වෙබ් ආලෝචනා | web alochana

3.0 nihil humanum a me alienum puto

ප්‍රතිචාරාවකාශය

| Comments

බ්ලොග් අඩෙවිවල ප්‍රතිචාර ලිවීම සහ ප්‍රතිචාර තීර තුල හටගන්නා සාකච්ඡා යන මේ සියල්ලෙන් සමන්විත අවකාශය ප්‍රතිචාරාවකාශය හැටියට හඳුන්වන්න පුලුවනි. මේ පදය කලකට ඉස්සර නිපදවාගැනුනේ commentosphere කියන ඉංග්‍රීසි පදය වෙනුවට. දැන් බ්ලොග් ලිවීම වගේ ම ප්‍රතිචාර දක්වමින් බ්ලොග් අතර සැරිසැරීමත් වෙනම “වැදගත්” කටයුත්තක් හැටියට වර්ධනය වෙලා තියෙනවා. ඇතැම් අය ප්‍රධාන වසයෙන් ම ප්‍රතිචාරකරුවන් මිස, බ්ලොග්කරුවන් නෙමෙයි. ඒ නිසා ප්‍රතිචාරාවකාශය සඳහා පහසුකම් සලසන Intense Debate, Disqus වැනි ප්‍රතිචාර කලමනාකරනය කරන හා ජාලගත කරන වෙබ් සේවාවන් ජනප්‍රිය වෙලා.

මේ අඩෙවියටත් වැඩි පහසුවක් ඇති වෙන්න Intense Debate ප්‍රතිචාර පද්ධතිය ඇතුලත් කලා. පැරනි ප්‍රතිචාර ඒ ආකාරයෙන් ම ඉතිරි ව තිබෙන අතර අලුත් ප්‍රතිචාර එමගින් වඩාත් පහසුවෙන් පල කරන්න ඉඩ ලැබෙනවා. ඒ වගේ ම ප්‍රතිචාරකරුවන්ට වෙනත් ප්‍රතිචාර දක්වන්නන් සමග යා වෙන්න, අන්තර්ක්‍රියා කරන්න, “සන්ධානගත වෙන්න” මේ හරහා ඉඩ ලැබෙනවා : ප්‍රතිචාර-පාදක සමාජ ජාලයක් (comment-based social network ). අනිත් අතට බ්ලොග් අඩෙවිය පැත්තෙන් ප්‍රතිචාර දක්වන්නන් සමග අන්තර්ක්‍රියා කරන්න වැඩි පහසුවක් ද මේ නිසා ඇති වෙනවා. සිත්ගන්නාසුලු දෙයක්.

UPDATE 09 Feb 2009 : ඇතුලත් කලාටත් වඩා වේගයෙන් Intense Debate පද්ධතිය ඉවත් කරන්න සිදු වුනා. යුනිකෝඩ් අක්ශර දර්ශනය කරවීමේ දී මෙහි ගැටලු මතු වුනා. ඒ විතරක් නෙවෙයි, සිංහලෙන් ලියන ප්‍රතිචාර පල කිරීමට පෙර comment is too long වැනි පනිවිඩ එයින් නිකුත් වෙනවා. බොහෝ විට ඡේද කිහිපයක් දිග ප්‍රතිචාර සිංහලෙන් පල කරන්න එය ඉඩ දෙන්නේ නැහැ.