වෙබ් ආලෝචනා | web alochana

3.0 nihil humanum a me alienum puto

සිංහල බ්ලොග් අවකාශය

| Comments

ඉතා කෙටි කලක් තුල සිංහල බ්ලොග් අවකාශය පිබිදී ආපු හැටි බලන්න හරි ම රුචිකරයි. ලංකාවේ අනිත් ක්ශේත්‍ර වගේ ම සිංහල භාශා බ්ලොග් අවකාශයත් විවිධත්වයෙන් සරුයි. ඒ වගේම වැදගත් කාරනයක් තමයි ලංකාවේ බ්ලොග්කරනය “ප්‍රධාන ධාරාවක්” බවට පත් වෙන්න නම් ඒක සිංහල හා දෙමල භාශෘ දෙක කරා පැතිරෙන්න ම වෙනවා කියන එක.

ලංකාවේ ම ඉංගිරිසි බ්ලොග් වසර කීපයකට පෙර මේ අවදියේ තිබිය දී දකින්න ලැබුනාට වඩා බෙහෙවින් පුලුල් පරාසයකට සම්බන්ධ බ්ලොග් විශාල සංඛ්‍යාවක් දැනටමත් සිංහලෙන් තියෙනවා. දේශපාලන, සාහිත්‍යකලා, සමාජීය ආදී විවිධ අංශ කරා පැතිර යමින් සිංහල බ්ලොග් වැඩෙනවා… මේක ඉතාම සතුටුදායක තත්වයක්… අනගි තත්වයක්. අද මේ මැරතන් ඉසවුව ඒ බ්ලොග් අවකාශය අපේ රටේ ඉන්න අන්තර්ජාල සැරිසරන්නන්ගේත් බැහැර ඉන්න සිංහල භාශා ලෝලීන්ගේත් අවධෘනයට ලක් කරන්න සමත් වෙනවාට සැකයක් නැහැ.

දැනටත් විශාල සංඛ්‍යාවක් සිංහල භාශා අන්තර්ගතය පල වෙමින් තිබෙනවා බ්ලොග් මැරතන් සින්ඩිකේටරයේ

අනර්ඝයි!