වෙබ් ආලෝචනා | web alochana

3.0 nihil humanum a me alienum puto

ගනු සටන එනු කඩුවට!

| Comments

ඔන්න මැරතන් පටන් ගත්තා. හදිසියට ලියවෙන්නෙත් නෑ වගේ. ඒ වගේ වෙලාවට තමයි වාක්‍යත් පැටලෙන්නෙ.

අද අන්තර්ජාලයේත් අවුල් තියෙන බව ආරංචියි. අපේ ප්‍රදේශයේ නම් විදුලියත් ඇන හිටියා. ඉතින් අපේ රටේ තියෙන යටිතල පහසුකම් ගැන අද රෑ කන පැලෙන්න ලියන්න අදහස් කරනවා. මෙය නරඹන වගකිව යුතු අයගේ අවධානය යොමු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

අනික මේ කඩුව ගැන භාශාව, භෂාව සහ බාසාව ගැන හිතෙන දේවල් ලියන්න අදහස් කරනවා. එන හැටියකට බලාගමු. නිදහසේ සිතුවිලි ගලාගෙන එන හැටියට තමයි ලියන්නෙ…. අර කිව්වා වගේ කලින් දැනුම් දීලා සිතුවිලි නොඑන නිසා මගදී වෙනස් දේවල් ගැනත් ලියන්න ඉඩ තියෙනවා

One Hour to Go! මැරතන් ඇරඹෙන්න තව පැයයි!

| Comments

සිංහල බ්ලොග් මැරතන් ඇරඹෙන්න තව ඇත්තේ පැයක පමන කාලයක්. ලංකාවේ වේලාවෙන් රෑ 8ට!

වෙබ් ආලෝචනා අඩෙවියත් “මැරතන් දුවන්න” නියමිත බව දැන් ඔබ දන්නවා. සෑහෙන උද්යෝගයකින් හැමෝම සූදානම් වෙනවා. සමහරු ඊයේත් මැරතන් “දුවලා බලපු බව” ආරංචි වුනා :-) කියලා නතර කලේ නැත්නම් තාම දුවනවා. මැරතන් සඳහා සහභාගී වන සියලු බ්ලොග් අඩෙවි “එක වහලක් යට සිට” නරඹන්න පුලුවන් ක්‍රම කීපයක් තියෙනවා.

1. මැරතන් සින්ඩිකේටරය (වේගවත් ම ස්ථානය)
http://marathon.sinhalabloggers.com
මෙහි සෑම මිනිත්තු 10-15 කට වරක් පල වන බ්ලොග් සටහන් සියල්ල ඉතා ඉක්මනින් දර්ශනය වනු ඇති. ඔබේ bookmarks අතරට මේ අඩෙවිය දැන් ම එක් කරගන්න! අද රෑ පහන් කරන්න හොඳම ස්ථානය මෙතනයි.

2. combined feed.
සහභාගී වන සියලු බ්ලොග්වල rss ගොනු කොට අප සපයන පොදු feed ධාරාව ගූගල් කියවනය (google reader) බ්ලොග්ලයින්ස් වැනි ඔබ භාවිතා කරන feed reader උපාංගය ඔස්සේ කියවන්නත් පුලුවන්. මෙය සපයන්නේ සින්ඩිකේටරයට අමතරව යි.

මෙතන ක්ලික් කරන්න. මේක වෙනම feed එකක්. යාහූ “පයිප්පයක්”

3. ක්ශනික පනිවිඩ (Instant Messaging)
අලුතින් ම පල වී ඇති බ්ලොග් සටහන් කෙලින් ම ඔබේ ගූගල් ටෝක් ගැජට්ටුවට ක්ශනික පනිවිඩ ආකාරයෙන් ලබා දෙන blog notification සේවාව.
මේ පනිවිඩ ලබාගැනීම සඳහා ඔබේ google talk සබඳතා අතරට marathon@sinhalabloggers.com එකතු කරගන්න. ඉන් පසු අලුතින් බ්ලොග් සටහන් පල වන වාරයක් පාසා ඔබට එමගින් දැනුම් දෙනු ඇති. එසේ ම top 5, top 10 ආදී වශයෙන් ඔබට අවශ්‍ය සංඛ්‍යාවක් යැවීමෙන් අලුත පල වී තිබෙන බ්ලොග් සටහන් ද වහා ලබාගත හැකියි.

