වෙබ් ආලෝචනා | web alochana

3.0 nihil humanum a me alienum puto

කොහේ අපි යමු ද නොම තේරේ

| Comments

ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේ ආරම්භ වුණු ප්රදර්ශනයක් බලන්න 20 වෙනිදා හවස යන්න උත්සාහ කළත් හතර අතට යොදලා තියෙන ඊනියා ආරක්ෂක විධිවිධාන නිසා ඒක කරගන්න ඉඩ ලැබුණේ නැහැ. කිසිම තැනක වැහනයක් නවත්තන්න දෙන්නෙ නෑ. ඒ මදිවට ඊයෙ හැම තැන ම හමුදාවෙන් පිරිලා ඉතිරිලා ගිහින්. කවුරු හරි “උත්තමයෙක්” ඒ පාරෙන් ගමන් ගන්න සූදානමක් තිබුණු බව නම් පේන්න තිබුණා. ජාත්‍යන්තර ස්ත්රී දිනය නිමිත්තෙන් පවත්වන්නට යෙදුණු මේ ද්රුශ්‍ය කලා දැක්ම තියෙන්නෙත් දවස් තුනයි. ඒකත් පවුරු වළලු මැද්දෙන් ගිහිල්ලයි බලන්න වෙලා තියෙන්නෙ.

මට බලාගන්න බැරි වුණු ප්රදර්ශනයට පහත දැක්වෙන කලාකාරීන්ගේ නිර්මාණ ඇතුළත් -

නොයෙලින් ප්රනාන්දු, මැණිකා වැන්ඩර්පූටන්, සමීරා මාකන් මාකර්, පද්මා රාජපක්ෂ, සජීවනී හේවාවිතාරණ, දීපිකා වැලිකල, ක්රිස්ටීන් රූත් සහ ඉනෝකා ද සිල්වා

දැන් ඉතින් ගෙවල්වලට වෙලා බුදියපියව් කියලද මේ ආණ්ඩුව පුරවැසියන්ට කියන්නෙ? යුද්ධය නිසා කොළඹ නගරයේ දෛනික සමාජ, සංස්කෘතික ජීවිතය සම්පූරණයෙන් ම වාගේ කඩාගෙන වැටිලයි කියලා කෙනෙක් කියනවා නම් ඒක මුසාවක් නෙමෙයි. පසුගිය අවුරුදු කීපයක සාපේක්ෂ සාමකාමී කාලයක් තියෙද්දී යළි පිබිදීමට පත් වුණු කොළඹ සමාජ-සංස්කෘතික ජීවිතය ආයෙමත් එන්න එන්න ම ඉබි කටුව ඇතුළට තල්ලු වෙමින් තියෙනවා…ඒක පෙන්නුම් කරන්න සෙනග නැතුව වේලෙන සිතුවම් ප්රදර්ශන, නාට්‍ය ශාලා සහ සිනමා හල් ම සාක්ෂියක්.

යාපනය, මඩකලපුව, ත්රිකුණාමලය වැනි තැන් ගැන කියනු ම කවරේ ද!