වෙබ් ආලෝචනා | web alochana

3.0 nihil humanum a me alienum puto

උතුම් වැඩක් - ඔබත් පොතක් පතක් පරිත්‍යාග කරන්න!

| Comments

ඇසුර එෆ්. එම් ගුවන්විදුලි නාලිකාව අතිශය ආදර්ශවත් සමාජ සත්කාර්යයක් අරඹා ඇති බව දැනගන්න ලැබුනා. ගුවන්විදුලි ආයතනයකට අමුතුවෙන් ප්‍රචාරයක් අවශ්‍ය නූනත් මෙය කියවන, තවමත් ගුවන්විදුලියෙන් මේ ගැන නෑසූ අයගේ දැනගැනීම සඳහාත්, උදක් ම මේ කර්තව්‍යයට ප්‍රශංසා කිරීම සඳහාත් මේ සටහන තබන්න හිතුනා.

මැදපෙරදිග රටවල විවිධ අතවර හා හිංසනයන්ට ලක් ව කඳවුරුගත වන ශ්‍රී ලාංකික කාන්තාවන් වෙනුවෙන්, කාන්තා රැඳවි නේවාසිකාගාර සඳහා පුස්තකාල විවෘත කිරීමේ මාහැඟි කටයුත්තට ඇසුර ආයතනය අතගසා තිබෙනවා. පහත දැක්වෙන්නේ ඒ පිලිබඳ ලැබුනු ප්‍රචාරක විද්‍යුත් ලිපියක්.

ඔබට හැකි පමනින් සිංහල හා දෙමල පොත්පත් පහත දැක්වෙන ලිපිනයට ලබා දෙන්න. (විශාල කොට කියවීමට පින්තූරය මත ක්ලික් කරන්න)



General Manager,
Asura FM,
No 52
5th Lane,
Colombo 03
Sri Lanka

වැඩි විස්තර සඳහා 0112- 575000 හෝ 0773 - 873475 අමතන්න.

[පසු සටහන - අප අපේක්ශා කල යුත්තේ විදේශ සේවයට යන කතුන් හිංසනයට ලක් නොවන, රැඳවුම් නේවාසිකාගාර අවශ්‍ය නොවන යහපත් සේවා කොන්දේසි සහිත වාතාවරනයක් බව ඇත්ත. ඒත් මේ වන විට පවතින අර්බුදයේ ගොදුරු බවට පත් වූ, පත් වෙමින් සිටින පිරිස සුලුපටු නැහැ. ඔවුන් ශක්තිමත් කිරීමට ගන්නා කුදු මහත් සියලු වෑයම් දිරිමත් කල යුත්තේ ඒ නිසයි.]

ශාන්ත කේ හේරත්ගෙන් පොතක් සහ ප්‍රදර්ශනයක්

| Comments

පුවත්පත් සිතුවම් කලාවේ ප්‍රවීනතමයකු වන ශාන්ත කේ. හේරත් විසින් 2002-2007 වකවානුව තුල නිර්මානය කෙරුනු දේශපාලන කාටුන්, දැන් සංගෘහිත ව පොතක් ලෙසින් රසිකයින් අතට පත් වීමට සූදානම්. නිසැක ව ම ඔබේ පුස්තකාලයට එක් විය යුතු ඓතිහාසික කෘතියක්. එයට සමගාමී ව ඔහුගේ නිර්මාන ප්‍රදර්ශනයක් ද පැවැත්වෙනවා.

පොත

සතැස්
2002-2007 දේශපාලන කාටුන් සංග්‍රහය, එස් ගොඩගේ ප්‍රකාශනයක්. (පිටු 400, 21 x 18 cm, මිල රු.1350) ප්‍රදර්ශනයේ දී රු.1000 ක විශේශ මිලකට ලබාගත හැකි යි.

ප්‍රදර්ශනය

ස්ථානය - කොලඹ 7, ලයනල් වෙන්ඩ්ට් කලා සංකීර්නයේ හැරල්ඩ් පීරිස් කලාගාරය

මාර්තු 07 සිකුරාදා

08 සෙනසුරාදා

09 ඉරිදා

යන දිනවල උදේ 9.00 සිට සවස 7.00 දක්වා විවෘත යි෴

Entry Removed by the Blog Administrator (2)

| Comments

Updated on Oct 26 2008

The original entry was removed today (Oct 26, 2008) by the blog administrator, sympathizing with an appeal made by the person who was subjected to criticism in this post. (Related post)


මෙහි පල කොට තිබුනු ලිපිය, එමගින් විවේචනයට ලක් වූ පුද්ගලයාගේ ආයාචනය පරිදි සානුකම්පිත හේතු මත අද දින (2008 ඔක්තෝබර් 26) ඉවත් කරන ලදි. (මීට සබැඳී පෙර ලිපිය)

Entry Removed by the Blog Administrator (1)

| Comments

Updated on Oct 26 2008

The original entry was removed today (Oct 26, 2008) by the blog administrator, sympathizing with an appeal made by the person who was subjected to criticism in this post.

