ලක්බිම නිවුස් (Lakbima News) ඉංගිරිසි පුවත්පතේ කර්තෘ රාජ්පාල් අබේනායක මහතා වෙබ්ලොග් රචකයින්ගෙන් අන්තර්ගතය සොරාගත්තාට අමතරව දැන් බ්ලොග්කරුවන්ට දුරකථනයෙන් බැණවදින්නත් පටන්ගෙන! මොනතරම් උද්ධච්ච හැසිරීමක් ද? ඇයි මම මේ ගැන සිංහලෙන් ලියාගෙන ලියාගෙන යන්නෙ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. මම ලියන්නෙ වර්තමාන පාඨකයන්ට වගේ ම ගූගල්(google) නමැති දීර්ඝකාලීන පාඨකයා ගැනත් හිතලයි. මේ සිදුවීම් සිංහලෙනුත් වාර්තා කර තැබිය යුතුයි. ඒ වගේ ම මම අදහස් කරනවා මෙය සිංහල පුවත්පත්වල පළ කිරීමට. පළ කළත් නැතත් ලක්බිමටත් යවනවා. මේ සිද්ධිය පිළිබඳ අවසන් නෛතික, සදාචාරාත්මක හා වෘත්තීය නිගමනවලට කිසිවෙක් තවම ළඟා වී නෑ. සිදුවීම් හටගෙන අහවරත් නෑ. අපි ඉන්නේ මේ කලබගෑනිය මැද. ඒත් මෙය වැදගත් පූර්වාදර්ශ කිහිපයක් සම්පාදනය කෙරෙමින් පවතින අවස්ථාවක්.
මෙන්න confab ගෙන් උපුටනයක්
රාජ්පාල් අබේනායක කීර්තිමත් මාධ්යවේදියෙක්. ඔහුට දීර්ඝකාලීන ගෞරවසම්පන්න වාර්තාවක් තිබෙනවා මේ වෘත්තිය තුළ. ඒත් දැන් කිරි කළයට ගොම බවුසරයක් හලා ගත්තා වගේ.
ඔහු නිදහසට කරුණක් හැටියට දක්වලා තියෙන්නේ ඒ බ්ලොග් අඩෙවිවල ප්‍රතිනිෂ්පාදන අයිතිය පිළිබඳ සඳහන ගැන අවධානය යොමු නොකළ බව. නීතිඥයකු ද වන අබේනායක සමතාට පෙන්වා දිය යුතු කාරණයක් තියෙනවා. ඔහු එවැනි සටහන් ගැන බැලීම හෝ නොබැලීම අදාළ කාරණයක් නෙවෙයි. නීතිය නොදැන්මත් වරද නිවරද වීමට හේතුවක් නෙවෙයි. මූලික කාරණය තමයි, නෛතික ව එහෙම නිවේදන ලියලා පළ කරන්න අවශ්‍යතාවක් ඇත්තේ නෑ. Copyright Disclaimer එකක් එනම් ප්‍රතිනිෂ්පාදන අයිතීන් පිළිබඳ නිවේදනයක් පළ කර තිබුණත් නැතත් නෛතික ව අදාළ රචකයාට පූර්ණ හිමිකම් තියෙනවා සිය ලිපි ලේඛන සම්බන්ධයෙන්. ඒ වගේ ම ප්‍රසිද්ධ ඩොමේනයක ඇති දේ ඕනෑම කෙනෙකුට පරිහරණය කළ හැකි බවටත් ඔහු නන්දොඩවලා. මෙය සම්පූර්ණ අසත්‍ය පල් හෑල්ලක්. පුවත්පත් කර්තෘ ධුරයක ඉන්නේ මේ තරම් දැනුම් තේරුම් නැති පුද්ගලයෙක් ද? බුද්ධිමය දේපල පනත ගැනත් ලොව වටා වෙනත් තන්හි බුද්ධිමට දේපළ හිමිකම් ගැනත්, මූලාශ්‍ර පිළිබඳ මාධ්‍ය ආචාර ධර්ම ගැනත් පුවත්පත් පැමිණිලි කොමිසමේ දී අවශ්‍ය නම් ඔබට ටියුෂන් පන්තියක් පැවැත්වීමට අපිට පුළුවන්. ඒත් ඊට කලින් ගෙදර