සංස්කෘතිය රකින්න, “අපේ” කම රකින්න දත කාගෙන බෙරිහන් දීගෙන ජනගඟ පෙරට යන(පෙරට දක්කන) කාලයක් නෙ මේක. ඕනැ මඟුලක් ගත්තොත් අපේ කම තමයි ඉස්සරහට දාන්නෙ. කසාදයක් බැන්දත්, විනෝද ගමනක් ගියත්, බජව්වක් දැම්මත්, පොතක් පතක් ලීවත් නාට්‍යයක් - චිත්‍රපටියක් හැදුවත් ඊනියා අපේකම ගැන තමයි හොයන්නෙ. බැරි වෙලා හරි මේ “අපේ කම” නොතිබ්බොත් ඉවරයි. ඒ කටයුත්ත තහනම් වෙලා හරි අදාල පුද්ගලයා රටිනුත් පන්නලා හරි තමයි කෙලවර වෙන්නෙ. අමුම අමු ජාතික චින්තනයකින් පලිප්පු ලන ලද අපේ කමක්! මේ අපේ කමයි “සංස්කෘතියයි” අරගෙන පෙරහරේ යන කවුරුහරි නවත්තලා ඇහැව්වොත් මොකක්ද ඔය අපේකම? මොකක්ද ඔය සංස්කෘතිය කියලා, දෙන්න පැහැදිලි පිලිතුරකුත් නෑ. සමහර විට මේ අපේ කම බලය දරන අයගේ දෘශ්ටිවාදය අනුව වෙනස් වෙනවා. ඒ අනුව එක “අපේ කමක්” අවුරුදු හයක් නැතහොත් දොලහක් පවතින්න පුලුවන්! මේ සියල්ල සලකා බලා අතිශය නිවැරදි ලෙස කීවොත් අද දවසේ අපේකම වනාහි අද දවසේ අපේ “චින්තනයයි”! (ඔව් ඔව්, මම මේ කතා කරන්නෙ “අර” චින්තනේ ගැන තමා!) එයට අනුකූල නොවන සුලඟක් වත් හමන්න බෑ! එයට විරුද්ධ එක අකුරක් (අක්ශරයක්/අක්ෂරයක්!!!) ලියන්න බෑ. මොක ද අපේ කමට හානියක් වන නිසා! ඉතින් එක අතකට මේ “අපේ කම” මේ තරම් ම දුර්වල දෙයක් ද කියලත් වෙලාවකට හිතෙනවා. මොකද එක අකුරක් දෙකකින් චිත්‍රපටයකින් ෆියුස් යන්න තරම් පන නැති අපේ කමක් තමයි ඒක. බොහෝම ඉස්සර කාලෙ තිබුනා දෙයක් කන්‍යාභාවය කියලා. ඒකත් ටිකක් මේ වගේ. කොයි හැටි වෙතත්, මේ අපේ කම අවුරුදු හයක් එහෙමත් නැත්නම් දොලහක් විතර තිබිලා අපිට ආයෙත් අලුත් අපේ කමක් ලැබේවි. රෙදි කලිසම් ආදියත් ඇඳගෙන ඒ අපේකම රකින්නත් කට්ටියක් සැදී පැහැදී ඉඳීවි.
පුරාන පත පොත සංස්කරනය හා “අපේ කම”
දැන් මේ සැලලිහිනිය හා වෙනත් පුරාන පතපොත අන්තර්ජාලය සඳහා සංස්කරනය කිරීම ගැනත් සමහරු එහෙම දේවල් කියනවා - ‘අපේ දේවල් සංරක්ශනය කරන එක, අපේ දේවල් “ජාත්‍යන්තරයට ගෙනියන එක” කොච්චර වටිනවද? ජාතික සේවයක්! අපේකම ඉස්මතු වෙන විදිහට මේක කරන්න’ කියලත් සමහරු උපදෙස් දෙනවා. මට නං කියන්න තියෙන්නෙ මෙච්චරයි. මේවා ඔයගොල්ලන්ගෙ දේවල් වෙන්න පුලුවන්. ඒත් ඊටත් වඩා මේවා මානව සංහතියේ උරුම. මම නං කාගෙවත් අපේ කම් රකින්න ඉදිරිපත් වුන කෙනෙක් නෙවෙයි. මට ඔය ඊනියා අපේ දේවල් ලෝකයට එරෙහිව පෙලගස්සන්න අවශ්‍යතාවක් ඇත්තෙත් නෑ. මම දන්න අපේ කම මෙන්න මෙහෙමයි : මට තොටගමුවෙ රාහුල හාමුදුරුවොත් අපේ, ඩී එච් ලෝරන්ස් උන්නැහෙත් අපේ. ශේක්ස්පියරුත් අපේ. මාක් ට්වේනුත් අපේ, මාර්ටින් වික්‍රමසිංහත් අපේ. ඇයි කාලිදාස? උන්නැහෙත් අපේ! කවුරු හරි උත්සාහ කරනවා නම් අපේ දේවල් කියලා හංවඩු ගහලා මේ දූපත ඇතුලෙ බිහි වුනු සංස්කෘතික ප්‍රපංච, නිර්මාන ආදිය ලෝකයට එරෙහිව පෙලගස්සන්න ඒක අන්තිම අමනෝඥ, සංස්කෘතියෙන් තොර වැඩක් හැටියටයි මම දකින්නෙ. එයින් සංස්කෘතික දරිද්‍රතාවක් සහ අත්තනෝමතික ලිං මැඩි මනෝගතියක් වගාදිගා කෙරෙනවා මිස සිද්ධ වෙන කිසිම සේවයක් නැහැ. මම මේ දේවල් කරන්නේ සිංහලයෙක් හැටියට හෝ බෞද්ධයෙක් හැටියට නෙවෙයි. මම ඔය දෙකෙන් එකක වත් දෘශ්ටිකෝනයෙන් වැඩ කරන්නෙ නැහැ. ඔබේ ජාතික(මහින්ද) චින්තනය සමග මට ඇති කිසිම පොදු බවක් නැහැ. ඔන්න මගේ “අපේ කම”!
හොඳයි දැන් කවුද මේ අපි?