මෙහි පල කොට තිබුනු ලිපිය, එමගින් විවේචනයට ලක් වූ පුද්ගලයාගේ ආයාචනය පරිදි සානුකම්පිත හේතු මත අද දින (2008 ඔක්තෝබර් 26) ඉවත් කරන ලදි.

සෝර්බා නම් ග්‍රීකයා : උපුටනයක්

| Comments

“එක් උදෑසනක, ගසක පොත්තක සවි වී තිබූ දළඹු කෝෂයකින් සිදුරක් තනා සමනලයකු ඉන් පිට වීමට උත්සාහ කළ අයුරු මට සිහි විය. මම ටික වේලාවක් බලා සිටියෙමි. ඌ පිටතට ඒමට ප්‍රමාද වූ නිසා මම නොඉවසිලිමත් වීමි. එය උණුසුම් කරනු වස් මම නැමී කෝෂයට පිම්බෙමි. එය හැකි ඉක්මනින් උණුසුම් කර මගේ ඇස් පනාපිට ජීවිතයට වඩා වේගයෙන් ඒ ආශ්චර්යය සිදු වනු බලා සිටියෙමි.

“කෝෂය විවර විය. සමනලයා හෙමින් ගාටමින් පිටතට අවුත් උගේ තටු නැවත හකුළුවා ගත් සැටිත්, අවාසනාවන්ත සමනලයා උගේ වෙවුලන ශරීරයෙන් ඒවා දිග හැරීමට උත්සාහ කළ සැටිත් දැකීමෙන් ඇති වූ සංත්‍රාසය මට කිසි දිනෙක අමතක නොවනු ඇත.

“මම නැමී, මගේ සුසුමින් ඌට උදව් කරන්නට නිරපරාදේ උත්සාහ කළෙමි. ඌට වුවමනා වූයේ ඉවසිලිවන්ත ව නිසි ආකාරයට එළියට ඒමත්, හිරු රශ්මිය වැද තටු වියළීම ක්‍රමික ක්‍රියාවලියක් ලෙස සිදු වීමත් ය. දැන් එයට ප්‍රමාද වැඩි ය. සමනලයා වෙලාවට පෙර එළියට ගෙන උගේ තටු හැකිළවීමට මගේ හුස්ම බල කළේ ය. ඌ ජීවිතයත් සමග පොරබදා, අවසානයේ දී මගේ අත්ල මත මියෑදිණි.

“මේ කුඩා ජීවියාගේ මළ සිරුර, මගේ හෘදය සාක්ෂියට ලොකු ම බරක් වූවා ය යි සිතමි. ස්වාභාවික නීතිය උල්ලංගනය කිරීම, බරපතල පාපයක් බව මම අද පිළිගනිමි. අප කලබල නොවිය යුතු ය. ඉවසිලිවන්ත විය යුතු ය. එමෙන් ම විශ්වාසවන්ත ව සදාකාලික රිද්මයට අවනත විය යුතු ය.

“මා ගල්තලාවක් මත ඉඳගත්තේ, මේ අලුත් අවුරුදු සිතිවිල්ල මා තුළට උරා ගැනීමට ය. අනේ! ඒ සමනලයාට ඉදිරියෙන් නිතර ම පියාපත් සෙලවීමෙන් මට මඟ පෙන්විය හැකි වුණා නම්.



“මම අලුත් අවුරුදු තෑගි ලැබුවා සේ සතුටින් නැගිට්ටෙමි. සුළඟ සීතල විය. අහස පැහැදිලි විය. මුහුද දිලිසිණි.”

- නිකෝස් කසන්සාකිස්, සෝර්බා නම් ග්‍රීකයා, පරිවර්තනය - සද්ධාතිස්ස වඩිගමංගාව, සංහිඳ මුද්‍රණ සහ ප්‍රකාශන, නුගේගොඩ, 2000. 144-145 පිටු.

කසන්සාකිස් ගැන

පොත ගැන විස්තර

සෝර්බා නම් ග්‍රීකයා ගැන පල වූ විමර්ශනයක්