දී ම මේවා කියවලා ආවොත් තමයි හොඳ. එතකොට තමයි රෙදි ඇඳගෙන නම්බුකාර විදිහට පත්තර කර්තෘකම කරන්න පුළුවන්. හොඳයි අපි මොහොතකට පිළිගනිමු උගත් කර්තෘතුමා මේ සියල්ල දන්නා බව. ඒත් කටට එන දේ කියලා බ්ලොග් රචකයා “බය කරගන්න” පුළුවන් වේවි කියලා අබේනායක මහතා කල්පනා කළා විය හැකියි. එහෙත් රාජ්පාල් මහතාණෙනි, පෙර මෙන් සර්වබලධාරී තත්වයක් මාධ්‍යවේදියාට අද නෑ. ඒ ඉස්සර. ඔබ නමින් රාජ්පාල් වුවත් ඔබට (මාධ්‍යවේදියාට) රාජ්‍ය අධිකාරය (සිව් වෙනි අධිකාරය - fourth estate) අහිමි වී බොහෝ කල්. මේ වෙබ් 2.0 යුගය යි. මාධ්‍යවේදීන්ගේ තත්වය පිරිහිලා තිබීමට අමතර ව අන්තර්ජාලයේ වෙබ් 2.0 විප්ලවයට පින්සිදු වන්නට තවත් බොහෝ දෙනාට අද හඬවල් ලැබී තිබෙනවා.(කියවන්න VIC, පුළුවන් නම් අවසර ගෙන දහසින් බැඳි පියලි දී ඒ රුවන් වැකිය Lakbima News හි පළ කරගන්න.) ඔබට නිකම් වනලා කතාකරන්න බෑ. එහෙම කළා කියලා කවුරුත් ඔබට බයවෙන්නෙත් නෑ. ඔබ නිශ්චිත විය යුතුයි. වගකීම් සහගත විය යුතුයි. නමුත් අහෝ! ඔබ දැනටමත් අනාගෙන ඉවරයි. ගෞරවාන්විත පසුබැසීමක් සහ උචිත සමාව භජනය කිරීමක් සහිත නිවැරදි පාර තෝරා ගැනීම මැනැවි.
ඊට අමතර ව ලක්බිම වෙනුවෙන් ඇතැම් බ්ලොග් අඩෙවිවල නිදහසට කරුණු දක්වා ඇති තැනැත්තා කියා ඇති දෑ බලන්න. එය අතිශය අවිශ්වසනීය හේතු දැක්වීමක්. පරස්පර විරෝධීයි. එයටත් නිසි පිළිතුරු confab එතැන ම දී තිබෙනවා. ඊට අමතර ව ඊමේල් පහසුකම් ගැන දන්වා නොතිබුණත් ඕනෑ ම බ්ලොග්කරුවෙක් ඔහුගේ හෝ ඇයගේ ප්‍රතිචාර තීරුව යටතේ සම්බන්ධ කරගන්න පුළුවන් - ප්‍රතිචාරත් බලරහිත(disabled) කර නැත් නම්. මේ ප්‍රශ්නයට මැදි වූ සියලු දෙනාගේ බ්ලොග් වල comments හෙවත් ප්‍රතිචාර සටහන් කිරීමේ පහසුකම තිබුණා. සියලු දෙනා කොත්තු(kottu.org) සහ අච්චාරු(achcharu.org) ඔස්සේ නියෝජනය වී ඇති නිසා ඒ අඩෙවි මෙහෙයවන අය හරහා වුවත් අදාළ පුද්ගලයා අල්ලා ගැනීමේ හැකියාව නැත්තේ නෑ. සම්බන්ධ කරගැනීමේ නොහැකියාව, ප්‍රසිද්ධ ඩොමේනවල අන්තර්ගතය ගැන බොරු විකාර කතා, ඊමේල් ලිපින නොමැති වීම මේ ඔක්කොම කතා දැන් අතේ පත්තු වෙලා. දැන් වෙලා තියෙන්නේ ගලේ පැහැරූ බළලාට සිදු වූ දෙය යි. මොන තර්කය නැඟුවත් ඔවුන් කළ දෙය සාධාරණීකරණය කරනු බැහැ. සිදු වූ දෙය හංගන්නත් බැහැ.
