වෙබ් ආලෝචනා | web alochana

3.0 nihil humanum a me alienum puto

දැන් කාලා ඉවර වුනේ....

| Comments

ලියන ගමන් කාපු නිසා දැන් තමයි කාලා ඉවර වුනේ….

මැරතන් ධාවනය ඉතා අනර්ඝ විදිහට පෙරට යනවා…. හතර අතින් සිංහල සටහන් අන්තර්ජාලයට එකතු වෙනවා.

මෙය සිංහල භාශා බ්ලොග්කරනයේ ශක්‍යතා හා භව්‍යතා (possibilities) උත්සවශ්‍රීයෙන් විදහා පෑමක්. ජාලගත සිංහල ලේඛනය සඳහා උචිත තාක්ශනය උපරිමයෙන් දැන් අප සතු ව පවතින බව මෙතෙක් එය නුදුටු සැම වෙත හඬ නගා කීමක්. ඒ නිසා මේ සංදර්ශනය ඉදිරි මාසවල තව බොහෝ දෙනෙකුට සිංහල භාශා අන්තර්ගතය බ්ලොග් අවකාශයට එකතු කිරීමට උත්තේජනයක් සපයනු ඇතැයි හිතන එක අසාධාරන නැහැ. ඒවගේ ම සිංහලබ්ලොග්කරනය විවිධ ක්ශේත්‍රවල ව්‍යාප්ත කිරීමත් බ්ලොග්කරුවන්ගේ අයිතීන්, වගකීම් හා සමාජ භූමිකාව පිලිබඳ පුලුල් සංවාදයක් වර්ධනය කිරීමත් අරමුනු කරගෙන ආරම්භ කෙරුනු සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය සමාජගත වීම ද මේ උත්සව ශ්‍රීය මැද්දේ සිදු වීම අතිවිශේශ දෙයක් කියලයි මට හිතෙන්නේ.


සින්ඩිකේටරය පැත්තේ යන්න. හරිම විචිත්‍ර අත්දැකීමක්.

තව ටිකකින් ආයෙ ලියන්නම්.