වෙබ් ආලෝචනා | web alochana

3.0 nihil humanum a me alienum puto

කෙබඳු නැණ පහනක් ද නිවුණේ?

| Comments



ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ හා පරිගණක අධ්‍යාපන ක්ෂේත්‍රය විෂයයෙහි අමිල සම්ප්‍රදාන (contributions) ගණනාවක් සිදු කළ විද්වතකු වූ මහාචාර්ය වී කේ සමරනායක සූරීන් බදාදා ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවර දී කීර්තිශේෂභාවෝපගත වූ බව වාර්තා වුණා. දශක හතරකට අධික කාලයක් තිස්සේ විශ්ව විද්‍යාල ආචාර්යවරයකු වශයෙන් කීර්තිමත් සේවාවක් ඉටු කළ හෙතෙම කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගණක අධ්‍යයන ආයතනයේ (USSC) සමාරම්භක අධ්‍යක්ෂවරයා ලෙස මෙන් ම ශ්‍රී ලංකා තොරතුරු සන්නිවේදන නියෝජිතායතනයේ (ITCA) සභාපතිවරයා හැටියට ද කටයුතු කළා.

වෙබ් ආලෝචනා සහ ආනන්දවර්ධන ලොවෙන් සමුගන්නා මේ ශ්‍රේෂ්ඨ ප්‍රාඥයාට ශීර්ෂ ප්‍රණාම කරනවා