අන්තර්ජාලය සහ මූලත්වය(originality) ගැන පසුවදනක්
දැන් අපි බලමු මේ ප්රශ්නයේ වෙනත් පැතිකඩක්. කලින් සටහන්වලට වෙබ් ආලෝචනා තුළ මෙන් ම වෙනත් තැන්වල ද පිළිතුරු සැපයූ ඇතැම් අය කියූ දෙයක් තමයි අන්තර්ජාලයත් සමග originality (මූලත්වය) අහෝසි වී ඇති බව. අපේ මිතුරු පූජිතත් එයින් එක් කෙනෙක්. ඔහු කියනවා මේවා සොරකම් නෙවෙයි ලු සේවාවක් ලු! ඔහු ඉස්සර විකිපීඩියා ලිපි පවා සම්බන්ධක නැතුව සිය බ්ලොග් අඩෙවියේ පළ කර තිබෙනවා (මතකද Raising the Flag on Iwo Jima? - දැන් හොඳ වෙලාවට ඒක ඉවත් කරලා) ඉතින් ඔහුට මේ ගැන මේ විදිහට හිතීම සාධාරණයි :-) මේ කියන “ඔරිජිනල් භාවය” අහිමි වීම හැමෝම හැම තිස්සේ ම දකින සුලභ පුවත් වෙබ් අඩෙවි, ඕපාදූප සම්බන්ධයෙන් “ඇත්තක්” වගේ පේන්න පුළුවන්. ඒත් අන්තර්ජාලයෙත් original අන්තර්ගතය තියෙනවා, අනිත් සෑම මාධ්යයක් තුළ සේ ම! පර්යේෂණ කරන, අලුත් තොරතුරු විශ්ලේෂණය කරන, ලිපි, නිර්මාණ පළ කරන අතිවිශාල සංඛ්යාවක් දෙනා අන්තර්ජාලයේ වැඩ කරනවා. මනරම් රසබර ලිපි, නිර්මාණ සම්පාදනය කරන බ්ලොග්කරුවන් ඉන්නවා. කලාකරුවෝ, කවියෝ සාහිත්යධරයෝ ඉන්නවා. මොවුන්ගේ කටයුතු මූලික යි. ඒවා original නෑ කියලා කියන්න බෑ. ඒ කතාවලින් කොපි කිරීමේ සහ මුල් කතුවරුන්ගේ අයිතිය මකා දැමීමේ කටයුතු සාධාරණීකරණය වෙන්නේ නෑ. මුලින් ම දේවල් නිර්මාණය කළ අය, ආයතන, වෙබ්අඩෙවි, ඔබ කොයි තරම් කොපි පෙස්ට් කරමින් සිටියත් ඔබට බාහිර යථාර්ථයේ කාලය හා අවකාශය තුළ සිටිනවා/පවතිනවා. එය මකා දැමිය නොහැකියි. ඝාසා තීරයේ ජීවිත අවදානමට ලක් වෙමින් වාර්තාකරණයේ යෙදෙන බීබීසී වාර්තාකරුවාගේ සටහන “නිව්යෝක් සිට ලියන” සිරි හීන්පැල්ල අන්තර්ජාලයෙන් ලංකාදීප පුවත්පතට හොරෙන් ම කොපි කළා කියලා බීබීසී මාධ්යවේදියාගේ කටයුතුවල මූලත්වය අහෝසි වෙන්නේ නෑ. Indi, Mahangu, VIC, Cerno, Rhythmic Diaspora ආදී අය තරම් හොඳින්, මනරම් ශෛලියකින්, නිර්මාණශීලී ව ලියන අය අද ලංකාවේ පත්තරවල (අලුත් පරම්පරාවේ ලේඛකයින් අතර) හිගයි. ඔවුන් ලියන දේ මූලත්වයෙන් යුක්තයි(original). ඒ අන්තර්ගතයට ඇතැම් විය එකඟ වුණත් නැතත් ශෛලීන් හා ලේඛන විලාස අනර්ඝ බව මම හැම විට ම හිතන දෙයක්. දැන් පූජිත මත් සම්බන්ධ වී සිටින