බ්රිතානයයේ වහල් වෙළඳාම තහනම් කොට වසර දෙසීයක් පිරෙන්නේ මේ වසරේ. මේ සම්බන්ධයෙන් නා නා ප්රකාරයේ සමරු උත්සව සංවිධානය කර තිබෙනු වාර්තා වුණා. අගමැති ටෝනි බ්ලෙයාර් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඝානාවේ වැසියන්ට කණගාටුව පළ කිරීම මේ දිනය නිමිත්තෙන් සිදු වූ නරුම හාස්‍යයක් දනවන ක්රියාවක්. ඝානාවෙන් තමයි අධිරාජ්‍ය යුගයේ දී අතිවිශාල සංඛ්‍යාවක් ජනයා වහල් සේවාව පිණිස ඇමෙරිකානු මහාද්වීපයට පටවා හරිනු ලැබුවේ. මේ මස මුල දී ඝානා ජනාධිපති මුණගැසුණ බ්ලෙයාර් ඒ පිළිබඳ කණගාටුව කොට ද තිබෙනවා. නමුත් ඒක විධිමත් සමාව අයැදීමේ ක්රියාවක් නම් නෙමෙයි.
ලක්ෂ හයකට අධික ජන සංඛ්‍යාවක් වසර කිහිපක් තුළ ඝාතනයට ලක් කරමින් නොනැවතී තව දුරටත් ඇදී යන ඉරාක යුද්ධයේ ලේ ගෑවුණු අත් ඇති බ්ලෙයාර් අගමැති තැන වසර දෙසීයකට පෙර සිදු වූ වහල් වෙළඳාම ගැන කිඹුල් කඳුළු හෙළීම ලොව පුරා ඇස් කන් ඇති, අවදියෙන් සිටින කොයි කාගේත් හාස්‍යයට මෙන් ම වෛරයට ද හේතු වනවාට සැකයක් නෑ.
ඇත්ත, වහල් වෙළඳාම පිළිබඳ අතීතය ඛේදජනකයි, දුර්දාන්තයි. ඒත් බ්ලෙයාර් සහ ජෝර්ජ් බුෂ් සමාගම ගෙනියන “ලෝක යුද්ධය” ඊට නොදෙවෙනි අන්දමින් ම්ලේච්ඡයි! ඔවුන් අද නිරත වෙලා ඉන්නේ තවත් ලක්ෂ සංඛ්‍යාත ජනකායක් උන්හිටි තැන් අහිමි කොට නව ස්වරූපයක වහල් භාවයකට පත් කිරීමේ ව්‍යායාමයක නෙමෙයි ද? ඒ යුද්ධය ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත ජනයාගේ විරෝධයට පාත්ර ව ඇති මෙවන් සමයක ඔවුන්ට වහල් වෙළඳාම ගැන අකුරක් වත් කතා කරන්න සදාචාරාත්මක අයිතියක් තියෙනවද? මේ ගැන බ්ලෙයාර් වැනි පාලකයින්ගේ පැත්තෙන් කණගාටුව හෝ සමාව බලෙන් ඉල්ලවාගන්න උද්ඝෝෂණය කරන සංවිධාන යෙදිලා ඉන්නෙත් නිෂ්ඵල වෑයමක කියලයි මම හිතන්නේ. මොකද තව වසර ගණනාවකට පස්සේ අද මැදපෙරදිග කෙරීගෙන යන අපරාධ සම්බන්ධයෙන් වග කිව යුතු බ්ලෙයාර් ගැනත් මේ විදිහට කතා කෙරෙන දවසක් ඒවි. ඒ කොයි හැටි වෙතත් තව ම බ්ලෙයාර්ගේ දිව වහල් වෙළඳාම ගැන සම්පූර්ණ සමාවක් ඉල්ලන්න තරම් වත් නැමිලා නැති බවයි වාර්තා වෙන්නේ.