වෙබ් ආලෝචනා | web alochana

3.0 nihil humanum a me alienum puto

Sinhala Blog Marathon Prologue 3 : Sinhala Typing Guide: Easiest Language to Type? :D

| Comments

Following page was “stolen” from Sinhala Bloggers’ Union website. See here and here if you still don’t know what’s going on and need Sinhala enabling support :-)

සිංහල බ්ලොග් මැරතන් නිමිත්තෙන් පල වන මේ ලිපිය උපුටාගත්තේ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ වෙබ් අඩෙවියෙන්

සිංහල යතුරු පුවරු සහ ටයිප් කිරීමට යොදාගත හැකි පහසු මෘදුකාංග

සිංහල භාශාවෙන් පරිගනකයේ ලිවීම අරඹන බොහෝ දෙනාට ගැටලුවක් වන්නේ අකුරු ටයිප්කිරීම හෙවත් යතුරු ලිවීම යි. ඒ සඳහා ඉතා පහසුවෙන් යොදාගත හැකි ක්‍රම ගනනාවක් තියෙනවා. දැන් අපි, නිතර සිංහල ටයිප් නොකරන අයට, අලුතින් පටන්ගන්න අයට, ලේසියෙන් පහසුවෙන් “අල්ලා ගන්න” පුලුවන් ඉක්මන් ඒවායින් පටන්ගෙන මේ විවිධ ක්‍රම ගැන ටිකක් සලකා බලමු…

1. ගාර්ප්, සිංග්ලිශ් හා වෙනත් යතුරු ලිවීමේ ක්‍රම

අපි එස් එම් එස් යවද්දී සිංහල ලියන විදිහ මේ වගේ නේද : mama yanawa. heta ennam

mama gedxara yanavaa ….

මේ ආකාරයෙන් යතුරු ලියද්දී output හැටියට යුනිකෝඩ් සිංහල නිකුත් කරන්නා වූ මෘදුකාංග ද කිහිපයක් තිබෙනවා.

එකක් තමයි ගාර්ප්. එහි භාවිතා වන යතුරු පුවරු සැකසුම තමයි මේ. ටයිප් කිරීමට ඒ හැටි හුරුවක් නැති කෙනෙකුට වුණත් මෙය පහසුවෙන් භාවිතා කරන්න පුලුවන්.

සම්පූර්න ගාර්ප් උපදෙස් පත්‍රිකාව මෙන්න මේ යොමුවෙන් ලබාගත හැකියි :

http://garpuniphonic.ourprofile.us/files/manual.doc

එවැනි ම තවත් මෘදුකාංගයක් වන්නේ සිංග්ලිශ් සිංහල ටයිප්රයිටරය යි.

2. ජාලගත යතුරු පුවරු (Online keyboards)

පරිගනකය තුල සිංහල යතුරු පුවරුවක් නැතත් ඔබට අන්තර්ජාලයේ තිබෙන උපාංගවල සහාය ලබාගන්න පුලුවන්. ජාලගත යතුරු පුවරු සහ තිරයමත යතුරු පුවරු කීපයක් ම තියෙනවා.

එස් එම් එස් පන්නයේ සිංහල එසැනින් යුනිකෝඩ් සිංහල බවට පෙරලන පහත දැක්වෙන වෙබ් පිටු ඔබත් අත්හදා බලන්න. mama yanawaa කියා යෙදූ විට එයින් පිරිසිදු යුනිකෝඩ් සිංහල නිපදවෙනවා: “මම යනවා” වශයෙන්. මේ බලන්න -

SinGlish transliterated –> Sinhala Unicode

SinGlish (Phonetic) transliterated –> Sinhala Unicode

• අනික තිරය මත යතුරු පුවරුවක් (on screen keyboard) http://www.ucsc.cmb.ac.lk/ltrl/services/keyboard/

