුදල් ප්‍රමානයේ ඉහල දැමීමක් ඉල්ලුම් කරමින් විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ආරම්භ කර තිබෙන වෘත්තීය ක්‍රියාමාර්ගය පිලිබඳ බාහිර සමාජය දැනුවත් කිරීම අරමුනු කරගත්තක්. වෙනත් වචනවලින් කියතොත් එය කම්කරු පන්තිය ඇතුලු වැඩ කරන ජනතාව වෙත ආමන්ත්රනය කරමින් එම අරගලය පුලුල් කරනු වස් ගැනුනු මුල් පියවරක්. විවිධ දේශපාලන හා වෘත්තීය, සංස්කෘතික ප්රවනතාවන්ට අයත් බුද්ධිජීවීන් මේ අරගලය වෙනුවෙන් එක වේදිකාවකට පැමින සිටියා විතරක් නෙමෙයි, ඉතා විශ්ලේශනාත්මක හා ඇතැම් විට ප්‍රහාරාත්මක ශෛලියකින් එකා වන් ව ආන්ඩුවේත්, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේත්, අධ්‍යාපන ඇමතිවරයාගේත් පිලිවෙතට එරෙහි ව ප්‍රසිද්ධියේ පෙනී සිටියා. මේක කටුනායක වැනි ප්රචන්ඩ සිද්ධියක් නෙමෙයි. ඒත් (සහභාගී වූවන් ඒ පිලිබඳ සවිඤ්ඤානක වුවත් නැතත්) උද්ඝෝශනයේ දේශපාලන අන්තර්ගතය බෙහෙවින් සමානයි කියන්න පුලුවන්.
රැස්වීම ඇමතූ කථිකයින් අතර දඹර අමිල හිමියන්ගේ සිට සුමනසිරි ලියනගේ දක්වාත්, නිර්මාල් රංජිත් දේවසිරිගේ සිට හඟුරන්කෙත ධීරානන්ද හිමි දක්වාත් වර්තමාන විශ්ව විද්‍යාල ප්‍රජාවේ පුලුල් හරස්කඩක් දකින්න ලැබුනා; මානව ශාස්ත්‍ර, දන්ත වෛද්‍ය, ඉංජිනේරු, විද්‍යා ආදී විවිධ පීඨවල අත්දැකීම් ඇසුරින් මේ අර්බුදය පැහැදිලි කල හැකි, විවිධ පාර්ශ්ව නියෝජනය කල කථිකයින් පිරිසක්. ඊට අමතර ව තවත් සැලකිය යුතු පිරිසක් වේදිකාව මත සිටියා.
කථිකයින්ගේ අවධානයට ලක් වුනු ප්‍රධාන කාරනා අතර ආචාර්යවරුන්ගේ වැටුප් ප්රශ්නයේ ස්වභාවය මෙන් ම අධ්‍යාපනය උදෙසා රාජ්‍ය අංශය මගින් වෙන් කෙරෙන ප්‍රතිපාදනවල මඳකම ද තිබුනා. ක්රමානුකූල ව හා සංවිධානාත්මක ව මාතෘකා බෙදාගෙන සූදානම් ව සිදු කෙරුනු මේ එක ද දේශනයක් වත් හුදු ආවේගාත්මක වාගාලාපයක් බවට පත් වුනේ නැහැ. අදාල ගැටලු සංඛ්‍යාලේඛන සහිත ව ජාත්‍යන්තර හා දේශීය නිදසුන් සමග තුලනාත්මක ව, ඓතිහාසික ව හා විශ්ලේශනාත්මක ව සාකච්ඡාවට භාජනය කෙරුනා. මීට අමතර ව ආන්ඩුව පැත්තෙන් මේ අරගලය බිඳීමටත්, ඒ පිලිබඳ මහජනයා අතර අප්‍රසාදය වැපිරීමටත් ගෙන යමින් තිබෙන ව්‍යාජ ප්‍රචාර එලිදරවු කිරීමටත් ඇතැම් කථිකයෝ සෑහෙන කාලයක් සහ ශ්‍රමයක් වැය කෙරුවා. එම කතා බෙහෙවින් ඉවසිලිවන්ත හා සංවිධිත වූ අතර සභාවෙන් උද්යෝගීමත්, සහයෝගී ප්‍රතිචාරයක් ඒවාට ලැබුනා. (මේ රැස්වීමෙහි ඉදිරිපත් කෙරුනු සියලු දේශන දැන් විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ YouTube චැනලයෙන් නැරඹිය හැකි යි.)
