Inter Act Art මධ්‍යස්ථානය ඉදිරිපත් කරන තවත් බ්ලැක් බොක්ස් රංග කලා උලෙලක් අද සිට ආරම්භ වෙනවා. කලා නිර්මානවලට අමතර ව රංග කලාවේ විවිධ අංශ පිලිබඳ වැඩමුලු කිහිපයක් ද මීට ඇතුලත්. එහි කාලසටහන සහ තවත් විස්තර සඳහා ඔවුන්ගේ වෙබ් අඩෙවිය වෙත පිවිසෙන්න. පහත දැක්වෙන්නේ පසුගිය වසරේ බ්ලැක් බොක්ස් අත්දැකීමෙන් පසු මා ලියූ සටහනක්.
මට බ්ලැක් බොක්ස් රංග කලා අවකාශයක් මුලින් ම ඡායාරූපයකින් හැර සැබෑ ජීවිතයේ දී දකින්න ලැබුනේ 2010 පෙබරවාරි මාසයේ රාජගිරිය Inter Act Art මධ්‍යස්ථානයේ බ්ලැක් බොක්ස් අවකාශය තුල නාට්‍යයක් නරඹන්න ගිය අවස්ථාවේ තමයි. ඒ මුල් ම අත්දැකීමෙන් මගේ හිතට කා වැදුනු කාරනය වුනේ මෙය මොන තරම් සප්‍රයෝජනවත් උපකරනයක් හැටියට අපේ රංග කලා කටයුතුවලට යොදාගන්න පුලුවන් ද යන්න යි.
යුරෝපයේ හා ඇමෙරිකා එක්සත් ජනපදයේ බ්ලැක් බොක්ස් රඟහල් ගැන අවශ්‍ය නම් අන්තර්ජාලය හා පොත්පත් බලා “විද්වත් කතා” කියන්නත්(කයිවාරු ගහන්නත්) බැරි නැහැ. ඒත් මා දුටු රඟහලෙන් පටන්ගැනීම වඩා අවංකයි කියා හිතෙනවා.
සරල ව ම කිව්වොත් මෙය නිවසක කොටසක්. Inter Act Art මධ්‍යස්ථානය පිහිටි ගොඩනැගිල්ලේ විශාල කාමරයක්. අඩි විසිපහක පහලොවක පමන දිග පලලින් යුත් අවකාශයක්. මෙය අඳුරු නිල්, කලු හා සුදු තිර රෙදි මගින් ආවරනය කොට පරිපාලිත අවකාශයක් බවට පත් කර තිබෙනවා. මෙහි වහලයේ මැද ආලෝකකරන උපකරන සවි කරන පොල්ලකින් සමන්විත යි. ප්‍රේක්ශකයින් වාඩිගන්නා ආසන ඔබ මොබ ගෙන යා හැකි පරිදිත් අවශ්‍ය විටක පඩිපෙලක ආකාරයෙන් ඒකාබද්ධ කල හැකි ආකාරයටත් නිමවා ඇති නිසා මේ රඟහල තුල ඉඩකඩ ඒ ඒ අවස්ථාවට උචිත පරිදි පහසුවෙන් වෙනස් කරන්න පුලුවන්. රංගයේ “ඉදිරිපසින්” විතරක් නෙමෙයි අවශ්‍ය නම් දෙපසින්, වටෙන් හෝ රංගය මැද වුනත් ප්‍රේක්ශකයින් අසුන්ගන්වන්න පුලුවන්. අසුන්ගන්වනවා කිව්වත් ආසන නැතිව බිම වාඩි වීම වුනත් තහනම් කරන ව්‍යාකරනයක් මේ රංග කලා අවකාශය තුල නැහැ. රඟපෑම සඳහාත් එම පොලොව ම යොදාගත හැකි යි. අවශ්‍ය නම් “වේදිකා” හා වෙනත් පීඨිකා ඉදිකරගන්නත් බාධාවක් නැහැ.
