වවුලෝ එන්න පටන්ගත්තේ රාත්‍රී අහස දැක්වෙන දර්ශනයක් මැද දී නිසා ඒක ඇත්තට ම චිත්‍රපටියේ කොටසක් ද නැද්ද යන්න මුලින් ම හිතාගන්න අමාරු වුනා. “අන්න වවුලො!” මට පසුපස පේලියේ ඒ වන විටත් උස් හඬින් කතාබස් කරමින් උන් කල්ලියෙන් එකෙක් කිව්වා. ටික වෙලාවක් යනතුරු දෙගිඩියා සහගත මුනුමුනුව පැවතුනත් අන්තිමේ දී උන් අපේ හිස්ගෙඩිවලට උඩින් ඔබමොබ යන්න ගත්ත නිසා වවුලන් චිත්‍රපටියේ නො ව චිත්‍රපටි ශාලාවේ සිටින බව නිශ්චිත ව ම කාටත් තේරුම් ගියා. ඉන් පසු දවල් අහසේත්, කාමර තුලත්, ඇඳන් මතත්, නාන කාමර තුලත් වවුලන් පේන්න ගත්තා.
හරි මැද හතරැස් කොටුවක හැඩයෙන් කෙරුනු පිරියමකින් ද තැනතැන විසිර තිබුනු වවුල් බෙට්ටෙන් හටගත් පැල්ලම්වලින් ද යුතු තිරය මත මැවුනේ ප්‍රසන්න ජයකොඩි හැදූ කර්මත් මේ සිනමා ශාලාව තිබෙන නගරයේ සංස්කෘතියත් අතර පරතරය තුල නිපදවුනු යමක්. පසුපස පෙලේ උදවිය පැමිනි මොහොතේ පටන් චිත්‍රපටියේ නිශ්ශබ්ද ජවනිකාවන්ට නොසතුට පල කරන්නත් නලුනිලියන්ගේ සහ එහි දැක්වෙන පරිසරයේ හැඩහුරුකම් විචාරයට ලක් කරන්නත් ඉදිරිපත් වී සිටි නිසා වවුලන්ගේ ආගමනයෙන් ඇති වුනු හා හෝව අපට අලුත් දෙයක් වුනේ නෑ. චිත්‍රපටිය සම්පූර්නයෙන් නිහඬ වුනු විට ඔවුන් කටහඬ මනා ව අවදි කල බැවින් කිසිම පාලුවක් කාන්සියක් නැතුව වෙලාව ගත කරන්න පුලුවන්කමක් තිබුනා. දවල් ඇද වැටුනු වැස්සෙන් සිනමා ශාලාවේ බිම යට වී තිබුනු බව ඇඟවෙන මඩ මුසු වතුර පැල්ලම්වලින් ගැවසී ගත් හාත්පසින් ඉවසිය නොහැකි දැඩි මූත්‍ර ගන්ධයක් වහනය වුනා. විවේක කාලය විනාඩි දෙකකට වඩා ලබා දෙන්න නොහැකි වුනේ කැන්ටිම සහ වැසිකිලිය තිබෙන ප්‍රදේශයට කිසි සේත් ලඟා විය නොහැකි මට්ටමකට දුර්ගන්ධය උත්සන්න ව පැවති නිසා විය යුතු යි. අඩියක් දෙකක් හෝ ඔබ මොබ ගමන් කිරීමෙන් කුමන අකරතැබ්බයකට පත් වේ ද යන්න අවිනිශ්චිත නිසා විසි පහක් පමන වූ සියලු දෙනා සීරුවෙන් ආසනවලට ම ඇලී හිටියා. සමාන්තර විශ්වයක සිට එබිකම් කරන සත්ව සනුහරයකට අයත් කටවල් මෙන් සීලිමේ සිට පහලට ඇරී තිබුනු සිදුරු කලක් තිස්සේ වතුර කාන්දු වීමේ වග විත්ති කියා පෑවා. චිත්‍රපටියේ එන තරුනයාගේ නවාතැනේ ම අධියථාර්ථවාදී දිගුවක්. චිත්‍රපටිය නැවතත් පටන්ගත්තා.
තක්කුමුක්කු වී ගිය අප අවසානයේ පිටතට එන විට සිනමා ශාලාවේ බලු කුක්කෙක් මගේ කකුල ලෙවකන්න ඉදිරිපත් වුනත් ඊට ඉඩ නුදුන් කුකු හිමියා (කුක්කාගේ අයිතිකරු) කුක්කා ද රැගෙන වැසිකිලිය දෙසට කඩිසර ගමනින් ගියා. දොරකඩ තව පිරිසක් අප සියලු දෙනා දෙස අනුකම්පාව මුසු බැල්මක් හෙලාගත් වන ම උන්නා. දිඩිබිඩියේ එලියට පැනගත් පෙම් යුවලක් තරගයට මෙන් අයිනක නවතා තිබූ ත්‍රීරෝද රථයකට ඉගිලුනා.