ඔවුන් බහුතරයකගේ අදහස් තුලත් ස්වරයෙහිත් ගැබ් ව තිබුනු ඉහවහා ගිය ජාතිකවාදය ගැන මගේ සුලු හෝ එකඟතාවක් නැතත්, රැස්වීම වැදගත් සිද්ධියක් බව පිලිගන්න ඒක බාධාවක් නෙමෙයි.
රැස්වීම අතරමැද දී සිත්ගන්නාසුලු සිද්ධියක් හටගත්තා. අනපේක්ශිත ලෙස එදින ම රාත්‍රියේ අරලියගහ මන්දිරයේ සාකච්ඡාවකට විශ්ව විද්‍යාල ආචාර්ය සම්මේලනයේ නයුවන්ට කැඳවුම් ලැබුනා. මේ හදිසි පනිවිඩය සභාවට නිවේදනය කෙරුනු අතර රැස්වීම පැවැත්වෙද්දී ම ඔවුන්ගෙන් ඇතැමෙක් ඒ වෙනුවෙන් පිටත් ව ගියා. රැස්වීමේ තරම ගැනත් එහි ජනසහභාගීත්වයේ ස්වරූපය ගැනත් සැල ව, සලිත ව ගත් ඉක්මන් පියවරක් සේ පෙනුනු මෙයට සමගාමී ව තවත් දෙයක් සිදු ව ඇති බව තේරුනේ ඉන් පසු දින යි.
සම්මන්ත්රනය වාර්තා කිරීම සඳහා මාධ්‍යවේදීන් විශාල සංඛ්‍යාවක් පැමින සිටියත්, කිසිදු ජනමාධ්‍යයක එදින රාත්‍රියේ හෝ පසුදින මේ ගැන සැලකිය යුතු සඳහනක් කෙරුනේ නැහැ. වීඩියෝ කැමරා මයික්‍රෆෝන ආදිය ඇතැම් විට කථිකයින් වැසී යන අන්දමින් හා සභාවට බාධාවක් වන තරමේ උද්යෝගයකින් හසුරුවනු ලැබුවත් ඒ කිසිවක් ප්‍රසිද්ධියට පත් නො වී වැලලී ගියේ කොහොම ද? දෙදිනක් පුරා කිසිදු පුවත්පතක මෙය තත් වූ පරිද්දෙන් වාර්තා නොකෙරෙන තැනට කටයුතු යෙදී තිබුන බව පැහැදිලි ව පෙනුනා.
ඇත්ත, මේ අරගලය පිලිබඳ විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ලියූ විවිධ ලිපිත්, ඔවුන් සමග කල සාකච්ඡාත් මීට පෙර විවිධ පුවත්පත්වල පල වුනා. විද්‍යුත් මාධ්‍යයන්ගෙන් විකාශය කෙරුනා. ඒත් ප්‍රසිද්ධ අවකාශයක් තුල හටගත් මේ සම්මන්ත්රන සිද්ධියේ දේශපාලන අන්තර්ගතය වෙනස්. මේක බරපතල සිද්ධියක්; ගිනි ඇවිලෙන සුලු යි! එය බෙහෙවින් පරිපාලිත ව ද සැර බාල කොට ද(හැකි නම් විකෘත කොට) මිස රටට දීමට හැකියාවක් නැති බව මෙරට ජනමාධ්‍ය කලාවේ රන් දෙවොල වන අරලියගහ මන්දිරයට පෙනී ගිය බව නිගමනය කිරීම අසාධාරන නැහැ. නොඑසේ නම් හදිසියේ මේ සියලු මාධ්‍ය ආයතන වෙන වෙන ම එය රටට නොකීමට තීරනය කලා වද්ද? සාමූහික විඤ්ඤානයක්, (සාමූහික අවිඤ්ඤානයක්) එහෙමත් නැත්නම් කිසියම් ආකාරයක ටෙලිපති බලයක් නිසා සියලු දෙනා එක ම නිගමනයකට සේන්දු වී නිහඬ වුනා වද්ද?