අද උදා වුණු නව වසරේ ගලා ආ සුබ පැතුම්වලට කන් දෙමින් මම රූපවාහිනිය බලන්න ගත්තා. ඒත් එහි දක්නට ලැබුණු දේවල් නිසා මට නම් පහළ වුණේ දීප්තිමත්, “සුබ අලුත් අවුරුදු සිතිවිලි” නම් නෙමෙයි. ස්වාධීන රූපවාහිනිය රටේ විවිධ ස්ථාන හතරක සිට විකාශය ගෙනගිය අතර ත්‍රිකුණාමලයේ සිට විකාශය වූ දේශපාලන නාඩගම දුටු විට මට නම් ඇති වුණේ ඉහවහා ගිය පිළිකුලක්. ත්‍රිවිධ හමුදාවන්ට අයත් විවිධ නිලධාරීන් අවුරුද්ද සමරන ආකාරය හැටියට නම් කෙරුණු “නාටකයක්” එහි රඟදැක්වුණා. අවුරුදු උදාවත් සමග නිවේදක ගයාන් චින්තක අබේසිංහගේ වචනවලට අනුව “හමුදාව විසින් මුදවාගත් අහිංසක දෙමළ දරුවන්” දෙදෙනෙකු වඩා ගත් හමුදා නිලධාරීන් දෙදෙනෙක් ඔවුන්ට නැකතට බත් කවනු නැවත නැවතත් පෙන්වනු ලැබුවා. එහි දී චිත්රණය කරන්න වෑයම් කෙරුණේ හමුදාව සහ “අහිංසක දෙමළ ජනතාව” අතර පවතින්නේ යයි කියා පෑ සුසංවාදයයි. ආණ්ඩුව උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල ජනතාවගේ ජීවිතවලට කඩාපාත් කොට තිබෙන යුදමය ව්‍යසනය වසන් කොට යුද හමුදාවටත් ආණ්ඩුවටත් සුදුහුණු ගෑම එම වැඩසටහනේ ඒකායන අභිප්‍රාය වූ බව පෙනීගියා. ඒත් යුද හමුදාව, ආණ්ඩුවේ ක්‍රියාකාරකම් සහ උතුරු නැගෙනහිර ප්‍රදේශවල ජනතාවගේ සැබෑ තත්වය කුමක් ද?
මට මීට සති කිහිපයකට කලින් මුහුණ දුන් සිදුවීමක් මතක් වුණා. ත්‍රිකුණාමල නගරයේ වාසය කරන මගේ තරුණ මිතුරෙකුට හදිසියේ ම රට හැර පලා යන්න සිද්ධ වුණා. හේතුව? කරුණා කල්ලිය ඔහුට එම සංවිධානයට එක් වන ලෙස දිගින් දිගට ම බලපෑම් කිරීමයි. ඔහුට පොලිසියට හෝ කිසිදු ආරක්ෂක අංශයකට පැමිණිලි කිරීමේ හැකියාවක් තිබුණේ නෑ. මොකද ත්‍රිකුණාමල ප්‍රදේශයේ කරුණා කණ්ඩායම ඍජු ව ම රාජ්‍ය ආරක්ශක අංශයන් සමග සහයෝගයෙන් වැඩ කරන්නේ. මගේ මිත්‍රයාට බ්‍රිතාන්‍යය වැනි රටක දේශපාලන සරණාගතයෙක් හැටියට සංක්‍රමණය වීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරගන්න වත් පුළුවන්කමක් තිබුණේ නෑ. මොකද ඔහුට සිය ගැටලුව පිළිබඳ පොලිස් පොතේ පැමැණිල්ලක් වත් ලියන්න තිබුණු භීතිය නිසා ඔහුව තර්ජනයට ලක් වෙලා කියලා ඔප්පු කරන්න විදිහක් තිබුණේ නෑ. පොලිසියට යන්න හැදුවොත් එවෙලේ ම මැරුම් කන්න වෙන තත්වයක් තිබුණේ. ඔහු වෑන් රියක නංවාගෙන සිය දේශපාලන කාර්යාලයට රැගෙන ගිය කරුණා කණ්ඩායම දෙවතාවක් ඔහුගෙන් ප්‍රශ්න කොට සිය සංවිධානයට එක් වන්නේ නම් කිසිදු ප්‍රශ්නයක් නොවන බව අවධාරණය කර සිටියා. ඔහුගේ සෑම සියලු ගමන් විස්තරයක් ම සෑම සියලු සම්බන්ධතාවක් ම ඔවුන් ක්‍රමානුකූලව වාර්තා කරගෙන තිබුණු බවයි පෙනුණේ. ඔහු කොළඹ ආවත් යන එන තැන් කන බොන තැන් පවා මේ පිරිස දන්නා බව ඇඟවුම් කෙරුණු දේවලින් පෙනුණා. ඔහුට ජීවිතය බේරා ගැනීමට තිබුණු එක මාර්ගය පලා යාම විතරයි. මොකද කරුණා කල්ලියට බැඳුණොත් එල්.ටී.ටී.ඊ.යෙන් මැරුම් කන්න වෙනවා. එහෙම නොකර හිටියොත් කරුණා කල්ලියෙන් මැරුම් කන්න වෙනවා. පොලිස් පැමැණිල්ලක් දැම්මොත් ඒක මිනිත්තු කීපයක් ඇතුළත කරුණා කල්ලියට වාර්තා වෙනවා. මගේ මිතුරා හිටියේ ජීවිතයත් මරණයත් අතර. වාසනාවට ඔහුට වෙනත් රටකට යන්න අවශ්‍ය මුදල් සපයාගෙන සංචාරක වීසා පතක් ලබාගන්න හැකියාව තිබුණා. ඒත් ඔහු ගියේ ත්‍රිකුණාමලයේ ගොඩනගාගනිමින් තිබූ තරුණ ජීවිතයට, අනාගත අපේක්ෂාවන්ට, සියලු සම්බන්ධතාවලට සමු දීලා. ඔහුට ආයේ මේ රටට එන්න ලැබෙන්නේ කවදාද යන්න ගැන කාටවත් නිශ්චිත ව කියන්න පුළුවන් වාතාවරණයක් නෙමෙයි අද තියෙන්නේ. මේ එක උදාහරණයක් විතරයි. ඒත් එහෙම මුදල් වියදම් කරගන්න බැරි අයගේ ඉරණම මොකක් ද? හමුදාව අර රූපවාහිනියෙ පෙන්නුවා වගේ හුරතල් කරකර කෑම කවලා තෑගි දීලා රැකබලාගන්නවද? මොන තරම් පිළිකුල් සහගත විදිහට ද ඇත්ත වසන් කරන්න වෑයම් කරන්නේ. ඒත් ඇත්ත හැම වෙලේ ම හංගන්න පුළුවන් වෙයි ද?