වැදගත් වෙන්නේ මෙය නම්‍ය වන අතර ම, පරිපාලිත අවකාශයක් වීම යි. ප්‍රොසීනියම්, ඇම්පිතියටර්, එරීනා හෝ ත්‍රස්ට් ආදී ස්ථිර රංග අවකාශවලින් වෙනස් වුනත් මෙය වීදි නාට්‍යයක හමු වන රංග අවකාශයට සර්වසම නොවන්නේ එනිසයි. එවැනි විවෘත නාට්‍යයක් රඟදැක්වෙන අවස්ථාවක එන යන ජංගම ප්‍රේක්ශකාගාරයක් සහ නාට්‍යයේ පාලනයෙන් බැහැර, එහෙයින් ම සජීවී ව නාට්‍යය “නැවත ලිවීමට හා ප්‍රතිනිර්මානයට” දායක වන වාතාවරනයක්(ප්‍රේක්ශකයා, ආලෝකය, කාලගුනය සහ ප්‍රසිද්ධ අවකාශයට අදාල නීති රීති ආදි විවිධ සාධකවලින් සමන්විත වාතාවරනයක්) තියෙන්න පුලුවන්. එහි දී ප්‍රසිද්ධ අවකාශවලට අදාල ගතිකයන් රංගයට තීරනාත්මක ව බලපානවා. මෙය එයින් වෙනස්.
මේ විදිහේ බ්ලැක් බොක්ස් අවකාශයක් ඉදි කරගන්න ඒ තරම් දුශ්කරතාවක් හෝ වියදමක් දරන්න අවශ්‍ය නැහැ. ආලෝකකරනය තමයි වියදම් අධික අංශයකට තියෙන්නෙ. ඒකත් නිර්මානශීලී ව වැඩ කරන පිරිසකට මහා ගැටලුවක් නෙමෙයි. 2010 පෙබරවාරි මාසයේ පැවැත්වුනු බ්ලැක් බොක්ස් නාට්‍ය උලෙලේ දී ජනකරලිය නාට්‍ය කන්ඩායමේ කිහිපදෙනෙක් ඉටිපන්දම් එලිය පමනක් භාවිත කරමින් මේ රඟහල තුල නිර්මානයක් ඉදිරිපත් කල බව දැනගන්න ලැබුනා. එවැනි ආලෝකයක සිට සංකීර්න ආලෝකකරන ප්‍රයෝග හා බහුමාධ්‍ය උපකරන දක්වා විශාල පරාසයක වැඩ කරන්න කිසි ම බාධාවක් නැහැ.
ඉතින් මෙවැනි පරිපාලිත, නම්‍යශීලී හා නිදහස් අවකාශයක් තුල අත්පත් කරගන්න පුලුවන් මොනවද? මේ වගේ අවකාශයක් තුල අත්පත් කරගන්න බැරි මොනවද?
රාජගිරියේ බ්ලැක් බොක්ස් අවකාශය තුල මේ වන විට කෙටි නාට්‍ය, කෙටි චිත්‍රපට, දිගු නාට්‍ය, නර්තන හා වෙනස් ප්‍රසාංගික ක්‍රියාකාරකම් විශාල සංඛ්‍යාවක් පවත්වා තියෙනවා. ඊට අමතර ව නාට්‍ය වැඩමුලු හා පුහුනුවීම් පවත්වන්නත් එය යොදාගැනෙනවා. එම්. සෆීර් පුමුඛ Inter Act Art සංවිධානය මේ විකල්ප රංග අවකාශයේ විභවයන් පිලිබඳ සංවේදී වෙමින් එය හඳුන්වා දීමට දැන් සැලකිය යුතු කාලයක් ගත කර තිබෙනවා.
මේ සටහන ලියද්දී මඳක් අන්තර්ජාලය කූරු ගෑමෙන් හොයාගත්ත බ්ලැක්බොක්ස් රඟහලක් ගැන විස්තරයක්. ආසන 49 යි. මනා නිමාවකින් යුත් අවකාශයක්. මෑත දී එම ස්ථානයේ පෙන්වූ නාට්‍ය අතර The Shape of Things වැනි නව රැල්ලේ කෘති වගේ ම ගොඩෝ එනකං වැනි “ප්‍රධාන ධාරාවේ” කෘතීනුත් තියෙනවා. මේ පිටුවට ගියොත් එහි ඡායාරූප විශාල සංඛ්‍යාවක් නරඹන්න පුලුවන්.
මේ තවත් නිදසුනක්: නිව් යෝර්ක් විශ්ව විද්‍යාලයට අයත් බ්ලැක් බොක්ස් රඟහලක් (ඡායාරූප සහිත යි). උපරිම ආසන සංඛ්‍යාව 75 යි.
