අද(හෙට) සිළුමිණ පත්තරේ පෙරළද්දී වසන්ති චතුරාණි සමග කෙරුණු සම්බුඛ සාකච්ඡාවක් හදිසියේ ඇස ගැටුණා. සද්ගුණාකාරය නවකතාවෙන් ටෙලි නාට්‍යයක් නිපදවලා කියලා මම දැනගත්තේ ඒ වෙලාවෙයි. රෝස නෝනාගේ චරිතය රඟපාන්නේ වසන්ති චතුරාණි වෙන්න ඇති. මගේ රූපවාහිනී නැරඹිමේ පුරුද්ද ක්රිකට් තරග සහ ඉංග්රීසි සිනමාපටවලට සීමා වෙලා තියෙන්නෙ වැඩි හරියක් කොත්තු රොටී වගේ හැදෙන ටෙලි නාට්‍ය හින්දයි. සාමාන්‍යයෙන් රූපවාහිනී නැරඹීම අප්රසන්න වෙහෙසකර අත්දැකීමක් බවට පත් වෙලා. ඒත් සද්ගුණාකාරය කියන්නෙ මගේ ප්රියතම නවකතාවක්! එවැන්තක් ලිවිය හැක්කේ සුනේත්රා රාජකරුණානායකට ම පමණයි! ටෙලි නාට්‍යයෙන් ඒ පොතට සාධාරණයක් ඉෂ්ට වෙලා ද නැද්ද යන්න මම තවම දැක්කෙ නෑ. ඒ නාට්‍යය දුටු කෙනෙක් ඉන්නවා නම් අනේ කරුණාකරලා ප්රතිචාරයක් ලියන්න.
පාසැල් හා සරසවි සමයේ සුනේත්රා රාජකරුණානායකගේ මුල් කාලීන පොත් කියවීමෙන් මන්මත් ව ගිය මමත් මගේ මිතුරනුත් කතුවරිය කෙරෙහි ගෞරව සම්ප්රයුක්ත “ආලයකින්” පසු වුණු අන්දම මට තවම මතකයි. සඳුන්ගිර ගිනි ගනියි(1989) නවකතාවෙන් ආරම්භ වුණු ඇගේ නවකතාකරණය අතිශය නවමු එමෙන් ම නොමැකෙන අන්දමේ මංසලකුණු සිංහල නවකතා ඉතිහාසය තුළ තබන්න සමත් වුණා කියලයි මම විශ්වාස කරන්නෙ. පසු කලක ලියැවුණු Attaining Age (1998), ප්රේම පුරාණය (1999), රිදී තිරංගනාවි (2000), ආදී කෘති පරම්පරා කිහිපයක ම රසිකයින් ව “ගලග්රහයෙන්” ගෙන අමන්දානන්දයට පත් කළා. කෙසේ වෙතත් අද වෙද්දී “තර්ක බුද්ධිය” විසින් හසුරුවනු ලැබූ අපි “විචාරපූර්වක” ප්රවිශ්ටයකින් ඇගේ කෘති කියවද්දීත් එදා දැනුණු නැවුම් බව නොනැසී පවතින බව නම් කිව යුතු මයි. සමකාලීන සිංහල භාෂාවේ ශක්‍යතා සහ උක්තීන් කෙරෙහි තියුණු සංවේදීතාවක් සහිත ව නිර්මාණකරණයේ යෙදෙන ලේඛිකාවක් තමයි සුනේත්රා. ඒ නිසා ඇයට පුළුවන් වෙලා තියෙනවා භාෂාව අවස්ථාවෝචිත ව “නමා හසුරුවාගන්න”. බස ඇගේ සැබෑ වහලෙක්! මේ සඳහා අනේක විධ උදාහරණ ඇගේ නිර්මාණාවලියෙන් උපුටා දක්වන්න පුළුවනි. එසේ ම වෙනත් සන්දර්භයන්ට අයත් වන ඇගේ හොරා සහ බල්ලෝ (නගීබ් මහ්ෆුස්) වැනි පරිවර්තනවලටත් මෙයාකාරයෙන් ම උචිත භාෂා රීතියක් සොයාගන්න ඇය සමත් වෙන්නෙ ඉහත කී සංවේදීතාව නිසා ම විය යුතුයි.
