මේ දිනවල බ්ලොග්අවකාශයේ වඩාත්ම කතාබහට ලක්වෙන මාතෘකාවලින් එකක්. ඊයේ කොළඹ කටහඬක්(a voice in Colombo) මේ ගැන රසවත් සහ බලවත් සටහනක් ලියා තිබුණා. තවත් බොහෝ දෙනා මෑත දී මේ ගැටලුව ගැන කතා කළා, අප්‍රසන්න සිදුවීම් ද මට නිරීක්ෂණය කරන්න ලැබුණා. මගේ ඇස් අදහාගත නොහැකි තරම් පහත් සිද්ධියකට ද VIC යොමුවක්(link) කර තිබුණා. සිදුවීම පරණ වුණත් මේ ගැටලුව සම්බන්ධයෙන් මගේ පුද්ගලික පර්යාලෝකය තුළින් අදහස් කීපයක් ඉදිරිපත් කරන්නයි මේ වෑයම.
විවිධ අය විවිධ හේතූන් නිසා ආරූඪ නාම භාවිතා කරනවා. මම භාවිතා කරන්නෙත් ආරූඪ නාමයක්. මම සැබෑ නමිනුත් බ්ලොග් ලියා තිබෙනවා. නමුත් ආරූඪ නාමයක් තෝරා ගැනීමට මට ආසන්න වශයෙන් ම හේතු වූයේ පැහැදිලි ව ම මරණ තර්ජනයක්. මගේ සැබෑ ගමන් බිමන් කොළඹ මම ගැවසෙන තැන් දන්නා යම් අයෙක් මට එවැනි තර්ජනයක් එල්ල කළා. නමුත් එය සැබෑවට ම මරන අදහසකින් - තර්ජනය ක්‍රියාවට නගන අදහසකින් - නොකළත් තර්ජනය මගේ හිත යට වැඩ කරන තුරු මම කොහොමද නිදහසේ ජීවත් වෙන්නේ? ගමන් බිමන් යන්නේ? තර්ජනයක ක්‍රියාකාරී ඵලය තර්ජනය මයි. එය ක්‍රියාවට නැගීම නොවෙයි.ඒ දවස්වල ම තමයි ඩී. සිවරාම් ඝාතනය සිද්ධ වුණෙත්. එය ක්‍රමක්‍රමයෙන් මගේ බ්ලොග් ලිවීම සම්පූර්ණයෙන් නවතා දැමීමට හේතුවක් වුණා. දැන් වසර කීපයකට පසු මම තීරණය කළා ආරූඪ නාමයක් යටතේ ලියන්න. දැන් එන නිර්නාමික තර්ජනවලින් (විශේෂයෙන් ක්ෂමා සංවිධානය ගැන ලියූ විට සිදු වූ පරිදි) මම දන්නවා ඒවා එන්නේ ආනන්දවර්ධනට මිස එය පසුපස සිට්න “සැබෑ” පුද්ගලයාට නොවන බව. අනිත් එක මම ම මගේ අදහස්වලට පාලනයක් දමාගෙනයි ඉන්නේ සැබෑ අනන්‍යතාව එළිදරවු නොවන අන්දමට ලියන්න. මානව හිමිකම් ගැන, දේශපාලනය ගැන විවේචනාත්මක යමක් ලියූවකු බියවැද්දීම මගින් නිහඬ කරවීමට වෑයම් කිරීම දැන් සම්ප්‍රදායක් බවට පත් වෙලා.
මේ වගේ වාතාවරණයක් තියෙන රටක, කෙනෙකුගේ අන්තර්ජාල හෝ ලේඛක ආරූඪ නාමය එළිදරවු කිරීමට කටයුතු කිරීම අතිශය ම්ලේච්ඡ ක්‍රියාවක් බවයි මගේ අදහස. ග්‍රවුන්ඩ්විව්ස් වෙබ් අඩෙවිය(groundviews.org) එම ම්ලේච්ඡ ක්‍රියාව සිදු කිරීමට ඉදිරිපත් වීමත් තවම එය නිවැරදි කර නොගැනීමත් අතිශය ඛේදජනකයි. ඔවුන් මෙරට සිටින දීර්ඝ කාලීන දේශපාලන බ්ලොග්කරුවකුගේ ජීවිතය අවදානමට දමා ඇති බවට මම චෝදනා කරනවා. තිරශ්චීන වැඩක්. මම අදාළ links මෙහි පළ නොකරන්නේ තවදුරටත් එය ප්‍රසිද්ධියට පත් වීමෙන් වළක්වාගැනීමටයි. අදාළ බ්ලොග්කරු X යයි දැනට හඳුන්වමු. මමත් බොහෝ වෙලාවට Xගේ දේශපාලන හෝ සංස්කෘතික මතිමතාන්තරවලට එකඟ නෑ. කොට්න් ම කීවොත් මට ඔහුගේ බොහෝ ලේඛන “පේන්න බෑ”. ඒත් මම සවිඤ්ඤාණිකයි සිය අදහස් දැරීමට ඔහුට ඇති අයිතිය ගැන. ඒ නිසා මම කොපමණ ඔහුගේ සැබෑ නාමය ගැන දැනුවත් වුණත්, ඔහුගේ අදහස් ගැන මට කොපමණ කෝපයක් ඇති වුණත් මම නම් ඔහුගේ සැබෑ නම ප්‍රසිද්ධියේ කියමින් බැණ අඬගසන්නේ නෑ. මම පුද්ගලිකව දන්නවා අවදානමේ මහත. ග්‍රව්‍රන්ඩ්විව්ස් කරවන උදවියත් එය අත්දැකීමෙන් ම දන්නා බව මට විශ්වාසයි. නමුත් බලය සහ ධනය ලැබෙද්දී සාපේක්ෂ සුරක්ෂිත අවකාශ තුළ සිටින විට තමුන් ම අතීතයේ මුහුණපෑ තත්වයන් අමතක වීමත් ස්වභාවයක්. ඔවුන් නිකුත් කර ඇති සංඥාව වන්නේ “අපට විරුද්ධ අදහස් දරන අයට අපි කරන්නෙ මේකයි” යන්න නෙවෙයි ද? ඉදිරියේ දී ඔවුන්ට විරුද්ධ අදහසක් පළ කිරීමට අපට ඇති නිදහස සහ සුරක්ෂිතතාව කුමක් ද?
කලකට පෙර නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, රාජ්‍ය නොවන සංවිධාන සහ ඇතැම් මානව හිමිකම් සංවිධාන ඉටු කළ කාර්ය භාරය පිළිබඳ කෝපයටත් වියරුවටත් පත් වුණු සමහර වර්ගවාදී දේශපාලකයින් සහ ඔවුන්ගේ ජනමාධ්‍ය සගයින් කළේ එම ක්‍රියාධරයින්ගේ නම්, ගම්, ලිපින පළ කරමින් ඔවුනට එරෙහි වෛර ව්‍යාපාරයක් උසිගැන්වීමයි. එයින් වක්‍රව ඇඟවුම් කෙරුණේ “මෙන්න ඉන්නවා - වැඩේ දීපියවු” යන නියෝගයි. ඇතැමුන්ට “කොටි” ලේබලය අලවනු ලැබුණෙත් මේ අන්දමටමයි. ග්‍රවුන්ඩ්විව්ස් වෙබ් අඩෙවිය උපයෝගි කරගෙන ඇත්තේත් එම විධික්‍රමය මයි.