ආසන 250 - 500 පමන දක්වා තැබිය හැකි විශාල බ්ලැක් බොක්ස් රංග ශාලාත් ලෝකයේ තියෙනවා. හැබැයි මේ හැම එකක ම මූලික ම ලක්ශනයක් තමයි අර කියපු නම්‍යශීලීත්වය සහ අඩු වියදම් සහිත බව.
ඉතින් මට හැඟෙන විදිහට නම් මේක අපේ රටේ විශ්ව විද්‍යාල, පාසැල් හා ප්‍රජා සංවිධානවලටත් පොදුවේ නාට්‍යකරනය සම්බන්ධ අත්හදාබැලීම්, වැඩමුලු ආදිය කරන උදවියටත් ඉතා ප්‍රයෝජනවත් ක්‍රමයක්. මේ සෑම තැනක ම අද තියෙන ප්‍රශ්නයක් තමයි “විධිමත් රංග ශාලා” හා පුහුනු වීමේ ස්ථාන නැතිකම. ඒ වගේ ම කොලඹින් බැහැර නගර හා ගම් අතිවිශාල ප්‍රමානයක නාට්‍ය නැරඹීම, නිපදවීම හා ඒ පිලිබඳ සාකච්ඡා කිරීම පිලිබඳ සංස්කෘතියක් වර්ධනය කරගන්න බැරි වෙන්න ප්‍රධාන හේතුවක් හැටියට දැක්වෙන්නේ “විධිමත්” රංගශාලා නොමැති වීම යි. අනිත් කාරනය නිශ්පාදන කටයුතුවලට යන වියදම.
පසුගාමීත්වය, කුහකත්වය සහ වෙනත් ගැටලු
අපේ රටේ නාට්‍යකරුවන්ගේ අසහාය රන් දෙවොල වෙලා තියෙන්නෙ ප්‍රොසීනියම් වේදිකාව. න්‍යායන් හැටියට කවර කයිවාරු ගැහුවත් තව මත් අතිබහුතරයක් දෙනා මේකට හිත යටින් වන්දනා කරනවා. සමහරු කට ඇරපු වෙලේ ඉඳන් තොරතෝංචියක් නැතුව කියාගෙන යන්නේ “අපට” මේ ප්‍රොසීනියම් වේදිකා ලැබෙන්න කලින් “අපේ ම” වෙනත් රංග ක්‍රමත් රංග භූමිත් තිබුන බවත්, ඒවා මොනතරම් ප්‍රබලද ආදියත් තමයි. ඒත් නාට්‍යයක් හදන්න ගියාම මේ අයට ලයනල් වෙන්ඩ්ට් එකේ මංගල දර්ශනය පෙන්නාගැනීමටත් ඉන් පසු රාජ්‍ය නාට්‍ය උලෙලට රිංගීමටත් එහා ගිය වෙනත් අභිලාශ තියෙනවද කියන ප්‍රශ්නෙ ප්‍රේක්ශකයින් විදිහට අපට පැන නගිනවා. ඇත්ත, අපට තියෙන නාට්‍ය ශාලා පද්ධතිය එවැන්නක් තමයි. එරීනා, ඇම්පිතියටර් හෝ වෙනත් මහා ශාලා ආකෘති අපට නැහැ. ඒ නිසා හැම දේ ම කරන්නෙත් හිතන්නෙත් තියෙන ශාලා ආකෘතිය එක්ක යි. ඒවායින් බහුතරයත් “නගර ශාලා” හැටියට යොදාගන්නා ගොඩනැගිලි මිස නාට්‍ය ශාලා නෙමෙයි නේ? කුරුනෑගල, මාතලේ, කෑගල්ල…; මේ හැමතැනක ම තත්වය ඒ වගේ. නාට්‍යයක් පෙන්වන්න කලින් නාට්‍යය සඳහා විශේශ වියදමක් දරා දොරජනෙල් හා වාකවුලුවලට කලු කොල අලවා පැලැස්තර දමා සූදානම් කරගන්නා “නගර ශාලා” හා පාසැල් රැස්වීම් ශාලා “නාට්‍ය ශාලා” හැටියට හැඳින්වීමත් විහිලුවක්. ඒ වගේ ම මේ නාට්‍ය කෙරුවාවෙන් විශාල මුල්‍යමය ලාභයක් අත්පත් කරගන්නත් අමාරුයි. කියන අන්දම කෙසේ වෙතත් ක්‍රියාවෙන් නම් “ලංකාවට” ම නාට්‍ය පෙන්නන්න ලැබෙන්නෙත් නෑ. පසුගිය දශක එක හමාරක දෙකක කාලය පරීක්ශා කලොත් කොලඹින් පිට නාට්‍ය දර්ශන පැවැත්වීම ඉතා කැපී පෙනෙන ආකාරයෙන් පහත වැටී ඇති බව පේනවා. මහනුවර වැනි නගරයක පවා අද යථාර්ථය මේකයි. ඊට අමතර ව විශ්ව විද්‍යාල තුල ප්‍රතිපාදන කපා හැරීමේ ප්‍රතිඵලයක් ලෙස අභ්‍යන්තර නාට්‍ය දර්ශන සහ උත්සව සංඛ්‍යාවත් පහත ගිහින්.