4. සිංහල බ්ලොග් මැරතන් twitter සමග එක් වීම.
මේ සඳහා නම් ඔබට twitter ගිනුමක් තිබීම අවශ්‍යයි. ඒත් ඒක බොහොම සරල ඉක්මන් වැඩක්. මෙමගිනුත් ක්ශනික පනිවිඩ සහ ජංගම දුරකථනවලට දැනුම්දීම් එක් කරගන්න පුළුවන්. අනික අපි සියලු දෙනාත් විනෝදයට twitter කරන නිසා එතනට “set වීම” නිදිමත නැති වෙන දෙයක් වේවි :D මැරතන් twitter පිටුව “follow කිරීම” අරඹා එහි තිබෙන Device Updates කොටස ON බවට පත් කරගන්න. ඔබේ gtalk සහ ජංගම දුරකථනය ඔබේ twitter ගිනුමට ඇතුලත් කරගන්න.



එහෙම නම් රැඳී සිටින්න :-)



මෙහි පල වූ වෙනත් අදාල ලිපි -
  1. Sinhala Blog Marathon prologue 1 : Why Sinhala Unicode? It’s just another font… isn’t it?
  2. Sinhala Blog Marathon Prologue 2 : I can see ???????? and boxes!!!! This is not Sinhala! How to fix this?
  3. Follow Sinhala Blog Marathon on Twitter, Gtalk, Yahoo Pipes and Marathon Syndicator!
  4. Sinhala Blog Marathon Prologue 3 : Sinhala typing guide: easiest language to type? :D
  5. සංවේගයෙන් දැනුම් දීමයි - යසරුවන් ගුණතිලකගේ හදිසි අභාවය

මැදියම් රැය….

| Comments

දැන් රෑ දොලහයි…..

මමත් නිදිමත යන්න මූන ටිකක් හෝදාගෙන ආවා ආයෙමත්. හැබැයි කට්ටිය ගොඩක් ඉන්න නිසා නිදිමතක් දැනෙන්නෙ නැහැ එහෙමට…

හොද හොඳ සෙල්ලං එලිවෙන ජාමෙට ලු නෙ….

සංවේගයෙන් දැනුම් දීමයි - යසරුවන් ගුණතිලකගේ හදිසි අභාවය

| Comments


පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ශිශ්‍යයකු ද, අපේ සිංහල බ්ලොග් අවකාශයේ මිතුරකු ද, බ්ලොග්කරුවකු ද වූ යසරුවන් ගුණතිලක ඊයේ හදිසියේ මෙලොවින් සමුගත් බව මේ දැන් ආරංචි වුනා. ඔහු හෙට පැවැත්වෙන අපේ මැරතන් ඉසවුවට ද උද්යෝගීමත් ව සහභාගී වීමට සූදානමින් සිටි බැවින් මේ හදිසි වියෝ වීමේ පුවත අදහා ගත නොහැකි තරම් කම්පනයක් අප සැම තුල ඇති කලා. හෙට ඔහුගේ දේහය පිලිබඳ අවසාන කටයුතු සිදු වන බව ඔහුගේ සොහොයුරු සඳරුවන් අපට ප්‍රකාශ කලා.

ඔහු අවසන් ගමන් යන හෙට දිනයේ ම රෑ 8ට ආරම්භ වන අපේ සිංහල බ්ලොග් මැරතන් ඉසවුවේ ආරම්භක සටහන් යසරුවන් වෙනුවෙන් හිස් ව තබන මෙන් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය සියලු සහභාගී වන්නන්ගෙන් ඉල්ලා සිටිනවා. “යසරුවන් වෙනුවෙන්” යන මාතෘකාව සහිත ව හිස් බ්ලොග් සටහනක් (blank post) හෙට රාත්‍රී 8ට මැරතන් අරඹන මොහොතේ පල කිරීමෙන් අපේ සාමූහික ශෝකය බෙදාහදා ගැනීමට එක් වන්න.

මේ එම සිදු වීම අද දිවයින පුවත් පත වාර්තා කර තිබුණු අයුරුයි.

අත්වැල්තොට ඇල්ලේ දියනෑමට ගිය තරුණයා සැඩපහරට හසුව මිය යයි. (දිවයින, අප්‍රේල් 17 වැනි බ්‍රහස්පතින්දා, 3 පිටුව)
- දයානන්ද ජයනෙත්ති. බදුරලිය

අවුරුදු නෑගමි පැමිණ අත්වැල්තොට දිය ඇල්ලේ දිය නෑමට ගිය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිසුවකු එම දිය ඇල්ලේ සැඩ පහරට ලක් ව දියේ ගිලී ඊයේ (16 වෙනි දා) මරුමුවට පත් ව ඇත. මෙසේ මරුමුවට පත් ව ඇත්තේ රත්නපුර වෙරළුප පදිංචි යසරුවන් ගුණතිලක (23යි) නමැති අයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් බදුරලිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.


මේ යසරුවන්ගේ බ්ලොග් අඩෙවියයි
http://yasaruwan.gunathilake.com/