මම පොරොන්දු වුණේ සිංහල යුනිකෝඩ් පිළිබඳ ලිපි අද පටන් පළ කරනවා කියලයි. ඒත් මගේ ලිපියේ අඩංගු රූප සටහන් එකක් වත් අප්ලෝඩ් කරගන්න බැරි වුණා අන්තර්ජාල සම්බන්ධතාවේ ගැටලුවක් හින්දා. එක දිගට විනාඩි දෙකතුනක් වත් සම්බන්ධවෙලා ඉන්න බෑ. මේක දැන් සති ගාණක ඉඳලා සැරින් සැරේ තියෙන ලෙඩක්. ටෙලිකොම් ආයතනයට පැමිණිලි කළාට තවමත් වැඩක් වුණේ නෑ. මම මුල් ම පැමිණිල්ල දැම්මේ අප්‍රේල් 15 වෙනිදා. ඒ අයගේ “කාර්යක්ෂම බව” ගැන ලංකාවෙ ඉන්න හැමෝම දන්නවනෙ. මේ ප්‍රමාද දෝෂය ගැන මම ඔබෙන් සමාව ඉල්ලනවා. මම හැකි උපරිම උත්සාහය ගන්නවා ලංකාවෙ වෙලාවෙන් අද රෑ, එහෙමත් නැති නම් හෙට වන විට ලිපිය පළ කරන්න.
එතෙක් මෙන්න මට හමු වුණු රසබර වගේ ම හරබර සෙන් කතාවක්. ඒකත් ඉස්සර කාලෙ සිද්ධ වුණු විවාදයක් ගැන. සිංහල පරිවර්තනය අජිත් තිලකසේනගෙන්.
සෙන් පන්සලක වෙසෙන භික්ෂූන් වහන්සේ නමක් සමග බුද්ධ ධර්මය විෂයෙහි වාද කොට ජයගත්තොත් ඕනෑම ආගන්තුක භික්ෂුවකට ඒ පන්සලේ වාසය කරන්න පුළුවන්. පරාජය උනොත් එතනින් යා යුතුයි.
ජපානයේ උතුරු ප්‍රදේශයේ පන්සලක සහෝදර භික්ෂූන් දෙනමක් වාසය කළා. වැඩිමහල් භික්ෂුව උගතෙක්. තරුණ වියේ සිටි දෙවෙනියා මෝඩපහේ කෙනෙක් වූ අතර උන්නාන්සේගේ එක් ඇහැක් අන්ධව තිබුණා.
එක්තරා පරිබ්‍රාජක භික්ෂුවක් දිනක් එහි පැමිණ ලැගුමට අවසර පතා නියමානුකූල පරිදි ධර්මාන්විත වාදයකට අභියෝග කළා. පොත පත කියවීමෙන් වෙහෙසට පත්ව සිටි වැඩිමහල් භික්ෂුව තමා වෙනුවෙන් වාද කරන ලෙස තරුණ භික්ෂුවට නියම කළා.
“හැබැයි නිහඬ වාදයක් පවත්වන්න” වැඩිමහල් භික්ෂුව වැඩි පරිස්සමට කිව්වා.
ඉන්පසු මේ තරුණ භික්ෂුවත් ආගන්තුක භික්ෂුවත් විහාරගෙට පිවිස බිම වාඩි වුණා.
මඳ වේලාවකට පස්සේ ආගන්තුක භික්ෂුව වැඩිමහල් භික්ෂුව වෙත ගිහින් මෙහෙම කිව්වා.
“ඔබේ සහෝදර උන්නාන්සේ හරිම සූරයෙක් නෙ. එයා මාව පැරැද්දුවා.”
“වාදය මොකක්ද කියල මට කියන්න” වැඩිමහල් භික්ෂුව කිව්වා.
“මෙන්න මෙහෙමයි උනේ” කියලා ආගන්තුක භික්ෂුව කිව්වා. “මම බුද්ධ යන්න නිරූපණය කරන්න ඇඟිල්ලක් ඉස්සුවා. එතකොට එයා බුද්ධ, ධම්ම දෙක අඟවන්න ඇඟිලි දෙකක් පෙන්නුවා. මම එතකොට බුද්ධ, ධම්ම, සංඝ යන රත්නත්‍රයම නිරූපණය කරන්න ඇඟිලි තුනක් ඉස්සුවා. එතකොට එයා ඒ රත්නත්‍රය එකම සර්වඥතාඥානයේ ප්‍රතිඵලයක් බව පෙන්නන්න අත මිට මොළවලා මගේ මූණට තිබ්බා. ඔය විදිහට එයා වාදෙන් දිනපු හින්දා මට තවත් මෙහෙ ඉන්න අයිතිවාසිකමක් නෑ.”
එසේ කියා ආගන්තුක භික්ෂුව යන්ට ගියා.
මඳ වේලාවකට පස්සේ “කෝ අර මිනිහා” කියා අසමින් තරුණ භික්ෂුව වැඩිමහල් භික්ෂුව වෙත දුවගෙන ආවා.
“ඔය තැන වාදයෙන් දිනුවයි කියල ආරංචියි.”
“දිනුව තමා! ඌට හොඳවායින් පාරක් දෙන්න ඕනෑ.”
“වාදෙ කළේ මොකක් ගැනද?”
“ඇයි මාව දැක්ක හැටියෙ මේ මිනිහා මට එක ඇහැයි තියෙන්නෙ කියල නින්දා කරන්න එක ඇඟිල්ලක් ඉස්සුවා. ඒ උණත් මිනිහ ආගන්තුකයෙක් නිසා මම තරහ ගන්නෙ නැතුව එයාට ඇස් දෙකක් තියෙන එක ගැන ප්‍රශංසා කරන්න මම ඇඟිලි දෙකක් ඉස්සුවා. එතකොට කිසි නිරිත්තමක් නැති මේ කාලකණ්ණියා අපි දෙන්නටම තියෙන්නෙ ඇස් තුනයි කියන්න ඇඟිලි තුනක් ඉස්සුවා. එතෙන්දි මට හොඳටම කේන්ති ගිහින් අත මිට මොළවලා උගෙ හොම්බට එකක් ඇන්නා. ඒ ගමන් මිනිහා පැනලා දිව්වා.”
From ZEN FLESH, ZEN BONES: A Collection of Zen & Pre-Zen writing compiled by Paul Reps(1957) Tokyo, Japan
සිංහල පරිවර්තනය අජිත් තිලකසේන. රැලි සුලි සංයුක්ත කාව්‍ය සංග්‍රහයේ උපග්‍රන්ථයෙන් (1991 අප්‍රේල්, සමනල ප්‍රකාශකයෝ, කැලණිය.)