වෙබ් ආලෝචනා | web alochana

3.0 nihil humanum a me alienum puto

පොත් මිල, ඊ පොත්, බ්ලොග් සහ තවත් දේවල් ටිකක්

| Comments

පහුගිය අවුරුදු දහයක විතර අතීතයට හැරිලා බැලුවත් මහ දරුනු ආකාරයේ මිල වැඩිවීමක් තමයි කඩදාසි සහ පොත්පත් සම්බන්ධයෙන් දකින්න තියෙන්නෙ. ඒ වගේ ම පාරිසරික ප්‍රශ්න නිසාත් කඩදාසි නිපදවීම අනාගතයේ දී ඒ තරම් පහසු අඩුමිල දෙයක් වෙන එකක් නැහැ. ඊ පොත්වලට හැරීම හා ජාලගත ප්‍රකාශන මාධ්‍ය බහුල වෙන්න මේ තත්වයත් හේතුවක් වේවි ලංකාව වගේ රටවලට වුනත්. පාසැල් පෙල පොත් මුද්‍රනය වගේ විශාල වියදම් සහිත ව්‍යාපෘති සඳහා තිබෙන අනගිතම විකල්ප මාර්ගයත් මේක බවයි පේන්නෙ.

ලංකාවේ ලේඛකයින්ගේ නම් පොත් මොන තරම් මිල ඉහල ගියත් ලේඛකයින්ට ඒ තරම් ලාභයක් පොහොසත් වීමක් එයින් ලැබෙන්නෙ නෑ. පාඨක සංඛ්‍යාව අල්ප වීම නිසා ප්‍රධාන පෙලේ ලේඛකයින්ගෙ පවා පොතක් මුද්‍රනය කරන්නේ වැඩිම වුනොත් පිටපත් 2000ක් පමන තමයි.

නොන්ඩි ගසමින් වුනත් අන්තර්ජාල පහසුකම් රට පුරා ව්‍යාප්ත වන තත්වයක් තුල, ඊට වැඩිය පාඨක පිරිසකට ලඟාවෙන්නත් (අනුමාන කල හැකි පරිදි) වැඩි ආදායමක් උපයාගන්නත් සාමාන්‍ය ලේඛකයකුට වුනත් පුලුවන් වේවි මාසයකට “හිට්ස්” 100- 1000 ක් වත් තියෙන බ්ලොග් අඩෙවියකින්.

නැද්ද මං අහන්නෙ?