වෙබ් ආලෝචනා | web alochana

3.0 nihil humanum a me alienum puto

විදුලි සන්දේශ නියාමනය

| Comments


මේ පින්තූරවල තියෙන්නෙ මම පොඩි කාලේ හැදුන වැඩුන ප්‍රදේශය. හදිසියේ ගත්ත පින්තූරවලින් කොහොම දැනෙනවද මන්දා. ඒත් ඇත්තටම එහෙ ගියාම නං දකින්න ලැබෙන්නෙ බොහොම බියකරු දර්ශනයක්. වර්ග කිලෝමීටරයක් විතර කුඩා ප්‍රදේශයක් ඇතුලත ජංගම දුරකථන කුලුනු හතරක්. ජාල හතරක්. එතන විතරක් නෙමෙයි හතර වටේට ම තත්වය ඒකයි. ඉතා ම මනස්කාන්ත භූ දර්ශනයක් ව පැවති ප්‍රදේශය පුරා ම දුරකථන කුලුනු අරක්ගෙන. ඉස්සර නං මේ අහසේ දකින්න ලැබුනේ සරුංගල් විතරයි.

මම කියන්නෙ සරුංගල් විතරක් උඩ ගියාම ඇති කියල නං නෙවෙයි. මේ පාරිසරික ව්‍යසනය අවම කරගන්නේ කොහොම ද?

විදුලි සන්දේශ නියාමනය යන්නෙන් අද අදහස් වෙන්නෙ මොකද්ද කියලා මම හරියට දන්නෙ නැහැ. නමුත් විවිධ විදුලි සන්දේශ සේවාවන්ට අවසර ලබා දීමේ සිට ප්‍රමිතීන් අධීක්ශනය ආදිය හරහා ඒවාගේ කටයුතු සියල්ල නියාමනය කරන ආයතනයක් හැටියට විදුලි සන්දේශ නියාමන කොමිසම මට පෙනෙන්නේ. ඉතින් මේ රට පුරා කනු හිටුවීමේ ක්‍රියාවලිය එවැනි ආයතනයක අධීක්ශනයට ලක් කරන්න බැරි ඇයි? හැබැයි දැන් නම් ප්‍රමාද වැඩි වෙන්න පුලුවනි. අනික එවැනි රාජ්‍ය මැදිහත් වීමක් ඊනියා නිදහස් ආර්ථිකයට නොගැලපෙන්න පුලුවනි.

කෙසේ වෙතත් මගේ යෝජනාව මේකයි. දුරකථන කුලුනු ඉදි කිරීම ලාභය පිලිබඳ දෘශ්ටි කෝනයෙන් නො ව පාරිසරික හා මහජන යහ පැවැත්ම පිලිබඳ දෘශ්ටිකෝනයෙන් පිවිසිය යුතු කටයුත්තක්. එනිසා මුලු දිවයිනට ම බලපාන එක කුලුනු ජාලයක් විදුලි සංදේශ නියාමන කොමිසම හෝ එවැනි මධ්‍යගත අධිකාරියක් යටතේ ස්ථාපනය කොට සිය සේවාව පුලුල් කරන සෑම දුරකථන ජාලයකට ම එම කුලුනු කුලියට දිය හැකියි. එවිට අපේ ගමට ලැබෙන්නේ එක දුරකථන කුලුනක්. “ඒක හරි ම සිම්පල් ප්ලෑන් එකක්” :P එහෙම කරන්න තාක්ශනික බාධකයක් තියෙනවද? දන්න අය ඉන්නවා නම් කියන්න. එහෙම නොකලොත් මේ කනු සම්භාරය මේ පොඩි දූපතට දරන්න බැරි මට්ටමට එනවා ඉතා ම ඉක්මනින්.

.