වෙබ් ආලෝචනා | web alochana

3.0 nihil humanum a me alienum puto

බ්ලොග් සටහන් තොගය

| Comments

මැරතන් ලියන අතරේ සින්ඩිකේටරයට ඔලුව දාලා බලද්දී මහ විසාල සටහන් තොගයක් පේන්න තියෙනවා. විවිධ විචිත්‍ර මාතෘකා යටතේ. ඒවා කියවමින් සැරිසරන්න තව දවසක් දෙකක් ම ඕන වෙන හැඩයි.

කවිවල සිට පරිගනක මෘදුකාංග හා දේශපාලනය හරහා නිර්වින්දනය දක්වා විවිධ විශයයන් ගැන තරු විසිවෙන්න ලියපු සටහන් සාගරයක් :D

දැන් නම් යලිත් වරක් අහස ගිගුරුම් දෙනවා. .ව ඒ තරම් වේලා ජාලයට සම්බන්ධ වෙලා ඉන්න ලැබෙන එකක් නැහැ. නමුත් විදුලි අකුනු ඉවර වුනු වහාම හැකි ඉක්මනින් ආයෙත් සම්බන්ධ වෙන්නයි බලාපොරොත්තුව. තේ එකක් වත් බීලා බලමු….

පොත් මිල, ඊ පොත්, බ්ලොග් සහ තවත් දේවල් ටිකක්

| Comments

පහුගිය අවුරුදු දහයක විතර අතීතයට හැරිලා බැලුවත් මහ දරුනු ආකාරයේ මිල වැඩිවීමක් තමයි කඩදාසි සහ පොත්පත් සම්බන්ධයෙන් දකින්න තියෙන්නෙ. ඒ වගේ ම පාරිසරික ප්‍රශ්න නිසාත් කඩදාසි නිපදවීම අනාගතයේ දී ඒ තරම් පහසු අඩුමිල දෙයක් වෙන එකක් නැහැ. ඊ පොත්වලට හැරීම හා ජාලගත ප්‍රකාශන මාධ්‍ය බහුල වෙන්න මේ තත්වයත් හේතුවක් වේවි ලංකාව වගේ රටවලට වුනත්. පාසැල් පෙල පොත් මුද්‍රනය වගේ විශාල වියදම් සහිත ව්‍යාපෘති සඳහා තිබෙන අනගිතම විකල්ප මාර්ගයත් මේක බවයි පේන්නෙ.

ලංකාවේ ලේඛකයින්ගේ නම් පොත් මොන තරම් මිල ඉහල ගියත් ලේඛකයින්ට ඒ තරම් ලාභයක් පොහොසත් වීමක් එයින් ලැබෙන්නෙ නෑ. පාඨක සංඛ්‍යාව අල්ප වීම නිසා ප්‍රධාන පෙලේ ලේඛකයින්ගෙ පවා පොතක් මුද්‍රනය කරන්නේ වැඩිම වුනොත් පිටපත් 2000ක් පමන තමයි.

නොන්ඩි ගසමින් වුනත් අන්තර්ජාල පහසුකම් රට පුරා ව්‍යාප්ත වන තත්වයක් තුල, ඊට වැඩිය පාඨක පිරිසකට ලඟාවෙන්නත් (අනුමාන කල හැකි පරිදි) වැඩි ආදායමක් උපයාගන්නත් සාමාන්‍ය ලේඛකයකුට වුනත් පුලුවන් වේවි මාසයකට “හිට්ස්” 100- 1000 ක් වත් තියෙන බ්ලොග් අඩෙවියකින්.

නැද්ද මං අහන්නෙ?

ඔන්න විදුලිය ආවා

| Comments

ඉතින් මැරතන් එකේ ම ඒ ගැනත් කියලා දාන්න හිතුවා. විදුලිය සැපයුම හැම තිස්සේ ම මෙහෙම තමයි. සමහර දවස්වල පැය 10, 18, 48 විදුලිය නැති වෙනවා. ඒ නිසා ඔයින් ගිය එක ලොකු දෙයක්.

ඉස්සර මේ විදුලිය විසන්ධි වීම් වාර්තා කරන්න වෙනනම බ්ලොග් එකක් පවත්වාගෙන ගියපු කාලයකුත් තිබුනා. වෙන කරන්න දෙයක් නැති ම තැන. පස්සේ අවුල යථාතත්වයට පත්වුන නිසා ඒක අතඇරලා දැම්මා. හොඳයි එහෙමනම් යලිත් දුවමු ඉතින් මැරතන්!

විදුලි බලය ඇන හිටියා

| Comments

දැන් (හවස 1.35 ට) අපේ විදුලි බලය යලිත් වරක් ඇනහිටියා. යලිත් විදුලිය ලද වහාම මැරතන් සමග එක් වෙන්නම්.

දුවන අයට ජය වේවා! මෙන්න වතුර පාරක් :D

මැරතන් පෙරට! දැන් සවස 1.30යි

| Comments

වේගය අඩු වැටි වෙමින් සිංහල බ්ලොග් මැරතන් පෙරට ඇදෙනවා. අතිවිශාල සංඛ්‍යාවක් සිංහල භාශා බ්ලොග් සටහන් අන්තර්ජාලයට එකතු වෙමින් තිබෙනවා. මෙන්න මේ ප්‍රදර්ශනය කිරීම, විදහා පෑම සැලකිය යුතු බලපෑමක් අන්තර්ජාලයේ සැරිසරන්නන් මත ඇති කරනු ඇත යන්නයි සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ අපේක්ශාව වුනේ. දැනටමත් සජීවී ව සහාය ලබාගනිමින් සිංහල භාශා බ්ලොග් අඩෙවි එක දෙක වැඩි වෙමින් තියෙනවා. සිංහල කියවන්න ඇදී එන පිරිස අනපේක්ශිත ලෙස අතිවිශාලයි! ඉතා ම ප්‍රීතිදායක දෙයක්.

එක දිගට සජීවී ව ලියාගෙන ලියාගෙන යන එක ලේසි පහසු දෙයක් නොවුනත් බ්ලොග්කරුවන් දිවා රෑ නොතකා නිදි මරාගෙන විදුලි අකුනු සහ අන්තර්ජාල සබඳතා ප්‍රශ්න මැද්දේත් සිය සහභාගීත්වය ලබා දෙන අන්දම ගැන නම්…. කියල වැඩක් නෑ! අනර්ඝයි!!! :D