වෙබ් ආලෝචනා | web alochana

3.0 nihil humanum a me alienum puto

ආයුබෝවන්

| Comments

වෙබ් ආලෝචනා වෙත ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා.

ආනන්දවර්ධන නම් වූ මම අද පටන් ඔබ හමු වීමට එන්නේ කලාව, සංස්කෘතිය, දේශපාලනය, අන්තර්ජාලය ආදී විවිධ වූ ක්ෂේත්ර ගැන මගේ ධාරණා හා ආලෝචනා (impressions and insights) සටහන් කරන්නයි.

මම මේ සටහන් රටනා කරන්න අදහස් කරන්නේ මූලික ව ම සිංහල බසින්. ඒ නිසා සිංහල භාෂාව හා අන්තර්ජාලය කියන්නෙත් මගේ සිත්ගත් තේමාවක්. ඒ ගැනත් ඉදිරියේ දී බොහෝ දෑ ලියන්න මම අදහස් කරනවා. අවශ්‍ය වෙලාවට ඉංග්රීසියෙනුත් සමහර දේ ලියන්න ඉඩ තියෙනවා.

හොදයි දැනට මේ ඇති. ඉතා ඉක්මනින් ම මම මේ බ්ලොග් අඩෙවිය ගැන සම්පූර්ණ හැදින්වීමකුත්, මෙහි ලිවීමට අදහස් කරන දෑ ගැන -සහ මෙහි භාෂාව ආදිය ගැන - එක්තරා විදිහක “ප්රතිපත්ති ප්රකාශනයකුත් “, මේ වෙබ් ලොග් සටහන් පහසුවෙන් කියවීම පිණිස උපකාරී විය හැකි තාක්ෂණික අංශයේ කාරණා ගැන සටහනකුත් පළ කරන්න කල්පනා කරනවා. එය මේ ස්ථානය පිළිවෙලක් ඇතුව පවත්වා ගෙන යන්න මට ම උපකාරයක් වේවි.

එහෙමනම් ඉක්මනින් ම යළිත් හමු වෙමු.