වෙබ් ආලෝචනා | web alochana

3.0 nihil humanum a me alienum puto

One Hour to Go! මැරතන් ඇරඹෙන්න තව පැයයි!

| Comments

සිංහල බ්ලොග් මැරතන් ඇරඹෙන්න තව ඇත්තේ පැයක පමන කාලයක්. ලංකාවේ වේලාවෙන් රෑ 8ට!

වෙබ් ආලෝචනා අඩෙවියත් “මැරතන් දුවන්න” නියමිත බව දැන් ඔබ දන්නවා. සෑහෙන උද්යෝගයකින් හැමෝම සූදානම් වෙනවා. සමහරු ඊයේත් මැරතන් “දුවලා බලපු බව” ආරංචි වුනා :-) කියලා නතර කලේ නැත්නම් තාම දුවනවා. මැරතන් සඳහා සහභාගී වන සියලු බ්ලොග් අඩෙවි “එක වහලක් යට සිට” නරඹන්න පුලුවන් ක්‍රම කීපයක් තියෙනවා.

1. මැරතන් සින්ඩිකේටරය (වේගවත් ම ස්ථානය)
http://marathon.sinhalabloggers.com
මෙහි සෑම මිනිත්තු 10-15 කට වරක් පල වන බ්ලොග් සටහන් සියල්ල ඉතා ඉක්මනින් දර්ශනය වනු ඇති. ඔබේ bookmarks අතරට මේ අඩෙවිය දැන් ම එක් කරගන්න! අද රෑ පහන් කරන්න හොඳම ස්ථානය මෙතනයි.

2. combined feed.
සහභාගී වන සියලු බ්ලොග්වල rss ගොනු කොට අප සපයන පොදු feed ධාරාව ගූගල් කියවනය (google reader) බ්ලොග්ලයින්ස් වැනි ඔබ භාවිතා කරන feed reader උපාංගය ඔස්සේ කියවන්නත් පුලුවන්. මෙය සපයන්නේ සින්ඩිකේටරයට අමතරව යි.

මෙතන ක්ලික් කරන්න. මේක වෙනම feed එකක්. යාහූ “පයිප්පයක්”

3. ක්ශනික පනිවිඩ (Instant Messaging)
අලුතින් ම පල වී ඇති බ්ලොග් සටහන් කෙලින් ම ඔබේ ගූගල් ටෝක් ගැජට්ටුවට ක්ශනික පනිවිඩ ආකාරයෙන් ලබා දෙන blog notification සේවාව.
මේ පනිවිඩ ලබාගැනීම සඳහා ඔබේ google talk සබඳතා අතරට marathon@sinhalabloggers.com එකතු කරගන්න. ඉන් පසු අලුතින් බ්ලොග් සටහන් පල වන වාරයක් පාසා ඔබට එමගින් දැනුම් දෙනු ඇති. එසේ ම top 5, top 10 ආදී වශයෙන් ඔබට අවශ්‍ය සංඛ්‍යාවක් යැවීමෙන් අලුත පල වී තිබෙන බ්ලොග් සටහන් ද වහා ලබාගත හැකියි.

4. සිංහල බ්ලොග් මැරතන් twitter සමග එක් වීම.
මේ සඳහා නම් ඔබට twitter ගිනුමක් තිබීම අවශ්‍යයි. ඒත් ඒක බොහොම සරල ඉක්මන් වැඩක්. මෙමගිනුත් ක්ශනික පනිවිඩ සහ ජංගම දුරකථනවලට දැනුම්දීම් එක් කරගන්න පුළුවන්. අනික අපි සියලු දෙනාත් විනෝදයට twitter කරන නිසා එතනට “set වීම” නිදිමත නැති වෙන දෙයක් වේවි :D මැරතන් twitter පිටුව “follow කිරීම” අරඹා එහි තිබෙන Device Updates කොටස ON බවට පත් කරගන්න. ඔබේ gtalk සහ ජංගම දුරකථනය ඔබේ twitter ගිනුමට ඇතුලත් කරගන්න.



එහෙම නම් රැඳී සිටින්න :-)



මෙහි පල වූ වෙනත් අදාල ලිපි -
  1. Sinhala Blog Marathon prologue 1 : Why Sinhala Unicode? It’s just another font… isn’t it?
  2. Sinhala Blog Marathon Prologue 2 : I can see ???????? and boxes!!!! This is not Sinhala! How to fix this?
  3. Follow Sinhala Blog Marathon on Twitter, Gtalk, Yahoo Pipes and Marathon Syndicator!
  4. Sinhala Blog Marathon Prologue 3 : Sinhala typing guide: easiest language to type? :D
  5. සංවේගයෙන් දැනුම් දීමයි - යසරුවන් ගුණතිලකගේ හදිසි අභාවය