වෙබ් ආලෝචනා | web alochana

3.0 nihil humanum a me alienum puto

“ජනමාධ්‍ය” සහ බ්ලොග්

| Comments

ලෝකයේ ප්‍රධාන පෙලේ ජනමාධ්‍ය ආයතන අතිබහුතරයක් අද වෙද්දී බ්ලොග්කරනය සිය කටයුතු තුලට අන්තර්ග්‍රහනය කරගෙන ඉන්නවා.

අර අපි කලින් කියූ ශක්‍යතාවන් ඉතා හොඳින් ප්‍රයෝජනයට ගනිමින් BBC, The New York Times වගේ ආයතන පවා බ්ලොග් අඩෙවි භාවිතා කරන අන්දම බලන්න.

ලංකාවේ Daily Mirror පුවත් පත ඉක්මනින් ම මේ ආකෘතියේ බලය අඳුනාගෙන එය ඉහලින් ම උපයෝගී කරගනිමින් ඉන්නවා.

“ප්‍රධාන ධාරාවේ” ජනමාධ්‍ය හා බ්ලොග්කරනය

| Comments

අපේ සිංහල භාශා ජනමාධ්‍යවලට, ඒ කියන්නේ ප්‍රධාන ධාරාවේ පත්තරවලට තාම බ්ලොග්කරනය ව්‍යාප්ත වෙලා නෑ. ඒ වගේ ම තමයි අනෙකුත් විද්‍යුත් මාධ්‍යත්. ඒ ගැන දැන් කතා කරන්නයි හහදන්නේ…..

දැන් කාලා ඉවර වුනේ….

| Comments

ලියන ගමන් කාපු නිසා දැන් තමයි කාලා ඉවර වුනේ….

මැරතන් ධාවනය ඉතා අනර්ඝ විදිහට පෙරට යනවා…. හතර අතින් සිංහල සටහන් අන්තර්ජාලයට එකතු වෙනවා.

මෙය සිංහල භාශා බ්ලොග්කරනයේ ශක්‍යතා හා භව්‍යතා (possibilities) උත්සවශ්‍රීයෙන් විදහා පෑමක්. ජාලගත සිංහල ලේඛනය සඳහා උචිත තාක්ශනය උපරිමයෙන් දැන් අප සතු ව පවතින බව මෙතෙක් එය නුදුටු සැම වෙත හඬ නගා කීමක්. ඒ නිසා මේ සංදර්ශනය ඉදිරි මාසවල තව බොහෝ දෙනෙකුට සිංහල භාශා අන්තර්ගතය බ්ලොග් අවකාශයට එකතු කිරීමට උත්තේජනයක් සපයනු ඇතැයි හිතන එක අසාධාරන නැහැ. ඒවගේ ම සිංහලබ්ලොග්කරනය විවිධ ක්ශේත්‍රවල ව්‍යාප්ත කිරීමත් බ්ලොග්කරුවන්ගේ අයිතීන්, වගකීම් හා සමාජ භූමිකාව පිලිබඳ පුලුල් සංවාදයක් වර්ධනය කිරීමත් අරමුනු කරගෙන ආරම්භ කෙරුනු සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය සමාජගත වීම ද මේ උත්සව ශ්‍රීය මැද්දේ සිදු වීම අතිවිශේශ දෙයක් කියලයි මට හිතෙන්නේ.


සින්ඩිකේටරය පැත්තේ යන්න. හරිම විචිත්‍ර අත්දැකීමක්.

තව ටිකකින් ආයෙ ලියන්නම්.

අසීමිත අවකාශය…..

| Comments

පොතක තියෙන සංවිධිත බව,

පුවත්පතක තිබුනු කාලානුක්‍රමික බව,

විද්‍යුත් මාධ්‍යයක වේගවත් බව (එය පරයන වේගය!!!),

සහ rss, පාඨකයා සමග අන්තර් ක්‍රියා කිරීමේ පුලුල් හැකියාව ආදී අන්තර්ජාල ප්‍රකාශනයේ දියුනුතම පහසුකම් රැසක්

ඒකරාශී කරගැනුනු විශිශ්ට මාධ්‍යයක් හැටියට බ්ලොග් හඳුනාගන්න පුලුවන්. ඒ නිසා බ්ලොග්කරනය අසීමිත අවකාශයක් විවර කරදෙනවා….

අසීමිත අවකාශයක් සමග බ්ලොග් අවකාශය (blogosphere)

බ්ලොග්

| Comments

බ්ලොග් අවකාශය කියන්නේ ඉතාම විස්මිත දෙයක්. බ්ලොග් ගැන වැරදි අවබෝධයෙන් යුක්ත වුනු ඇතැම් අය ඒ ගැන අවතක්සේරුවෙන් කතා කරන අවස්ථා අපි දැකලා තියෙනවා. විශේශයෙන් සිංහල භාවිතා කරන සමාජය තුල මෙය තාම ඒ තරම් ව්‍යාප්ත වෙලා නැහැ.

තාම ගොඩක් දෙනා හිතන්නෙ මේක නිකං ඉන්න බැරුවට ලියන දෙයක්, දිනපොත් ලිවිල්ලක්, එහෙමත් නැත්නම් “කුස්සි අම්මලාගේ” වැඩක් කියලයි. බ්ලොග් ගැන වගේ ම කුස්සි අම්මලා ගැනත් අපි ටිකක් බැරෑරුම් ව කතා කරමු.

බ්ලොග්කරනයේ තියෙන ප්‍රබලතා ගැනත් මීලඟට කතා කරන්න හිතෙනවා. ඊලඟට බලමු ඒ ගැන…..