මේ කාරනයට ම අදාල තවත් පැතිකඩක් තියෙනවා. මේ කියන මහා නාට්‍ය බහුතරයක් නිශ්පාදනය කරන්නෙත්, නඩත්තු කරන්නෙත්, ධාවනය වෙන්නෙත් ප්‍රේක්ශකයාගෙන් ලැබෙන මුදලින් නෙමෙයි. වෙනත් ව්‍යාපෘති හා ප්‍රතිපාදනවලින්. එනිසා කර්මාන්තයක් හැටියට ඒක පරායත්ත යි. ඉතින් මට පෙනෙන විදිහට නම්, අරක කලා ය- මේක කලා ය කියලා විසාල පුරසාරම් කියවන්න තරම් ජයග්‍රහනයක් ලැබෙන්නෙ නැහැ අද කාලේ ප්‍රොසීනියම් වේදිකාව වෙනුවෙන් ම සහ අගනගරයේ පැවැත්වෙන රාජ්‍ය නාට්‍ය උලෙල ඉලක්ක කරගෙන නාට්‍යයක් නිශ්පාදනය කිරීමෙන්.
ඒ නිසා මම නම් හිතන්නේ විකල්ප රංග කලා අවකාශ හා ක්‍රමවේද හොයාගෙන, ස්වීකරනය කරගන්න යොමු වීම ඉතා ම ප්‍රගතිශීලී පියවරක් කියලයි. එමගින් විශාල ප්‍රේක්ශක පිරිසකට ගුනාත්මක ව ආමන්ත්‍රනය කරන්න දොරටු විවර වෙනවා.
ප්‍රේක්ශකයින් සමග තිබෙන සමීපත්වය නිසා රූපනයට පමනක් නෙමෙයි නැරඹීමේ ක්‍රියාවටත් විශේශ බලපෑමක් මෙහි දී සිදු වෙනවා. ඒක ප්‍රොසීනියම් වේදිකාවේ හෝ වීදි නාට්‍යයක රඟපෑම වගේ නෙමෙයි. වීදි නාට්‍යයේ දීත් ප්‍රේක්ශකයාට තියෙන විශේශ සමීපත්වය රඟපෑම කෙරෙහි විශේශ බලපෑමක් කරනවා. නමුත් මෙය, කලින් සඳහන් කල පරිදි ම පරිපාලිත අවකාශයක් වීම හේතුවෙන් ඒ සබඳතාව සහ වගකීම තහවුරු වෙන්නේ වඩා වෙනස් ආකාරයකට. මීට පෙර ලියූ “මාතෘකාවක් නැත” සහ Black Box අත්දැකීම හා පොම්පීනියා - විප්පයෝගයේ සම්පයෝගය යන ලිපි දෙක බලන්න.
ඒ ලිපිවල විස්තර කෙරුනු සජීවී අත්දැකීම්වලින් සනාථ වුනු පරිදි කුඩා ප්‍රේක්ශකාගාරය සහ නාට්‍ය කන්ඩායම අතර වැඩිදුර සංවාද හා සම්භාශන වර්ධනය කරගන්නත් බ්ලැක් බොක්ස් අවකාශය විශාල මෙහෙයක් ඉටු කරනවා.