වෙබ් ආලෝචනා | web alochana

3.0 nihil humanum a me alienum puto

“Not My Department”

| Comments



Jacob Appelbaum’s keynote at 29C3 (29th Chaos Communication Congress), 27 December 2012

This is something inspirational, and thought provoking; exactly what you I want to see on the first day of the year.

***********
More from 29C3

වවුල් කර්ම

| Comments

වවුලෝ එන්න පටන්ගත්තේ රාත්‍රී අහස දැක්වෙන දර්ශනයක් මැද දී නිසා ඒක ඇත්තට ම චිත්‍රපටියේ කොටසක් ද නැද්ද යන්න මුලින් ම හිතාගන්න අමාරු වුනා. “අන්න වවුලො!” මට පසුපස පේලියේ ඒ වන විටත් උස් හඬින් කතාබස් කරමින් උන් කල්ලියෙන් එකෙක් කිව්වා. ටික වෙලාවක් යනතුරු දෙගිඩියා සහගත මුනුමුනුව පැවතුනත් අන්තිමේ දී උන් අපේ හිස්ගෙඩිවලට උඩින් ඔබමොබ යන්න ගත්ත නිසා වවුලන් චිත්‍රපටියේ නො ව චිත්‍රපටි ශාලාවේ සිටින බව නිශ්චිත ව ම කාටත් තේරුම් ගියා. ඉන් පසු දවල් අහසේත්, කාමර තුලත්, ඇඳන් මතත්, නාන කාමර තුලත් වවුලන් පේන්න ගත්තා.


හරි මැද හතරැස් කොටුවක හැඩයෙන් කෙරුනු පිරියමකින් ද තැනතැන විසිර තිබුනු වවුල් බෙට්ටෙන් හටගත් පැල්ලම්වලින් ද යුතු තිරය මත මැවුනේ ප්‍රසන්න ජයකොඩි හැදූ කර්මත් මේ සිනමා ශාලාව තිබෙන නගරයේ සංස්කෘතියත් අතර පරතරය තුල නිපදවුනු යමක්. පසුපස පෙලේ උදවිය පැමිනි මොහොතේ පටන් චිත්‍රපටියේ නිශ්ශබ්ද ජවනිකාවන්ට නොසතුට පල කරන්නත් නලුනිලියන්ගේ සහ එහි දැක්වෙන පරිසරයේ හැඩහුරුකම් විචාරයට ලක් කරන්නත් ඉදිරිපත් වී සිටි නිසා වවුලන්ගේ ආගමනයෙන් ඇති වුනු හා හෝව අපට අලුත් දෙයක් වුනේ නෑ. චිත්‍රපටිය සම්පූර්නයෙන් නිහඬ වුනු විට ඔවුන් කටහඬ මනා ව අවදි කල බැවින් කිසිම පාලුවක් කාන්සියක් නැතුව වෙලාව ගත කරන්න පුලුවන්කමක් තිබුනා. දවල් ඇද වැටුනු වැස්සෙන් සිනමා ශාලාවේ බිම යට වී තිබුනු බව ඇඟවෙන මඩ මුසු වතුර පැල්ලම්වලින් ගැවසී ගත් හාත්පසින් ඉවසිය නොහැකි දැඩි මූත්‍ර ගන්ධයක් වහනය වුනා. විවේක කාලය විනාඩි දෙකකට වඩා ලබා දෙන්න නොහැකි වුනේ කැන්ටිම සහ වැසිකිලිය තිබෙන ප්‍රදේශයට කිසි සේත් ලඟා විය නොහැකි මට්ටමකට දුර්ගන්ධය උත්සන්න ව පැවති නිසා විය යුතු යි. අඩියක් දෙකක් හෝ ඔබ මොබ ගමන් කිරීමෙන් කුමන අකරතැබ්බයකට පත් වේ ද යන්න අවිනිශ්චිත නිසා විසි පහක් පමන වූ සියලු දෙනා සීරුවෙන් ආසනවලට ම ඇලී හිටියා. සමාන්තර විශ්වයක සිට එබිකම් කරන සත්ව සනුහරයකට අයත් කටවල් මෙන් සීලිමේ සිට පහලට ඇරී තිබුනු සිදුරු කලක් තිස්සේ වතුර කාන්දු වීමේ වග විත්ති කියා පෑවා. චිත්‍රපටියේ එන තරුනයාගේ නවාතැනේ ම අධියථාර්ථවාදී දිගුවක්. චිත්‍රපටිය නැවතත් පටන්ගත්තා.

තක්කුමුක්කු වී ගිය අප අවසානයේ පිටතට එන විට සිනමා ශාලාවේ බලු කුක්කෙක් මගේ කකුල ලෙවකන්න ඉදිරිපත් වුනත් ඊට ඉඩ නුදුන් කුකු හිමියා (කුක්කාගේ අයිතිකරු) කුක්කා ද රැගෙන වැසිකිලිය දෙසට කඩිසර ගමනින් ගියා. දොරකඩ තව පිරිසක් අප සියලු දෙනා දෙස අනුකම්පාව මුසු බැල්මක් හෙලාගත් වන ම උන්නා. දිඩිබිඩියේ එලියට පැනගත් පෙම් යුවලක් තරගයට මෙන් අයිනක නවතා තිබූ ත්‍රීරෝද රථයකට ඉගිලුනා.