සැළලිහිණි සන්දේශ සංස්කරණය බලන්න. එය මූලික කටයුත්තක්. කවුරුන් හරි එය බාගත කරගෙන ටියුෂන් පන්තිවල විකුණන්න පටන්ගත්තොත් අනිවාර්යයෙන් ම ඔහුට හෝ ඇයට විරුද්ධව අපි නඩු පැවරිය යුතුයි. ඔබ කොපි කර ඇති දෑ දකින අය එහි මුල් පිටපත් දකින විට ඔබට සිනා සෙනවා. රාජ්පාල් වැනි එවැනි සොරකම් කළ දෙයින් මුදල් ද ගරන අයට නම් සිනහසීම පමණක් ප්රමාණවත් නෑ. මේ කොපිගසන්නන් ලක්ෂ ගණනින් ආදායම් උපයන්නේ සොරකම් කරගත් ධනයෙන්. දැනුම සහ නිර්මාණශීලීත්වය යනු මිල අධික ධනයක්. ලක්බිම පුවත් පත ගනිමු. එය ලාභ ලැබීම සඳහා පවත්වාගෙන යන ආයතනයක්. ඔවුන් සිය පුවත් පතට වෙළඳ දැන්වීම් මගින් ආදායම උත්පාදනය කරනවා. මේ සියල්ලට මූලය එහි තිබෙන අන්තර්ගතය යි. දැන් ඒ අන්තර්ගතය සොරාගත් දෙයින් පුරවා කිසිදු වියදමකින් තොර ව ලාභ ලැබීම ගැන ඔබ කියන්නේ කුමක් ද? මලින්ත සමරකෝනුත් එවැනි එක් සිද්ධියක් ගැන ලියා තිබුණා. අර පරිගණක පොත් “රචකයා” අන්තර්ජාලයේ නොමිලේ නැරඹිය හැකි වෙබ් අඩෙවිය අනවසරයෙන් කොපි කොට පොතක් කර රුපියල් බර ගණනකට විකිණීම ගැන මොකද කියන්නෙ?
මේ ක්ෂමාලාපකයින් (apologists) කියන්නේ මෙන්න මේ වගේ කාරණයක් - අද හැම තැන ම පවතින තත්වය ඕකයි. අන්තර්ජාලය තුළ හැමෝ ම හැමෝවම උපුටන නිසා මේ සොරකම සොරකමක් නෙවෙයි. මේක යි යථාර්ථය ආදී වශයෙන්. මට තේරෙනවා ඔබේ තර්කය. ඒත් පවත්නා තත්වය එනමි යථාව සෑම කල්හි ම තථ්‍ය වන්නේ නෑ. එය විය යුත්ත නියෝජනය කරන්නේ ද නෑ. තේරෙන භාෂාවෙන් කීවොත් සිද්ධ වෙන හැම දෙයක් ම සිද්ධ වී තිබීම යන හේතුව මත නිවැරදි වෙන්නේ නෑ. මේ හේගලියානු ආප්තය මෙතනටත් අදාළයි.
මෙන්න confab ගෙන් උපුටනයක්
“I called back an hour later and asked to speak Rajpal, and I was promptly put through. I explained what had happened and I told him that we were considering a few options, including taking legal action and also giving publicity to their ways through other media, including other newspapers. He got abusive and told me to publicise it in New York and the Great Wall of China (why he chose those two places still dumbfounds me). Again he swore at me and hung up.
