වෙබ් ආලෝචනා | web alochana

3.0 nihil humanum a me alienum puto

62 වසරක "සිනමාව" ජනවාරි 15 සිට 21 දක්වා NFC හි දී : මේ ඔබේ තේරීම ද?

| Comments

62 වන සිනමා සංවත්සරය යනුවෙන් නම් කල සිනමා දැක්මක් ජාතික චිත්‍රපට සංස්ථාවේ මෙහෙයවීමෙන් පැවැත්වෙන බව දැනගන්න ලැබුනා. මේ ප්‍රචාරක පත්‍රිකාවේ එක වර ම ඇස ගැටෙන්නේ 62 වන සංවත්සර කතාව නිසා නිසා මම බලාපොරොත්තු වුනේ මේ ඉතිහාසය පිලිබඳ හරස්කඩක් පිලිමිඹු කරන චිත්‍රපට එකතුවක්. එහෙමත් නැත්නම් මේ කාලය තුල බිහි වූ විශිශ්ටතම සිනමා නිර්මාන සමුච්චයක්. ඔය දෙකෙන් එකක් ඔස්සේ තමයි වැඩේ කෙරෙන්න උචිත. මම නම් ඒ තරම් සිනමාව ගැන දන්නෙ නෑ. දන්න කියන අයගෙන් ප්‍රශ්නයක් අහන්න කැමතියි. 62 වැනි සංවත්සරය වෙනුවෙන් අප චිත්‍රපට සංස්ථාවෙන් බලාපොරොත්තු වන සිනමා දැක්මට ඇතුලත් විය යුතු සිනමාපට හැටියට ඔබ දකින්නේ මොනවා ද? මෙතන නම් සිනමා කෘති 14ක් තියෙනවා. මේ ඔබේ තේරීම ම ද?

විශාලනය සඳහා රූපය මත ක්ලික් කරන්න



ඔබ මේ ලැයිස්තුව ගැන සෑහීමකට පත් වෙනවද? එහෙමත් නැත්නම් 62 වසරක ලාංකීය සිනමාව සමරන්න ඔබ සිනමා දැක්මක් සූදානම් කලොත් එයට ඔබ ඇතුලත් කරන කෘති 14 මොනවා ද? කලාව වින්දනය කිරීමේ දී පුද්ගලික/ආත්මීය සාධක බොහෝ සෙයින් තීරනාත්මක වෙන්න පුලුවන් නිසා බොහෝ අයට විවිධ ලැයිස්තු තිබිය හැකියි. ඒත් ඒ අතර පොදු සාධක ද සොයා ගන්න බැරි වෙන එකක් නැහැ.




ඔබෙන් ලැයිස්තු ඉල්ලන අතර මට තවත් ප්‍රශ්නයක් මතු වුනා. ඇතැම් විට ඔබ මෙරට චිත්‍රපට කිසි සේත් නොබලනවා වෙන්නත් පුලුවනි :D ඒකත් එහෙම නම්, ඒ ගැනත් ටිකක් කතා කරමු.