My Dog Barks and Growls: “Does Dialog Sell Our Phone Numbers to Politicians?”

| Comments

I just received a phone call from the number 011 454 3301. It was a pre-recorded election campaign message from a UNP parliamentarian. The message was very short and abrupt. He wanted me to vote for a candidate who’s contesting the upcoming provincial council election. And he stopped without even saying goodbye. (It’s not that I will be happy to see him spending more time saying hello dear, thank you and ta-ta bye bye.)

We know this is not a new thing. It was a known fact that the president could obtain our phone numbers at will and send various kinds of text and voice messages to his beloved citizens. We are fortunate to receive his new year greetings and all; no need to mention the occasional request to vote for his party which was a delight to receive.

Now this has spread beyond the privileges of the president. How does a UNP parliamentarian get hold of my number (and location) unless the mobile company decides to disclose the details? It can be a good business opportunity during the election times to manage these campaigns. I have no inside knowledge of these companies to know whether this is already in their business agenda. But Dialog (my service provider) should seriously consider doing this out in the open. They can undertake carrying out sms and voice message campaigns for politicians. Spam us officially!

But of course, this business plan should not apply when it involves the president or his party. He is the state; and we (in this context we means he) should exercise those presidential immunity-loyality-sincerity-impunity things to the fullest extent. He should be given free and unlimited access to all the numbers that are connected to his citizens. (this include phone numbers, credit card numbers, bra size numbers and any system that can be understood or accessed through numbers)

And the rest of us - ordinary citizens - should always ask and depend on the generosity of the owners of the numbers.

පියසීලී විජේගුනසිංහ “නිවැරදි කර ලඟට ගැනීම”

| Comments

ප්‍රවීන මාක්ස්වාදී කලා විචාරිකා පියසීලී විජේගුනසිංහ අභාවප්‍රාප්ත වී දැන් වසර දෙකක් වෙනවා. විචාරිකාවක වසයෙන් ඇගේ භූමිකාව අගයන්නත් ලිපි ලියන්නත් සැලකිය යුතු සෙනගක් පෝලිමේ පැමිනි අතර ඈ පිලිබඳ අනුස්මරන ලිපි සංග්‍රහයක් ද පසුගිය වසරේ පල වුනා: මනෝ ප්‍රනාන්දු සංස්කරනය කල පියසීලී විජේගුනසිංහ සමාචාර. අද (2012 සැප්තැම්බර් 3) තවත් පොතක් දොරට වඩිනවා. එය ඇගේ සාහිත්‍ය විචාර ලිපි එකතුවක්; සංස්කරනය කොලඹ විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශය.

මේ දක්වා මට දකින්න ලැබුනු ශෝකජනක සිද්ධියක් වුනේ ඇගේ ලිපි මරනාපර ව පල කිරීමේ වගකීමට උර දී සිටින උදවිය පියසීලී අනුදත් අක්ශර වින්‍යාසය විකෘත කොට තම මට්ටමට කපාගැනීම යි. සමහර විට ඇගේ භාශාව කෙලින් ම භාරගැනීම මේ වැදගත් සංස්කාරක මහත්වරුන්ට “මදි පුංචිකමක්” වෙන්න ඇති. ඒ නිසා දෝ නැති මූර්ධජ බලෙන් රුවා පියසීලී විජේගුනසිංහගේ ලිපි විනාස කරන්න පටන් අරගෙන තියෙනවා. අර සමාචාර කෘතිය තුල එන පියසීලීගේ සියලු ලියවිලි “වැදගත්” මහත්වරුන්ගේ “වැදගත්” වියාකරන මට්ටමට “අප්ග්‍රේඩ්” කරනුව දරා තිබෙන ප්‍රයත්නය කෙලවර වී ඇත්තේ එලොවටත් නැති මෙලොවටත් නැති ණ - න - ළ - ල කලවමකින්. හැබැයි ඒ පොතේ ම පල වී තිබෙන දර්ශන මේදිස්ගේ ලිපිවල අක්ශර වින්‍යාසය “ලියුම්කරුගේ අභිමතය පරිදි” තියන්න සංස්කාරකවරයා සැලකිලිමත් වෙලා තියෙනවා!

