වෙබ් ආලෝචනා | web alochana

3.0 nihil humanum a me alienum puto

බ්ලොග් අඩස්සිය සහ බ්ලොග් මැරතන් පුවත්

| Comments

ලිවීමේ යෙදෙන අයට සුපුරුදු පරිදි ලියාගන්න බැරි, පදම බැහැපු කාලයක් ආවාම කියනවා writer’s block එකක් ඇවිත් කියල. blogger’s block කියලත් කියනවා බ්ලොග් ලියන අය හිර වුනාම. මේකත් නිකං මුත්‍රා අඩස්සිය, මල බද්ධය වගේ දෙයක්. ඉතින් මම හිතුව මේ බ්ලොග් ලිවීම හිර වෙන එකට බ්ලොග් අඩස්සිය කියල කියන්න. බ්ලොග් බද්ධය කීවත් වැරැද්දක් නැහැ :D පහුගිය ටිකේ සිංහල බ්ලොග් මැරතන් එකේ කට කපලා තිබුනු වැඩ කන්දරාව නිසා පිලිවෙලකට ලියන එක අතපසු වෙලා ගියා. ලියන එකේ රිද්මයත් එන්නෙ නෑ වගේ. කොහෙන් පටන් ගන්නද දන්නෙත් නැහැ. ඉතින් මට බ්ලොග් අඩස්සිය :-( මේ ලියන්නෙ ඔක්කොම විරේක වෙලා අත හිත පදම් වෙන්නත් එක්ක.

හැබැයි දැන් ඔන්න මැරතන් ගැන අලුත් ප්‍රවෘත්ති කීපයක් ම තියෙනවා. තව දින 7 යි තියෙන්නෙ. ඔබේ බ්ලොග් අඩෙවියත් එකතු කරන්න.


මෙය සිංහල භාශා බ්ලොග්කරනයේ ශක්‍යතා හා භව්‍යතා (possibilities) උත්සවශ්‍රීයෙන් විදහා පෑමක්. ජාලගත සිංහල ලේඛනය සඳහා උචිත තාක්ශනය උපරිමයෙන් දැන් අප සතු ව පවතින බව මෙතෙක් එය නුදුටු සැම වෙත හඬ නගා කීමක්. ඒ නිසා මේ සංදර්ශනය ඉදිරි මාසවල තව බොහෝ දෙනෙකුට සිංහල භාශා අන්තර්ගතය බ්ලොග් අවකාශයට එකතු කිරීමට උත්තේජනයක් සපයනු ඇතැයි හිතන එක අසාධාරන නැහැ. ඒවගේ ම සිංහලබ්ලොග්කරනය විවිධ ක්ශේත්‍රවල ව්‍යාප්ත කිරීමත් බ්ලොග්කරුවන්ගේ අයිතීන්, වගකීම් හා සමාජ භූමිකාව පිලිබඳ පුලුල් සංවාදයක් වර්ධනය කිරීමත් අරමුනු කරගෙන ආරම්භ කෙරුනු සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය සමාජගත වීම ද මේ උත්සව ශ්‍රීය මැද්දේ සිදු වීම අතිවිශේශ දෙයක් කියලයි මට හිතෙන්නේ.

සිංහලෙන් පරිගනකය භාවිතා කිරීමේ හැකියාව ඔබට දැනටමත් තියෙනවා නම් මේ අවස්ථාව අත හරින්න එපා. සිංහල භාශා භාවිතය පුලුල් කරන්න, තහවුරු කරන්න එක වැකියක් දෙකක් බැගින් හෝ ලියන්න එකතු වෙන්න.

මේ ගැන විසඳාගන්න ගැටලුවක් තියෙනවා නම්, තාක්ශනික උපදෙසක් උපකාරයක් අවශ්‍ය නම් කෙලින් ම සිංහල බ්ලොග්කරුවන්ගේ ගූගල් සමූහයෙන් විමසන්න. ඔබට ඉක්මන් උපකාර ලැබේවි.

දැනට සිංහල බ්ලොග්කරුවන්ගේ සංසද වෙබ් අඩෙවියේ සිංහල භාශාවෙන් බ්ලොග් ලිවීමට පිවිසෙන අයට ප්‍රයෝජනවත් ලිපි ලේඛන කීපයක් ම තිබෙනවා.