පුරුෂෝත්තමවාදී ජනමාධ්‍යකරණය ගැන ලියූ සටහන කියවපු මගේ මිතුරෙක් මට තවත් කාරණයක් සිහිපත් කර දුන්නා. ඒ තමයි වර්ගවාදී වාර්තාකරණය. මේ ගැන අපි බොහෝ වෙලාවට ඉතා කණස්සල්ලෙන් සාකච්ඡා කර තිබෙන නිසා ඒ ගැන අපි අතර එකඟතාවක් තිබුණා.
ඔබ දැකල තියෙනව නේද ලංකාදීප, දිවයින, දිනමිණ වගේ ප්රධාන පෙළේ සිංහල පත්තරවල හොරමැරකම්, වංචා දූෂණ ආදිය වාර්තා කෙරෙන අන්දම? මට අහඹු නියැදියක් ඕනෑම තැනකින් තෝරාගෙන මේ තර්කය සනාථ කරන්න පුළුවන්. ඒ තමයි අදාළ පුවතේ විත්තිකාර/සැකකාර පාර්ශ්වය දෙමළ හෝ මුස්ලිම් නම් ඔහුගේ හෝ ඇයගේ ජනවර්ගය ඉතා තදින් අවධාරණය කිරීම. මෙන්න එක උදාහරණයක් - “බැංකු සොරකමට මුස්ලිම් ජාතිකයෙක් ඇතුළු 7 ක් දැලේ”. අනිත් හය දෙනා පිටසක්වල ජීවියො ද නැත්නම් ආකාසට්ඨ දේවතාවොද දන්නෙ නෑ හැබැයි එක්කෙනෙක් නම් මුස්ලිම් බව මේ වාර්තාකරු අපට කියනවා. හරියට මුස්ලිම් වීම සහ හොරකම අතර සම්බන්ධයක් තියෙනවා වගේ. තවත් මේ අන්දමේ සිරස්තල ගණනාවක් මට හොයාගන්න පුළුවන් වුණා පත්තර ගොඩක් අවුස්සද්දී - “කතකට අතවර කළ මුස්ලිම් ජාතිකයා අතුරුදන්”, “කොටුව දුම්රිය ස්ථානයේ ගැටකැපූ දෙමළ තරුණයා පොලිස් අත්අඩංගුවට” “හොර නෝට්ටු මුද්රණය කළ පිරිස අතර කාන්තාවන් දෙදෙනෙක් සහ ද්රවිඩ ජාතිකයෙකුත්”… … …
තවත් සිද්ධියක් මට මතක් වෙනවා. එක්තරා ළාබාල පාසැල් ශිෂ්‍යයෙක් පොතක් ලියලා පළ කරලා, සිංහලෙන්. හරි ම සිත්ගන්නා, වැදගත් අවස්ථාවක්. ඒ ගැන පළ වූ වාර්තාවේ සම්පූර්ණයෙන් ම හුවා දැක්වුණේ “මුස්ලිම් දරුවෙක් වෙලත් මේ ශිෂ්‍යයා කර තිබෙන කටයුත්ත ආදර්ශවත්” ය යන ඊනියා තර්කය යි. හරි ම අරුම පුදුම කතාවක් නෙ මේක! මෙතන තියෙන්නෙත් අර වගේ ම වර්ගවාදී ප්රවිශ්ටයක්. ඒ ශිෂ්‍යයාගෙ නම දැක්කාම කාට වුණත් ජනවර්ගය සිතාගන්න පුළුවන් වුණත් ඒ අවස්ථාවේ ධර්ම දේශනා කරපු භික්ෂුවකුත් පුන පුනා අවධාරණය කර තිබුණේ ඒ ශිෂ්‍යයා ලියූ පොතේ අන්තර්ගතය හෝ අදාළ විෂයක්ෂේත්රය පිළිබඳ කිසිවක් නෙවෙයි, අදාළ සිසුවා මුස්ලිම් වීමයි. ප්රවීණ ගීත රචක සහ ලේඛක නිලාර් එන්. කාසිම් ක්ෂේත්රයට අවතීර්ණ වෙමින් හිටිය වකවානුවේ දී ඔහු පිළිබඳ ලියූ කියූ උදවියත් මේ වගේ ක්රමයක් තමයි අනුගමනය කළේ. හරියට ඔහු මුස්ලිම් නිසා නිලාර්ව “බෞතීස්ම” කොට සිංහල ලේඛක සමාජයට වැද්දගැනීමේ පොල්මඃකාර අයිතිය කියෙන්නෙ මේ සිංහල ලේඛකයින්ට වගේ! දැන් කවුරු හරි අහන්න පුළුවන් ඉතින් මේ දෙවෙනියට දක්වලා තියෙන අවස්ථාවල සානුකම්පිත අනුග්රහශීලී ආකාරයට නේ ද “සුළුජාතීන්” දිහා බලලා තියෙන්නෙ, ඉතින් ඒකෙ වැරැද්ද මොකක් ද කියලා. මම අහනවා, අහවල් දේකට ද කෙනෙකුට තමන්ගෙ ජාතිය හෝ ජනවර්ගය නිසා අනුකම්පා සහගත අනුග්රහයක් ලැබිය යුතු? ඒක ඔවුන් දෙවැනි පන්තියේ පුරවැසියන් ලෙස නම් කිරීමක් නෙමෙයි ද? එහෙම තත්වයක් තියෙනව නම් ඒකත් වර්ගවාදයේ ම ප්රතිඵලයක් නෙමෙයි ද?
(ඉහත පාසැල් ශිෂ්‍යයාගේ සිද්ධියේ වැඩි විස්තර පළ නොකළේ එහෙම කළා නම් තවත් වරක් ඔහු ව වාර්ගික පදනම මත අපහසුතාවට පත් වේ ය යි මට සිතුණු නිසයි.)