“I called back another hour later and told him that I thought the line got cut mid conversation. I asked him why the permission of the author was not sought. He said that since the article was on a public domain, ie the www, it was usable by anyone. At this point I asked him whether he steals articles off sites such as http://www.bbc.co.uk/ without their permission. He didn’t reply. I then brought his attention to the fact that there was a disclaimer Chaar~max’s site stating that the material was not for commercial use. He said he had looked through plenty of blogs and had not paid attention to any licenses or disclaimers. How convenient. He lost his cool again and started shouting at me, at which I kept saying “all we want is an apology”. Again he told me to fuck off and hung up.”
දළ අනුවාදයක් :
“මම පැයකට පස්සේ ආපහු අමතලා රාජ්පාල්ට කතා කරන්න අවශ්‍ය බව කීවා. මාව නිසි පරිදි(අදාළ තැනට) යොමු කෙරුණා. මම සිදු වී ඇති දෙය පැහැදිලි කර නීතිමය පියවර ගැනීමත් වෙනත් පුවත්පත් මගින් සිද්ධිය ගැන පුසිද්ධිය ලබා දීමත් ඇතුළු පියවර අප විසින් සලකා බැලෙමින් තිබූ බව දැනුම් දුන්නා. ඔහු බැණවදින්න වුණා, නිව්යෝක් සහ චීන මහා ප්‍රකාරය මත පුසිද්ධිය දෙන මෙන් මට කියා සිටියා (මම තවමත් අන්දුන්කුන්දුන් වෙලා ඉන්නෙ ඔහු ඒ තැන් දෙක තෝරාගත්තේ ඇයි කියල) නැවතත් අසභ්‍ය ලෙස බැණ වැදුණු ඔහු (දුරකථනය) විසන්ධි කළා.
“තවත් පැයකට පසු යළි ඇමතූ මම කලින් දුරකථනය සංවාදය අතර මැද දී විසන්ධි වී යයි මට සිතෙන බව පැවසුවා. කතුවරුන්ගේ අවසරය ලබානොගත්තේ මන්දැයි මම ඔහුගෙන් අසා සිටියා. ඔහු කියා සිටියේ ලිපිය ප්‍රසිද්ධ ඩොමේනයක (public domain එනම් www) තිබෙන බැවින් එය ඕනෑම කෙනෙකුට භාවිතා කළ හැකි බව යි. මේ මොහෙතේ මම ඔවුන් බීබීසී වැනි ආයතනවල ලිපිත් මෙහෙම අවසර නැතුව හොරකම් කරනවද කියල ඇහුවා. ඔහු උත්තර දුන්නේ නෑ. ඉන් පසු chaar~max ගේ අඩෙවියේ එම අන්තර්ගතය වාණිජ කටයුතු සඳහා යොදාගත නොහැකි බවට සඳහනක් තිබෙන බව ඔහුගේ අවධානයට යොමු කළා. තමුන් බ්ලොග් ගණනාවක් පරිශීලනය කර තිබෙන මුත් බලපත්‍ර හෝ පුතිනිෂ්පාදන අයිතිය පිළිබඳ සටහන් ගැන අවධානය යොමු නොකළ බව ඔහු කීවා. මොන තරම් ලේසි ද. ඔහුට යළිත් කෙන්තිය ඇවිස්සී මට කෑගහන්න ගත්තා. එයට පිළිතුරු වශයෙන් මම දිගින් දිගට ම කීවේ “අපට අවශ්‍ය සමාව ගැනීමක් විතරයි” කියලයි. යළිත් මට තෝ හැමණියං(fuck off) කියූ ඔහු දුරකථනය විසන්ධි කළා”
(රාජ්පාල් අබේනායක සහ බ්ලොග් රචක confab අතර දුරකථන සංවාදය)
වැඩිදුර කියවන්න | Read More