අපේ රටට සක්විතිලාගෙන්, ඒ කියන්නෙ චක්‍රවර්තිලාගෙන් නම් අඩුවක් නෑ. පුරාවිද්‍යා චක්‍රවර්තිලාගේ සිට බයිලා චක්‍රවර්තිලා දක්වාත්, බුත්සරන කතුවර විද්‍යා චක්‍රවර්තීන්ගේ සිට නිකම් සක්විතිලා දුසිම් බාගයක් පමන දක්වාත් විහිද යන සක්විති පරපුරක් බිහි කරමින් මේ පින් බිම ලොව පෙරමුනේ වැජඹෙනවා. චක්‍රවර්ති කියන පදයට සරල සමකාලීන තේරුමක් දෙන්න අවශ්‍ය නම් අධිරාජයා කියන පදය හොඳයි. ඉංග්‍රීසියෙන් emperor කියන්නෙත් මේකට සමාන පදයක්. දැන් සමහරු කියන්නාක් මෙන් මේ දේශයේ ම ඉපදුනු ගෞතම බුදුරජානන් වහන්සේත් චක්කවත්ති සිහනාද සූත්‍රය දේශනා කරමින් මේ පදයේ අරුත් තවත් සංකීර්න හා බරසාර කොට තිබෙනවා. රජවරුන් බිහි වන උදාර ලකුනු පහල ව ඇති මෙවන් යුගයක චක්‍රවර්ති යන වෙසෙසුම වඩ වඩාත් අදාල බවක් කෙනෙකුට පෙනුනොත් ඒකත් පුදුමයක් නෙමෙයි.
විද්‍යාලංකාර විශ්ව විද්‍යාලය නමින් කලින් ප්‍රකට ව තිබූ දැන් කැලනිය විශ්ව විද්‍යාලය නමින් දන්නා ආයතනයේ උපාධි ප්‍රදානෝත්සවයේ දී අද දහවල් විවිධ සමකාලීන පඬිවරුන්ට සාහිත්‍ය චක්‍රවර්ති උපාධියත් තව නානා පන්නයේ උපාධිත් ප්‍රදානය කෙරුනු බව වාර්තා වුනා.
මේ ස්ථානයෙන් යටගිය දවස සාහිත්‍ය චක්‍රවර්ති උපාධිය ලද පඬි රුවනක් තමයි අග්ගමහා පන්ඩිත පොල්වත්තේ බුද්ධදත්ත නාහිමියෝ. බුද්ධදත්ත හාමුදුරුවන් ගැන විස්තර හොයද්දී ලැබුනා මාර්ටින් වික්‍රමසිංහ සූරීන් ලියපු සටහනක්. ඒ උන්වහන්සේගේ භාශා සාහිත්‍ය ප්‍රවීනත්වය හා ශික්ශනය ගැන.
“පොල්වත්තේ බුද්ධදත්ත නායක හිමියෝ පඩිවරයෙකු හා ධර්මධරයෙකු වශයෙන් අනිත් පැවිදි පඩිවරයන්ට හා ධර්මධරයන්ට අහිමි සංකීර්ණ චරිත ඇත්තෙකි. පාලි භාෂාවෙහි අභිධර්මයෙහි හා ශාසන වංශයෙහි ද පැතිරි ඇති දැනුම ලේඛකයෙකුට අවශ්‍ය ව්‍යුත්පත්තිය, බහුශ්‍රැත භාවය, නිර්ව්‍යාජත්වය තම වැටහීම, නිර්භයව කීම, පොත පත උගැන්මෙන් හා ලිවීමෙන් ලබන අත්‍යන්තර සන්තෝෂය යන මේ ගුණාංගයන් ගෙන් සංකීර්ණ වූවකි. උන්වහන්සේගේ උගත්කම ලේඛකයෙකුට අවශ්‍ය ව්‍යුත්පත්තියත්, ලිවීමෙන් අත්‍යන්ත සන්තෝෂයත් ඇති පැවිදි පඬිවරයෙකු දකින්නට ලැබෙන්නේ කලාතුරකිනි…. ලිවීම උන්වහන්සේට භාවනා විශේෂයක් විය. උදේ සිට රෑ වනතුරු ලිවීමෙන් වුවද උන්වහන්සේට වෙහෙසක් නොදැනුණි.”
සිංහල, පාලි, සංස්කෘත, බුරුම, ඉංග්‍රීසි ආදී භාශා ගනනාවක් දැන සිටි උන්වහන්සේ ඊ. ජේ. තෝමස්, රීස් ඩේවිඩ්ස්, අයි. ඩී. හෝනර් ආදී ලොව වටා වියතුන් සමග ලිපි හුවමාරුවේ යෙදුනේ පාලි බසින් බවත් කියැවෙනවා.
තවත් විස්තර බලන්න මෙතැනට යන්න.
ඉතින් මෙවැනි පඬිවරුන්ට සම වෙමින් බැබලෙන අග්‍රතර සාහිත්‍ය චක්‍රවර්තීන්ගේ පහස යලි යලිත් ලබන්නට මේ ලංකා ධරනී තලය මොන තරම් පින් කර ඇද්ද? එහි වෙසෙන ජනතාව මොනතරම් භාග්‍යවන්තයෝ ද? අර ප්‍රසිද්ධ ගීතයකත් තියෙන්නෙ
පුලතිසි දැමි සිරි රහල් කුමරතුඟු පඬුවන් ලද ලංකා
විදු සක්විති මහ පැරැකුම් කිවිසුරු කිවියන් ලද ලංකා
හ්ම්. කාටද ආඩම්බර?