“මම නං සිංහයෙක්” සිමියොන් අප්පු අභිමානයෙන් කියනවා. “එහෙම තමයි හිතාගෙන ඉන්නෙ” මනුසිත් අප්පුගේ පිලිතුර ඒකයි. ගාමිණී හත්තොටුවේගම අධ්‍යක්ශනය කල විවෘත වීදි නාට්‍ය කන්ඩායමේ කෙටි නාට්‍යයක එන දෙබසක්.
විවිධ වූ පුරානෝක්ති මත පදනම් ව පුද්ගල, ගෝත්‍රික හා දේශපාලනික අන්‍යතා නිර්මානය කරගැනීම කවදත් සිදු වූවක්. මේ ප්‍රවනතාව දකුනු ආසියානු දේශපාලනයට බොහොම විචිත්‍ර, ඇතැම් විට හාස්‍යජනක ද වූ අරලු බුලු - ලුනු මිරිස් එකතු කරනවා. සිංහයින්, අලි, කොටි, වලස්සු විතරක් නෙමෙයි දෙවිවරු බෝසත්වරුත් දැන් දේශපාලන භූමියේ වොරැඳෙනවා. දුටුගැමුනු රජ්ජුරුවන් සිහි වුනාමත් කට කොනකට හිනාවක් නැගෙන තැනට අපි සම්ප්‍රාප්ත වුනේ අද ඊයෙක නෙමෙයි.
මේ දවස්වල ඉහල ම කතාබහට ලක් වෙන පුරානෝක්තිය තමයි “මව්බිමේ පංචායුධය”. පංචායුධ කියන්නෙ විශ්නු දෙවියන්ට ව්‍යවහාර වුනු අන්වර්ථ නාමයක් නේ. මේ නම වැටෙන්න හේතු වුනේ ඒ දෙවියෝ බොහෝම බලසම්පන්න ආයුධ පහකින් සන්නද්ධ වෙලා හිටපු නිසයි. පොඩි ලමයින්ගේ කරේ බඳින පංචායුධය කියන පලඳනාවෙ තියෙන්නෙත් ඒ ආයුධ පහ තමයි. මීට අමතර ව පංචායුධ කුමාරයෙක් ගැන කතාවකුත් අපේ පන්සිය පනස් ජාතක පොතේ එනවා. නමුත් දැන් කියන්න යන්නේ ඒ ගැන ම නෙමෙයි. අද උදේ මිදුල අමදිමින් උන්නු මගේ මෑනියන්දෑට “නැන්දේ නැන්දේ” ආදී ගරු සම්ප්‍රයුක්ත වදනින් ආමන්ත්‍රනය කල පංචායුධ ලෝලීන්/දාසයින් පිරිසක් පත්‍රිකා සහ පොකැට් කැලැන්ඩර ආදිය ප්‍රදානය කොට තිබුනා. මේ තියෙන්නේ එයින් එකක්.
“පුතා පුංචි කාලෙ නං පංචායුදේ එක දිගට දාල තියන්න ලැබුනෙ නෑ. ඒ දවස්වල ලමයින්ගෙ පංචායුද කඩාගන්න හොරු වගයක් පැතිරිලා හිටිය. සමහර ලමයින්ගෙ පංචායුදේ කඩාගන්න බැරි වුනාම ලමයව බලෙන් උස්සගෙන ගිය ඒවත් පත්තරවල ගියා. ඉතින් මම පංචායුදේ ගලවලා අල්මාරියේ දැම්මා” ගෙට ආ ඇය අතීතාවර්ජනයකුත් කෙරුවා. ඒ හැත්තෑව දශකය ගැන. ඒ කාලෙ ඔය කියන පංචායුධය තෑගි දීලා තිබුනෙ මගේ ලොකු අම්මා. ඇය 1989 අවුරුද්දේ මියපරලොව ගියා. නිල නො වන ඇඳිරි නීතිය නිසා අපට රෝහලට විතරක් නෙමෙයි මලගෙදරටත් යාගන්න අමාරු තත්වයක් උද්ගත වෙලයි තිබුනේ. පස්සේ මට මතකයි මගේ පියා මාත් කැටුව ගියා මේ ප්‍රදේශයේ හිටපු ජනතා විමුක්ති පෙරමුනේ ක්‍රියාධරයෙක් මුනගැහෙන්න. අපේ නෑයෙක් මිය ගිහින් ඉන්න නිසා අවමගුලේ වැඩවලට යන්න ක්‍රමයක් හදා දෙන්න කියල ඔහුගෙන් ඉල්ලීමක් කෙරුවා. ඔහු උපදෙස් දුන්නා, “මගදී කවුරු හරි නවත්තලා ප්‍රශ්න කලොත් — — අහවල් දිස්ත්‍රික්කයේ අහවල් නායකයාගෙන් අවසර අරගෙන ආ බව කියන්න”. ඒත් යන අතරමග අපිව නවත්තන්න කිසි කෙනෙක් හිටියේ නැහැ. කී දෙනෙක් ද කියලා හරියට ගනන් කරගන්න අමාරු මල මිනී/ශරීර කොටස් ප්‍රමානයක් අතරමග ටයර් සෑයක පිලිස්සෙමින් තිබුනා. ඊට කිලෝමීටර දෙකකට පමන ඔබ්බෙන් මගේ ලොකු අම්මාගේ අවමගුල් පෙරහැර ගමන් කලා.
මම හිතන්නෙ අද නම් තත්වය වෙනස්. හැත්තෑ ගනන්වල වගේ පංචායුධ කඩාගන්නෙත් නෑ. පංචායුධයකින් නෙමෙයි සර්වාභරනයෙන් සැරසුන ස්ත්‍රියකට වුනත් අපේ දේශයේ එක කෙලවරක ඉඳන් අනිත් කෙලවරට තනිපංගලමේ ගමනක් යන්න පුලුවන් තරම් සුරක්ශිතභාවයක් තියෙනවා. අසූගනන්වල අග විභූතිමත් ව හිටපු කෝලාහලකාරයොත් අලු වෙලා ගියා. කොටි විතරක් නෙමෙයි අලිත් දැන් උන්හිටි තැනක් හොයාගන්න නෑ. රටත් බතින් බුලතින් සරුසාරයි. ආර්ථික සමෘද්ධිය නිසා ම හොරකම් මැරකම් අඩු වෙලා. මේ මැතිවරනයෙන් පස්සේ කේතුමතී රජදහන මේ ධරනී තලයේ පහල වෙන බව මට දැන් දැන් දැනී නොදැනී යන්න පටන් අරගෙනයි තියෙන්නේ. එක ම අඩුවකට තියෙන්නේ තුනෙන් දෙක විතරයි.
ආ! මේ තියෙන්නෙ කේතුමතී රාජධානිය ගැන විස්තරයක්, සද්ධර්මාලංකාරයෙ :
“ඒ කේතුමතී නම් රාජධානියෙහි දඬින් පතින් කළ ගෙයක වසන්නා වූ එක ද සත්ව කෙනෙක් නැත. සත් රුවනින් විසිතුරු වූ ප්‍රාසාදවල ම වාසය කෙරෙති … බඩ නිසා දුක් ගන්නා එක ද සත්ව කෙනෙක් නැත”
පංචායුධ පුරානෝක්ති ගැන පසුවට.