වෙබ් ආලෝචනා | web alochana

3.0 nihil humanum a me alienum puto

මම කියවන සිංහල බ්ලොග් (අපි නොදන්න සිංහල යුනිකෝඩ්)

| Comments

ඇත්තට ම එහෙම කිව්වට විශාල තෝරාබේරාගැනීමක් කරන්න තරම් සිංහල බ්ලොග් ලේඛකයින් ගණනක් අපට තවම නැහැ. ඒත් තිබෙන ටික මම නිතරම කියවන්න යන්නෙ (එහෙමත් නැත්නම් හුදෙක් නරඹන්න යන්නේ) ඉතා ම සතුටින්. මලින්ත සමරකෝන් සහ අලුතින් ම ලියන්න පටන්ගත්ත තුසිත රන්දුනුගේ යන දෙදෙනාගේම බ්ලොග් මම හරිම ආස්වාදයෙන් කියවන්නෙ. තවත් සමාරම්භක බ්ලොග්කරුවෙක් තමයි ජපානයේ සිට සිංහල සමග විනෝදය ලියන hitch. විවිධ පන්නයේ බ්ලොග් කීපයක්. ඔවුන් හැම දෙනාම සිංහල භාෂාවට කරන්නෙ විශාල සේවයක් බව කිව යුතුයි. අන්තර්ජාල සිංහල ලේඛනයේ අනාගතය නෙමෙයි ද මේ පීදෙමින් තියෙන්නේ? ඒ අය ක්‍රියාවෙන් ම සනාථ කරමින් ඉන්නවා බොහෝ දේවල්. කටින් බතල කොළ හිටවන, කෙස් පැලෙන තර්ක නගමින් බෑ බෑ කියන අතිපණ්ඩිතයන්ට හොඳ ආදර්ශයක්.

පූජිතත් මමත් දවසක් සාකච්ඡා කළා සිංහලෙන් ලියන අයට සමූහ බ්ලොග් එකක් පටන්ගන්න. ඒත් මට දැන් මෙහෙම දෙයක් හිතෙනවා: ඊට වඩා හොඳ නැද්ද පුළුවන් හැමෝම හැම තැනම සිංහලෙනුත් ලියන්න පටන්ගැනීම. සිංහල බ්ලොග් ඇග්‍රගේටරයක් තිබුණාම ඇති ඒවා එක තැනක දැකගන්න෴