සද්ගුණාකාරය කියන්නෙ සුනේත්රාගේ ප්රධානතම නවකතාව නෙමෙයි. ඇය රචනා කළ රිදී තිරංගනාව කෘතිය මම හිතන හැටියට බලවත් ම නිර්මාණයයි. වෙනත් වෙලාවක ඒ නවකතාව ගැන සවිස්තරාත්මක ව ලියන්න ඕනේ. මේ ඒකට වෙලාව නෙමෙයි. මේක සද්ගුණාකාරය ගැන විචාරයකුත් නෙමෙයි. නිකම් හිතේ භක්ත්‍යාදරයට ලියන සටහනක්.
සද්ගුණාකාරයට විෂය වෙන්නේ රත්නපුරයේ ඈත ගමක ඉපිද වැඩෙන, ජීවිතයේ සන්තුෂ්ටීන්, දුක්ඛ දෝමනස්සයන්ට මුහුණ පාන රෝස නෝනා නමැති ස්ත්රියගේ ජීවන පුවතයි. මේ නවකතාව ලියල තියෙන්නෙ රත්නපුරේ ප්රාදේශීය ජන වහරක් උපයෝගී කරගෙන. කතුවරිය, අතැඹුලක් සේ තමා දත් ඒ ජන ජීවිතය, සිතුම් පැතුම්, රෝස නෝනාගේ හඬින් සිතුවමි කරන අපූරුව බලන්න -
“අනේ අප්පේ කිරි අම්මා නැති උනහම මට බත් ගිලෙන්නෙ නැතුව ගියා. බලා ගත් අතේ බලාන හිටියා. පස්සෙ අපේ පුංචි අම්මට කව්ද කියලා කිරි අම්මෑ බැල්ම වැටිලා වෙන්ටැති ඒක යන්ට කතා නොකර ඉළපතෙං තඩි බාන්ට කියලා. අනේ කවුරු දන්නවද කෙමක් කියලා. මං හිතුවා නපුරුකොමට කියලා හිට. ඒ පාර මට හිතුණා පොත්ගුන් කැලේට ලෙහුං ගහක එල්ලිලා මැරෙනවා කියලා. එතකොට මට අවුරුදු දහයක් ඉතර ඇති. මං ඉපදිලා තියෙන්නෙ එකදාස් නමසිය දහය ලබනකොට නෙ.”
(සද්ගුණාකාරය, 2001 සැප්තැම්බර්, 20 පිටුව)
ඇය සිය කෘතියට විෂය වන ගැමි ගැහැණුන්ගේ හා පිරිමින්ගේ පුරාකථාමය විශ්වාසයන් හා ඒකාත්මික වෙමින් මේ වෘතාන්තයට හැඩකල සම්පාදනය කරගන්නවා.
“කොලුවෝ තොගේ මහ බඩ ගෙඩියේ
ගුලි වී ඇත හූනියමක් මට පෙනියේ
හිඳිලා බල සුරයේ කිලි වැදියේ
මළගිය අම්මා දැන් ඉල්ලා අඬනවා මෙහේ
“කොහෙන් වචන ආවද දන්නෙ නෑ, කවි දෙකයි කියවුණේ, අලි මුදියන්සෙ සරම පාත් කරගෙන, කම්බි ලේන්සුව අතට ඇන්න බිමට පාත් වෙලා මට වැන්දා. මටත් හිතා ගන්ට බැරි වුණා මොකද වුණේ කියලා. හැබැයි ඒ එක්ක ම ඝාන්ටාර පූජා කරැව්ව පින් සද්දෙට අර ගඟ වාගේ ගලාන ආ කවි දහරාව නැවතුණා. මං පොළොවෙ අඩි හප්පලා කොණ්ඩෙ මූණට දමාන ගෙට දීවා….
