කලින් සටහනේ දී සාකච්ඡා කල භාශා සාහිත්‍යික පෙරමුනු දෙක යලිත් සටහන් කරගමු. 19 සියවසේ පෙරමුනු දෙක -
දැන් ඉතිහාස පථයට ඉහලින් එසවී නරඹමු.
දැන් යලිත් ශතවර්ශයකට මඳක් වැඩි කාලයකට පසු සිංහල භාශා සන්නිවේදනය අර කී තත්වයට සමාන පිහිටීමක. මාධ්‍යය පිලිබඳ තීරනාත්මක හැරුම් ලක්ශ්‍යයක. ඉදිරි සියවස සංලක්ශිත වනු ඇත්තේ මුද්‍රිත මාධ්‍යය වෙනුවට (සහ එය පසෙකින් තිබිය දී) ඩිජිටල්/ඊ/විද්‍යුත් මාධ්‍යයක් ඒ තැන ගැනීම විසින්. කියවීම, අධ්‍යයනය, සන්නිවේදනය පමනක් නොව සාහිත්‍ය කලා ආදිය පිලිබඳවත් මෙය තීරනාත්මක යි. ජාලගත කෙරුනු, විද්‍යුත් ආකාරයෙන් ගබඩා කෙරුනු පරිගනකගත අන්තර්ගතයක් ප්‍රධාන වැඩ බිම බවට පත් වෙමින් පවතිනවා.
මේ පරිවර්තනීය අවස්ථාව රූපාකාරයෙන් 19 වැනි සියවසේ සිදු වූ සංක්‍රාන්තියට බෙහෙවින් සමාන යි.
එක් පැත්තකින් මෙතෙක් පැවති සාහිත්‍යික අන්තර්ගතය හා දැනුම නව මාධ්‍යයට පරිවර්තනය කල යුතුයි. අනිත් අතින් මේ නව මාධ්‍යය තුල භාවිතය සඳහා බස සැකසී ඒම අවශ්‍ය ව තිබෙනවා. නව මාධ්‍ය හැටියට අන්තර්ජාලය තුල බ්ලොග්කරනය හා දෙවැනි පරපුරේ (web 2.0) වෙබ් ප්‍රකාශන අවකාශ දියුනු තියුනු වෙන්න ඕනෑ.
දැන් මගේ උපකල්පන සහ පෙරදැක්ම - මෙයට විරුද්ධ වන්න ඔබට අයිතියක් තියෙනවා. නමුත් මේ මම ඒත්තු ගෙන සිටින ආකාරය.
දැන් මෙතෙක් මුද්‍රිත මාධ්‍යය තුල ගැබ් ව පැවති දැනුම හා සාහිත්‍යය මේ අලුත් මාධ්‍යය තුලට රැගෙන යාමේ ඓතිහාසික අභියෝගය ඉදිරිපත් ව තිබෙනවා. මෙය ඉටු නොකල හොත් සිංහල සාහිත්‍යයේ මහාර්ඝ උරුමය එලඹෙන සියවස්වල ඉපදෙන පරම්පරාවන්ගේ ජීවිතවලින් දුරස් වූ කෞතුක වස්තූන් සමුදායක් බවට පත් වනු නිසැක යි.
ඒ සමග ම නොවැලැක්විය හැකි ලෙස, අපේ භාශාවේ ද්විරූපතාව ආශ්‍රිත ගැටලු හේතුවෙන්, වඩාත් සුඛග්‍රාහී සන්නිවේදනය පහසු කරවන වර්ධනයක් ඉල්ලා සිටිමින් බස කැරලි ගසනවා. බසේ “ස්වාභාවික” වර්ධනය පවතින්නේ මේ ද්විරූපතාව අවම කිරීමේ දිශාවට යි. තවදුරටත් තිරිංග දමා තද කරගෙන සිටි ද්විරූපතාවේ වත්මන් ස්වරූපය වාන් දොරටු බිඳගෙන එන සන්නිවේදන ප්‍රවාහය විසින් නියත වසයෙන් පරසක්වල ගසනු ඇති. අදද මම කිව්වා කියලා හිතා ගන්න :P මෙන්න මේ අංශයේ දී තීරනාත්මක ම කාර්යභාරය ඉටු කරමින් සිටින්නේ ද ඉදිරියේ දී ඉටු කරනු ඇත්තේ ද සිංහල භාශා බ්ලොග්කරුවන් විසින්. දැනට මත් බ්ලොග්කරනයෙහි උපයුක්ත භාශාව අතිවිශාල පීඩනයක් අන් සියලු අන්තර්ජාල ලේඛන මත ඇති කරමින් සිටිනවා. මෙය ඉදිරියේ දී තවතවත් තියුනු වේවි ඒ ගැන සැක නෑ.
1) පුරාන ප්‍රකාශන මාධ්‍යයන් හි එනම් පුස්කොල පොත් හා ජනශ්‍රැතියේ පිහිටෙන් ඒ දක්වා පැවත ආ සාහිත්‍යික අන්තර්ගතය(content) හා දැනුම අලුත හඳුන්වා දුන් මුද්‍රිත මාධ්‍යයට පෙරලී, සංස්කරනය වී ප්‍රකාශයට පත් වීම.
2) නවතම පන්නයේ ප්‍රකාශන මාධ්‍ය එනම් පුවත්පත් සඟරා ද වෙනත් වාද විවාද සංග්‍රහ කෙරුනු ප්‍රකාශන ආදිය පැන නැඟීම.