• කපුටා යුනිරයිටරය එක පිටුවක් තුළ මේ සියලු වර්ගවල යතුරු ලිවීම් ක්‍රම යොදාගත හැකි පරිදි සකසා තිබෙන, හදිසි අවස්ථාවක දී ප්‍රයෝජනවත් උපකරනයක්. ඉන්ටර්නෙට් කැෆේ වැනි පොදු ස්ථානවල දී සිංහල යතුරු පුවරුවක් නොමැති පරිගනකයක සිට වුව ද යමක් ටයිප් කරගන්න මේ පිටුව උපකාරී වෙනවා : http://www.kaputa.com/uniwriter/

5) ගූගල් වෙතිනුත්, තිරය මත සිංහල යතුරු පුවරුවක් ලබාගන්න පුලුවන්. මෙය ඔබේ වෙබ් අඩෙවියේ පිටුවක් තුළට ඔබ්බවා ගන්න, නැතහොත් embed කරගන්න වුණත් පුළුවන්. ඒ සඳහා මේ පිටුව බලන්න

3. ශබ්දානුකුලයතුරු පුවරු (Phonetic keyboards)

LKLUG Phonetic - මෙය ලිනක්ස් මෙහෙයුම් පද්ධති සමග භාවිතා කල හැකිශබ්දානුකූල පුවරුවක්. ඒ කියන්නෙ ඉංගිරිසි අක්ශරයේ ශබ්දයට ආසන්න වශයෙන් සමාන ආකාරයකට සිංහල අකුරු සංවිධානය වෙලා තියෙන සැකසුමක්.

පහත අකුරු දෙක යතුරු පුවරුවට ඇතුලත් කිරිමෙ දි ක්ශනිකව එම අකුරු ඇතුලත් කළ යුතුයි ka - කා kA - කැ kAA - කෑ ke - කෙ kee - කේ ki - කි kii - කී ko - කො koo - කො ku - කු kuu - කූ

4. විජේසේකර යතුරු පුවරුව

මෙය තමයි සිංහල යතුරු ලිවීමට තිබෙන ඉතා ම ප්‍රමිතිගත යතුරු පුවරුව. මමත් හැමදාම භාවිතා කලේ විජේසේකර යතුරු පුවරුව. ඉගෙනගත් පසු වේගවත් ම ලිවීම ලබාගත හැකි යතුරු සැලසුමත් මේකයි. මෙය සැකසී තිබෙන්නේ සිංහල භාශාවේ වඩාත් භාවිතා වන අකුරු හා පිල්ලම් කරා වඩාත් පහසුවෙන් ළඟා විය හැකි පිලිවෙලකට. ඒ නිසා දවස් දෙක තුනක් වෑයම් කිරීමෙන් මෙය අල්ලා ගැනීමවෙනත් සිංහල යතුරු පුවරුවලට වඩා වාසිදායක බව නිර්දේශ කරන්න පුළුවන්. පැරනි ටයිප් රයිටර් යුගයේ පටන් වේගවත් ව ලිවීමේ හැකියාව ලබා දුන් මෙය සියලු තැන්වලට පොදු ප්‍රමිතියක් අනුව සැකසුනක්. ඒ නිසා ලිනක්ස් මත දී වින්ඩෝස් මත දී හෝ මැනුවල් ටයිප් රයිටරයක් මත දී ඔබට හමු වන විජේසේකර යතුරු පුවරුව එකම පොදු ආකෘතියකට අනුව වැඩ කරනවා. ඒ නිසාත් මෙය පහසුයි. වින්ඩෝස් මත සිංහල ස්ථාපනයේ දී මෙන් ම ලිනක්ස් මත දීත් මෙය සිංහල සමග “ඉබේ ම” ලැබෙනවා. පහත දැක්වෙන්නේ එහි සැලසුම හෙවත් කීබෝඩ් ලේ අවුට් එක. (පින්තූරය විශාල කිරීමට එය මත ක්ලික් කරන්න) නොඑසේ නම් මේ pdf ගොනුව බාගන්න