“අලි මුදියන්සෙ “අක්කට පත්තිනි බැල්ම වැටිලා,” කියලා මිදුලෙ ඉඳගෙනම කියලා හිට යන්න ගියා. මගෙ ඇඟ දාඩියෙන් පෙඟුණා.”
(සද්ගුණාකාරය, 115 පිටුව)
සිය පාත්ර වර්ගයාගේ දුක් දොම්නස් මෙන් ම සතොස් පෙම් බස් ද සුනේත්රා සිතුවම් කරන්නේ ඇයට ම ආවේණික ස්වරූපයකින් -
“හිනා වෙනකොටනං ආයෙ නෑ උපමා හොයන්ට ඕනෑ”…
ලියන මහත්තයා කතා කෙරුව්වේ නිකං ඉස්කෝලෙ මහත්තයෙක් වාගෙ.
“නම වගේම ලස්සනයි,” කීවම මයෙ මූණට ලේ පිරුණා.
ඒ සන්දියෙ මං දැනගෙන හිටියෙ නෑ එහෙම කතා පොඩි ළමයෙකුට මිසක් පිරිමි ගෑණුන්ට කියන වගක්. අපේ අප්පච්චි හෙම, කරංගොඩ බාප්පලා හෙම පුංචි අම්මලාට එහෙම කියන්නෙ නෑ නෙව.”
(සද්ගුණාකාරය, 52 පිටුව)
පසුගිය ශතවර්ෂය තුළ ධනවාදය පෘථුල පරිමාණයෙන් ලංකාවේ ඈත ගම් දනවු කරා අතු ඉති ලියලද්දී ඒ පරිස්ථානයන්හි පැවැති සංස්කෘතීන්, ජීවන විලාසයන්, “ස්ත්රීත්වය” සහ වෙනත් සංකල්ප ආදී බොහෝ දෑ විපර්යාසයට ලක් වූ අන්දම පිළිබඳ කතාන්තරයක අංශු මාත්රයක් සද්ගුණාකාරය තුළ ගැබ් ව තිබෙනවා. එම කෘතිය, රෝස නෝනාත් ඇගේ නැදෑ සනුහරයත් ඔවුන් අතරට එන යන වෙනත් “නාගරික” චරිතත් මේ විපර්යාස තුළින් ගමන් කරන හැටි රසිකයා හමුවේ චිත්රණය කරනවා. එම ගම්බිම්වල ජනයාගේ ජීවිතවලට සමීපස්ථ වන රසිකයාගේ සිත් සතන්හි ඔවුන් පිළිබඳ අපරිමිත භක්ත්‍යාදරයක් ද කරුණාවක් ද උපදවාලන්න සුනේත්රාගේ කෘතිය සමත් වෙනවා. මෙය අපට සිහිගන්වන්නේ කතුවරියගේ ම මුල් කෘතිය වන සඳුන්ගිර ගිනි ගනියි නවකතාව. සඳුන්ගිරේ ම එක්තරා දිගුවක් (එහෙමත් නැති නම් අතුරු කතාවක්) වැනි ස්වභාවයක් මේ පොතේ තියෙනවා. ඒත් මේ පොත පුදුමාකාර විදිහට විවෘතයි, “අමු යි”. මම අමු යි කියන්නෙ නරක අර්ථයකින් නෙමෙයි. හොඳක් හැටියටයි. මේ කෘතිය හදිසියේ පායන දේදුන්නක් වගේ ම හෙණයක් වගේත් රසිකයා මත පතිත වෙනවා ය කියලා මම කියන්නෙ ඒ නිසයි. මේක ටෙලිනාට්‍යයට නැගීම සැබෑ අභියෝගයක්.