පියසීලී විජේගුනසිංහ ජීවිත කාලයක් පුරා පරිශ්‍රම දරා වර්ධනය කරගත්, සවිඤ්ඤානික ව ලියූ, අනුදත් භාශා විලාසය සහ වියරනය පසෙක දමා අපට ඇගේ ලිපි කියවිය හැකි ද? ජීවත්ව සිටි සමයේ ඇය සතුරු සේනා අබිමුව තනි ව සටන් වදිද්දී අහල ගම් හතක නොසිටි, එහෙත් මරනින් පසු ඇගේ භූමිකාවේ වැදගත්කම මතක් වී ඇති සමහර අතිරැඩිකල් මහතුන්ට අනුව නම් අන් සියල්ලට පලමු ඇගේ “දේශපාලනය” වැදගත්. ඒත් ඒක කිසිම අන්තර්ගතයක් නැති පුස් වෙඩිල්ලක් වගේ කතාවක්. ඔය අක්ශර  වින්‍යාසයෙන් පිලිබිඹු වුනේ දේශපාලනය මිස වෙන කුමක් ද?!

කොලඹ විශ්ව විද්‍යාලයේ අලුත් ලිපි සංග්‍රහය තව ම මා දැක නැහැ. එහෙත් දැනට මත් කොලඹ විශ්ව විද්‍යාලයීය වෙබ් අඩෙවිය දිවි හිමියෙන් ස්ත්‍රීවාදයට එරෙහි ව සටන් වැදුනු, විචාර ලිපි ලියූ මේ ලේඛිකාව ස්ත්‍රීවාදිනියක ලෙස හඳුන්වා තිබෙනු දකින්න පුලුවන්. මෙවැනි වාතාවරනයක් තුල “නිවැරදි කොට වැදගත් කිරීමේ” මේනියාවෙන් මේ පොත මිදී තිබේවා යනු මගේ පැතුම යි.

බිඳුනු බැඳුම්

| Comments

මේ බ්ලොග් අඩෙවියේ පැරනි ලිපිවල තියෙන ඇතැම් සබැඳි (links) කල් ඉකුත් වී බිඳී ගිහින් බව පේනවා. එයින් ඇතැම් ඒවා දැනටත් ඉතා ම ප්‍රයෝජනවත්. සබැඳුම් පල කර කලක් ගත වූ විට ඒ ඒ වෙබ් පිටු එක්කෝ වෙනත් ලිපින කරා ගෙන යාම නිසාත් නැත්නම් සම්පූර්නයෙන් අන්තර්ජාලයෙන් චුත වීම නිසාත් මේ තත්වය හටගන්නවා. සමහර පුවත්පත් පවා සිය ලිපිලේඛනවල ලිපින නිශ්චිත ව තබාගැනීම ගැන ඒ තරම් සැලකිලිමත් වෙන්නේ නෑ. ලක්බිම පත්තරේ වෙබ් අඩෙවියේ නම් ලිපියක් තියෙන්නේ දින කීපයක් විතරයි. ඉන් පසු සියල්ල ආපහු බිමට බා ඊලඟ සතියේ පත්තරේ උඩට එවනවා. අර ලිපිවලට සබැඳි පල අයට අතරමං වෙන්න සිද්ධ වෙනවා. මේ ක්‍රමයට පත්තර පල කිරීම “හොඳ බවට” කර්තෘ මන්ඩලවලට සහ පරිපාලකයින්ට ලනු ගිල්ලන වෙබ් සංවර්ධක විශාරදවරුන්ගෙන් හිගයක් නෑ.

ඒ අතර පිකාසා වෙබ් ඇල්බම වැනි ගූගල් සේවාවනුත් මේ විදිහේ URI මාරුවක් සිදු කර ඇති බවට සඳහනක් දකින්න ලැබෙනවා! මේ තත්වය මගේ පින්තූර ඇල්බමවලට එන අයට බලපාන්නේ කෙසේ ද යන්න ගැන මට තව ම වැටහීමක් නැහැ.

මඳ කලක් නොකඩවා අන්තර්ජාලයට සම්බන්ධිත ව තිබුනු වෙබ් පිටු නම් archive.org අඩෙවියේ ලේඛනාගාර තුලින් හොයාගන්න පුලුවන්. ඇත්තට ම යම් සබැඳුමක් කල් ඉකුත් වූ විට ඉබේ ම ඒ සබැඳුමට අදාල වෙබ් පිටුවේ archive.org පිටපත කරා ඉබේ යොමු කෙරෙන ක්‍රමයක් (forwarding method) තියෙනවා නම් මොන තරම් ලේසි ද? මේ විදිහේ දෙයක් ක්‍රියාත්මක කරන්න හැකි නම් අපේ අන්තර්ජාල පරිසරයට උදව්වක්. හැබැයි අනිත් අතට එවැනි “පාර හරවා යැවීමක්” අදාල සබැඳිය ක්ලික් කරන පරිශීලකයාගේ තේරීමට පිට මඟක ඔහු/ඇය රැගෙන යාමක් නිසා එහි ආචාර ධාර්මික ගැටලුවක් තිබේ ද යන්නත් ප්‍රශ්නයක්. කොහොම වුනත් මේවා නැවත නැවත අතින් හදන්න වීම නම් මහා හිසරදයක්.

ඔය කාරනය සම්බන්ධයෙන් හිතද්දී හමු වුනු හොඳ ලිපියක් මෙතන තියෙනවා: Cool URIs don’t change

.